බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ජෝතිශ්‍ය මිත්‍යා දෘශ්ඨියක් කියල කියන්නෙ මොන පදනමක් මතද:oo:?
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සංස්කෘතික කියල අපි සමරන්නේ මොකක්ද?

    සංස්කෘතික චාරිත්‍ර කියන්නෙ ලෝකෙන් අපිව වෙන් කරල අඳූනගන්න උදව් වෙන දෙයක්. ඒක තාර්කික වෙන්න ඕනෙ කියල කතාවක් නෑ.

    මං හිතන්නෙ උඹට පළවෙනි කමෙන්ට් එකෙන්ම තේරුනා උඹ වැරදි බව. තව මේක දුර දිග ගෙනියන එකේ තේරුමක් නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබ ඔය කියන්නෙ නැකැත් ගැනනෙ.. නැකත තමයි මචන් චාරිත්තරය.. උත්සවය තමයි අවුරුද්ද.. ඔතන අපි පවත්වන්නෙ පාරම්පරික සිරිතක් විතරනෙ.. හිතපන්කො මෙහෙම.. දැන් අපි ගනුදෙනු කරනවනෙ, වෙලාවට/නැකතට.. අපි ඒක කරන්නෙ අවුරුද්දට විතරනෙ.. මේ දවසට විතරනෙ.. අනික් දවස්වල උබවත් අපි කවුරුවත් බැක්නුවට සල්ලි දාන්නවත්, ATM එකෙන් සල්ලි ගන්නවත් නැකැත් බලලා යන්නෙ නැනෙ.. අන්න ඒකයි, චරිත්තරය.
    :yes::yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය බොරු කියන්න උඹේ හෝ අපේ සුදුසුකම මොකක්ද?
    ඒක ගල් යුගයේ ඉඳගන සාපේක්ෂතාවාදය බොරු කියනව වගේ

    ජෝන් ඩෝල්ටන් ගෙ කාලෙ එකෙක් කිව්වොත් යුරේනියම් වලින් බ්‍රෝමීන් හදන්න පුලුවන් කියල ඌව පිස්සන්කොටුවට දායි. ඒ වගේ තමයි.

    ඒක නිසා මේ දැනට තියන දුප්පත් විද්‍යාවෙන් හැම දේම පැහැදිලි කරන්න යන්නැතුව ඉමු
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සිංහල අවුරැද්ද කියන්නේ කෘෂිකාර්මික පදනම මත ඇති වෙච්ච දෙයක් .අස්වැන්න ‍නෙලා ගෙන එ අස්වැන්න ලබාගත් සතුට සමරන එක අවුරැද්ද දක්වා විකාශණය වුනා අදටත් අවුරැදු චාරිත්‍ර තියෙන්නේ කෘෂිකර්මික පදනමින් නවසද බැලිම ,වැඩ ඇල්ලිම ,රැකිරක්ෂා සදහා පිටවිම වගේ චාරිත්‍ර ‍

    :yes::yes::yes::yes:

