බෝ ගසක් කථා කරයි

noble

Member
Mar 16, 2011
96
21
0
බෝ ගසක් කථා කරයි

inyourhome-BoTree-E110-c.jpg

පෙර දිනයක මා පාන්දර 3ත් 4ත් අතර අපූරු සිහිනයක් දුටුවෙමි. එය ඔබත් සමග බෙදා හදා ගැනීමට මා කැමැත්තෙමි.

සිහිනෙන් මා බෝ ගසක් සමග කථා කළෙමි. දුක් මුසූ ලීලාවකින් මා සමග දොඩමළු වූ බෝ ගස සමග මෙවන් දෙබසක් ඇතිවුණි.

මම: කොහොමද ඉතින්?

බෝ ගස: ඉන්නවට ඉන්නවා.

මම: ඇයි මේ දුකින් වගේ
(එහෙම ඇහුවම බෝ ගස මට දුක් බර වූත් රසවත් වූත් කථාවක් කීහ.)

බෝ ගස: එක්තරා ජන කථාවක තිබුනා සිතූ පැතූ සම්පත් දෙන මිනිසෙකු ගැන. හැබැයි ඒ මනුස්සයට කැව්වොත් විතරයි සිතූ පැතූ සම්පත් ලැබෙන්නේ. ඉතින් ඒක දැනගත් හතර දිග් භාගෙම මිනිස්සු ඇවිත් ඒ මනුස්සයට ඉවක් බවක් නැතුව කවන්න පටන් ගත්තා. ඉතින් ඉස්මුරුත්තාව හැදිලා ඒ මනුස්සය මැරුනා. ඉතින් මටත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ. මගේ මුල් කුණු වෙනකන්ම එක එක ඒව දානවා. වතුර මදිවට කිරිත් දානවා. මගේ ලඟ දුම් පත්තු කරනවා. මට හුස්ම ගන්නත් බැහැ. ඒ මදිවට එක එක කොඩි එල්ලනවා. ඒවායේ බර මට දරාගන්න බැහැ. මගේ ලඟ පහන් පත්තු කරනවා. ඒකේ රස්නෙට මාව පිච්චෙනවා.

(මට බෝ ගස ගැන දුක හිතුනි. එහෙත් එක්කම බෝ ගස ඊලඟට කියූ දෙයින් මට එලොව පොල් පෙනුනි.)

බෝ ගස:
මෙහෙම කරුමයක් ගෙවන්න වෙනවා කියල දන්නවනම් මම බුදුන්ට බුදු වෙන්න සෙවණ දෙන්නේ නැතිව නිකන්ම නිකන් ගහක් වෙලා ඉන්නවනේ.

මට කිසිත් කර කියා ගැනීමට නොහැකි වුනි ඒ කියමනත් සමග. මින් එහාට මට මොනා කියන්ටද කියා තේරෙන්නේ නැහැ. කුකුලා හඬලනවාත් සමග මා අවදි වුනි.

අපේ මෝඩ මිනිස්සු කරන වැඩ නිසා බෝ ගහට බුදුන්ගේ විශ්වාසයත් නැතුවා ගියා සේය!
 
Last edited:

noble

Member
Mar 16, 2011
96
21
0
lol, oya thmbiyek ne. atta kiyanna.?

මම නියම බෞද්ධයෙක්. බය නැතුව නිර්භයව කියනවා. මොකද මම බුදුන් දකින්නේ අජීවී වස්තූන් තුලින් නොව ධර්මය තුලින්.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මම ඔයා කවුද කියන්න නම් දන්නේ නැහැ , හැබැයි මචන් ඕක උබ හිතලා දාපු එකක්, හීනෙන් දැක්කේ නැහැ නේද ? ?
 
Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අනේ නිකන් පලයන් බන් යන්න..ඔය ටික කියන්නද ෆේක් එකකින් ආවේ.....:angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බෝධිපූජාව මගින් හරියටම වෙන දේ මම දන්නෑ , හැබැයි ඒ අයට මානසික සහනයක් දැනෙයි ,බෝධියකට වතුර දාල වැඩියි කියල කිසිම පන්සලක බෝධියක්නම් කුණුවෙලා නෑ , බුදුන්ට බුදුවෙන්න සේවන දුන්න බෝධියක් කවමදාවත් ඔහොම කියන්නෑ ගහ කපනවයි කිව්වත්...

    :no::no::no::no:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාවෙ ඇත්තක් තියනවා......
    ඒත් අතිශෝක්තිය වැඩියි........
    බෝගහ ඔහොම නෙමෙයි ඔයිට වඩා දේ වුනත් දරාගෙන ඉඳී බුදුන්ට සෙවන දෙන්න......
    අන්තිම ටික තමා හරි නැත්තේ......
    ඒක ගැලපෙන්නේ නැහැ...........
    අපි තර්ක කරන කොට බුදුන් දෙසල තියන ලැජ්ජාව භය කියන දේවල් ගැනත් හිතන්න ඕන...
    ඔයා හිතල තියෙන්නේ පටු විදිහට.........
    එක් වරක් බුදුන් ගැන විශ්වාසය තිබ්බොත් ආයේ කිසි දෙයකින් ඒක නැති කරන්න බැහැ සහෝ.......
    අන්ධ විශ්වාසයන් මිත්‍යාදෘෂ්ඨිය තුරන් කරවන්න ඕන ඔයිට වඩා බුද්ධිමත් විදිහට............
    නැත්තං වැඩ වරදිනවා........
     
    :yes::yes::yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කතාවෙ ඇත්තක් තියනවා......
    ඒත් අතිශෝක්තිය වැඩියි........
    බෝගහ ඔහොම නෙමෙයි ඔයිට වඩා දේ වුනත් දරාගෙන ඉඳී බුදුන්ට සෙවන දෙන්න......
    අන්තිම ටික තමා හරි නැත්තේ......
    ඒක ගැලපෙන්නේ නැහැ...........
    අපි තර්ක කරන කොට බුදුන් දෙසල තියන ලැජ්ජාව භය කියන දේවල් ගැනත් හිතන්න ඕන...
    ඔයා හිතල තියෙන්නේ පටු විදිහට.........
    එක් වරක් බුදුන් ගැන විශ්වාසය තිබ්බොත් ආයේ කිසි දෙයකින් ඒක නැති කරන්න බැහැ සහෝ.......
    අන්ධ විශ්වාසයන් මිත්‍යාදෘෂ්ඨිය තුරන් කරවන්න ඕන ඔයිට වඩා බුද්ධිමත් විදිහට............
    නැත්තං වැඩ වරදිනවා........

    :yes::yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බෝධිපූජාව මගින් හරියටම වෙන දේ මම දන්නෑ , හැබැයි ඒ අයට මානසික සහනයක් දැනෙයි ,බෝධියකට වතුර දාල වැඩියි කියල කිසිම පන්සලක බෝධියක්නම් කුණුවෙලා නෑ , බුදුන්ට බුදුවෙන්න සේවන දුන්න බෝධියක් කවමදාවත් ඔහොම කියන්නෑ ගහ කපනවයි කිව්වත්...

