ජාතියේ පියා ඩී. එස්. මද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තාත්තා අරක්කු විකුණනවා පුතා අමධ්‍යප ව්‍යපාරය කරනවා. මරු ආතල් තියෙන්නෙ එදා ඉඳන්ම. ඒ උනාට ෆිල්ම් එකේ ස්පේටර් සිල් අරගෙන.

    Born in the village of Botale in 1847 to Don Bartholomew, he had his schooling at St Thomas’ College, Matale. He went into business and gained success in graphite mining, owning several mines. He also owned several plantations and investments in the arrack renting franchise.

    ප්‍රේමදාසත් අමධ්‍යප කරලා තියෙන්නෙ අරක්කු රේන්ද කාරයින්ගේ සල්ලි වලින්.

    දැන් මුස්ලිම් විරෝධය වගේ තමයි ඒ කාලෙ අමධ්‍යප ව්‍යාපාරය. මිනිස්සුන්ව රවට්ටන්න හොඳ ක්‍රමයක්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,050
    113
    තාත්තා අරක්කු විකුණනවා පුතා අමධ්‍යප ව්‍යපාරය කරනවා. මරු ආතල් තියෙන්නෙ එදා ඉඳන්ම. ඒ උනාට ෆිල්ම් එකේ ස්පේටර් සිල් අරගෙන.

    Born in the village of Botale in 1847 to Don Bartholomew, he had his schooling at St Thomas’ College, Matale. He went into business and gained success in graphite mining, owning several mines. He also owned several plantations and investments in the arrack renting franchise.

    ප්‍රේමදාසත් අමධ්‍යප කරලා තියෙන්නෙ අරක්කු රේන්ද කාරයින්ගේ සල්ලි වලින්.

    දැන් මුස්ලිම් විරෝධය වගේ තමයි ඒ කාලෙ අමධ්‍යප ව්‍යාපාරය. මිනිස්සුන්ව රවට්ටන්න හොඳ ක්‍රමයක්.

    ඔය මධ්‍යසාර ව්‍යාපාර වලින් හම්බකරපු සිංහල bourgeois එක තමා ප්‍රධාන ඕල්කට් පාසැල්, ජාතික රෝහල් වලට ඉඩම් පරිත්‍යාග කරලත් තියෙන්නෙ. ගොඩක්ම පහතරට ඩිස්ක්‍රිමිනේට් උන කුලවලින් ව්‍යාපාරික ඥාණය නිසා උඩට ආපු මිනිස්සු. ට්‍රැක් කරගෙන ගියොත් ගොඩක් අය 13නි ශතවර්ෂ වල දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වෙලා සි/බෞ සමාජයට ඇසිමිලේට් උන අය. අරක්කු/රේන්ද ව්‍යාපාර කියන්නෙ සිත්ගන්නාසුලු සීන් එකක්. සිත්ගන්නාසුලු වෙන්නෙ බෞද්ධ tenet එකකට පිටින් යන දේකින්ම සිංහල-බෞද්ධ සංස්කෘතිය තිර වීම නිසා. මම පෞද්ගලිකව හිතන්නෑ ඒකෙ ගැටලුවක් තියෙනව කියල, මොකද "මධ්‍යසාර නොබොනු" කියන එක හරිම arbitrary ශීලයක්.

    දන්න තරමින් ඔය ව්‍යාපාර ඒ කාලෙ මිනිස්සුන්ට ගැටලුවක් උනේ නෑ. පෝස්ට් කොලෝනියල් කාලෙ බුද්ධාගම වෙනස් නිසා වෙන්න ඇති. ඒ මිනිස්සුන්ට ඒ තිබ්බ වෙස්ටර්න්-සිංහල හරිබ්‍රිඩ් එකෙන්ම දිගටම වැඩ කරන් යන්න තිබ්බෙ. ප්‍රෝඩාව දාන්න යන්නැතුව. ටැලන්ටඩ් සෙට් එකක් අපරාදෙ කියන්න බෑ.

    ඒ ක්ලාස් එක බෞද්ධ සංස්කෘතිය තදින් බැදිල හිටිය හැබැයි. කොච්චර ලඟින් හිටියද කිව්වොත් අමරපුර නිකාය ස්ථාපිත කරන්නෙත් මල්වතු නිකායන් ඒ කුලවල දරුවන්ව සාසනේට ඇතුලත් කරගන්න බෑ කියපු නිසා අතින් ෆන්ඩ් කරල බුරුමෙන් උපසම්පදාව ගෙන්නල.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කුලෙ රකින්න ගිහිල්ල අතින් අරන් -කේ තියා ගත්ත වාගෙ වැඩක් උනේ.