    අවුරුද්ද අපි සමරන්නේ අලුත් වී ගෙට අරගෙන ඒ වෙනුවෙන්. ලංකාව කෘෂිකාර්මික රටක් කියල මතක කරලා දෙන්න වෙලා මම හිතන්නේ? නැත්නම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. කියන්න නම් දේවල් ගොඩක් තියනවා. ඒක සංස්කෘතික අංගයක්. බුදු දහම සමග පටලවගන්න එපා. එහෙනම් ඔය ලෝකේ පෙරලන්න බුදු දහම ගැන තර්ක විතර්ක කරන පොරවල් ඔක්කොම අවුරුදු වෙනකොට එකක් දෙකක් දාගෙන හතරගාතේ දාල බලු වෙලා කානු පල්ලේ ඉන්නවා. ඒවා ගැන කතා කරන්න. බුදු දහමේ කෙලිනම ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා. ඇයි එහෙනම් ඒවා කරන්නේ? 12 වෙනිදා සුපර් මාර්කට් ගියාම එලියට යනකන් පෝලිම, ගෑනු එහෙම පෝලිමේ දරුවෝ වඩාගෙන ඉන්න නිසා මාත් හිටිය පෝලිමේ. ටික වෙලාවක් යනකොට තමයි මීටර් උනේ පෝලිම මොකටද කියල. අනේ අම්මපා මෙහෙමත් රටක් කියල හිතුන. මුන්ට බාර් වහපු දවස දෙකේ daily dose එක නැති වෙනකොට ඉන්න බැහැ. හැබැයි අදහන්නේ බුද්ධාගම. අද වෙනකොට ලංකාවේ ඉන්න පොෂ් සමාජය අවුරුදු සමරන්නේ අමුතුම විදියකට. අන්න ඒ විදියයි වැරදි. නමුත් ගමකට ගිහිල්ල බලන්න ඒක කොච්චර සුන්දරද කියල. අපි වෙල් වල දුවල මහන්සි වෙලා ගොයම් කපල ඒ වී ගෙට ගත්තම දැනෙන සතුට කොච්චරද කියල නගරේ ඉඳං කියන්න බැහැ. ඒ සතුට අහිංසක විදියට සමරන එක වැරදි නැහැ මචං.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බුදුන් කාලයේද බෞද්ධයන් තමතමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන් "බෞද්ධයන්" වූ නිසා බැහැර කලේ නැත. ඔවුන් කිසිම සංස්කෘතික උත්සවයක් "බෞද්ධයන්" වූ නිසා බැහැර කළ බවක් අසන්නට නැත. අවු. 8 වැනි කාලයකදී සෝවාන් වූ විශාඛා පවා අනෙක් කාන්තාවන් මෙන් උත්සව වලට සහභාගි විය. අනෙක් කරුණ නම් අප රටේ වැඩසිටි රහතන් වහන්සේලා කිසිම සංස්කෘතික උත්සවයක් ඉවත් කරන්නට උපදෙස් දුන් බවක් අසන්නට නැත.

    ජෝතිශ්‍රය වැනි ශාස්ත්‍ර ඇත්තේ භාවිතය සඳහා මිස ඇදහීම සඳහා නොවේ. ජෝතිශ්‍රය භාවිතා කර සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවන කාලයන් කීම වඩදිය ඇතිවන කාලය ගැන කීම ආදිය බුදුන් කාලයේද පැවතිණි. බුදුන් වහන්සේ මේවා නොකළ යුතු දේවල් ලෙස කිසිවිට කියා නැත. ඒවායින් ප්‍රයෝජනයක් ඇති තැන ප්‍රයෝජන ගත යුතුය. සිදුහත් කුමරාගේ ශරීරාංග බලා උන් වහන්සේ බුදු වන බව කී බමුණන් ගේ ශාස්ත්‍රයේ වරදක් තිබේද?

    වරක් හිස් කබල් වලට තට්ටු කර අයිතිකරු දැනට ඉපදී සිටින ස්ථානය කියන ජනප්‍රිය බ්‍රාහ්මණ තරුණයෙක් බුදුන් හමුවට පමුණුවන ලදී. ඔහු සහ ඔහුගේ දෙමව්පියන් ජීවත් වූයේ එම ශාස්ත්‍රය නිසාය. ඔවුන් බොහෝ නඟර වල සංචාරය කර තිබිණි. බුදුන් වහන්සේ ඔහු එනබව දැන සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකුගේ හිස් කබල් හා එක් රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනවුත් තැබූ සේක. මිනිසුන් දෙදෙනා උපන් තැන් නිවැරදිව කී බ්‍රාහ්මණ තරුණයා රහතන් වහන්සේගේ හිස් කබල ඉදිරියේ නිරුත්තර විය. තමන්ගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් ඇතැයි සිතූ බ්‍රාහ්මණ තරුණයා එය ඉගෙනීමට සිතා මහණ වී රහත් විය.

    මෙතැනදී බුදුන් වහන්සේ මෙවැනි ශාස්ත්‍ර ප්‍රතික්ශේප කරන අයෙක් නම් එම ශාස්ත්‍රය මිථ්‍යාවක් බව දේශනා නොකළේ ඇයි? (
    ඔහුගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් නැත. එය නිවැරදි එකකි. බුදුන් වහන්සේ එසේ අඩුපාඩුවක් ඇතැයි සිතීමට ඉඩ හැරියේ ඔහුගේ යහපත සඳහාය.) උන් වහන්සේ කලේ ඉන් "වැඩක් නැති බව" පෙන්වා දීමයි.

