බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්

    මචන්ලා..

    මේකේ ඉන්න බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක් ඕනේ.. :)

    අපේ මේ ටිකේ ඔෆිස් එකේ දරුණුවටම යන සාකච්ඡාවක් තමයි කර්මය සහ පුනරුප්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කිරීම.අපි දවල්ට කන වෙලාවටත් තේ බොන වෙලාවටත් ඒක ගැන තමයි තර්ක කරන්නේ.
    ඔයාලගේ කාට හරි ඒකට දෙන්න පුළුවන් හොද අදහසක් තියේනම් දානවද මෙතන.

    හැබැයි "ඒක දෙවියන්ගේ කැමැත්ත" කියලා හලන්න බැරි තර්කයක් වෙන්නත් ඕනේ.
    අපිත් හිර වෙලා ඉන්නේ මේ දෙකට තමයි.අනිත් පොඩි පොඩි ඒවා කොහොම කොහොම හරි ගොඩ දා ගත්තා.

    ස්තුතියි..
    තෙරුවන් සරණයි..!
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    deviyo kiyane minisungen pin gane balan inne jathiyak. deviyange kamattata kisi deyak wenne na bun. according to pure Buddhism
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනේ අපේ එවුන් නම් කතාවෙන්නෙ එක්කො බීපු එකක් ගැන. නැත්තන් කෙල්ලො ගැන. නැත්තන් ෆිල්ම් ගැන.:lol::lol:

    ඕකට edgar cayce ගෙ පොතක් තිබ්බ. මං ගාවත් තියනව. මට සිංහල නම මතක නැහැ. මිනිහ ලෙඩ හොද කරපු ගැන වාර්තා තාම තියනවලු සාක්ශිත් එක්ක. ඕනෙ කෙනෙක්ට ඇවිත් පරීක්ශා කරන්න පුලුවන් කියනව. හැබැයි ඇමරිකාවෙ තියෙන්නෙ. හැබැයි ඔය පොතේ මිනිහ වෙන වෙන විකාර වගේකුත් කියවනව අත්ලාන්තික් කියල ෆැන්ටසි ලෝකයක් ගැන.


    මෙන්න පොත හම්බුනා. ලිංක් එක වැඩද දන්නෙ නෑ. "සංසාර මංදිර"
    http://pattaweda.blogspot.com/2014/07/many-mansions.html
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පානදුරාවාදය කියවපන්

    පානදුරාවාදය කියෙව්වම මට නම් තවත් ප්‍රශ්න මතු උනා මහාමේරු පර්වතය ගැන වගේ දේවල් සම්බන්දව.:eek::eek:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශාරිරෙ හිත දෙකක් කොහොමද හිත ආවෙ , ශාරිරෙ නැ ත්‍තන් හිතට මොකද වෙන්නෙ , එඩ්ගා කෙසි සාහා ඉයන් ස්ටිවන්ගෙ පුනර්බව පරික්ශන මොකද බුදුන් වහාන්සෙ කියපු දෙ ලංකාවේ සිංහල උන් පිලිගන්නෙ නැ සුද්දො කියුවා නම් පිලිගන්නවා , පහුගිය දවස්වල ලංකා දිපෙ ඉයන් ස්ටිවන්ගෙ පරික්ෂණ ගියා ලංකාවේ සිද්දී වල
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන්ලා..

    මේකේ ඉන්න බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක් ඕනේ.. :)

    අපේ මේ ටිකේ ඔෆිස් එකේ දරුණුවටම යන සාකච්ඡාවක් තමයි කර්මය සහ පුනරුප්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කිරීම.අපි දවල්ට කන වෙලාවටත් තේ බොන වෙලාවටත් ඒක ගැන තමයි තර්ක කරන්නේ.
    ඔයාලගේ කාට හරි ඒකට දෙන්න පුළුවන් හොද අදහසක් තියේනම් දානවද මෙතන.

    හැබැයි "ඒක දෙවියන්ගේ කැමැත්ත" කියලා හලන්න බැරි තර්කයක් වෙන්නත් ඕනේ.
    අපිත් හිර වෙලා ඉන්නේ මේ දෙකට තමයි.අනිත් පොඩි පොඩි ඒවා කොහොම කොහොම හරි ගොඩ දා ගත්තා.