    කොහොම උනත්, මේ ප්‍රස්නෙට ස්තිර විසදුමක් විදියට හොද මොකද්ද?
    ෆෙඩරල් හරිද
    ෆෙඩරල් ක්‍රමයක් ලංකාවට ගැලපෙන්නේ නෑ. හේතු කිහිපයක් තියෙනවා.
    1. ෆෙඩරල් තියෙන රාජ්‍ය භූමි ප්‍රමාණයෙන් විශාලයි. මිනිස්සු ප්‍රමාණයත් වැඩියි. ලංකාවේ මේ දෙකම අඩුයි.
    2. වෙනම පොලිස් බලතල දුන්නොත් LTTE කාරයෝ රටම අල්ලගන්න ගේම් ගහන්න පුළුවන්.
    3. ඉන්දියාව ලඟම උතුර තියෙන නිසා ඕනේ තරම් ඉන්දියාවෙන් ආධාර, හොර බඩු, ආයුධ වගේ දේවල් කිසිම අවුලක් නැතුව ගෙන්න ගන්න පුළුවන්. මිනිස්සුත් එනවා අනිවා.
    4. ලංකාවේ අනික් ප්‍රදේශවල ඉන්න දෙමළ මිනිස්සු උතුරට යයිද ?
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලංකාවේ පියා ආභස්සර බ්‍රහ්මලෝකෙන් ආපු බ්‍රහ්මයන්. හෙවත් ආදම්.. ඔන්න ඕකයි තිත්ත ඇත්ත. 🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අතීත කතා නං දන් නෑ.හැබැයි උතුරෙ මිනිස්සු පට්ටම හොඳයි කියල නම් දන්නව.උංගෙන් ඈත් වෙන්න උන එක අපරාදෙ.මාරුවෙන් මාරුවට බලයට එන සෙට් එකට තියෙන්නෙ උන්ට යුද්දෙට කලින් තිබ්බ ප්‍රශ්න ටික විසඳලා දෙන්න.ඒත් ඔය සෙට් එක ඒක කවදාවත් කරන් නෑ.ඒ මදිවට දැන් යුද්දෙ නිසා අලුතෙන් ඇති උන ප්‍රශ්නත් තියෙනවනෙ.අනේ මන්දා
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලංකාවේ තරම් පියාලා ලෝකෙම නැතිව ඇති

    ජාතියේ පියා
    අධ්‍යාපනයේ පියා
    රට බේරා දුන් පියා
    බත් දුන් පියා
    පාං දුන් පියා
    පිංපියා
    ඇයි "රට බේරා දුන් පියාගෙන් රට බේරා දුන් පියා"
    B639XG6CUAEhxYF.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අතීත කතා නං දන් නෑ.හැබැයි උතුරෙ මිනිස්සු පට්ටම හොඳයි කියල නම් දන්නව.උංගෙන් ඈත් වෙන්න උන එක අපරාදෙ.මාරුවෙන් මාරුවට බලයට එන සෙට් එකට තියෙන්නෙ උන්ට යුද්දෙට කලින් තිබ්බ ප්‍රශ්න ටික විසඳලා දෙන්න.ඒත් ඔය සෙට් එක ඒක කවදාවත් කරන් නෑ.ඒ මදිවට දැන් යුද්දෙ නිසා අලුතෙන් ඇති උන ප්‍රශ්නත් තියෙනවනෙ.අනේ මන්දා
    Monawada e prashna
    Mona wisadumak dunnath
    anthimata swyan palanayak kiyana eka
    thamayi e ayata gihin thiyenne.

    okath hariyata sinhala unta ekadipathiyek
    one kiyala genath ana gatta wage wenakal therenne nathi deyak
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බණ්ඩාරනායකගෙ සොහොනට හෙන 7ක් ගැහුවේ ඉතිං නිකං ද? 😅😂
    JR ස්මාරක හදන්න එපා, අළු විසුරුවන්න කියල අන්තිම කැමැත්තෙ ඉල්ලලා තිබ්බ වගේ මතකයි හේතුව එකම වෙන්න පුලුවන්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවේ තරම් පියාලා ලෝකෙම නැතිව ඇති