    බුදුන් වහන්සේ කිසිම ආකාරයක ශිල්පයකට හෝ ශාස්ත්‍රයකට අවමන් නොකළ සේක. නමුත් ඒවායින් සසර ගමන කෙටි කර ගැනීමට උපකාරයක් නොවන නිසා ඒවා වැදගත් කොට නොසැළකූ සේක.

    000204AE.gif
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

    අවුරුද්ද ඉවර වෙනකම් මම හිටියේ මේ මාතෘකාව කතා කරන්න . කලින් කතා කරානම් බැනුම් අහන්ඩ වෙන නිසා.

    සිංහල අවුරුරුද්ද යනුවෙන් සමරන්නේ කුමක්ද. සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණ වීමයි.බෞද්ධයන්ට මෙහි ඇති වැදගත්කම කුමක්ද? සුර්ය නමසකාර්ය බුදුදහම පහල වීමට පෙර තිබු එක මිත්යදුෂ්ටික වන්දනා ක්‍රමයක්.අපි සරණ ය යුත්තේ තෙරුවන් සරණයි. ඉර හඳ ගස් ගල් සරණ යෑමේ තේරුම කුමක්ද? ජොතිශය යනු බමුණු මතවාදයක්. එහි එන එක සිදුවීමක් අපි සමරන්නේ කුමකටද?බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    "´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑ කල පිළියම් කිරීමේ විද්‍යාය, කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්‍ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය,...."

    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කරගහගෙන යන අලුත් අවුරුද්ද කොතරම් බෞද්ධයන්ට ගැලපේද?

    Meka Jathin misak agam samarana ekak neme ban
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ තවත් එක්කෙනෙක් කියනවා මෙයා කියන එකම . මේවා මෙයාලගේ මොලවල පහළවෙන සිතුවිලි නෙවෙයි. මෙලායගේ මෝඩ මොළ මාර්ගයෙන් සමාජගත කරන්න හදන බුදු දහම විකුර්ති කරන්න උත්සහ කරන අපේ සිංහල කම නැති කරන්න උත්සහ කරන උදවියගේ පහත් උපාය මාර්ග කියලයි මට දැනෙන්නේ.

    මෙන්න අනික් ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1547241
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය බොරු කියන්න උඹේ හෝ අපේ සුදුසුකම මොකක්ද?
    ඒක ගල් යුගයේ ඉඳගන සාපේක්ෂතාවාදය බොරු කියනව වගේ

    ජෝන් ඩෝල්ටන් ගෙ කාලෙ එකෙක් කිව්වොත් යුරේනියම් වලින් බ්‍රෝමීන් හදන්න පුලුවන් කියල ඌව පිස්සන්කොටුවට දායි. ඒ වගේ තමයි.

    ඒක නිසා මේ දැනට තියන දුප්පත් විද්‍යාවෙන් හැම දේම පැහැදිලි කරන්න යන්නැතුව ඉමු

    I agree with you my friend.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නේද? පිළිගන්නේද?
    ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර "නැත" යන්නයි.

    ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සුත්‍රයේ මේ ශාස්ත්‍ර "පහත් ලාමක විද්‍යාවන්" ලෙස දක්වා තිබේද?
    එයට පිළිතුර "ඔව්".

    නමුත් ජෝතිෂ්‍ය, සාමුද්‍රිකා ශාස්ත්‍රය "පහත් ලාමක විද්‍යාවක්" ලෙස හඳුන්වා ඇතිවාක් මෙන් "(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම" ද මෙම සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වා ඇත.

    දැන් අප වටහා ගත යුතුයි ඇයි මේ සුත්‍රයේදී මේ ශාස්ත්‍රයන් "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හඳුන්වා තිබෙන්නේ? ඒ ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුරක් "බුද්ධ රශ්මි" කියන බ්ලොග් එකේ තිබිල මට හමුවුනා. ඉතින් ඒක මම මෙතන කෙලින්ම කොපි පේස්ට් කරනවා.

    පහත් විද්‍යායනු මොනවාද?
    විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්‍යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්‍යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.

    ඉතින් දැන් පැහැදිලියි නේද ඇයි මේ ශාස්ත්‍රයන් මේ සුත්‍රයට අනුව "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හදුන්වා තිබෙන්නේ කියල.

    බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර පිළිනොගත්තා උනාට ත්‍රිපිටකයේ තිබෙන මම/ඔබ දන්නා කරුණු දෙකක් නිසා එම ශාස්ත්‍ර "ප්‍රතික්ෂේප නොකරන" බවට සාධක හමුවෙනවා.

