බෝධි වංශ vs රදල කෝකද උසස්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ආහ්..
    කියන්න බැරි උනානෙ
    රාජපක්ෂලාත් බෝධි තමයි
    ඉස්සර මෙහෙ බෝධි මිනිස්සු චන්දෙ දුන්නෙ අපේ එකෙක් කියලා
    ------ Post added on Apr 4, 2021 at 5:02 AM
    ආ එහෙනම් අපි අරුන්ට වඩා උසස් :ROFLMAO:
    දැන් නං රාජපක්ෂ කුලය නේද උසස්ම 🤔
    :ROFLMAO:
     
    • Like
    Reactions: USGuy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කිසි කුළයක් උසස් වෙන්නෙත් නැහැ පහත් වෙන්නෙත් නැහැ.
    උසස් වීම පහත් වීම කාලයට සාපෙක්ෂයි ,දේශයට සාපෙක්ෂයි .
    තව රටක අඩු කුලෙ උන් තව රටක උසස් වෙන්න පුළුවන්.
    තව රටක උසස් උන් තව රටක පහත් වෙන්න පුළුවන් .

    නුවර උන් කියලා රදල නැහැ .
    උනුත් කොහෙ හරි අඩු කුලෙ හිටිය උන් .
    බල පෙරලි වෙද්දි කුලය උසස් වෙනවා .
    උසස් හිටිය උන් පහත් වෙනවා .

    අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත්, ලේටස්ට් (නුවර යුගයෙ) හයිරාකි එක අනුව රදළ තමයි සුපීරියර්.

    Having said that, who gives a fuck. Tell the bitch to calm down.
    Hoda awabodayak thiyena dennek.
    Aneka radala kiyana ekat e kale titapu rajatumata aniwa udata pahalata danna puluwan.
    Eg. Palleha kuleka kenek rajatumata hitata alluwot ekata .idan wastu ekka radalatwayata osawanawa. Anit pattat ehema unot. Palleha kulekata danawa.

    Hariyata england wala knight padawiya wagne deyak.
     
    • Love
    Reactions: BruceWayne92

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බෝදිවංශික ශ්‍රීමහා බොදිය බලා ගත්ත කුලේ නේ.අද අඩු කුලේ ඒ උනාට.

    ගොවිගම රදලයාට යන්න බෑ නේ ශ්‍රීමහ බොදියේ උඩ මලුවට.

    ඒ උනාට බෝදිවංශික අඩුකුලයාට යන්න පුලුවන් උඩ මලුවට.

    කොයි වංශෙද උසස් එහෙම බලද්දි😅
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෝදිවංශික ශ්‍රීමහා බොදිය බලා ගත්ත කුලේ නේ.අද අඩු කුලේ ඒ උනාට.

    ගොවිගම රදලයාට යන්න බෑ නේ ශ්‍රීමහ බොදියේ උඩ මලුවට.

    ඒ උනාට බෝදිවංශික අඩුකුලයාට යන්න පුලුවන් උඩ මලුවට.

    කොයි වංශෙද උසස් එහෙම බලද්දි😅
    කුල සහතිකයක් අරන් යන්න ඕනෙද උඩමළුවට යන්න? :unsure:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අනේ කල විකලේ
    මිනිස් කම නැත මෙකලේ
    බලේ දැක මුදලේ
    කුලේ රිංගා ගියයි අකුලේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    Hoda awabodayak thiyena dennek.
    Aneka radala kiyana ekat e kale titapu rajatumata aniwa udata pahalata danna puluwan.
    Eg. Palleha kuleka kenek rajatumata hitata alluwot ekata .idan wastu ekka radalatwayata osawanawa. Anit pattat ehema unot. Palleha kulekata danawa.

    Hariyata england wala knight padawiya wagne deyak.
    ඉතිහාසෙ පොඩි රිසර්ච් පාරක් දුන්නොත් ඕක තෙරෙනවා බන් .

