මෙහෙමයි එහෙම වංචාව හොරකම නවතිනවා නම් මුස්ලිම් පාලනයක් ආවට කමක් නෑ. මිනිස්සුන්ට නිදහස තියෙන ඕනේම පාලනයක් එකයි මට නමුත් ප්‍රශ්ණය තියෙන්නේ එහෙම නොවෙන එක. දැන් බලන්න සවුදි වලම රජ පවුල ජනතාවගෙන් කොල්ල කන හැටි. ඊජ්ප්තුවේ තියෙන කාන්තා හිංසනය වගේම ප්‍රචණ්ඩකාරී බව, ඉරානේ, බංගලිදේශයේ, මේ හැම රටකම ප්‍රශ්ණ ඉතින් මේකට විසදුම මුස්ලිම් පාලනයක් නෙවෙයි. මුස්ලිම් පාලනයක් නම් මේ රටවල් හැදෙන්නත් එපැයි නේ.බලන්න
සමහර රටවල් මැලේසියාව, තුර්කිය වගේ මුස්ලිම් වුනත් මේවයේ අඩු පීඩනයක් ජනතාවට තියෙන්නේ. (සමස්ථයක් වශයෙන්) ඉන්දූනීසියාවේ නගරාශ්‍රිත තත්වයද මේකයි. මේවා මුස්ලිම් රටවල් නමුත් සාපේක්ෂ වශයෙන් ගොඩක් හොදයි. මොකද එතකොට මෙතන තියෙන ගැටලුව?
මෙතන තියෙන ගැටලුව ආගමවත්, ජාතියවත් නෙවෙයි මිනිස්සුන්ගේ තියෙන ආකල්ප වල යහපත් බව, අධ්‍යාත්මික සංවර්ධනයේ ප්‍රමාණය, උගත් බුද්ධිමත් කම. තුන් වෙනි ලෝකයේ කිසිම රටක මේක නෑ මුස්ලිම් වුනත් , හින්දු වුනත්, බෞද්ධ වුනත් තත්වය මේකයි. යම්තම් ප්‍රමාණයක් තියෙනවා විතරයි ඉතින් රට මුස්ලිම් කරොත් වෙන්නේ ලංකාව සවුදි වගේ පාලකයෙක්ගේ රැහැනට අහුවෙලා ජනතාව තවත් පීඩනයට ලක්වෙනවා මිසක්. සංවර්ධයනක් නෙවෙයි.
රටක් සංවර්ධය කරන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති කිරිමෙන් පමණයි ඒ වගේම ආගම රජයෙන් ඉවත් කිරිමෙන් පමණයි, ඒ කියන්නේ රජය නිර්ආගමික කර යුතුයි. ජපානය, ඇමරිකාව වගේ රටවල් අද ලෝකයේ ඉහළම ඉන්නේ මේක නිසයි. දැන් සමහර අය කියන්න පුලුවන් ජපානේ බෞද්ධ රටක් කියලා නෑ ජපානේ බෞද්ධ ආගමක් විදියට අදහන්නේ නෑ ඒක දර්ශණයක් විදියට පමණයි සලකන්නේ.