    1. ඇයි පිරිත් කියල "නක්කත්ථ යක්ඛ භුතානං පාපග්‍රහ නිවාරනන්" කියල ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට සෙත් පතන්නේ?

    2. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.
    දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
    සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.

    ජලනන්දන පිරිතේ පාඨ කිහිපයක් පහත දැක්වේ..

    *පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං
    *..... සයනේ බන්ධන විධ්වංසනං....
    *යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ

    හැබැයි මේ ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර පසු පස්සේ ඕනෑවට වඩා යාමෙන් එදිනෙදා වැඩකටයුතු අවුල් කර නොගත යුතු බවත් බුදුහාමුදුරුවන් දේශනා කළා..

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    අර්ථය:- නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?:yes:
     
    Last edited:

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    umba mahamewnaawe fan kenek neda....ohoma palayan, thawa tika dawasakin ooka ugannai umba epaduneth maw kusin namai, wena kohen hari kiala....:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බුදුන් කාලයේද බෞද්ධයන් තමතමන් උගත් ශිල්ප ශාස්ත්‍රයන් "බෞද්ධයන්" වූ නිසා බැහැර කලේ නැත. ඔවුන් කිසිම සංස්කෘතික උත්සවයක් "බෞද්ධයන්" වූ නිසා බැහැර කළ බවක් අසන්නට නැත. අවු. 8 වැනි කාලයකදී සෝවාන් වූ විශාඛා පවා අනෙක් කාන්තාවන් මෙන් උත්සව වලට සහභාගි විය. අනෙක් කරුණ නම් අප රටේ වැඩසිටි රහතන් වහන්සේලා කිසිම සංස්කෘතික උත්සවයක් ඉවත් කරන්නට උපදෙස් දුන් බවක් අසන්නට නැත.

    ජෝතිශ්‍රය වැනි ශාස්ත්‍ර ඇත්තේ භාවිතය සඳහා මිස ඇදහීම සඳහා නොවේ. ජෝතිශ්‍රය භාවිතා කර සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇතිවන කාලයන් කීම වඩදිය ඇතිවන කාලය ගැන කීම ආදිය බුදුන් කාලයේද පැවතිණි. බුදුන් වහන්සේ මේවා නොකළ යුතු දේවල් ලෙස කිසිවිට කියා නැත. ඒවායින් ප්‍රයෝජනයක් ඇති තැන ප්‍රයෝජන ගත යුතුය. සිදුහත් කුමරාගේ ශරීරාංග බලා උන් වහන්සේ බුදු වන බව කී බමුණන් ගේ ශාස්ත්‍රයේ වරදක් තිබේද?

    වරක් හිස් කබල් වලට තට්ටු කර අයිතිකරු දැනට ඉපදී සිටින ස්ථානය කියන ජනප්‍රිය බ්‍රාහ්මණ තරුණයෙක් බුදුන් හමුවට පමුණුවන ලදී. ඔහු සහ ඔහුගේ දෙමව්පියන් ජීවත් වූයේ එම ශාස්ත්‍රය නිසාය. ඔවුන් බොහෝ නඟර වල සංචාරය කර තිබිණි. බුදුන් වහන්සේ ඔහු එනබව දැන සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකුගේ හිස් කබල් හා එක් රහතන් වහන්සේ කෙනෙකුගේ හිස් කබලක් ගෙනවුත් තැබූ සේක. මිනිසුන් දෙදෙනා උපන් තැන් නිවැරදිව කී බ්‍රාහ්මණ තරුණයා රහතන් වහන්සේගේ හිස් කබල ඉදිරියේ නිරුත්තර විය. තමන්ගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් ඇතැයි සිතූ බ්‍රාහ්මණ තරුණයා එය ඉගෙනීමට සිතා මහණ වී රහත් විය.

    මෙතැනදී බුදුන් වහන්සේ මෙවැනි ශාස්ත්‍ර ප්‍රතික්ශේප කරන අයෙක් නම් එම ශාස්ත්‍රය මිථ්‍යාවක් බව දේශනා නොකළේ ඇයි? (
    ඔහුගේ ශාස්ත්‍රයේ අඩුපාඩුවක් නැත. එය නිවැරදි එකකි. බුදුන් වහන්සේ එසේ අඩුපාඩුවක් ඇතැයි සිතීමට ඉඩ හැරියේ ඔහුගේ යහපත සඳහාය.) උන් වහන්සේ කලේ ඉන් "වැඩක් නැති බව" පෙන්වා දීමයි.