    ස්තුතියි..
    තෙරුවන් සරණයි..!

    විද්‍යාවට ඔප්පු කරගන්න බැරි උන දේවල් කොච්චර තියෙනවද බන්. උන්ට හොයාගන්න බැරි උනා කියලා ඒ ඔක්කොම බොරු වෙන්නෙ නෑනේ.

    උබට ඔප්පු කරන්න ඕන නම් ඕන තරම් පුනුරුප්පත්ති කියන අයගෙ කතා තියෙන්නේ. ඒ අය කරපු දේවල් කර්ම විදියට මේ ආත්මදි එයාලට වෙච්ච් දේවල් ගැන ඒ අය කියන්නේ. ඒ වගෙ documentary video ටිකක් youtube එකෙන් හොයගන ගිහින් දියන් මචන්.
     

    dumidu99

    Junior member
  • Sep 27, 2007
    129
    9
    18
    okata hoda udaharanayak balangoda ananda maitree hamuduruwo dunna.

    kata hari malaka name ekak hita ganna kiyala qwa.
    hamudururo qwa rosa mala tamai hita gatthe kiyala
    araya qwa ne kiyala.
    hamuduruwo qwa oppu karanna kiyala rosa mala newi hitha gatthe kiyala.

    ewage tamai mekat, ape mas asata penne neti dewal godak tiyenawa me loke. hitha diunu kara ayata penawa pera atma. :yes::yes:
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ ලෝකය තුල අපි විවිධ ක්‍රියාවන් කරන විට ලෝකයේ යම් යම් දේවල් වෙනස් වීමට ලක් වනවා. උදාහරණයක් ලෙස රාගය, ද්වේශය හා මෝහය සහිතව ක්‍රියා කරන විට පටිච්ච සමුප්පාදානුකූලව නාම රූප නිර්මාණය වනවා. ඒ කියන්නේ පදාර්ථය, ශක්තිය හා නාම. මේවාගෙන් ලෝකයට සිදුවන වෙනස් වීම සුදුසු තත්ව යටතේ නැවත අපට බලපෑමක් වනවා. මෙසේ නාම රූප නිර්මාණය වුනේ කුසල ක්‍රියාවකින් නම් හොඳ ඵලත්, අකුසල ක්‍රියාවකින් නම් නරක ඵලත් නිර්මාණය කරලා දෙනවා. මේවා බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ විද්‍යාඥයන් වගේ සාමාන්‍ය පුද්ගලයන්ට මේවා තේරුම් ගැනීමට තරම් නුවණක් නැති නිසා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ ඔෆිස් එකේ නම් දැන් කතා වෙන්නෙ ඉස්සෙල්ලම ඉපදුනේ කිකිළිද බිත්තරේද කියන එක. දැන් ඒ කතාව සත් දෙකක් විතර දිගට ඇදිල යනවා. මොකද අපේ ඔෆිස් එක කකුල් ෆාම් එකක්.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපෙත් ඉතින් ඔහොම තමා.. අරක කෙටුවෙ කවුද? මේකට කොටන්නේ කවුද? කගෙද පු* කොකු කගෙද අරක මේක... බ්ලා බලා... ඉට පස්සෙ අතිශයෙන්ම වැඩිහිටියන්ට නෙවෙයි උන්ටවත් සුදුසු නැති තත්වය දක්වාම යනවා.. ඔන්න ඕකයි තත්වේ;);););););)
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අපේ එකෙත් ඕවා පිලිබදව කතාවක් ඉදහිටලා සෙට්වෙනවා.
    මොනවත් කරන්න බෑ, මොකෙක් හරි වල්බාවෙක්, උගේ වාහනේ කීස් ගාල සද්දයක් එනවා කියනවා ඇවිත්.එතකොට අර කතාකරපු දෙතුන්දෙනත් ඒකට සම්බන්ධ වෙනවා.ඊට්පස්සේ "සිරසේ ඔටෝ විශන්" වැඩසටහන පටන් ගන්නව එතන.
    හැබැයි, දැනගත්තදේවල්නම් බොහොමයි.දැන් දැන් අවස්තාවක් ලැබුනොත් කතාකරන්නේ සන්සාරය ටිකක් නිවනට බරදේවල් ගැනයි.

