මගේ පෞද්ගලික මතය සමලිංගික බවත්, ස්වයං වින්දනයත් පවු වෙන්නේ නැහැ කියලයි. ගොඩක් දෙනා සමලිංගික බව පවක් කියලා කියන්නේ ඒ ඒ අයගේ පෞද්ගලික මත වලට අනුව. බුදුන් වහන්සේ සමලිංගික සේවනය ගිහියන්ට පාපයක් කියලා කොතනකදිවත් දේශනා කරල නැහැ.
සමලිංගික ක්‍රියාවල හැසිරීමෙන් පවුලේ අනික් අයට දුකක්, වේදනාවක් ගෙන දෙනවානම්, ඒක පවක්. නමුත් කිසිවෙක් විපතට පත් කිරීමේ අරමුණකින් තොරව ඇතිවෙන සමලිංගික සම්බන්ධතා වල වරදක් තියෙනවා කියලා කියන්න බැහැ. සංස්කෘතියට බහැර වුනත්, සමලිංගික ක්‍රියා වලින් "පවු" පිරෙන්නේ නැහැ කියලයි මගේ අදහස.
නමුත්, සංසාරයෙන් මිදෙන්න නම් සමලිංගික වගේම විසමලිංගික ආශාවන් දුරු කරන්න ඕන. ඒක කාටත් පොදුයි.
මම තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්, සමලිංගිකයෙක්. මම සමලිංගිකයෙක් වුනේ මට උවමනා නිසා නෙවේ. මගේ මනස විකෘතියි කියල මම හිතන්නේ නැහැ. මමත් ඔබ වගේම මනුශ්‍යයෙක් කියන එක මතක තබා ගන්න. ඔබ නොදන්නවා වුනත්, අප අතරේ තම තමන්ට හැකි අයුරින් ලෝකයට සේවය කරන යහපත් සමලිංගිකයෝ ගොඩක් දෙනා ජීවත් වෙනවා. සමාජයේ බොහෝමයක් අය සමලිංගිකයින් ගැන නිවැරදිව දන්නේ නැහැ, එහෙමත් නැත්නම් සමලිංගිකයන්ව තේරුම් ගන්න උත්සහ කරන්නේ නැහැ. ඔබේ මනස විවෘත කරලා, සමලිංගිකයන් ගැන තිබෙන වැරදි අදහස් දුරු කරගෙන, සමලිංගිකයින් ගැන තේරුම් ගන්න උත්සහ කරන්න. අපට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ එකිනෙකා තේරුම් ගැනීමෙන් පමණයි. ඒ නිසයි මම මගේ අදහස මෙතන ප්‍රකාශ කළේ.
සැම දෙනාටම බුදු සරණයි.