බෞද්ධයන්ගේ_වැසිකිළි
බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?
යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්…?
''මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !'’
මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිපූජ්‍ය අජාන් චා හිමියන් යටතේ බෞද්ධ පුහුණුව ලද, බටහිර ශ්‍රේෂ්ඨ බෞද්ධ භික්ෂුවකි.
මා ඇමතූ එක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් මගෙන් මෙවන් පැනයක් ඇසීය:
‘‘යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්, ඔබ වහන්සේ කුමක් කරන්නේ ද?’’
කිසි පැකිළීමකින් තොරව මම මෙසේ කීමි:
‘‘යම් කෙනෙක් ශුද්ධ වු බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත් මා මුලින්ම කරන්නේ පයිප්පකාරයෙකුට කතා කිරීමයි !’
මාධ්‍යවේදියා මහ හයියෙන් සිනාසී අවසන් වූ පසුව මා අමතා කීවේ, එම පැනයට අදාළව තමාට අසන්ට ලැබුණු වඩාත් බුද්ධිමත් පිළිතුර එය බවයි.
මම තවදුරටත් පැහැදිළි කෙළෙමි.
‘‘යමෙකු අනන්තවත් බුදු පිළිම විනාශ කරාවි. පන්සල්වලට ගිනි තියාවි. එපමණක් ද? භික්ෂූන් වහන්සේ සහ භික්ෂුනීන් වහන්සේ ඝාතනය කරන්නටත් පුලූවන්. ඔවුන් ඒ සියල්ල විනාශ කරාවි. ඒත්, බුදු දහම වනසන්ට මම කිසි විටෙකත් ඔවුන්ට ඉඩ නොදෙමි. ශුද්ධ වූ බෞද්ධ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දමා වතුර ගසා සෝදා හැරීම මොන තරම් පහසු ද? ඒත්, සමාව භජනය කිරීම, සාමය දානය කිරීම සහ කරුණා දයාව ආදිය එසේ වැසිකිළි වළකට දමා සෝදා හැරීමට කවුරු නම් සමත් වෙත් ද?
ආගමක් යනු, පොතක් නොව. එසේත් නැතහොත්, පිළිමයක්, ගොඩනැගිල්ලක් හෝ භික්ෂුවක් ද නොව. මේ කියන සියල්ල, ‘භාජන’ පමණි.
ශුද්ධ වූ ආගමික ග‍්‍රන්ථයකින් අපට උගන්වන්නේ කුමක් ද? පිළිමයකින් නියෝජනය කරන්නේ කුමක් ද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් තුළ තිබිය යුතු යැයි විශ්වාස කරන ගුණදම් කවරේ ද? ‘අඩංගුව’ යනු අන්න ඒවා ය.
භාජනය සහ අඩංගුව අතර ඇති වෙනස තේරුම් ගත් විට, භාජනය විනාශ කෙරෙද්දී පවා අන්තර්ගතය හෙවත් අඩංගුව ආරක්ෂා කරගන්ට අපට පුළුවන්.
පොත් තවත් මුද්‍රණය කළ හැකියි. පන්සල් සහ පිළිම තවත් හැදිය හැකියි. භික්ෂු භික්ෂුනීන් වහන්සේලා තවත් පුහුණු කළ හැකියි. ඒත්, අපේ ආදරය අපට අහිමි වූ විට, අප කෙරෙහි සහ අනුන් කෙරෙහි වන කරුණාව අපට අහිමි වූ විට සහ ඒ වෙනුවට හිංසනය හිස එසැවූ විට, සමස්ත ආගම ම, වැසිකිළි වළේ ගසාගෙන යන්නේය.
පූජ්‍ය ආජාන් බ‍්‍රාහ්ම්ගේ ප‍්‍රකාශයට පත්වීමට නියමිත ‘‘හොඳ? නරක? කවුද දන්නේ?’’ කෘතියෙන් ගත් උපුටනයකි. පරිවර්තනය 'යහපාලනය ලංකා 'අනුග‍්‍රහයෙනි |
විකල්ප වෙබ් අඩවියෙන්.
meka ape bodu bala Ghanasaragen ahamu
Question - බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්?
Answer - කවුද ඩෝ අපේ පොත් කක්කුස්සි වලවල් වලට දාන්නේ...
මේක අපේ ඩර්මේ හු@තෝ, තොපිලා එකෙක් තියෙන්නේ නැහැ හම්බ පරයි.
උබලගේ රටකට ගිහින් කරපං ඕවා.... උන් අපේ පොත් කක්කුස්සි වලවල් වලට දානකං අපි පොන්@යෝ වගේ බලන් ඉදියි කියලා හිතුවද? මේක අපේ රට යකෝව්.......
Source - FB