    පුනර්භව සිද්ධිය(ක්‍රියාවලිය ) විධ්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ , මට තේරෙන විදියට.ඒ තබා අවබෝද කරගන්නවත් පුලුවන්යැ. සිද්ධියේ නිරීක්ශන විතරයි කරන්න පුලුවන්.අනික පුනිරුප්පතිතියක් ගැන නෙවෙයි, පුනර්භවය ගැනයි බුදුදහමේ කියැවෙන්නේ මචෝ.හැබැයි ලන්කාවේ ඕවා බලන්න පුලුවන් අයනම් ඉන්නව. අභිඥ්ඥා ලාභීන්. ලගදි මෙහෙන් ගිය අයගේ බලලත් තියනවා..
    මෙතනට අදාල නැතිනිසා , උදාහරන කියන්න ඔනිනෑ.



     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    තැන්කූ වේවා සහෝලාට.ඒ වගේමයි ගොඩක් විස්තර ආවා.

    අපිට අඩුම තරමේ "සතෙක් මරන කෙනෙක්, කාලයක් යනකොට ඒ කරපු කර්ම නිසා (ඒ දේවල් නිසාම) දුක් විඳිනවා කියලා" වගේ වත් අමාරුයිද PROVE කරගන්න.?


    I mean any identified mapping with that result & did one.?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමහර අය ඉපදෙන කොටම ආබාධිතයි. සමහර අය එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ?

    අපි හිතමු උපතින්ම කතා කරන්න බැරි කෙනෙක් ගැන. එයාට එහෙම වුණේ......
    1) දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසාද?
    දෙවියෝ එහෙම දේවල් වෙනවට කැමති ඇති කියලා මම නම් හිතන්නෑ.

    2) ජාන වල බලපෑම, පේශි පද්ධතියේ සංකුලතා (ඔය විදිහෙ විද්‍යාත්මක බලපෑමක්) නිසාද?
    එහෙම නම් වෙන්න පුළුවන්.
    එත් ඇයි ඒ බලපෑම එයාටම වුණේ? එයාගේ සහෝදරයට වෙන්නැතුව එයාටම වුණේ ඇයි? ආබාධිත වීමට අදාළ සම්භාවිතාවය එයාටම බලපෑවේ ඇයි?
    අන්න එතනදී.....

    3) කර්මය.
    පෙර භවයකදී බොරු කියලා අනිත් අය හානියට පත් කරපු නිසා කර්මානුරුපව මේ භවයේදී එයාට කතා කරන්න බැරි වෙනවා.
    (ඕනෙ නම් විද්‍යාව ගාව ගන්න පුළුවන්, පෙර භවයේදී බොරු කියපු කෙනාගෙ තමයි මේ භවයේදී කථනයට අදාළ පේශි නිසි පරිදි ක්‍රියා කරන්නැත්තේ.)

    *** ගුවන් විදුලි සම්ප්‍රේෂණ තරංග හදපු අය ඒවා ග්‍රහණය කරගන්නත් උපකරණ හදපු නිසා ඔප්පු කරන්න පුළුවන් ඇත්තටම ගුවන් විදුලි තරංග කියලා දෙයක් තියෙනවා කියලා. (අපිට පේන්නේ නැති, අල්ලන්න බැරි තරංග ග්‍රහණය කරගන්න පුළුවන් උපකරණ හදපු නිසා ඒක ඔප්පු කරන්න පුළුවන්)
    ඒත් කර්මය හා පුනර්භවය ගැන හොයා ගන්න උපකරණ හදලා නෑ. ඒ නිසා උපකරණ වලින් කර්මය, පුනර්භවය ඔප්පු කරන්න හිතන්න එපා.

