ලොල් දැන් පරිණාමවාදය ඒ ගැන අහන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර සපයනවද.
බුද්ධාගම මේ ලෝකේ හැදුනේ කොහොමද, කවුද හැදුවේ වගේ දේවල් හොයන්න එපා නිවන් දකින්න උත්සහා කරන්න කියලනෙ තියෙන්නේ. ඉතින් උඹල අහන ප්‍රශ්නෙම වැරදි. බුද්ධාගමට බෑ ලෝකේ තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න. මොකද දෙයක් පහදනවා කියන්නෙම අලුත් සංකල්පයක් හදනවා පන්චේඳ්‍රියන් පාවිච්චි කරල. ඉතින් බුද්ධාගමේ කියන්නෙම ඔය සංකල්ප හදන එක නවත්තන්න කියලනෙ. නිවන කියන්නෙත් සංකල්පයක්. නිවනත් අත්හරින්න. සියලුදේම අත්හරින්න. අත්හැරියම පරිණාමයකින් වැඩක් නෑනේ. දැන් අහන්න එපා මම ඒක කරන්නේ නැත්තෙ ඇයි කියල. මට අත්හරින්න බෑ. මම දේවල් වලට ඇලිලා ඉන්නේ.
නිවන් දකින එක අරමුණු කරගෙන ලෝකයේ ආරම්භය හොයන්නෙ නැතුව දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න ඒකේ දොසක් නෑ. ඒත් මම වගේ සමහර අය කැමතියි ලෝකෙ හැදුන හැටි හොයන්න.
පරිනාමවාදය කියන්නෙ මේ ලෝකෙ මිනිස්සු සත්තු බිහිවුන හැටි පැහැදිලි කරන්න පුලුවන් එක විදිහක්. සමහර මිනිස්සු කළු වෙන්නත් සමහර අය සුදු වෙන්නත් හේතුව කියන්නෙ ඒකට පුලුවන්. සීබ්‍රාගේ ඇඟේ වයිරම් ඇතිවුනේ ඇයි කියල පහදන්නත් ඒකට පුලුවන්.
හැබැයි පරිනාමය ඇරුනම වෙන පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙ ආගම් වලින්.
දෙවියො මැව්ව, දෙවියන්ගෙ කැමැත්ත කියන්නෙ එක ක්‍රමයක්. සීබ්‍රාගෙ ඇඟේ වයිරම් තියෙන්නෙ ඒ දෙවියො මවපු හැටි කියන්නත් පුලුවන්නෙ. විද්‍යාවට පුලුවන්ද ඒක බොරු කියන්න?
බුද්ධ ධර්මයේ අග්ගඥ්ඥ සූත්‍රයේ තියෙන්නෙ බ්‍රහ්මයො පොලොවට ඇවිත් මොනවද කකා හිටිය ...ඊට පස්සෙ ශරීර ඝන උනා ... ලිංග පහල උනා... වගේ කතාවක්. ඒකත් ටිකක් පරිනාමයක් වගේ තමයි. ඒත් ව්‍යාකූල පැහැදිලි කිරීමක්. විද්‍යාවට ඕකත් බොරු කියන්න බැහැ. ආබස්සර ලෝකය කොහෙන් කියල හොයන්නද?


2015 ත්‍රෙඩ් එකක් නෙ