සන්ස්කෘතින් වල එක එක අභාශයන් තමයි ,හැබැයි ඉතින් ඔය එකක්වත් බුදු දහමට අදාල නැහැ .විභගෙන් පාස් වෙන්න පොල් ගහන්න වත් කෙන්දර බලාගෙන අපල වලට මැනික් ගල් පලදින්න කියල වගෙ කොමිටල් බුදුහමුදුරුවොනම් කියල නැහැ ..
...
c p:
//19වන සියවස අග භාගයේදී ඔල්කට්තුමාගේ පරම විඥානාර්ථ ව්‍යාපාරය විසින් ලංකාවේ බුදු දහම ක්‍රිස්තියානි ආදර්ශය අනුව ප්‍රතිසංස්කරණය කළා. නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ්, නත්තල් බැති ගී වගේ වෙසක් බැති ගී ආදී දේ එකතු වී වෙසක් උත්සවයත් නත්තල වගේ ප්‍රීති උත්සවයක් බවට පත් කෙරුණා.
පස්සෙ කාලෙ කුරුසය වගේ ධර්ම චක්‍රය කරේ එල්ලා ගත් අය එහෙමත් දකින්න ලැබුණා. වෙසක් එකටත් සමහරු කැවිලි, පෙවිලි හදනවා. ඒවායින් දන්සැලුත් දෙනවා. වෙසක් පෙරහැරත් පැවැත්වෙනවා. ඔලුබක්‍කන් නටවන එක නම් පසුගිය දිනවල බොදු බල සේනාව තහනම් කළා ය කියනවා.
මේ විදියට ම, මීට සියවස් ගණනකට පෙර, හින්දු බලපෑමත් බෞද්ධ සංස්කෘතියට එකතු වුණා. පන්සල්වල ම දෙවියන් අදහන, පුද පූජා කරන දේවාල බිහි වුණා.
“නැකත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසු වී යයි. වැඩට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?” යි විමසූ බුදුන්ගේ දහම අදහන සිංහල බෞද්ධ මෝඩයෝ ජ්‍යෝතිෂය බදාගෙන වධ විඳිති. කේන්දර බලන්නන්ට නම් රජ මඟුල් ය.
ඒ බව දැක්වෙන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.
"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"//


කාලිංග මාග යටත් කරගෙන හිටියේ ලංකාවේ උතුරැ ප්‍රදේශ නේද? එකත් පොලොන්නරැ යුගයෙන් ඉවරවුනා නේද?එත් ඇයි දැන් හැම පන්සලකටම මේක පැතිරිලා තියෙන්නේ 



මිනිස්සු ඇවිත් එවටත් වදිනවා