    ජාතියේ පියා
    අධ්‍යාපනයේ පියා
    රට බේරා දුන් පියා
    බත් දුන් පියා
    පාං දුන් පියා
    පිංපියා
    ඔය කතාව හරියටම කිව්වේ JRP සූරියප්පෙරුම. මිනිහා JR ජයවර්ධනට තමයි කිව්වේ පිනට දුන් පියා පිම්පියා කියලා. තව ප්‍රේමදාසට කිව්වා වලියට බර පියා ගුස්පියා කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    රජෙක් ගෙන් ගත්තු සිංහල රට ,ආපහු බාර දුන්නේ සුළු ජාතිකයන්ව බලවත් කරලා , ඔවුන්ට සුවිශේෂී වරප්‍රසාද සහිතව. අඩු කුළ පිරිස් ක්‍රිස්තියානි කරලා, සුළු ජාතියන් ගොඩටම දාලා වරප්‍රසාද දුන්නා.
    වංචාකාරී රදළ කළු සුද්දෝ නමට නායකයෝ වුනාට , ඇත්තටම පාලනය අරගෙන ගියේ අර සුළු කොටස.

    හාමුදුරුවරු සහ බන්ඩාරනායක කළේ ඇත්තටම අර සුළු පිරිසේ කොන්ද කඩපු එක. ඒකෙන් ඔවුන්ට හානිය අධිකවත්, අනෙක් අයට හානියකුත් වුණා.

    අද වුනත් ක්‍රිස්තියානි සමාජය , සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. ඔය පාස්කු බෝම්බේ කාලා , ගෙදර එකා මළත් සජිත් ට ඡන්දේ දුන්නේ ඒකයි. (Best choice was GR at that time )

    ලංකාවේ ඇත්තම ප්‍රශ්ණේ ක්‍රිස්තියානිය සුද්දා දුන් තැන අහිමි වීම . ප්‍රභාකරන් රට ඇල්ලුවා නම් , එයාගෙන් පස්සේ චාල්ස් ඇන්තනී ගේ කාළේ අවසන් වෙනකොට සම්පූර්ණ ක්‍රිස්තියානි රටක් වෙන්නයි සැලසුම.

    සිංහලයා දැඩි කුළ බේදයක් නෑ, දෙමළ තරම්. නමුත් ලංකාවේ අතීට්ග සහ අනාගත දිශාණතිය සලකද්දී

    සිංහල ක්‍රිස්තියානී 65%
    දෙමළ ක්‍රිස්තියානී 20%

    මුස්ලිම් වහබ්වාදී 10%
    මුස්ලිම් සාම්ප්‍රදායික 5% (Total 100% activation and involvement)

    අයගේ විරෝධාකල්ප වල බලපෑම් අධිකයි.

    ප්‍රධාන තලයේ සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු බහුතරයක් නටන්නේ අර උඩ දක්වපු සුළු පිරි පිරිසේ නූල් සූත්තර වලට.
     
    • Like
    Reactions: maticat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රජෙක් ගෙන් ගත්තු සිංහල රට ,ආපහු බාර දුන්නේ සුළු ජාතිකයන්ව බලවත් කරලා , ඔවුන්ට සුවිශේෂී වරප්‍රසාද සහිතව. අඩු කුළ පිරිස් ක්‍රිස්තියානි කරලා, සුළු ජාතියන් ගොඩටම දාලා වරප්‍රසාද දුන්නා.
    වංචාකාරී රදළ කළු සුද්දෝ නමට නායකයෝ වුනාට , ඇත්තටම පාලනය අරගෙන ගියේ අර සුළු කොටස.

    හාමුදුරුවරු සහ බන්ඩාරනායක කළේ ඇත්තටම අර සුළු පිරිසේ කොන්ද කඩපු එක. ඒකෙන් ඔවුන්ට හානිය අධිකවත්, අනෙක් අයට හානියකුත් වුණා.

    අද වුනත් ක්‍රිස්තියානි සමාජය , සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. ඔය පාස්කු බෝම්බේ කාලා , ගෙදර එකා මළත් සජිත් ට ඡන්දේ දුන්නේ ඒකයි. (Best choice was GR at that time )

    ලංකාවේ ඇත්තම ප්‍රශ්ණේ ක්‍රිස්තියානිය සුද්දා දුන් තැන අහිමි වීම . ප්‍රභාකරන් රට ඇල්ලුවා නම් , එයාගෙන් පස්සේ චාල්ස් ඇන්තනී ගේ කාළේ අවසන් වෙනකොට සම්පූර්ණ ක්‍රිස්තියානි රටක් වෙන්නයි සැලසුම.

    සිංහලයා දැඩි කුළ බේදයක් නෑ, දෙමළ තරම්. නමුත් ලංකාවේ අතීට්ග සහ අනාගත දිශාණතිය සලකද්දී

    සිංහල ක්‍රිස්තියානී 65%
    දෙමළ ක්‍රිස්තියානී 20%

    මුස්ලිම් වහබ්වාදී 10%
    මුස්ලිම් සාම්ප්‍රදායික 5% (Total 100% activation and involvement)

    අයගේ විරෝධාකල්ප වල බලපෑම් අධිකයි.

    ප්‍රධාන තලයේ සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු බහුතරයක් නටන්නේ අර උඩ දක්වපු සුළු පිරි පිරිසේ නූල් සූත්තර වලට.
    me dewal gana poth ehema nadda
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඔය මොන බයිලවත් වැඩක් නෑ ........

    ජාතියේ පියා මහින්ද රාජපක්ෂ !
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මෙහෙම ලිපියක් ලියන්න හිතුනේ කිරියෙ කට්ටියක් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකව ආයි උපද්දවලා පන පිටින් බාබකිව් කරන්න වගේ සීන් එකක් යන නිසා. මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ බණ්ඩාරනායක අමු ගොන් වැඩක් කලාය කියන හේතුව. විශේෂයෙන් අවුරුදු 33ක් පුරා පැවති ත්‍රස්ථවාදී යුද්ධයට මුල් පදනම දැම්මේ බණ්ඩාරනායකය කියන ආකල්පය. මගේ දැනීමේ හැටියට ලංකාවේ හිටපු සියළු දේශපාලකයින් අඩු වැඩි වශයෙන් ගොන් වැඩ කරලා තියෙනවා. ඉතින් බණ්ඩාරනායකත් එහෙමයි. අනික ඉතින් බණ්ඩාරනායකව පත් කලෙත් මේ ලංකාවේ අපිමනෙ. මොකෝ එංගලන්තෙ මහ රැජින උන්දැව අගමැති කරලා ලංකාවට එව්වයෑ. ඉතින් අපිට වගේම උන්නැහේටත් ගොන් වැඩ කිරීමේ හැකියාව උපතින්ම ලැබිලා තියෙන්න ඇති. අපරාදේ කියන්න බෑ බණ්ඩාරනායක විතරක් නෙවෙයි, ලංකාවේ බිහිවූ සියළුම නායකයින්ට ගොංකම හොදටම තිබිලා තියෙනවා ඈ. ඒකට පක්ෂ පාට භේදයක් නෑ. වෙලාවකට හිතෙනවා අපි මේ මැතිවරණවලින් කරන්නේ ලංකාවේ හොදම ගොනා හෝ ගොන්නු ටික තේරීම නේද කියලත්.

    බණ්ඩාරනායකත් ඉතින් ඕම ඕම ගොන් වැඩ කලාට ඔය ත්‍රස්ථවාදී යුද්දෙට මුල් වැලි ඇටේ තිබ්බේ උන්දැය කියන එකනම් පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැ‍යි ඉතින් ඒ මට ඈ. අපේ බයි ටොයි මහත්තුරු කැමති විදියකට වෙනස් කරගත්තට කමක් නෑ.

    මට අනුව නම් ත්‍රස්ථවාදී යුද්දේට මුල්ම වැලි ඇටේ තිබ්බේ ඩී. එස්. සේනනානයක මිසක් බණ්ඩරනායක නෙවෙයි. ඒ කොහොමද කියන කථාව තමයි මේ කියන්න යන්නේ.

    හැමෝටම මතක ඇතිනේ අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා සුද්දො මේ රට අල්ල ගත්තා කියලා. ඉතින් එහෙම සුද්දො රට අල්ල ගත්තා කියලා අපේ යක්ඛ පුත්තු නිකන් හිටියේ නෑ. ආයි සුද්දො පන්නලා දාලා මේ රටේ සිංහල රජෙක් පත් කරගන්න සෑහෙන්න උත්සහ කලා. හැබැ‍යි වැඩේ හරි ගියේ නෑ. සුද්දො ටික කොහොම හරි අල්ලන් හිටියා. ඔහොම ඉන්න අතරේ සුද්දො කරපු එක එක වෙනස් කම් වලින් රට සම්පූර්ණයෙන්ම වෙනස් උනා. භෞතික වශයෙන් විතරක් නෙවෙයි. සමාජීය වශයෙනුත් රට වෙනස් උනා. ඉස්සර හිටපු පාරම්පරික නිලමක්කරයින්ටත් වඩා පොහොසත්, දනවත් වගේම උගත් ඉඩම් හිමි රදල පන්තියක් මේ රටෙ බිහිවෙන්නෙ ඔය සුද්දො කරපු එක එක වෙනස් කම් හින්දා තමයි.

    ඉතින් ඔය වෙනස් කම් දිරව ගන්න වඩාත්ම අමාරු උනේ ඒ කාලේ ඉදලම තමන් උසස්ය, ඉහලය, ධනවත්ය කියාගෙන හිටපු කට්ටියකට තමා. දැන් ඉතින් අලුත් ධනපති පන්තියක් බිහිවෙමින් තියෙන නිසා මේ කට්ටියත් බැළුවේ වැල යන අතට මැස්ස ගැහීම වගේ දෙයක්. ඒ කියන්නෙ තමන්ගේ බලවත්කම්, උසස් කම් දිගටම තියාගන්න නම් අළුතින් ඉහල යන අයට කලින් තමුන් ඉහල යන්න ඕනේ කියලා. ඕන් ඔය විදියට තමා අපේ රටේ කළු සුද්දෝ බිහි උනේ. ඒ වගේම මේ කළු සුද්දෝ ටික තේරුම් අරගෙන තිබුනුනා ඉස්සරහටත් තමන්ගේ ලොකුකම රැක ගන්න නම් සුද්දොත් එක්ක හෝ සුද්දො යනකොට තමන් දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න ඕනෙය කියලා. ඉතින් ඒ වෙනුවෙන් මේ කළු සුද්දො ටික බොහොම වෙහෙස උනා. තමුන්ගේ සිංහල ඇදුම අත ඇරලා බැස්සා යුරෝපීය ඇදුමට. ආගම කතෝලික හෝ ක්‍රිස්තියානි බවට පරිවර්ථනය කරගත්තා. යුරෝපීයයන් වගේම වැවිලි ක්ශේත්‍රයටත් යොමු උනා. ඊට අමතරව ඉතින් තව තව ව්‍යාපාර වලටත් යොමු උනා. ඒ අතරින් රේන්ද ව්‍යාපාරය සහ මිනිරන් කැනීම විශේෂ උනා. ආයි කියන්න ඕනේ නෑනේ. කොහොමින් හරි සල්ලි ටිකක් අතපත ගාන්න ගත්තට පස්සෙ කට්ටිය ඔය මුහන්දිරම් පට්ටම්, මුදලි පට්ටම් පස්සෙ යන්න ගත්තා. ඔය විපරියාසේ හොදට පැහැදිලි කරලා තියෙනවා මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරලිය, යුගාන්තය සහ කලියුගය කියන තුන් ඈදුතු නවකතාවේ.

    ඕන් ඔය වකවනුවේ තමා අපේ කථානායකයො ටිකත් සීන් එකට එන්ටර් වෙන්නෙ. ඔය අළුතින් බිහිවෙච්ච ධනපති පන්තිය දැනගෙන හිටියා හොද අධ්‍යාපනයක් ලැබුනොත් රාජ්‍යය පාලනයට ඇතුළුවෙලා දේශපාලන බලය ලබ ගැනීම පහසු වෙන බව. ඒ නිසා තමන්ගේ ලමයින්ට හොද අද්‍යාපනයක් ලබා දෙන්න කතෝලික ඉස්කෝල වලට විතරක් නෙවෙයි, වියදම් කරලා එංගලන්තෙට යවලා ඉගැන්නුවා. ඒ කට්ටියත් එංගලන්තෙන් ඉගෙනගෙන ආයි ලංකාවට ආවේ "කෙදිනක හෝ ලංකාව පාලනය කරමි" යන තිර අදිටනින් යුතුවයි.

    ඔය විදියට හැමදේම සිද්දවෙන අතරේ මෙහේ හිටපු කට්ටියත් ෆුල් ට්‍රයි එක දුන්නා දේශපාලන බලය තමන්ගෙ අතට ගන්න. කට්ටියගේ ට්‍රයි එක වැඩ කරමින් එංගලන්තේ රජතුමා තීරණය කරනවා මුන්ට පොඩි සීනී බෝල ටිකක් දෙන්න ඕනේ කියලා. ඒ පාර තමයි ඔය 1833 ඉදන් සැරින් සැරේ ව්‍යවස්ථා වෙනස්කම් කරන්න පටන් ගන්නේ.