    බුදුන් වහන්සේ කිසිම ආකාරයක ශිල්පයකට හෝ ශාස්ත්‍රයකට අවමන් නොකළ සේක. නමුත් ඒවායින් සසර ගමන කෙටි කර ගැනීමට උපකාරයක් නොවන නිසා ඒවා වැදගත් කොට නොසැළකූ සේක.

    පැහැදිලිවම උන්වහන්සේ මෙවන් මිත්‍යා ජිවන ක්‍රමයන්ගෙන් පිහිට පැතීම ප්‍රතික්ෂේප කළා. එක තැනකදී වනයේ සිටි හාමුදුරුවරු පිරිසක් උන්වහන්සේ හමුවී ඉල්ලීම් කහිපයක් ඉදිරිපත් කළා.ඉන් එකක් නම් වෙලාව දැනගැනීම පිණිස නැකත් තරු දැනගැනීම කැපද ? යනුයි. උන්වහන්සේ එවිට නැකත් තරු දැනගැනීම කැප ලෙස දේශනා කළා. එය අල්ල ගත් සමහරුන් බුදුන් වහන්සේ නැකත් ශාස්ත්‍රය පිළිගත් බවට අද කෑමොර දෙනවා.
    නමුත් තරු ඇසුරින් වෙලාව කීම මහා ලොකු ශාස්ත්‍රයක් නෙමෙයි.අතීතයේ මිනිසුන් තරු රාශි එකම චක්‍රයකට කැරකෙන බව නිරීක්ෂණය කළා.එමගින් වෙලාව හා දිශාව කීම හරිම පහසුයි . නමුත් මෙවැනි තරු අතර අකීකරු තරු 5 ක් තිබෙනු ඔවුන් දුටුවා. ඒවා නියමිත තැන වල ලොව වටා කැරකුණේ නැහැ. ඒ ව තමයි බුද ,අඟහරු ,සිකුරු ,බ්‍රහස්පති සෙනසුරු කියන ග්‍රහ ලෝක 5.මේවාගේ පිහිටීම් අනුව අනාවැකි කියන්න සමහරු විවිද ශාස්ත්‍ර ක්‍රම හැදුවා.ඇත්තම නම් අපි ඔය කියන මීන හා මේෂ කියන රාශි ම මිත්‍යාවක්. අපි දුරදක්නයක් ගෙන රාශියක් දෙස බලු විට එහි හැඩය ගොඩක් වෙනස් වෙනවා. මොකද ඇසට නොපෙනන තරු දහස් ගණනක් එහි තිබෙන නිසා.එතකොට ඔය මීන කියන මලුව නිකම් බුවල්ලෙක් වගේ පෙනෙයි. අනෙක් කරුණ නම් එහි ඇති තරු ඇසට පෙනුනද ඒවා සැබවින්ම එහි නොපවතිය හැකි වීමයි. ආලෝක වර්ෂ මිලියන් ගණන් දුර ඇති තරු විනාස වී තිබුනද අපිට ඒවා පෙනෙනවා. මෙවැනි කිසිදු පදනමක් නැති බමුණු මතවාද කරපින්නාගෙන යාම අපි ලැජ්ජාවට පත් විය යුතු කරුණක්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සංස්කෘතික චාරිත්‍ර කියන්නෙ ලෝකෙන් අපිව වෙන් කරල අඳූනගන්න උදව් වෙන දෙයක්. ඒක තාර්කික වෙන්න ඕනෙ කියල කතාවක් නෑ.

    මං හිතන්නෙ උඹට පළවෙනි කමෙන්ට් එකෙන්ම තේරුනා උඹ වැරදි බව. තව මේක දුර දිග ගෙනියන එකේ තේරුමක් නෑ.

    ඒ කියන්නේ ඔබ පිලිගන්නවා අපි මේ උත්සවය ගොඩ නැගී ඇත්තේ අතාර්කික කාරනාවක් මත කියන එක
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    samaranne hindu kattiiyage avrudda

    sinhalayta pamanak kiyala kisideyak ne................

    ithing kohomada me sinhalayage rata witharaka kiyala kiyanne.............

    onna umba kiwwa punde kathawak....why do you have to poke into every shyt...most of it you have no idea of but still wanna put your nose and get bashed....
     
    • Like
    Reactions: DJvodka

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :yes::yes::yes::yes:

    අවුරුද්ද අපි සමරන්නේ අලුත් වී ගෙට අරගෙන ඒ වෙනුවෙන්. ලංකාව කෘෂිකාර්මික රටක් කියල මතක කරලා දෙන්න වෙලා මම හිතන්නේ? නැත්නම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. කියන්න නම් දේවල් ගොඩක් තියනවා. ඒක සංස්කෘතික අංගයක්. බුදු දහම සමග පටලවගන්න එපා.

    හරි උඹ කියන්නේ අලුත් අවුරුද්ද අපි සැමරිය යුත්තේ කෘෂිකාර්මික කාරනාවක් නිසා කියල නම් මට ගැටළුවක් නෑ. හැබැයි අපි එකතු වෙලා සමරන්නේ බමුණන්ගේ නැකත් කාරනාවක් නම් මට ගැටළුවක්.

    එහෙනම් ඔය ලෝකේ පෙරලන්න බුදු දහම ගැන තර්ක විතර්ක කරන පොරවල් ඔක්කොම අවුරුදු වෙනකොට එකක් දෙකක් දාගෙන හතරගාතේ දාල බලු වෙලා කානු පල්ලේ ඉන්නවා. ඒවා ගැන කතා කරන්න. බුදු දහමේ කෙලිනම ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා. ඇයි එහෙනම් ඒවා කරන්නේ? 12 වෙනිදා සුපර් මාර්කට් ගියාම එලියට යනකන් පෝලිම, ගෑනු එහෙම පෝලිමේ දරුවෝ වඩාගෙන ඉන්න නිසා මාත් හිටිය පෝලිමේ. ටික වෙලාවක් යනකොට තමයි මීටර් උනේ පෝලිම මොකටද කියල. අනේ අම්මපා මෙහෙමත් රටක් කියල හිතුන. මුන්ට බාර් වහපු දවස දෙකේ daily dose එක නැති වෙනකොට ඉන්න බැහැ. හැබැයි අදහන්නේ බුද්ධාගම. අද වෙනකොට ලංකාවේ ඉන්න පොෂ් සමාජය අවුරුදු සමරන්නේ අමුතුම විදියකට. අන්න ඒ විදියයි වැරදි. නමුත් ගමකට ගිහිල්ල බලන්න ඒක කොච්චර සුන්දරද කියල. අපි වෙල් වල දුවල මහන්සි වෙලා ගොයම් කපල ඒ වී ගෙට ගත්තම දැනෙන සතුට කොච්චරද කියල නගරේ ඉඳං කියන්න බැහැ. ඒ සතුට අහිංසක විදියට සමරන එක වැරදි නැහැ මචං.
    මේ කතාව හරියට හරි.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය බොරු කියන්න උඹේ හෝ අපේ සුදුසුකම මොකක්ද?
    ඒක ගල් යුගයේ ඉඳගන සාපේක්ෂතාවාදය බොරු කියනව වගේ

    ජෝන් ඩෝල්ටන් ගෙ කාලෙ එකෙක් කිව්වොත් යුරේනියම් වලින් බ්‍රෝමීන් හදන්න පුලුවන් කියල ඌව පිස්සන්කොටුවට දායි. ඒ වගේ තමයි.

    ඒක නිසා මේ දැනට තියන දුප්පත් විද්‍යාවෙන් හැම දේම පැහැදිලි කරන්න යන්නැතුව ඉමු

    මචං පුන නුලක් ඇඟ හරහා දා ගනින් එතකොට ග්‍රහ බලපෑම් අඩු වෙනවා. උදේට සුර්ය නමස්කාරය කරපන්. ඒවාද බොරු කියා ඔප්පු කොට නැති බව කෙනෙකුට තර්ක කල හැකියි.:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කරන්නේද? පිළිගන්නේද?
    ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර "නැත" යන්නයි.

    ත්‍රිපිටකයේ දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සුත්‍රයේ මේ ශාස්ත්‍ර "පහත් ලාමක විද්‍යාවන්" ලෙස දක්වා තිබේද?
    එයට පිළිතුර "ඔව්".

    නමුත් ජෝතිෂ්‍ය, සාමුද්‍රිකා ශාස්ත්‍රය "පහත් ලාමක විද්‍යාවක්" ලෙස හඳුන්වා ඇතිවාක් මෙන් "(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම" ද මෙම සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස අර්ථ දක්වා ඇත.

    දැන් අප වටහා ගත යුතුයි ඇයි මේ සුත්‍රයේදී මේ ශාස්ත්‍රයන් "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හඳුන්වා තිබෙන්නේ? ඒ ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුරක් "බුද්ධ රශ්මි" කියන බ්ලොග් එකේ තිබිල මට හමුවුනා. ඉතින් ඒක මම මෙතන කෙලින්ම කොපි පේස්ට් කරනවා.

    පහත් විද්‍යායනු මොනවාද?
    විද්‍යාවන්, පහත් වන්නේ ඒ විද්‍යාවන්ගේ දෝශයක් නිසා නොවේ. පැවදි වන්නා පැවදි වනුයේ තමා පැවදි වීමේ අභිමතාර්ථය ඉටු කර ගැනිමට විනා ඉහතින් දක්වන ලද පරිදි විද්‍යාවන් දැක්විම සඳහා නොවේ. මෙම විද්‍යාවන් නිසා ඔහු පිරිමට යන බ්‍රහ්ම චර්‍යාවෙන් පහතට ඇද දමනා බැවින් හා ඔහු පිරිමට යන ජීවිකාවට අනුව එය වැරදි ජිවිකාවක් වන බැවින් එය පාදක වන විද්‍යාවද පහත් විද්‍යාවක් වන බව සැලකිය යුතුයි. පැවිද්දන් නොවන අය සමිබන්ධයෙන් මෙම ඉහතින් දක්වන ලද කරැණු අදාල නොවේ. ගිහිගෙය බ්‍රහ්ම චර්‍යාව පිරිමට නුසුදුසු ස්ථානයක් වි ඇත්තේ මෙම ඉහතින් සදහන් කල ක්‍රියාවන් මගින් මිනිසුන්ට ජීවිකාව පැවැත්විමට සිදුවිම නිසයි.

    ඉතින් දැන් පැහැදිලියි නේද ඇයි මේ ශාස්ත්‍රයන් මේ සුත්‍රයට අනුව "පහත් ලාමක විද්‍යාවන්" ලෙස හදුන්වා තිබෙන්නේ කියල.

    බුදු දහමේ ජෝතිෂ්‍යය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර පිළිනොගත්තා උනාට ත්‍රිපිටකයේ තිබෙන මම/ඔබ දන්නා කරුණු දෙකක් නිසා එම ශාස්ත්‍ර "ප්‍රතික්ෂේප නොකරන" බවට සාධක හමුවෙනවා.

    1. ඇයි පිරිත් කියල "නක්කත්ථ යක්ඛ භුතානං පාපග්‍රහ නිවාරනන්" කියල ග්‍රහ දෝෂ නිවාරණය කිරීමට සෙත් පතන්නේ?

    2. දිනක් ආනන්ද හාමුදුරුවන් පිඩුසිඟා වඩිද්දී මග අසල ළිඳක් දැක පැන් ටිකක් ලබා ගන්නට ඒ අසලට වැඩම කල සේක. එවෙලේ එහි සිටි රොඩී තරුණියක් ආනන්ද හාමුදුරුවන්ගේ අසමාන රූපකායට වශී වූවාය. ආනන්ද හාමුදුරුවන් නික්ම ගිය සැණින් තරුණිය මව සොයා දිව ගියාය. ඇගේ මව මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි තැනැත්තියකි. මව මුණගැසුණු තරුණිය කෙසේ හෝ තමාට ඒ භික්ෂුව ලබාගත යුතු යැයි ඇවිටිලි කළාය.
    දුවගේ ඉල්ලීම සැලකූ මෙම මන්ත්‍ර කාරිය නිවස මිදුලේ බලගතු අටකොන් යන්ත්‍රයක් ඇඳ ඒමත ගිනි දල්වා සූරිය මල 108 ක් මතුරමින් ඒමත දැමුවාය. මන්ත්‍රය 108 වර ජප කරද්දී ආනන්ද හාමුදුරුවන්ගේ සිත වෙනස්වී නැවත පැමිණි බවත් ඒ දුටු මන්ත්‍ර කාරිය කාමරයක් සූදානම් කරන්නැයි දියණියට කී බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
    සිදුවන්නට යන විනාශය දිවැසින් දුටු බුදුන් වහන්සේ මෙම නීචකුල බන්ධනය ඇතුළු සර්ව ලෝක බන්ධන බිඳීයනුවස් ජලනන්දන පිරිත දේශනා කළ බව කියැවේ.

    ජලනන්දන පිරිතේ පාඨ කිහිපයක් පහත දැක්වේ..

    *පාරමී තේ ජලං හෝතී සර්ව බන්ධන ඡේදනං
    *..... සයනේ බන්ධන විධ්වංසනං....
    *යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ

    හැබැයි මේ ජෝතිෂ්‍ය වගේ ශාස්ත්‍ර පසු පස්සේ ඕනෑවට වඩා යාමෙන් එදිනෙදා වැඩකටයුතු අවුල් කර නොගත යුතු බවත් බුදුහාමුදුරුවන් දේශනා කළා..

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    අර්ථය:- නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?:yes:
    වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් බොහෝ ථෙරවාද හාමුදුරුවන්ට අනුව සීලබ්බත පරාමාසයට අයිති වන්නේ 'නිවන් දැකීමේ අරමුණින්' විවිධ ශීල වෘත සහ විද්‍යාවන් අනුගමනය කිරීමය. ගෙපලක් කැපීමට හෝ අවුරුදු සැමරීමට නැකැතක් බැලීම සීලබ්බත පරාමාසයට අයත් නොවෙයි. එහෙත් ඒ බව නොකියා කොලේ වහලා ගැහීමට වියුක්ත බෞද්ධයෝ සමර්ථ වෙති. බුදු දහම වැරදියට අර්ථ දක්වනවා (පෘථග්ජන සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අර්ථ දක්වා ගන්නේ තම තමාට සාපේක්ෂවය. ඊනියා 'සත්‍ය' අර්ථ දැක්වීමක් නැත. ඇත්තේ නම් ඒ වාස්තවික යථාර්තයක් වන අතර එනයින් ආත්මවාදයට හසු වෙයි). වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව එදිනෙදා ජීවිතයේ බටහිර විද්‍යාව යොදාගෙන යම් යම් කාර්යයන් සිදු කිරීමද සීලබ්බත පරාමාසයට අයිති විය යුතුය. ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

    පළමුවෙන් බලමු බෞද්ධ මුලධ්‍ර්මවාදීන් යනු කවුරුන්ද? . නිවැරදි බෞද්ධ මුලධ්රම අනුගමය කරන්නවුන් ඔබ දන්නා අනෙක් ආගමික මුලධ්‍ර්මවාදීන් මෙන් අන්තගාමින් නොව සහනශීලි ආගමික කොට්ටාෂයකි. ඔබ දන්නා වෙනත් ආගමික කොටස් මෙන් අල්ලා ගැනීමට අනතගාමී මුලධර්ම බුදු දහම තුල නැත. අන්තගාමී වීමම බුදු දහම පරතික්ෂේප කිරීමෙන් පෙනීයන්නේ ඊනියා අන්තගාමින් (මුලධරමවාදින් නොවේ ) බුදු දහම තුල සිටිය නොහැකි බවයි.අන්ධයෝ සහ ඇතා ගේ කතාව ඔබ අසා ඇතුවට සැකයක් නැත
    ඔබගේ චෝදනාව වියුක්ත බෞද්ධයන්ට පමණක් අදාළ වුවක් නොවේ.ඔබද සාපේක්ෂ ලෙස දෙන අර්ථකතන ද සියලු පෘතග්ජන්යින්ට අදාළ එම චෝදනාවට ම ලක් වෙයි.

    ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.
    බටහිර විද්‍යාව භාවිතයින් අපි වැඩ ගන්නා බව සත්‍යකි.එසේම ඔබේ තර්කය මෙවන් ශාස්ත්‍ර මගින් ඇතැමුන් වැඩ ගන්නා බවනම් මගේ පුද්ගලික විශ්වාසය එය නොවුවත් මම ඔබට දොස් කියන්නේ නැත. චෝදනාව ඇත්තේ අවශ්‍යතාවයට කිරි බිමට හදාගන්නා වැස්සී කිරි බිමෙන් පසුව කර පින්නාගෙන යන යන තැන රැගෙන යාමයි
     
    Last edited: