බෞද්ධ කොඩියට වසර 125 යි
(අදට (28 දා) බෞද්ධ කොඩියට වසර 125 ක් පිරීම නිමිත්තෙනි.)
බෞද්ධාගමට හා පැවැති සාම්ප්‍රදායිකත්වයට එරෙහිව දියත් වූ ක්‍රියාමාර්ගත් සමඟ දේශීයත්වයට හා දේශීය චින්තනයේ පැවැත්මට එල්ල වූ සීමාවන් හා බාධාවන් යටත්විජිතකරණයේ එක් ඵලයක් ලෙසින් ඉතිහාසය තුළ අනාවරණය වේ. වර්ෂ 1796 ඉංග්‍රීසීන්ගේ ආගමනයත් 1815 වන විට උඩරට ඇතුළු අනෙකුත් සියලු ප්‍රදේශ සිය අධිරාජ්‍යවාදී හස්තයට නතුකර ගැනීමට හැකිවිය. සිය විජිතවාදී සංකල්පය හා ධනේශ්වර ආර්ථික ප්‍රතිපත්තිය හරහා මුළු ශ්‍රී ලංකාවම නතුකර ගැනීමට ඉංග්‍රීසීන්ට හැකිවීම ශ්‍රී ලංකාව තුළ ඔවුන් ලත් විශාල ජයග්‍රහණයක් විය.
මෙතෙක් පෘතුගීසි හා ලන්දේසි වැනි අපරදිග පාලකයනට ලක්දිව මුහුදුබඩ පළාත් සිය පාලනයට නතුකර ගත හැකි වුවද දේශීය පාලකයන් වෙතින් එල්ල වූ ආක්‍රමණ හා බලපෑම් හමුවේ සිය අනන්‍යතාව දේශය තුළ ස්ථාපිත කිරීමට ඔවුනට තිබූ අවකාශය සීමා සහිත විය. එනමුත් උඩරට ඇතුළු සියලු ප්‍රදේශයන්හි බලය ඉංග්‍රීසීනට නතුකර ගැනීමට හැකිවීම එක් අතකින් ඔවුන්ගේ ජයග්‍රහණයනට හේතු වූවක් මෙන්ම දේශීයන් වෙතින් වසර දහස් ගණනක් රැකගත් සිය අනන්‍යතාවය ගිලිහී යැමට මෙන්ම විදේශීය ජාතියක් හමුවේ පරාදීනත්වය භාර ගැනීමට ද හේතුකාරකයක් විය.
නැවත සිය අනන්‍යතාව රැකගැනීම අරබයා වර්ෂ 1818 හා 1848 දී දේශීයයන් කැරලි මාර්ග ඔස්සේ ද දේශීයත්වය සුරැකීමට ප්රයත්නය දැරුව ද ඒ සියල්ල ඉංග්‍රීසීන්ගේ බයිනෙත්තුව අබියස කඩා වැටුණි. ඉංග්‍රීසීන්ගේ ආගමික හා ආර්ථික ප්රතිපත්තීන් හමුවේ අසරණව ගිය දේශීය ජන ජීවිතය දෙස සානුකම්පිතව බලන භික්ෂුව 1840-1850 අතර දශකවල සක්‍රීය ලෙසින් ඉදිරියට ඒමක් සනිටුහන් කරයි. මෙලෙසින් ශ්‍රී ලාංකේය භික්ෂුව සමාජයේ ඉදිරියට ඒම වඩාත් සනිටුහන් වනුයේ නැවත පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමත් සමඟය.
පිරිවෙන් ආරම්භ කිරීමත් සමඟ දේශීය ආගමික චින්තනයට ඉඩක් ලැබුණු අතරම දේශීය සංස්කෘතිය ඉදිරියට ගෙනයැමට පමණක් නොව අධිරාජ්‍යවාදීන් විසින් යටපත් කිරීමට උත්සාහ ගෙන තිබූ දේශීය සංස්කෘති හා අධ්‍යාපනය නැවත නඟාලීමටත් ජනතාව ඊට බද්ධ කොට ගෙන දේශීයත්වය පිළිබඳ යථාර්ථය ඔවුනට පැහැදිලි කරදීමට එමඟින් අවස්ථාව සැලසිනි.
පිරිවෙන් ආයතන ආරම්භ කළා පමණක් නොව බුද්ධිමය කාර්යභාරයක් ඔස්සේ සමාජය තුළ පැනනැඟුණු විවිධ ප්‍රකාශන හා විජාතික මතවාදවලට පිළිතුරු දීමට භික්ෂුව ප්රමුඛ කොටගත් දේශීය ව්‍යාපාරයට හැකිවීම පුනර්ජීවන ව්‍යාපාරයට ජීවශක්තියක් ඇති කිරීමට හේතුවක් විය.
පරමවිඥනාර්ථ සංගමයේ
ආරම්භය හා ක්‍රියාකාරිත්වය
ලක්දිව පවත්වන ලද පානදුරාවාදය වැනි වාද ලේඛන ලෙසින් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. දෙස් විදෙස් බුද්ධිමතුනට සිය දෙනෙත් ඇර බෞද්ධයන් දෙස බැලීමට අවස්ථාවක් ද මෙමගින් උදාවීම වැදගත්ය. පානදුරාවාදය කියවා ලක්දිව පිළිබඳත් බෞද්ධ තර්ක විතර්කවල ඇති තාර්කික බවට පැහැදී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි ඇතුළු පිරිස සමඟ ලිපි මගින් පළමුවෙන් සබඳතා පවත්වා ගැනීම ඇමෙරිකාවේ හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා ඇතුළු පිරිස කටයුතු කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ද පරමවිඥනාර්ථ සංගමයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර එහි මුල් සාමාජිකයන් බවට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ජෝන් රොබට් ද සිල්වා, තෝමස් ද සිල්වා, අමරසුරිය යන අය ප්‍රභූ පිරිසක් එක් වූ අතර 1880 දී හික්කඩුවේ ශ්‍රීSS සුමංගල නාහිමියන් එහි උප සභාපති ධුරයට ද පත්විය. ශ්‍රී ලංකාව පිළිබඳ සුභවාදී අදහස් දැරූ හෙන්රි ස්ටිල් ඕල්කොට්තුමා හා හෙලෙනා බ්ලැවැට්ස්කි මැතිනිය ද 1880 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන් දෙදෙනා ගාල්ලේ විජයානන්ද පිරිවෙනේදී පන්සිල් සමාදන්ව බෞද්ධාගම වැළඳ ගැනීම පානදුරාවාදයෙන් පසු ඉස්මතු වෙමින් පැවැති දේශීය බෞද්ධ ප්රබෝධය තවදුරටත් ජාතික හා ජාත්‍යන්තරිකව ඉස්මතුවීමකට මඟ එළි කිරීමක් විය.
බෞද්ධයන් සමාජයෙන් කොන්කර තිබීම හා සමාජයේ වරප්‍රසාද අහිමිවීමට බලපෑ ප්‍රශ්න කවරේද යන්න පිළිබඳව ද සිය අවධානය යොමුකරමින් ඊට නිසි පිළිතුරු ලබාගනු වස් පරමවිඥනාර්ථ සංගමය ඇති කොට ශක්තිමත් කිරීමට පියවර රැසක් ගනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් "සරසවි සඳරැස" පුවත්පත ආරම්භ කිරීමටත් ඔයෑ ඊමාdයසිඑ නම් ඉංග්‍රීසි පුවත්පතක් ආරම්භ කිරීමටත් කටයුතු යොදන අතර බෞද්ධයන් සඳහා වෙන් වූ ඉංග්‍රීසි පාඨශාලා ආරම්භ කිරීමටත් ඔවුන්ගේ ආගමික පරිසරයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකට පදනම සකස් කිරීමටත් පළමුවෙන් ඔවුන් විසින් ක්‍රියා කරනු ලැබීය. එතෙක් පැවැති සමාජ හා සංස්කෘති ප්‍රශ්නයනට පිළිතුරක් එමගින් ලබාගත හැකිවන අතර බෞද්ධයන් අතර ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැඟිය හැකි යෑයි ද ඔවුහු කල්පනා කරමින් ඊට අදාළව කටයුතු කළහ. එහි එක් පියවරක් ලෙසින් ඕල්කොට්තුමා විසින් බෞද්ධ අධ්‍යාපනික අරමුදල පිහිටුවන ලද අතර කෙටි කලක් ඊට බෞද්ධයන්ගෙන් විශාල ලෙසින් ආධාර ලැබිණි. ඒ අනුව බෞද්ධයන් සඳහා වෙන් වූ පාඨශාලාවන් ලංකාවේ ප්‍රධාන නගරවල ආරම්භ කළ අතර ඒ සඳහා විදේශයන්ගේ සිට මෙහි පැමිණි ෙ-. බොල්ස් ඩැලි, සී. ඩබ්ලිව්. ලීඩ් බීටර්, එෆ්. එල්. වුඩ්වර්ඩ්, ප්‍රින්ටර් කුන්ස් ඩබ්. යූ. මුවර්, මියුසියස් හිඟින්ස්, ඒ. ටී. ප්‍රෙස්ටන් වැනි පුද්ගලයන්ගේ සහාය ද නොමඳව ඕල්කොට්තුමාට ලැබිණි. ලීඩ් බීටර් කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමට මූලිකත්වය දුන් අතර ගාල්ලේ මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය ද ආරම්භ කිරීමට ඔහු පුරෝගාමී විය. මේ අනුව 1892 පමණ වන විට පරමවිඥනාර්ථ සංගමය හා එහි සාමාජික පිරිසගේ ක්‍රියාකාරිත්වයෙන් පිරිමි පාසල් 25 ක් ද ගැහැනු පාසල් 11 ක් ද පිහිටුවා තිබිණි. 1899 වන විට බෞද්ධ පාසල් සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් තිබුණු අතර 1914 වන විට එහි සංඛ්‍යාතය 236 දක්වා වැඩි විය.
බෞද්ධ අනන්‍යතාව ලොවට පෙන්වූ අභිමානනීය ධජය