    ඔය ශ්‍රේෂ්ඨයි කියන රජ පරම්පරාව පවා පටන් ගන්නෙ අඩු තැනකින් .
    එතකොට ඔය සල්ලිකාර පරම්පරාවල් පවා පටන් ගන්නෙ අඩු තැනකින් .

    ඉතිහාසය ලියද්දි ලියන්නෙ ගොඩක්ම ආණ්ඩුවට කඩෙ යන ටයිප් එකෙ උන්.
    ඉතිං ඔය සමහර්ක් මූලාශ්‍ර වල ග්‍රන්ථ වල රජාගෙ වර්ණනාව තමා තියෙන්නෙ.
    රජාගෙ අඩු-පාඩු කුලයෙ අඩු-පාඩු නොකියා ලස්සන දේ විතරක් ලියනවා .
    මිනිස්සු අහන්න කැමති ඉතිහාසෙ තමා ලියන්නෙ.

    ලෝකෙ කොයි රටෙත් ඕක තියෙනවා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැනට නම් ලන්කාවේ උසස්ම සිංහල කුලය කියල සැලකෙන්නේ ගොවිගම කුලය. එකෙත් රදල පේරුව. දැන් ඔවා කලවම් බන්, මේ 2021 මොන කුලද.

    අදහසක් ගන්න ඕනෙ නම් මේක බලපන්
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    දැන් උඹ බෝධි කුලේ උනාට ශ්‍රීමහාබෝධිය බලා ගන්න යනවද කියපන්?
    කෙල්ලගේ කුලේ මොකද්ද? කුඹුරක් නැති කඩෙන් රට හාල් ගිලින ගොවිගම එකෙක්ද? වලව්වක් නැති අක්කරයකවත් වතුපිටි නැති රදලයෙක්ද?
     
    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    මේ 2021 මොන කුලද බන්.කුලේ තිබ්බ කියල උඹලට නිකන් කන්න අඳින්න ලැබෙනවද?

    මගෙත් කළින් සෙට් වෙලා හිටිය එකී අන්තිමට යන්න ඕන වෙද්දින් ඔය කුල මල මගුලක් ඇදල ගත්ත.මං මගෙ කුලේ දන්නෙත් නෑ.ඒකිගෙ හත් මුතු පරම්පරාවම මගෙ කුලේ හොයාගෙනලු.බැලින්නම් ඒකිට ඒ වෙනකොට වෙන එකක් සෙට් වෙලා.😂බැ##.
    ------ Post added on Apr 4, 2021 at 6:12 PM
     