    :no::no::no::no:

    because most water people pour not go to the tree, by draining system, they go to somewhere else.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වතුර වැඩි වෙලා කුණු වෙලා මැරිච්ච බෝ ගහක්, කොඩි වල බර වැඩිවෙලා කඩන් වැටුන බෝ අත්තක්, සුවඳ දුම් වැදිලා ප්‍රභාසංස්ලේෂණය නැවතිච්ච බෝ කොලයක් , පහනක රස්නේ වැඩිවෙලා ගිනි ගත්ත බෝ ගහක් මම නම් දැක නැත.:no: www.sorry.com

    failed_2.jpg

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වතුර වැඩි වෙලා කුණු වෙලා මැරිච්ච බෝ ගහක්, කොඩි වල බර වැඩිවෙලා කඩන් වැටුන බෝ අත්තක්, සුවඳ දුම් වැදිලා ප්‍රභාසංස්ලේෂණය නැවතිච්ච බෝ කොලයක් , පහනක රස්නේ වැඩිවෙලා ගිනි ගත්ත බෝ ගහක් මම නම් දැක නැත.:no: www.sorry.com

    failed_2.jpg

    This happened to one Bo tree when I was going to school. Temple is in Pannipitya.(parama damma temple)After that they made a good draining system, and when people pour water,milk or what ever, it goes to some where else, not to the tree.
     
    noble

    Member
    Mar 16, 2011
    96
    21
    0
    කතාවෙ ඇත්තක් තියනවා......
    ඒත් අතිශෝක්තිය වැඩියි........
    බෝගහ ඔහොම නෙමෙයි ඔයිට වඩා දේ වුනත් දරාගෙන ඉඳී බුදුන්ට සෙවන දෙන්න......
    අන්තිම ටික තමා හරි නැත්තේ......
    ඒක ගැලපෙන්නේ නැහැ...........
    අපි තර්ක කරන කොට බුදුන් දෙසල තියන ලැජ්ජාව භය කියන දේවල් ගැනත් හිතන්න ඕන...
    ඔයා හිතල තියෙන්නේ පටු විදිහට.........
    එක් වරක් බුදුන් ගැන විශ්වාසය තිබ්බොත් ආයේ කිසි දෙයකින් ඒක නැති කරන්න බැහැ සහෝ.......
    අන්ධ විශ්වාසයන් මිත්‍යාදෘෂ්ඨිය තුරන් කරවන්න ඕන ඔයිට වඩා බුද්ධිමත් විදිහට............
    නැත්තං වැඩ වරදිනවා........

    http://elakiri.com/forum/showthread.php?t=1088101

    මිත්‍යාදෘෂ්ඨිය නැති කරන්න දැම්ම පෝස්ට් එක කවුරුත් කියෙව්වේ නැහැනේ තාම, මෙන්න කියවන්න

    z_p10-budu7.jpg

    ආනන්ද බෝධිය ගැන අට්ඨ කථා වල සඳහන්ව ඇත්තේ මෙලෙසය

    බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කාලය තුළම මහජනයාට වන්දනාමාන කිරීම පිණිස බෝධි වෘක්‍ෂයක් පිහිටුවීම පිළිබඳ කතා පුවතක් සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන විට දෙව්රමට පැමිණෙන ජනකාය රැගෙන එන මල්, සුවඳ දුම් ආදි පූජා ද්‍රව්‍ය ගඳකිලිය ඉදිරිපිට දමායති ඒවා පූජා කිරිමට ස්ථානක් නියමකර නොතිබුණෙන් ආනන්ද තෙරුන් වහන්සේ ඒ බව බුදුරදුන්ට දන්වා සිටි සේක. ඒ අවසථාවේ පාරිභෝගික චේතියක් ඉඳිකළ හැකි බව බුදුරාජණන් වහන්සේ පැවසු සේක. බෝධි ද්‍රැමය බුදුරදුන් විසින් පරිභෝග කළ වස්තුවක් නිසා බෝමැඩ පිහිටි බෝධියෙන් ගිලිහුණු බීජයක් බිමට වැටීමට පෙර ගෙනවුත් දෙව්රම් වෙහෙරට ඇතුළුවන තැන දොරටුව අසල උත්සවාකාරයෙන් රෝපණය කරන ලදී.