    කට්ටිය ඉගෙන ගත්ත ඉතිහාසේ මතක නම් දන්නවා ඇතිනෙ 1833 ආණ්ඩුක්‍රම ප්‍රතිස්ංස්කරන එහෙම. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින් ව්‍යවස්ථා සභාවක් පිහිටෙව්වා. හරියට දැන් අප පාර්ලිමේන්තුව වගේ තමයි. සාමාජිකයෝ ගනන 15යි. නිල බලයෙන් 9ක් පත් වෙනවා. නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා. නිල බලයෙන් පත් වෙනවා කිව්වෙ රජයේ යම නිලයක් දැරීම නිසා නිකන්ම ව්‍යවස්ථාදායක සභාවට පත් වීම. උදාහරණයක් විදියට යටත් විජිත ලේකම් අනිවාර්යෙන් ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නවා. අර නිල නොවන 6 දෙනෙක් ආණ්ඩුකාරයා විසින් පත් කරනවා කිව්වා නේද. ඔන්න ඔතන තමයි කොස්ස හිටියේ. ඔය 6 දෙනා පත් කරද්දි කෝල්බෲක්ගේ නිර්දේශය උනේ යුරෝපීයයන් තුන්දෙනෙක් සහ සිංහල, දෙමළ බර්ගර් යන අයගෙන් එක් කෙනෙක් බැගින් පත් කරන්න. මොකද මොකක් හරි අරවුලකින් නිල නොලත් අය රජයට විරුද්ධ උනොත් අනිවාර්යෙන් යුරෝපීය තුන්දෙනා සහ බර්ගර් වරයා රජයට පක්ශ වෙන නිසා හතරට දෙකක් විදියට රජයේ මතය අනුමත වෙනවා. හැබැ‍යි ආණ්ඩුකාරයත් නිකන් ඉන්නෙ නෑ. ඌ ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්නෙ ඌත් එක්ක හොදටම හිතවත් ඌ කියන හැම එකටම එහෙයි කියන සිංහල එකෙකුයි දෙමළ එකෙකුයි.

    අපේ කස්ටියට ඕක මදි උනානේ. ඒ අස්සෙ නිල නොලත් විදියට පත් කරගත්ත යුරෝපීය තුන්දෙනත් කෑ ගහන්න ගත්තා නිලලත් කට්ටිය වැඩි නිසා තමුන්ගේ අවශ්‍යයතා ඉටු කරගන්න බැරි වෙනවාය කියලා. උන්ට ඕනේ උනේ හොද රේල් පාරවල්, සහ පාරවල් වගේ දේවල් තව දියුණු කරන්න. ඒ මගින් උන්ගේ වතුවලින් ලැබෙන අදායම වැඩි කර ගන්න. ඒ පාර ඕන් එව්වා කැමරන් කියලා පොරක්. පොර කලෙ ව්‍යවස්ථා දායක සභාවේ සංයුතිය නිල ලත් 11යි, නිල නොලත් 10යි කියලා වෙනස් කරපු එක. ඒ 1910දි. ඔය වෙනස් කම කොරන්න ආපු කැමරන්ට මුළ ඉදලම් හෙන දුක් ගැනිවිල්ල සිංහල මිනිස්සුන්ගෙන්. අණ්ඩුකාරයා නිල නොලත් අයව පත් කරද්දි අසධාරණ විදියට එයා කැමති අයව විතරක් පත් කරනවාය, ඒ පත් වෙන්නෙ ඔක්කොම ගොවිගම ඈයෝ විතරය, කරාව, දුරාව, සලාගම අයට කිසි සැලකිල්ලක් නැතිය, ව්‍යවස්ථදායක සභාවේ ඒ අයටත් තැනක් දෙන්නය කියලා හෙන අදෝනාවයි. ඒ පාර මැකලම් කොරේ "පොඩ්ඩක් හිටපල්ලකො කියලා" අර නිල නොලත් විදියට පත් වෙන දහ දෙනාගෙන් හතර දෙනෙක් ආණ්ඩුකාරයාට පත් කොරන්න බැරිය, උන් පත් වෙන්නෙ නියොජිත ඡන්දෙන්ය කියලා අළුත් ගැටයක් ගහපු එක. ඔය නියෝජිත ඡන්දෙ කියන්නෙ උගත්, ධනවත් ඉහල රැකියාවල නියුතු කස්ටියට විතරක් ඡන්දේ දාන්න පුළුවන්ය කියන එකළු. නිල නොලත් ලෙස පත් වෙන අනිත් හයදෙනා ආණ්ඩුකාරයා තමයි පත් කොරන්නෙ. ඒ පහත රට සිංහල දෙන්නයි, දෙමළ දෙන්නයි, උඩරට සිංහල එක්කෙනයි සහ මුස්ලිම් එක්කෙනයි කියලා. අර ඡන්දෙන් පත් වෙන හතර දෙනා බෙදුවා බර්ගර් එක්කෙනයි, යුරෝපීය දෙන්නයි සහ උගත් ලංකික එක්කෙනයි කියලා.

    තේරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා. මුළු ව්‍යවස්ථා සභාවටම ඉන්නෙ සිංහල 4යි. ඒ හතර දෙනාගෙනුත් දෙන්නෙක් ගෙඩි පිටින් පහත රට සිංහල. ඕන් ඔය වෙලාවේ අප් කස්ටිය දුර දිග බලලා තීරණයක් ගත්තා. ඒ තමයි උඩරට පහත රට කමක් නැතිය හැබැ‍යි පත් වෙන හැමෝම ගොවිගම කුලේ අය වෙන්න ඕනෙය කියලා. එහෙම සෙට් උනාම ගොවිගම කුලේ තුන්දෙනෙක් ව්‍යවස්ථදායක සභවේ ඉන්නවා.

    හැබැ‍යි කස්ටිය රත් උනේ ඡන්දෙන් පත් වෙන්න තිබ්බ එකම සිංහල ආසනේට මාකස් ප්‍රනාන්දු කියන වෛද්‍යවරයා නාම යෝජනා දීමත් එක්ක. මාකස් ප්‍රනාන්දු කරාව කුලේ. කස්ටිය ඔය එකම රටක් එකම දැ‍යක් බයිලේ ගැහුවට ගොවිගම කුලේ කස්ටිය අනිත් කුල පහත් කියලා සලකලා ඒ මිනිස්සුත් එක්ක එකට කෑම මේසේවත් වාඩි වෙන්නෙ නෑ. ඒ අස්සෙ කස්ටිය ගනන් හදලා බැලුවා ඡන්ද තත්වේ කොහොමද කියලා. ඡන්දෙ දෙන්න අයිතිය ලැබිලා තිබ්බෙ 2938 දෙනාටයි. එයින් සිංහලයො හිටියෙ 1659යි. දෙමළ ජාතිකයෝ හිටියෙ 1072යි. ඡන්ද 207ක් තිබ්බෙ සුළු ජතීන්ගේ ඡන්ද. ( යුරෝපීය, මුස්ලිම් සහ බර්ගර් ) ඒ ටිකත් හොලවන්න බැරි බව තේරිලා තිබ්බෙ. මොකද යුරෝපීය දෙන්නටයි, බර්ගර් එක්කෙනාටයි ඒ ඡන්ද ටික වැටෙන නිසා. සිංහල ඡන්ද වලින් ආසන්න වශයෙන් ඡන්ද 1000ක් හිමි කරගෙන තිබ්බෙ කරාව, දුරාව, සලාගම කියන කුල වලට අයත් කට්ටිය. ගොවිගම කෙනෙක් ඡන්දෙට ඉදිරිපත් උනොත් දිනන්න තියා හිතන්නවත් බැරි බව ගොවිගම කුලේ කස්ටියට තේරුනා.

    ඕන් ඔය වෙලාවේ තමා අපේ ඩී. එස්. ලොක්කට සුපිරි අයිඩියා එකක් ආවේ. නීතීය අනුව ඉදිරිපත් වෙන්නෙ උගත් ශ්‍රී ලාංකික කියලා මිස සිංහල දෙමළ කියලා නෙවේය, ජාතියට කෙල උනත් කුලේ රැක ගත යුතුය කියලා පෙරට ආපු ඩී. එස් මහත්තයා, වොල්ටර් ජයවර්ධනට කියනවා “වහාම පල ඉංදියාවට. ගිහින් එක්ක වර පොන්නම්බලම් රාමනාදන්ව” කියලා. මොකද පොන්නම්බලම් රමනාදන් වෙල්ලාල්ල කුලේ. ඒ කියන්නෙ දෙමලින් නම් ගොවිගම කුලේම තමා. අනේ ඉතින් අපේ ජේ.ආර්. ජයවර්ධනගේ බාප්පා කෙනෙක් වෙච්ච වෝල්ටර් ජයවර්ධන ඉන්දියාවට ගිහින් පොන්නම්බලම් රාමනාදන්ව එක්ක ඇවිත් ලංකවට ඡන්දෙට ඉදිරිපත් කොරනවා. දෙමළ ඡන්ද ටික කුල භේදයකින් තොරව රාමනාදන්ට යනවා. අපේ යක්ඛ පුත්තු ටිකකුත් ජාතියට හෙන ගැහුවත් කුලේ බේර ගන්න ඕනේ කියලා රාමනාදන්ටම ඡන්දෙ දෙනවා. අන්තිමට ඡන්ද 1645ක් ගත්ත පොන්නම්බලම් රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවට යද්දි සිංහල ඡන්ද 981 ගත්ත මාකස් ප්‍රනාන්දු ගෙදර යනවා. 312 දෙනෙක් ඡන්දෙ ප්‍රකාශ කලේ නැහැ.

    පස්සෙ නිදහස් සටනෙ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් තමයි සෝල්බරි කොමිසමේදී සහ ව්‍යවස්ථාදායක සභාවෙදි 50ට 50 ඉල්ලා සිටින්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථා දායක සභාවේ සහ සෙනෙට් මණ්ඩලයේ සංයුතිය 50%ක් සිංහල සහා 50%ක් දෙමළ විය යුතුයි කියලා. දෙමළ ජාතිය ස්වාධීන ජාතියක්ය, උතුරු පලාත දෙමළ නිජ භූමියක්ය කියන සංකල්පේ නිර්මාතෲත් ඔය කියන රාමනාදන්ම තමා. ඕන් ඔහොමයි නිදහස් සටනේ ඉස්සරහින්ම හිටියයි කියන රාමනාදන් හැසිරුනේ. එහෙම හැසිරෙන්න රාමනාදන් ලංකාවට විතරක් නෙවෙයි, දේශපාලනේට ගෙනාවෙත් ජාතියට පෙර කුලය බෙරා ගැනීමට කටයුතු කල, පසුව ජාතියේ පියා වූ ඩී.එස් ම තමා.

    33 අවුරුද්දක් දිග ඇරුණු ත්‍රස්ථවාදි යුද්දෙට පෙරලපු පලවෙනි වැලි කැටෙ හැටියට මමනම් දකින්නේ මේක.
    එහෙන් මෙහෙන් කෑලි අහල තිබුනේ. අද තමා සම්පුර්ණම කතාව දැනගත්තේ
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @U.N.C.L.E
    ඔබ නිවැරදියි. විජයානන්ද දහනායක තමයි 50:50 ඉල්ලපු වෙලාවේ එහෙම කොහොමද වෙන්නේ කියලා ගේම ඇද්දේ. මිනිහා අමුඩයක් ඇඳගෙන පාලිමන්ට් එකට ආවා විරෝධය දක්වන්න.

    හැබැයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරේ සුළු කාලයක් ඇතුලත. ඒකෙන් වාසිවලට වඩා පාඩු ගොඩක් උනා. ඉංග්‍රීසි භාෂාවෙන් තිබ්බ අධ්‍යාපන ක්‍රමය සිංහලට හැරෙව්වම මිනිස්සුන්ගේ දැනුම අඩුවෙන්න ගත්තා. මොකද දැන් වගේ විවිධ විෂයන්(පාසල් විෂයන් නෙවෙයි) ගැන විස්තර සිංහලෙන් තිබ්බේ නෑ. වැඩි හරියක් පොත් තිබ්බේ ඉංග්‍රීසියෙන්.
    බණ්ඩාගේ ළමයි සෝබෝන් , ඔක්ස්ෆර්ඩ් ගියා.
    කන්නන්ගර නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට බණ්ඩා ඇහුවේ "ක්‍රිස්ටෝෆර් උඹ ගහක ගෙඩියක් කඩන්නවත් කොල්ලෙක් නැති කරන්නද හදන්නේ" කියලා.
    අනික් පැත්තෙන් භාෂා ප්‍රශ්නේ නිසා දෙමළ මිනිස්සුන්ට මෙච්චර කල් තිබ්බේ නැති ප්‍රශ්න ආවා. විශේෂයෙන් වතු දෙමළ අයට.

    ඊට පස්සේ ජේ.ආර් ගේ කාලේ ඔත්තු සේවාවලින් කිව්වා උතුරේ දෙමළ අය ආයුධ අරන් සංවිධානය වෙනවා කියලා. ජේ.ආර් කිව්වේ ඕවා කොල්ලන්ගේ කොළුකම් කියලා. අර ආවා කියලා කල්ලියක් පටන් ගත්තේ අන්න ඒ වගේ.
    යුද්දේ එච්චර දුර දිග ගියේ නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ කැඩුවේ නැති නිසා.
    ඔය ප්‍රශ්නේ ඇති උනේ එක්කෙනෙක් විතරක් කරපු දේවල් නිසා නෙවෙයි.
     
    • Like
    Reactions: maticat and NRTG