    thanujaka

    Well-known member
  • බොධි වංශය ඉතිහාසය ගැන කතා කරනකොට නම් ඉන්දියාවේ රජ කුල දුරවලියකින් පැවත ගන එන බවයි කියන්නෙ,එහෙම බලනකොට ගොවි වංශයේ රදල පෙරුවට වඩා කොහොමත් උසස් වෙන්න ඔනේ,නමුත් අද ඔය කුලය බොහොම පහත් කුලයක් හැටියට තමයි සැලකෙන්නෙ,එහෙම උනේ මොන හෙතුවකටද කියල මම නම් දන්නෙ නැ...2021 මොන කුලද බ්‍රෝ..
    නෑ මචං ඉන්දියාවෙත් ඔය කුලය පහත් කුලයක් තමයි.
    ඒ කාලේ ඉදන්ම.
    කුල හැදෙන්නේ හුගාක් වෙලාවට ඉඩම් හිමිකාරිත්වය මත.
    ඉඩම් කඩම් හොදට තියෙන අය ඉහලම කුළ වලට ගියා, ඉඩම් නැති වෙනස් රස්සාවල් කරපු අය පහල කුළ වලට ගියා.
    බේසික් තියරි එක ඒක.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    XXගල්ගේ කියන එක මොන කුලයක්ද බන්..... 🤔 (වාසගම අගට "ගල්ගේ" කියන කෑල්ල..)
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    නෑ මචං ඉන්දියාවෙත් ඔය කුලය පහත් කුලයක් තමයි.
    ඒ කාලේ ඉදන්ම.
    කුල හැදෙන්නේ හුගාක් වෙලාවට ඉඩම් හිමිකාරිත්වය මත.
    ඉඩම් කඩම් හොදට තියෙන අය ඉහලම කුළ වලට ගියා, ඉඩම් නැති වෙනස් රස්සාවල් කරපු අය පහල කුළ වලට ගියා.
    බේසික් තියරි එක ඒක.
    bocca
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේ කුල දෙකෙන් උසස් මොකක්ද
    දන් නැති උන්ට-බෝධි වංශ කියන්නෙ සංගමිත්තා තෙරනිය ලංකාවට වඩිද්දි ගෙන ආපු දහඅට කුල වලින් එකක්(කොටින්ම කීවොත් ශ්‍රී මහ බෝධිය රැකබලාගන්න එක්කන් ආව කට්ටිය)
    යාලු වෙලා අවුරුදු 3යි ,හිටිගමන් අහපි කුලේ ගැන මම ඉතින් කීවා බෝධිවංශ කියලා එදා ඉදන් නාහෙන් අඩනවා ගෙදරින් බදින්න දෙන් නැතිවෙයි කියලා ඒ රෙද්දවල් මට අදාල නෑ පැනලා හරි යන්න බැරියැ මට උඩ එකට උත්තරේ දියන්කෝ[/ISPOILER අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මේ ලෝකේ වසලයා ඕයේ එන්න අපි තාලෙට කියමු
    නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණා

    XXගල්ගේ කියන එක මොන කුලයක්ද බන්..... 🤔 (වාසගම අගට "ගල්ගේ" කියන කෑල්ල..)
    මේ ඔබ දකින්නේ XXගල්ගේ කුලයේ යුවතියකි ...
    1617555470400.png

    ------ Post added on Apr 4, 2021 at 10:28 PM
     
    • Like
    Reactions: sakuntha1996

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෑ මචං ඉන්දියාවෙත් ඔය කුලය පහත් කුලයක් තමයි.
    ඒ කාලේ ඉදන්ම.
    කුල හැදෙන්නේ හුගාක් වෙලාවට ඉඩම් හිමිකාරිත්වය මත.
    ඉඩම් කඩම් හොදට තියෙන අය ඉහලම කුළ වලට ගියා, ඉඩම් නැති වෙනස් රස්සාවල් කරපු අය පහල කුළ වලට ගියා.
    බේසික් තියරි එක ඒක.
    ලංකාවේ රජක (ඩොබි) කුලේ කියල දැන් හංවඩු ගහන පිරිසක් එක්තරා ගමක ඉන්නවා අදටත් නමුත් ඔවුන් රාජකීය කුලයකින් පැවතගන එන්නෙ,නමුත් යම් මට්ටමකට ඩොබි කුලයත් එක්ක කලවම් වෙච්චි අය,එ වගේ තමයි මේ බොධි වංශිකයෝ කියන්නෙ,බොධිහාර කොටස් එක්ක බොහෝ කුලවත් යැයි සම්මත කොටස් අතිතයේ ඉඳලා තියනවා එ අය බ්‍රහමණ සහ ශස්ත්‍රිය යන කුල දෙකෙන්ම අයත්,කෙසේ හෝ පසු කාලයක මේ බොධි වංශිකයෝ නම් කලේ දුර වල අය කියල,එ අයට කිව්වෙ දුරල කියලා (දුර - Dura කුලේ කියන්නෙ එකක් දුරාවේ Durawe කුලය කියන්නෙ තව එකක්) ඉතින් කොහොම හරි දුර නමින් අවසන් වන කොටස් දෙක තුනක් තිබුනා... එකක් වෙල්ල දුර නොහොම බෝධි වංශ අය අනික් අය පන්න දුර,මේ අය අලි බලන්න යොදවපු අය,මෙන්න මෙතනත් ලොකු ගැටලුවක් මතු වෙනවා අලි පනික්කියලා මේ දුර කුලයට සෙට් උනේ කොහොමද කියලා....කෙසේ හෝ මේ කුලය පසු කාලිනව වෙනත් විවිධ කුල හා සම්මිශ්‍රණය වි හෝ අද පවතින සමාජ තත්වය ලබල තියනවා,නමුත් පුරාතණ යුග වල මොවුන්ට මිට වඩා හොඳ සමාජ පසුබිමක් තිබුන බවට සාක්ෂි තිබෙනවා.

    දුප්පත් පෝහොසත් කම මත කිසිදා කුලය ‍රැඳුනේ නැ මචං,එක උප්පත්තියෙන් ලැබුන එකක් නමුත් කුල ආරම්භයෙදි alpha male සිද්ධියට තැනක් දිලා උන් උසස් යැයි සම්මත කරන්න ඇති,නමුත් බොහෝ කුලවත් යැයි සම්මත් මිනිස්සුන්ට ධනය තිබුන බව නම් සත්‍යක්.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    thanujaka

    Well-known member
  • ලංකාවේ රජක (ඩොබි) කුලේ කියල දැන් හංවඩු ගහන පිරිසක් එක්තරා ගමක ඉන්නවා අදටත් නමුත් ඔවුන් රාජකීය කුලයකින් පැවතගන එන්නෙ,නමුත් යම් මට්ටමකට ඩොබි කුලයත් එක්ක කලවම් වෙච්චි අය,එ වගේ තමයි මේ බොධි වංශිකයෝ කියන්නෙ,බොධිහාර කොටස් එක්ක බොහෝ කුලවත් යැයි සම්මත කොටස් අතිතයේ ඉඳලා තියනවා එ අය බ්‍රහමණ සහ ශස්ත්‍රිය යන කුල දෙකෙන්ම අයත්,කෙසේ හෝ පසු කාලයක මේ බොධි වංශිකයෝ නම් කලේ දුර වල අය කියල,එ අයට කිව්වෙ දුරල කියලා (දුර - Dura කුලේ කියන්නෙ එකක් දුරාවේ Durawe කුලය කියන්නෙ තව එකක්) ඉතින් කොහොම හරි දුර නමින් අවසන් වන කොටස් දෙක තුනක් තිබුනා... එකක් වෙල්ල දුර නොහොම බෝධි වංශ අය අනික් අය පන්න දුර,මේ අය අලි බලන්න යොදවපු අය,මෙන්න මෙතනත් ලොකු ගැටලුවක් මතු වෙනවා අලි පනික්කියලා මේ දුර කුලයට සෙට් උනේ කොහොමද කියලා....කෙසේ හෝ මේ කුලය පසු කාලිනව වෙනත් විවිධ කුල හා සම්මිශ්‍රණය වි හෝ අද පවතින සමාජ තත්වය ලබල තියනවා,නමුත් පුරාතණ යුග වල මොවුන්ට මිට වඩා හොඳ සමාජ පසුබිමක් තිබුන බවට සාක්ෂි තිබෙනවා.

    දුප්පත් පෝහොසත් කම මත කිසිදා කුලය ‍රැඳුනේ නැ මචං,එක උප්පත්තියෙන් ලැබුන එකක් නමුත් කුල ආරම්භයෙදි alpha male සිද්ධියට තැනක් දිලා උන් උසස් යැයි සම්මත කරන්න ඇති,නමුත් බොහෝ කුලවත් යැයි සම්මත් මිනිස්සුන්ට ධනය තිබුන බව නම් සත්‍යක්.
    දුප්පත් පොහොසත්කම කියන්නෙ මචං ඒ කාලේ තනිකරම ඉඩම් හිමිකාරීත්වය මත පදනම් උන දෙයක්.
    ඒ කාලේ බං ධනය කියන එක බලන්න අද වගේ යාන වාහන සල්ලි ශෙයාර්ස් වගේ ලොකු ලොකු නිර්ණායක තිබ්බේ නෑ.
    ඔය ඉහල කුල වල ඉන්න හැම එකාටම ඉඩ කඩම් තිබ්බා,
    සල්ලි ලොකුවට නොතිබුනාට උන්ට ඉඩම් තිබ්බා.
    සරලව බලපං ඔය පල්ලෙහා කුල වල ඉන්න එකෙකුටවත් ඉඩ කඩම් නෑ.
    ඉහල කුල වල ඉන්න උන්ට දැන් නැති වෙන්න ඇති, නමුත් ආරම්භයේදී උන්ට ඉඩ කඩම් තිබ්බා
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දුප්පත් පොහොසත්කම කියන්නෙ මචං ඒ කාලේ තනිකරම ඉඩම් හිමිකාරීත්වය මත පදනම් උන දෙයක්.
    ඒ කාලේ බං ධනය කියන එක බලන්න අද වගේ යාන වාහන සල්ලි ශෙයාර්ස් වගේ ලොකු ලොකු නිර්ණායක තිබ්බේ නෑ.
    ඔය ඉහල කුල වල ඉන්න හැම එකාටම ඉඩ කඩම් තිබ්බා,
    සල්ලි ලොකුවට නොතිබුනාට උන්ට ඉඩම් තිබ්බා.
    සරලව බලපං ඔය පල්ලෙහා කුල වල ඉන්න එකෙකුටවත් ඉඩ කඩම් නෑ.
    ඉහල කුල වල ඉන්න උන්ට දැන් නැති වෙන්න ඇති, නමුත් ආරම්භයේදී උන්ට ඉඩ කඩම් තිබ්බා
    දුප්පත් පොහොසත් කම එක්ක කුලය සසඳන්න බැරි කමක් නැ,බොහෝ ඉඩම් හිමියෝ ගොවිගම බව හැබැව,නමුත් අනික් කුල වල මිනිස්සුන්ටත් නින්දගම් ලැබිලා තියනවා අතිතයේ,එ කොටස් වලත් ධනවත් අය හිටියා රජ කාලේ පවා එ වගේම දුප්පත් කුලවන්ත අය හිටියා,ලන්දෙසි තොම්බු බලපුවාමත් තෙරෙනවා අඩු කුලේ යැයි සම්මත් මිනිස්සුන්ට තිබුන ඉඩම් සංඛ්‍යව..අනික රජ කාලේ ඔනම කුලයක මිනිහෙක් ඔනම කුලයකට උසස් හෝ පහත් කරන්න රජතුමාට පුර්ණ බලතල තිබුනා....
     
    thanujaka

    Well-known member
  • දුප්පත් පොහොසත් කම එක්ක කුලය සසඳන්න බැරි කමක් නැ,බොහෝ ඉඩම් හිමියෝ ගොවිගම බව හැබැව,නමුත් අනික් කුල වල මිනිස්සුන්ටත් නින්දගම් ලැබිලා තියනවා අතිතයේ,එ කොටස් වලත් ධනවත් අය හිටියා රජ කාලේ පවා එ වගේම දුප්පත් කුලවන්ත අය හිටියා,ලන්දෙසි තොම්බු බලපුවාමත් තෙරෙනවා අඩු කුලේ යැයි සම්මත් මිනිස්සුන්ට තිබුන ඉඩම් සංඛ්‍යව..
    නෑ නෑ මචං ඒක නෙමෙයි මම කිව්වේ, කුල ක්‍රමයට බෙදා වෙන් උනේ මුලින්ම ඉඩම් මත.
    පස්සේ යුද්ධ වලදි වැඩදාපු අයට එහෙම රජ්ජුරුවෝ නින්දගම් දුන්නා, නමුත් ඒ අයට ඒවත් එක්කම ගෞරව නාම හම්බුනා.
    එතකොට උන්ගේ කුල වෙනස් උනා, දැන් ඔය පදු කුලේ ගත්තම සමහර අයට ඉඩම් තිබුනා, නමුත් ඒවා හම්බුනේ කාලයාගේ ඇවෑමෙන්.
    ඒ කියන්නේ පදු කුලේ අයට මුලින්ම ඉඩ කඩම් තිබුනේ නෑ.
    ඒගොලොලෝ වැඩ කලේ ගොවි කුලේ අයගේ ඉඩම් වල.
    පස්සේ උන්ට දරු මල්ලෝ නැතුව ඒවට හිමිකාරිත්වය කියන්න උරුමක්කාරයෝ නැතුව ඒ ඉඩම් අර වැඩ කරපු පදු අයට අයිති උනා.
    උදාහරණෙකට මම කරාව.
    ඒ උනාට අපිට හොදට ඉඩකඩම් තියෙනවා. කෑගල්ලේ වතු පිටි තියෙනවා.
    මමත් බැලුවා ඒ කොහොමද කියල ටිකක් පරම්පරාවේ ඉස්සරහට ගිහිල්ලා.
    අපේ සීයගේ තාත්තා ලුණු කරත්ත කරලා තියෙන්නේ. එයා බැදලා තියෙන්නේ හොද වලව්වක කෙල්ලෙක්.
    මුලින්ම ඒ ආච්චිව පවුලෙන් අයින් කරලා දැම්මත් පස්සේ එයාගේ සීයා නැතිවෙන්න කලින් දුක හිතිලා වතුපිටි දේපොල හෙන ගොඩක් අර ආච්චිට ලියල දීල තියෙනවා.
    සීයගේ තාත්තට කලින් සීයගේ අම්ම නැතිවෙලා.
    ඊටත් අවුරුදු 37කට පස්සේ සීයගේ තාත්ත නැතිවෙලා තියෙන්නේ.
    ඒ මුලු කාලෙම ඒ ඉඩම් පාලනය කලේ සීයගේ තාත්තා.
    අපේ සීයගේ උනත් හිතේ තිබුනේ මේවා අපේ තාත්තගේ ඉඩකඩම් කියලා
    දැන් අපිට බැලුවම පේන්නෙත් මේවා සීයලගේ ඉඩම් කියලා බැලු බැල්මටම.
    මොකද දැනට ගමේ ජීවත්වෙන මිනිස්සුන්ගේ මතකයේ සීමාවට බැලුවම ඒවා තනිකර සියලගේ පාලනයේ තිබිලා තියෙන්නේ.
    ඒත් මම ආපස්සට හොයලා බැලුවම ඇත්ත ඒක නෙමෙයි.
    නින්දගම් එක්කම හුගක් අහට ගෞරව නාම හම්බුනා.
    අනිත් අයට ඉඩම් හම්බුනේ කාලයාගේ අවෑමෙන් සහ භාගිර සාදක මත.
     
    ඔව් එකත් ඇත්ත,ලංකාවේ තිබුනේ අර ඉන්දියාවේ තිබ්බ වගේ වර්ණ භෙදයක් නෙමෙයි නේ එක නිසා කාලෙන් කාලෙට කුලය උනත් සමහරුන්ගේ යම් යම් හෙතු සාධක නිසා වෙනස් වෙලා සහ වෙනස් කරලා තියනවා (දැන් පත්තරේ දාල වෙනස් කරන විදියට නොවෙයි) බත්ගම (පදු) මිනිස්සුන්ට අර කිව්වා වගේ ඉඩම් තියන කතවා ඇත්ත.මම දන්න පදු කුලයේ පවුලක් ඉන්නවා නුවර අපේ ගෙවල් වලට ආසන්නව එ අයටත් අක්කර ගනන් ඉඩම් තියනවා,නමුත් දැන් ලංකාවේ ළමයි නැති නිසා ඔක්කොම කට්ටි කරල විකුණනවා...එ අයගේ සමාජ තත්වය ඉහලයි දැන්,මම දන්න තරමින් එ අයට පද්දා කියන්නෙ නැ කවුරුත් දැන් හා :-D.....