    සුවඳ කලලින් යුත් ස්වර්ණමය කටාරයක අනේපිඬු සිටුතුමාගේ අතින් රෝපිත මොහොතෙහිම එය පනස් රියන් උස සර්වප්‍රකාරයෙන් පරිපුර්ණ වූ වෘක්‍ෂයක් බවට පරිවර්තනය ව ප්‍රාතිහාර්ය පෑවේය. එම බෝධි මූලයෙහි සමාපත්තියට සම වැදීමෙන් එම බෝරුක පරිභෝග කරන මෙන් බුදුරාජාණන් වහන්සේගෙන් ආනන්ද හිමියන් ඉල්ලුවිට උන්වහන්සේ සමාපත්තියට සමවැද එක් රැයක් එම බෝධිය පරිභෝග කළ සේක. ආනන්ද හිමියන් උත්සුක වීමෙන් රෝපණය කරන ලද බෝධිය බැවින් එය ‘ආනන්ද බෝධිය’ යැයි ප්‍රකට විය.

    මෙහි ලස්සනම කථාව මෙන්න මෙතනයි

    ආනන්ද බෝධිය වටා ඇති ස්වර්ණමය වැට නිසා බෝධියට යා නොහැකි වූ ආනන්දය බුදුන් හමුවේ මැසිවිලි නගන්නට විය. එවිට බුදුන් අනුදැන වදාලේ බෝධිය වටා ඇති ස්වර්ණමය වැටේ කණු එකින් එක ගලවා දමන්නටය

    මොහොතකට සිතුවාද ආනන්ද බෝධිය වටේ ඇති රන් කණු එකින් එක ඉවත් කරන්න කියල බුදුන් අනුදැන වදාලේ ඇයි කියල?

    පරමාර්ථයෙන් ගලපමු (ණුවනින් හිතමු)

    බෝධිය යනු බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියයි. මේ බෝධිය කරා කෙලින්ම යා නොහැක්කේ අපි රන් හා සමානකොට ඇති කෙලෙසුන්ගෙන් පිරි කුණුකන්දල් නිසයි. එනිසා බුදුන් අනුදැන වදාලේ මේ රන් හා සමානකොටගෙන ඉන්න පෘථක්ජනයන්ගේ කුණු කන්දල් එකවරම ඉවත්කළ නොහැකි නිසා එකින් එක නිරෝධ කිරීමට ආර්ය මාර්ගය කියා දීමය.

    මේ බෝධිය දැක වැඳුම් පිදුම් කරන්නා ධර්මය තුලින් බුදුන් වැන්දා හා සමානයි.

    එබැවින් බුදුන්ව දකින්නටනම්, වඳින්න පුදන්නටනම් ආර්ය අෂ්ඨාංගිග මගෙහි ගොස් තුන්තරා බෝධියේ අරහත් බව කරා යාමයි.

    දැන් හිතට එකඟව ඔබ මෙතෙක් මුලාවූ අට්ඨ කථාවේ යථාර්ථය දැක්කෙහිද?

    "ආනන්දය සර්පයා දුටුවෙහිද?" කියා බුදුන් ආනන්දයගෙන් ඇසූ විට ආනන්දට "සර්පයා" යන්නෙන් අදහස් කලේ කුමක්දැයි ආනන්දය බුදුන්ගෙන් නොවිමසුයේ "සර්පයා" යන්නේහි පරමාර්ථය එවෙලෙහිම දැකීමට තරම් ආනන්දයට තීක්ෂණ බුද්ධියක් තුබූ හෙයිනි. එය අවබෝධකරගත් ආනන්දය කීවේ "එසේය ස්වාමිණි, සර්පයා දුටිමි" යන්නයි.

    ඉතින් අද ආනන්ද බෝධිය කියා වඳින්නේ බුදුන් කියා දුන් බෝධියටද? හිතට එකඟව නුවණින් සිතන්න. ණුවනැත්තන් බුදුදහමට ඉමහත් ලාභයකි.

    සැමට සම්මා සම්බුදු සරණයි.