අල්-කුර්ආනය
2-139. අපගේ රබ්(පරමාධිපති)ද නුඹලාගේ රබ්(පරමාධිපති)ද (අල්ලාහ් වූ) ඔහුම වී සිටියදී නුඹලා අල්ලාහ් පිළිබඳව අප සමග විවාද කරන්නෙහුද? තවද, අපටය අප කළ දේ. නුඹලාටය නුඹලා කළ දේ. අපි ඔහු(අල්ලාහ්)ට පමණක් අවනත වන්නෝ වෙමුයි (නබි මුහම්මද් ණී) පවසනු.
3-19. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි වන දීන් (නිවැරදි දේව මාර්ගය) ඉස්ලාමයයි. ධර්ම ග්රන්ථය දෙනු ලැබූ අය ඔවුනට පැහැදිලි ඥානය පහළ වූවායින් පසු ඔවුනxතරවූ ඊර්ෂ්යාව නිසා මිස වෙනස් නොවූහ. යමකු අල්ලාහ්ගේ ආයාත් (වදන්) ප්රතික්ෂෙප කරන්නේද නියත වශයෙන්ම අල්ලාහ් ගණන් ගැනීමෙහි ඉතා සිඝ්ර බව (ඔවුන්) දත යුතුය.
3-137. තවද නුඹලාට පෙර නොයෙකුත් යුගයන් උකුත්විය. එනිසා මහපොළොවේ ඇවිදිනු. එවිට බොරු කළවුන්ගේ ඉරණම කෙසේවීදැයි නුඹලාගේ නෙත්වලින්ම බලාගනු.
3-138. මෙය මිනිසුන් වෙත කෙරෙන (පැහැදිලි) ප්රකාශයකි. තවද (අල්ලාහ්ට) බියබැතිමත් වන අයට යහමඟද උපදේශයද වේ.