    *** බටහිර වෛද්‍ය විද්‍යාව පරීක්ෂණ වලින් නිර්මාණය වුණ එකක්. එතකොට ආයුර්වේදය? ආයුර්වේදය එහෙම නෙමේ. ආයුර්වේදය කියන්නේ ඍෂිවරු විසින් ලෝකයට දුන්න දෙයක්. ඒ අය ඒ සොයා ගැනීම් කළේ ආධ්‍යාත්මික බලයෙන්. ඉතින් ආයුර්වේදයේ හොදම හරිය තිබුණෙ ඉස්සර. කල් යන කොට ටික ටික නැති වෙලා යනවා. බටහිර විද්‍යාවේ හොදම හරිය තියෙන්නේ අනාගතයේ. ඉතින් ඒක ඒක කල් යන කොට තමයි දියුණු වෙන්නේ. (ඒ කියන්නේ තාම බටහිර විද්‍යාවේ සොයා ගැනීම් ඉවර නෑ.
    ඍෂිවරු වෙදකම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරු දහමක් අවබෝධ කරගත්තා.
    (මං මේක කිව්වේ බුද්ධ ධර්මය බොරුවක් කියල කියන අයට දෙන උත්තරයක් විදිහට)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    okata hoda udaharanayak balangoda ananda maitree hamuduruwo dunna.

    kata hari malaka name ekak hita ganna kiyala qwa.
    hamudururo qwa rosa mala tamai hita gatthe kiyala
    araya qwa ne kiyala.
    hamuduruwo qwa oppu karanna kiyala rosa mala newi hitha gatthe kiyala.

    ewage tamai mekat, ape mas asata penne neti dewal godak tiyenawa me loke. hitha diunu kara ayata penawa pera atma. :yes::yes:

    :yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තැන්කූ වේවා සහෝලාට.ඒ වගේමයි ගොඩක් විස්තර ආවා.

    අපිට අඩුම තරමේ "සතෙක් මරන කෙනෙක්, කාලයක් යනකොට ඒ කරපු කර්ම නිසා (ඒ දේවල් නිසාම) දුක් විඳිනවා කියලා" වගේ වත් අමාරුයිද PROVE කරගන්න.?


    I mean any identified mapping with that result & did one.?

    යම් කිසි කර්මයක් සිද්ද කරපු හැටියේම එහෙමම පල දෙන්නැ ගොඩක් වෙලාවට මචන් ..... කරපු කර්මය නිසා ජනනය වන ශක්තිය තමන්ට සංසාරයේ කොයි මොහොතක හෝ පල දීමට නියමිතව තියනව බන්.... ඔබ පෙර භාවයන් වල කරපු පින් පව් තම ගොඩක්ම පල දෙන්නේ. කොච්චර සංසාරයේ සරිසරුවද කියනවනම් ... කියල තියනව මේ සක්වල තමන්ගේ දරුවෙක්, බිරිදක්, සුවාමියෙක්, මව, පියා, අඩුමතරමේ නෑදෑයෙක් වෙලා නොහිටිය සත්වයෙක් හොයාගන්නත් බැරි තරම් විරලයි කියල. හිතාගන්න දැනටමත් ඔබ කොච්චර මැරිලා ඉපදිලා ඇතිද කියල මේ සංසාරය තුල. මේවා විද්‍යාව තුලින් විස්තර කරන්න අමාරුයි මචන්. ඒ තරම් දියුණු නැ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. සුද්දෙක් කර්මය බොරුයි කියල කියන්න වෙන forum එකක දාල තිබ්බ කොමෙන්ට් එකකිං මේ යට කියන එහෙම පරීක්ශණ ටික ගත්තෙ.

    අපි හිතමු කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් කියල. විද්‍යාත්මකව ඕනෙ දෙයක් ඔප්පු කරනව නං පරීක්ශණයක් තියෙන්න ඕනෙ. ඒ පරීක්ශණේ කරල ඒ පරීක්ශණ ප්‍රතිඵල අනුව තමා කර්මය ඇත නැත කියල නිගමනයකට එන්න ඕනෙ. එහෙම පරීක්ශණ අවස්ථාවක් සලකල බලමු.

    එක පරීක්ශණයක් තමා වල් බල්ලොයි ගෙවල් වල සැපට හැදෙන බල්ලොයි අරගෙන කරන්න පුලුවන් පරීක්ශණේ. සෝමාලියාව වගේ රටකිං ගන්නව හරියට කෑමක් නැති නාටු වෙච්චි ලොං හැලිච්චි බල්ලො රංචුවක්. ආයෙ යුරෝපෙ ඇමරිකාව වගේ රටකිං ගන්නව ගෙවල් වල එක වේලක්වත් බඩගින්නෙ ඉඳල නැති පොඩි කාලෙ ඉඳන් ලමයි වගේ බලාගත්තු බල්ලො රංචුවක්.

    අරගෙන‍
    1) දාදු කැට උඩදැමීම
    2) කෙනෙක්ට අංකයක් ලියන්න කීම
    වගේ අහඹු ප්‍රතිඵල ලැබෙන්න පුලුවන් අවස්ථා ටිකක් සකස් කරගන්නව.

    1) ගත්තොත් දාදු කැටේ උඩ දාන්න කලිං තීරණය කරනව ඔත්තෙ වැටුනොත් සෝමාලියාවෙ බල්ලට කන්න දෙනව, ඉරට්ටෙ වැටුනොත් ඇමරිකාවෙ බල්ලට කන්න දෙනව කියල. ආයෙ වතාවක් මේකෙ අනික් පැත්ත. ඔහොම ඔහොම අවස්ථා බොහෝ ගනනකට කරනව.

    2) ගත්තොත් කලිං තීරණය කරනව මූ ඔත්තෙ ලිව්වොත් සෝමාලියාවට, ඉරට්ටෙ ලිව්වොත් ඇමරිකාවට ආයෙ තව පාරක් කල්ල අනික් පැත්ත. ඒකත් මෙහෙම බොහෝ වාර ගනනක් කරනව. හැබැයි ලියන කෙනා දැනගන්න බෑ තමන් මොන අංකෙ ලිව්වොත් මොන රටේ බල්ලන්ටද කන්න ලැබෙන්නෙ කියල

    1 අරමුණ කර්මයට බෞතික සිදුවීම් වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. බල්ලො තෝරගත්ත විදිහෙන්ම සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්න කර්ම කල්ල තියෙන උන්. ඇමරිකන් බල්ලො කන්න ලැබෙන්න කර්ම කල්ල තියෙන උන්.

    2 අරමුණ කර්මයට පුද්ගලයෙකුගේ සිතුවිලි වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. සෝමාලියාවෙ උන්ට කන්න නැති වෙන්න කර්ම තියෙන නිසා උපකල්පනය කරනව උට වැඩි අවස්ථා ගනනකදී හිතෙන්න ඕනෙ ඇමරිකාවෙ බල්ලන්ට කන්න දෙන විදිහට ඔත්තෙ හරි ඉරට්ටෙ හරි අංකයක් කියල.

    ඔහොම කරන්න ඕන්නෑ කරන්න කලිංම කිව්වෑකි අනිවාර්යයෙන් එන්නෙ 50:50 අවස්ථාවක්. කර්මය වැඩ නෑ. QED

    ඌ දාල තිබ්බෙ මේ වගේ අදහක්. ඔෆිස් එකේ උනුත් මේකම කියල ඇති දැනටමත්. ඒත් අවුල තියෙන්නෙ කර්මයට පරීක්ශණයෙන් බලපෑමක් වෙන්නෑ කියල ගත්තාම. සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්නමයි කර්ම කල්ල තියෙන්නෙ කන්න කිසිම කර්මයක් නෑ කියල කියන්නෙ කොහොමද ? ඇමරිකාවෙ බල්ලො මේකෙ අනිත් පැත්තමයි කියල කියන්නෙ කොහොමද ? සෝමාලියාවෙ බල්ලන්ට කන්න නැතිවෙන්න කරපු කර්ම කෝටියක් අතරෙ කන්න හම්බවෙන එක කර්මයකුත් ඇමරිකන් බල්ලන්ට මේකෙ අනිත් පැත්තත්, ie කන්න හම්බවෙන 1යි නැති කෝටියයි, ගත්තත් පරීක්ශණය කිරීම නිසාම අර කර්ම ඉස්මතු වෙලා 50:50 ආසන්නයට ප්‍රතිඵලයේ converge වෙන විදිහට පරීක්ශණය වෙන්නෙ නෑ කියන්න බෑ. කර්මය එහෙම හැසිරෙන්න ඉඩ තියෙනව. ඒ නිසා කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ (විද්‍යාත්මක ක්‍රමය වෙනස් වුනොත් ඇරෙන්න)


    ප.ලි උන් ඇහුවොත් පරීක්ශණය කොහොමද ප්‍රතිඵල වලට බලපෑමක් කරන්නෙ කියල double slit experiment එක පෙන්නපං youtube එකේ තියෙනව. :yes:
     
    Last edited: