බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. සුද්දෙක් කර්මය බොරුයි කියල කියන්න වෙන forum එකක දාල තිබ්බ කොමෙන්ට් එකකිං මේ යට කියන එහෙම පරීක්ශණ ටික ගත්තෙ.

    අපි හිතමු කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් කියල. විද්‍යාත්මකව ඕනෙ දෙයක් ඔප්පු කරනව නං පරීක්ශණයක් තියෙන්න ඕනෙ. ඒ පරීක්ශණේ කරල ඒ පරීක්ශණ ප්‍රතිඵල අනුව තමා කර්මය ඇත නැත කියල නිගමනයකට එන්න ඕනෙ. එහෙම පරීක්ශණ අවස්ථාවක් සලකල බලමු.

    එක පරීක්ශණයක් තමා වල් බල්ලොයි ගෙවල් වල සැපට හැදෙන බල්ලොයි අරගෙන කරන්න පුලුවන් පරීක්ශණේ. සෝමාලියාව වගේ රටකිං ගන්නව හරියට කෑමක් නැති නාටු වෙච්චි ලොං හැලිච්චි බල්ලො රංචුවක්. ආයෙ යුරෝපෙ ඇමරිකාව වගේ රටකිං ගන්නව ගෙවල් වල එක වේලක්වත් බඩගින්නෙ ඉඳල නැති පොඩි කාලෙ ඉඳන් ලමයි වගේ බලාගත්තු බල්ලො රංචුවක්.

    අරගෙන‍
    1) දාදු කැට උඩදැමීම
    2) කෙනෙක්ට අංකයක් ලියන්න කීම
    වගේ අහඹු ප්‍රතිඵල ලැබෙන්න පුලුවන් අවස්ථා ටිකක් සකස් කරගන්නව.

    1) ගත්තොත් දාදු කැටේ උඩ දාන්න කලිං තීරණය කරනව ඔත්තෙ වැටුනොත් සෝමාලියාවෙ බල්ලට කන්න දෙනව, ඉරට්ටෙ වැටුනොත් ඇමරිකාවෙ බල්ලට කන්න දෙනව කියල. ආයෙ වතාවක් මේකෙ අනික් පැත්ත. ඔහොම ඔහොම අවස්ථා බොහෝ ගනනකට කරනව.

    2) ගත්තොත් කලිං තීරණය කරනව මූ ඔත්තෙ ලිව්වොත් සෝමාලියාවට, ඉරට්ටෙ ලිව්වොත් ඇමරිකාවට ආයෙ තව පාරක් කල්ල අනික් පැත්ත. ඒකත් මෙහෙම බොහෝ වාර ගනනක් කරනව. හැබැයි ලියන කෙනා දැනගන්න බෑ තමන් මොන අංකෙ ලිව්වොත් මොන රටේ බල්ලන්ටද කන්න ලැබෙන්නෙ කියල

    1 අරමුණ කර්මයට බෞතික සිදුවීම් වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. බල්ලො තෝරගත්ත විදිහෙන්ම සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්න කර්ම කල්ල තියෙන උන්. ඇමරිකන් බල්ලො කන්න ලැබෙන්න කර්ම කල්ල තියෙන උන්.

    2 අරමුණ කර්මයට පුද්ගලයෙකුගේ සිතුවිලි වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. සෝමාලියාවෙ උන්ට කන්න නැති වෙන්න කර්ම තියෙන නිසා උපකල්පනය කරනව උට වැඩි අවස්ථා ගනනකදී හිතෙන්න ඕනෙ ඇමරිකාවෙ බල්ලන්ට කන්න දෙන විදිහට ඔත්තෙ හරි ඉරට්ටෙ හරි අංකයක් කියල.

    ඔහොම කරන්න ඕන්නෑ කරන්න කලිංම කිව්වෑකි අනිවාර්යයෙන් එන්නෙ 50:50 අවස්ථාවක්. කර්මය වැඩ නෑ. QED

    ඌ දාල තිබ්බෙ මේ වගේ අදහක්. ඔෆිස් එකේ උනුත් මේකම කියල ඇති දැනටමත්. ඒත් අවුල තියෙන්නෙ කර්මයට පරීක්ශණයෙන් බලපෑමක් වෙන්නෑ කියල ගත්තාම. සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්නමයි කර්ම කල්ල තියෙන්නෙ කන්න කිසිම කර්මයක් නෑ කියල කියන්නෙ කොහොමද ? ඇමරිකාවෙ බල්ලො මේකෙ අනිත් පැත්තමයි කියල කියන්නෙ කොහොමද ? සෝමාලියාවෙ බල්ලන්ට කන්න නැතිවෙන්න කරපු කර්ම කෝටියක් අතරෙ කන්න හම්බවෙන එක කර්මයකුත් ඇමරිකන් බල්ලන්ට මේකෙ අනිත් පැත්තත්, ie කන්න හම්බවෙන 1යි නැති කෝටියයි, ගත්තත් පරීක්ශණය කිරීම නිසාම අර කර්ම ඉස්මතු වෙලා 50:50 ආසන්නයට ප්‍රතිඵලයේ converge වෙන විදිහට පරීක්ශණය වෙන්නෙ නෑ කියන්න බෑ. කර්මය එහෙම හැසිරෙන්න ඉඩ තියෙනව. ඒ නිසා කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ (විද්‍යාත්මක ක්‍රමය වෙනස් වුනොත් ඇරෙන්න)

    ප.ලි උන් ඇහුවොත් පරීක්ශණය කොහොමද ප්‍රතිඵල වලට බලපෑමක් කරන්නෙ කියල double slit experiment එක පෙන්නපං youtube එකේ තියෙනව. :yes:

    කර්ම නෙමෙයි

    කුසල කර්ම සහ අකුසල කර්ම කියලා කියපන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කර්ම නෙමෙයි

    කුසල කර්ම සහ අකුසල කර්ම කියලා කියපන්

    කොටන්න කම්මැලි හිතුන :D කියෙව්වාම තේරෙනවනෙ කියන්නෙ කොයි එකගැනද කියල :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    :lol: maru office eka bn
    owa oppu karanna puluwannam ubalage office eke unta kalin godak ewun oka oppu karala iwarai
    dan ubata oni punuruppathiya aththa kiyala oppu karannada ? piliganna ba/boru kiyala tharka karanna adahasda ?

    mona deviyange kamaththa kiyalada kattiya maru wenne ? (Jesus, Zeus, Poseidon, Allah, Hindu gods ect)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    තැන්කූ වේවා සහෝලාට.ඒ වගේමයි ගොඩක් විස්තර ආවා.

    අපිට අඩුම තරමේ "සතෙක් මරන කෙනෙක්, කාලයක් යනකොට ඒ කරපු කර්ම නිසා (ඒ දේවල් නිසාම) දුක් විඳිනවා කියලා" වගේ වත් අමාරුයිද PROVE කරගන්න.?

    I mean any identified mapping with that result & did one.?

    මැපින්ග් ගැනනම් දන්නේනෑ.
    යම් කර්මයක් කලාම, ඒ කර්මජරුපයත් ඒ වෙලාවේ ඇතිවන්නවු චිත්තජ රුපත් එකතුවෙලා ඉර්තුජ රුපවශයෙන් තමගේ පරිසරයේ තැන්පත් වෙනවලු. විපාක දෙන අවස්තාව පැමිනිවිට පරිසරයේ තිබෙන ඉර්තුජ රුපත් සමග අර ඉර්තුජ රුපය සහජාත වශයෙන් ප්‍රත්‍යවෙලා ඒ පුද්ගලයාට විපාකය දෙන්න අවශ්‍ය පරිසරය,සන්සිද්දිය හදනවාලු.
    වහරක හිමියන්ගේ පැහැදිලි කිරීමක්.

    කර්මජ රුපය + චිත්ත රුපය ==> ඉර්තුජ රුපය 1
    ඉර්තුජ රුපය1 + ඉර්තුජ රුපය2(බාහිර ) --> විපාකය ගොඩ නැගීම.

    උබේ දැනුමට.
    ලෝකයේ රුපවර්ග 4ක් තියනව- කර්ම, චිත්ත ඉර්තුජ සහ ආහාරජ
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කර්මය සහ පුනරුප්පත්තිය

    කර්මය යනු ක්‍රියාවයි තමන් කරන දේවල් (සිත,කය,වචනයෙන්)එය පෙර භවයේදී හා මෙම භවයේදී (සිත,කය,වචනයෙන්) කරපු දේවල් ඇතුලත්

    පුනරුප්පත්තිය යනු නැවත ඉපදීමයි උදා:- පෙර භවයේදී (සිත,කය,වචනයෙන්)හොද දේවල් කරොත් ඒ කරපු හොද වැඩ වල ප්‍රබලත්වය අනුව දෙව් ලෝක වල හෝ බ්‍රහ්ම ලෝක වල හෝ මිනිස් ලෝකයේ ඉපදේ

    මම දන්න ටික සහෝ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකට උත්තරයක් දුන්නොත් බුදු කෙනෙක් බලන පස්මහ බැලුම් අතර "කාලය" කියල එකක් තියෙනව..2017 මේ කාලෙ පහල උනොත් කියන ඔක්කොම විද්‍යවෙන් ඔප්පු කරන්ඩ කියයි..බුදු කෙනෙක් කල්ප ගානක් පෙරුම් පුරල හොයාගන්නෙ අලුත් දෙයක් නෙවෙයි ධර්මය එහෙම නැත්නම් මේ ලෝකෙ තියෙන හැම කාලෙටම පොදු ස්වභාව ධර්මයේ නීතිය හෙවත් හේතු ඵල දහම..ඒක මැෂින් හදල විද්‍යවෙන් ඔප්පු කරන්ඩ බෑ භාවනා කරල උතුම් සමාධියෙන් සමහර තලවල ඉපදිල ඉන්න ජීවීන්ගෙ හැටි ඒවගෙ ස්භාවය බලන්ඩ පුලුවන් කියල අහල තියෙනව එහෙම අය දැන් නැති තරම්.
     
    • Like
    Reactions: HSW

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම හිතන්නෙ බොසාට කියලා කන්න, තේ බොන්න තියෙන වෙලාව ටිකක් අඩු කලා නම් හරි :P
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ. සුද්දෙක් කර්මය බොරුයි කියල කියන්න වෙන forum එකක දාල තිබ්බ කොමෙන්ට් එකකිං මේ යට කියන එහෙම පරීක්ශණ ටික ගත්තෙ.

    අපි හිතමු කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් කියල. විද්‍යාත්මකව ඕනෙ දෙයක් ඔප්පු කරනව නං පරීක්ශණයක් තියෙන්න ඕනෙ. ඒ පරීක්ශණේ කරල ඒ පරීක්ශණ ප්‍රතිඵල අනුව තමා කර්මය ඇත නැත කියල නිගමනයකට එන්න ඕනෙ. එහෙම පරීක්ශණ අවස්ථාවක් සලකල බලමු.

    එක පරීක්ශණයක් තමා වල් බල්ලොයි ගෙවල් වල සැපට හැදෙන බල්ලොයි අරගෙන කරන්න පුලුවන් පරීක්ශණේ. සෝමාලියාව වගේ රටකිං ගන්නව හරියට කෑමක් නැති නාටු වෙච්චි ලොං හැලිච්චි බල්ලො රංචුවක්. ආයෙ යුරෝපෙ ඇමරිකාව වගේ රටකිං ගන්නව ගෙවල් වල එක වේලක්වත් බඩගින්නෙ ඉඳල නැති පොඩි කාලෙ ඉඳන් ලමයි වගේ බලාගත්තු බල්ලො රංචුවක්.

    අරගෙන‍
    1) දාදු කැට උඩදැමීම
    2) කෙනෙක්ට අංකයක් ලියන්න කීම
    වගේ අහඹු ප්‍රතිඵල ලැබෙන්න පුලුවන් අවස්ථා ටිකක් සකස් කරගන්නව.

    1) ගත්තොත් දාදු කැටේ උඩ දාන්න කලිං තීරණය කරනව ඔත්තෙ වැටුනොත් සෝමාලියාවෙ බල්ලට කන්න දෙනව, ඉරට්ටෙ වැටුනොත් ඇමරිකාවෙ බල්ලට කන්න දෙනව කියල. ආයෙ වතාවක් මේකෙ අනික් පැත්ත. ඔහොම ඔහොම අවස්ථා බොහෝ ගනනකට කරනව.

    2) ගත්තොත් කලිං තීරණය කරනව මූ ඔත්තෙ ලිව්වොත් සෝමාලියාවට, ඉරට්ටෙ ලිව්වොත් ඇමරිකාවට ආයෙ තව පාරක් කල්ල අනික් පැත්ත. ඒකත් මෙහෙම බොහෝ වාර ගනනක් කරනව. හැබැයි ලියන කෙනා දැනගන්න බෑ තමන් මොන අංකෙ ලිව්වොත් මොන රටේ බල්ලන්ටද කන්න ලැබෙන්නෙ කියල

    1 අරමුණ කර්මයට බෞතික සිදුවීම් වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. බල්ලො තෝරගත්ත විදිහෙන්ම සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්න කර්ම කල්ල තියෙන උන්. ඇමරිකන් බල්ලො කන්න ලැබෙන්න කර්ම කල්ල තියෙන උන්.

    2 අරමුණ කර්මයට පුද්ගලයෙකුගේ සිතුවිලි වලට බලපෑම් කරන්න පුලුවන්ද කියල පරීක්ශා කිරීම. සෝමාලියාවෙ උන්ට කන්න නැති වෙන්න කර්ම තියෙන නිසා උපකල්පනය කරනව උට වැඩි අවස්ථා ගනනකදී හිතෙන්න ඕනෙ ඇමරිකාවෙ බල්ලන්ට කන්න දෙන විදිහට ඔත්තෙ හරි ඉරට්ටෙ හරි අංකයක් කියල.

    ඔහොම කරන්න ඕන්නෑ කරන්න කලිංම කිව්වෑකි අනිවාර්යයෙන් එන්නෙ 50:50 අවස්ථාවක්. කර්මය වැඩ නෑ. QED

    ඌ දාල තිබ්බෙ මේ වගේ අදහක්. ඔෆිස් එකේ උනුත් මේකම කියල ඇති දැනටමත්. ඒත් අවුල තියෙන්නෙ කර්මයට පරීක්ශණයෙන් බලපෑමක් වෙන්නෑ කියල ගත්තාම. සෝමාලියාවෙ බල්ලො කන්න නැති වෙන්නමයි කර්ම කල්ල තියෙන්නෙ කන්න කිසිම කර්මයක් නෑ කියල කියන්නෙ කොහොමද ? ඇමරිකාවෙ බල්ලො මේකෙ අනිත් පැත්තමයි කියල කියන්නෙ කොහොමද ? සෝමාලියාවෙ බල්ලන්ට කන්න නැතිවෙන්න කරපු කර්ම කෝටියක් අතරෙ කන්න හම්බවෙන එක කර්මයකුත් ඇමරිකන් බල්ලන්ට මේකෙ අනිත් පැත්තත්, ie කන්න හම්බවෙන 1යි නැති කෝටියයි, ගත්තත් පරීක්ශණය කිරීම නිසාම අර කර්ම ඉස්මතු වෙලා 50:50 ආසන්නයට ප්‍රතිඵලයේ converge වෙන විදිහට පරීක්ශණය වෙන්නෙ නෑ කියන්න බෑ. කර්මය එහෙම හැසිරෙන්න ඉඩ තියෙනව. ඒ නිසා කර්මය විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ (විද්‍යාත්මක ක්‍රමය වෙනස් වුනොත් ඇරෙන්න)

    ප.ලි උන් ඇහුවොත් පරීක්ශණය කොහොමද ප්‍රතිඵල වලට බලපෑමක් කරන්නෙ කියල double slit experiment එක පෙන්නපං youtube එකේ තියෙනව. :yes:

    මෙහෙම කර්මය විග්‍රහ කරන්න පුලුවන්ද බන්.. පලවිපාක දෙන්න අවස්තාවක් උදානොවෙන අහෝසි කර්ම කියල දෙයක් ගැන උබලා අහල නැද්ද?

    (උදාහරණ උපුටා ගැනීමකී)
    උදා:
    දේවදත්ත තෙරුන් සිල් ‍රැක අෂ්ඨසමාපත්ති උපදවා කාමාවචර රූපාවචර කුසල් ‍රැස් කලේය.එහෙත් උන්වහන්සේ කළ සංඝභේද කර්මය හේතුවෙන් නිරයේ ඉපදුනි.කරනලද කුසලයන් හී දිට්ඨදම්මවේදනීය කර්මය හා උපපජ්ජ වේදනීය කර්ම ශක්තිය අහෝසි විය.
    උදා:
    අංගුලිමාල තෙරුන් තමන් කල ප්‍රාණඝාත අකුසල කර්මයන්ගේ දිට්ඨදම්ම වේදනීය කර්මය,උපපජ්ජ වේදනීය කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම අහෝසි කලහ.ඒ ශීලසමාදාන,සමථ විදර්ශනා වැඩීම් ආදී කුසල් බලයෙනි.එහෙත් අකුසල දිට්ඨදම්මවේදනීය කර්ම ශක්තියෙන් බලු,කපුටන්ට දමා ගසන ගල් මුගුරු ආදිය තම හිස වැදීමෙන් ලේ පෙරාගත් සරීර ඇතුව දුක් විදින්නට සිදු විය.
    අපරාපරිය වේදනීය කර්මය අහෝසි වන්නේ සසර ඉපදීම සිද දමා නිවන් අවබෝධ කිරීමෙනි.

    රූපය,වීර්යය,ප්‍රඥාව වගේ දේවල් නිසා අකුසල් කර්ම විපාක දීමට තිබෙන අවස්ථා නැති වෙන්න පුලුවන් නමුත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් නිවනට පැමිණෙන තුරු සත්වයාට එයින් මිදිය නොහැක.

    බල්ලට කන්න පින නැත්තන් තේරිලා ඉන්න අයගේ අවස්තාව නැතිවෙන්න පුලුවන්. සමහර විට බල්ලව මෙල්ල කරගන්න වීර්යය,ප්‍රඥාව තිබුන කෙනෙක් හිටියොත් අනෙක් අයට අවස්ථාව නැතිවෙන්න පුලුවන්. කොහොම උනත් හැමදේම වෙන්නෙ කර්මය නිසාම නෙවෙයි. කොහොම උනත් මේ දේවල් පහසුවෙන් විග්‍රහ කරන්න පුලුවන් දේවල් නෙවෙයි

    බුදුරජාණන් වහන්සේ හැර වෙනත් අයෙකු විසින් නිවැරදිව වටහාගත නොහැකි, එසේම දිගින් දිගට ම සිතන්නට ගියහොත් උමතුබවට දුකට පත් කරවන අචින්තෙය්‍ය ධර්ම සතරකි. එනම් බුද්ධ විෂය, ධ්‍යාන විෂය, ලෝක විෂය, කර්ම විපාක විෂය වේ.

    සංයුකත නිකාය කෝසල සංයුක්ත්යේ

    "මහණෙනි, බුදුවරුන් පිළිබඳ බුද්ධ විෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. ධ්‍යායීහු පිළිබඳ ධ්‍යාන විෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. කර්මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. මේ කරුණු සිතනුයේ උමතුබවට දුකට හේතු වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක."
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    deviyo kiyane minisungen pin gane balan inne jathiyak. deviyange kamattata kisi deyak wenne na bun. according to pure Buddhism
    ඕක pure Buddhism නෙවේ, ගමේ ගොඩේ Buddhism. දෙවියෝ විදියට ඉපදෙන්නේ කුසල් බලය තියෙන හින්දා. ඒ කුසල් වලින් දිව්‍ය සැප ලැබෙනවා. ආයේ වෙන කාගෙන්වත් පින් ගන්ඩ ඕන නෑ. ඔතනදි වෙන්නේ මිනිස්සු පින් කරලා ඒගැන දෙවියන්ට කිව්වහම දෙවිවරුත් ඒ පින්කම් ගැන හිත පහදවාගෙන තමන් පින් අනුමෝදන් වෙනවා. නැතුව මිනිස්සු කරපු පින් දෙවියන්ට දෙනවා නෙවේ. දෙවියන්ට තනියෙන් කුසල් වඩන්ඩ පුලුවන්. දෙවියන්ට විතරක් නෙවේ මිනිස්සුන්ටත් වෙන කෙනෙක් කරපු පින් අනුමෝදන් වෙන්ඩ පුළුවන්. වෙන කෙනෙක් කරපු පිනක් ගැනත් ඒ කරපු කෙනාට ඒකෙන් ලැබෙන ලාභය ගැනත් හිතලා හිත පහදවා ගෙන ඒ විදියට පින් අනුමෝදන් වෙන්ඩ පුළුවන්. විමානවත්ථු, පේතවත්ථු කියවලා බලන්ඩ.
     
    • Like
    Reactions: kinkon

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ධර්මය තර්ක කරලා අවබෝධ කරන්ඩ බෑ. ප්‍රත්‍යක්ෂයෙන් තමයි අවබෝධ කරන්ඩ පුළුවන්. ඒ හින්දා ඔය කරන්නේ බොරු වැඩක්.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    බුද්ධ ධර්මය බොරුවක් කියල කියන අයට දෙන උත්තරයක්
    සමහර අය ඉපදෙන කොටම ආබාධිතයි. සමහර අය එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ?

    අපි හිතමු උපතින්ම කතා කරන්න බැරි කෙනෙක් ගැන. එයාට එහෙම වුණේ......
    1) දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසාද?
    දෙවියෝ එහෙම දේවල් වෙනවට කැමති ඇති කියලා මම නම් හිතන්නෑ.

    2) ජාන වල බලපෑම, පේශි පද්ධතියේ සංකුලතා (ඔය විදිහෙ විද්‍යාත්මක බලපෑමක්) නිසාද?
    එහෙම නම් වෙන්න පුළුවන්.
    එත් ඇයි ඒ බලපෑම එයාටම වුණේ? එයාගේ සහෝදරයට වෙන්නැතුව එයාටම වුණේ ඇයි? ආබාධිත වීමට අදාළ සම්භාවිතාවය එයාටම බලපෑවේ ඇයි?
    අන්න එතනදී.....

    3) කර්මය.
    පෙර භවයකදී බොරු කියලා අනිත් අය හානියට පත් කරපු නිසා කර්මානුරුපව මේ භවයේදී එයාට කතා කරන්න බැරි වෙනවා.
    (ඕනෙ නම් විද්‍යාව ගාව ගන්න පුළුවන්, පෙර භවයේදී බොරු කියපු කෙනාගෙ තමයි මේ භවයේදී කථනයට අදාළ පේශි නිසි පරිදි ක්‍රියා කරන්නැත්තේ.)

    *** ගුවන් විදුලි සම්ප්‍රේෂණ තරංග හදපු අය ඒවා ග්‍රහණය කරගන්නත් උපකරණ හදපු නිසා ඔප්පු කරන්න පුළුවන් ඇත්තටම ගුවන් විදුලි තරංග කියලා දෙයක් තියෙනවා කියලා. (අපිට පේන්නේ නැති, අල්ලන්න බැරි තරංග ග්‍රහණය කරගන්න පුළුවන් උපකරණ හදපු නිසා ඒක ඔප්පු කරන්න පුළුවන්)
    ඒත් කර්මය හා පුනර්භවය ගැන හොයා ගන්න උපකරණ හදලා නෑ. ඒ නිසා උපකරණ වලින් කර්මය, පුනර්භවය ඔප්පු කරන්න හිතන්න එපා.

    *** බටහිර වෛද්‍ය විද්‍යාව පරීක්ෂණ වලින් නිර්මාණය වුණ එකක්. එතකොට ආයුර්වේදය? ආයුර්වේදය එහෙම නෙමේ. ආයුර්වේදය කියන්නේ ඍෂිවරු විසින් ලෝකයට දුන්න දෙයක්. ඒ අය ඒ සොයා ගැනීම් කළේ ආධ්‍යාත්මික බලයෙන්. ඉතින් ආයුර්වේදයේ හොදම හරිය තිබුණෙ ඉස්සර. කල් යන කොට ටික ටික නැති වෙලා යනවා. බටහිර විද්‍යාවේ හොදම හරිය තියෙන්නේ අනාගතයේ. ඉතින් ඒක ඒක කල් යන කොට තමයි දියුණු වෙන්නේ. (ඒ කියන්නේ තාම බටහිර විද්‍යාවේ සොයා ගැනීම් ඉවර නෑ.
    ඍෂිවරු වෙදකම අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා ගැඹුරු දහමක් අවබෝධ කරගත්තා.
    (මං මේක කිව්වේ බුද්ධ ධර්මය බොරුවක් කියල කියන අයට දෙන උත්තරයක් විදිහට)
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    HELP

    සමහර අය ඉපදෙන කොටම ආබාධිතයි. සමහර අය එහෙම නෑ. ඇයි එහෙම වෙන්නෙ?...

    මේක කිව්වම කියනවා බන් ඒක් සම්භාවිතාවය කියලා.තව එකෙක්ට කියන්න පුළුවන් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලත්.ඒ නිසා අදත් පරාදයි :-\

    This is the reason for that :confused:
    සමජාත වර්ණදේහ යුගලනය වේ. ඒවා අතර අවතරණය සිදුවේ. (මෙය අනිවාර්ය නොවේ) සමජාත වර්ණදේහ අතර අවතරණය වූ ස්ථාන මංසල් වලින් බැඳී පවතී.

    ධ්‍රැව හා වර්ණදේහ වල සෙන්ට්‍රොමියර යා කරන ක්ෂුද්‍ර නාලිකා කෙටි වීමේ ප්‍රතිඵලයක් ලෙස සමජාත වර්ණදේහ යුගල වෙන්වී ධ්‍රැව කරා ඇදී යයි. එක් ධ්‍රැවයක වර්ණදේහ සංඛ්‍යාව මාතෘ න්‍යෂ්ටියේ වර්ණදේහ සංබ්‍යාවෙන් අඩකි.

    මෙහිදී ප්‍රතිවිරුද්ධ ධ්‍රැව සඳහා ඇදීයන ලද වර්ණදේහ වටා නැවත නව න්‍යෂ්ටි පටල ඇති වී දුහිතෘ න්‍යෂ්ටි දෙකක් සෑදේ. සෛල ප්ලාස්ම විභාජනය ඇරඹේ. අවතරණය සිදු වී ඇත්නම් සමජාත වර්ණදේහයක වර්ණදේහාංශ යුගල සර්වසම නොවේ.

    අවසානයේ දී ආරම්භක සෛලයේ එනම් මව් න්‍යෂ්ටියේ වර්ණදේහ සංඛ්‍යාවෙන් අඩක් වූ වර්ණදේහ සංඛ්‍යාවක් සහිත දුහිතෘ සෛල 4ක් සෑදේ.

    තව..මේකත් ඇදිලා ආවා
    මේකටත් උත්තර නෑ අපිට
    conventional-logic-versus-religious-logic.jpg

    //----
    ගොඩාක් අය කොම්පැණිය ගැන අහලා තිබුණා.ලංකාවේ ප්‍රමුඛස්ථානයේ ඉන්න IT කොම්පැණිවලින් එකක්. :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තැන්කූ වේවා සහෝලාට.ඒ වගේමයි ගොඩක් විස්තර ආවා.

    අපිට අඩුම තරමේ "සතෙක් මරන කෙනෙක්, කාලයක් යනකොට ඒ කරපු කර්ම නිසා (ඒ දේවල් නිසාම) දුක් විඳිනවා කියලා" වගේ වත් අමාරුයිද PROVE කරගන්න.?

    I mean any identified mapping with that result & did one.?

    එහෙම පෘව් කරන්න පුලුවන්නම් මේ පොත ඒකට හොද සාක්ශි සපයයි.

    7218-1-me-jeewithayedeema-paladena-karmaya.jpg
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්ලා..

    මේකේ ඉන්න බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක් ඕනේ.. :)

    අපේ මේ ටිකේ ඔෆිස් එකේ දරුණුවටම යන සාකච්ඡාවක් තමයි කර්මය සහ පුනරුප්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කිරීම.අපි දවල්ට කන වෙලාවටත් තේ බොන වෙලාවටත් ඒක ගැන තමයි තර්ක කරන්නේ.
    ඔයාලගේ කාට හරි ඒකට දෙන්න පුළුවන් හොද අදහසක් තියේනම් දානවද මෙතන.

    හැබැයි "ඒක දෙවියන්ගේ කැමැත්ත" කියලා හලන්න බැරි තර්කයක් වෙන්නත් ඕනේ.
    අපිත් හිර වෙලා ඉන්නේ මේ දෙකට තමයි.අනිත් පොඩි පොඩි ඒවා කොහොම කොහොම හරි ගොඩ දා ගත්තා.

    ස්තුතියි..
    තෙරුවන් සරණයි..!

    1. පොඩි ළමයි කලින් භවය ගැන කියන සිද්දි ඕන තරම් ලෝකේ තියනවා. ඒ ළමයි කොහෙත්ම දැනගෙන ඉන්න විදිහක් නැති, වෙන පවුල් වල රහස්, කවුරුත් නොදන්නා, මැරිච්ච කෙනෙක්ට අයිති දේවල් හංගලා තිබ්බ තැන් වගේ ගොඩක් දේවල් කියන සිද්දි ඕන තරම් තියනවා.

    2. ඇහැට නොපෙනෙන, පවතින විද්‍යාවෙන් හඳුනා නොගත් දේවල් "නැහැ" යන මතයේ හිටියා නං, මේ දක්වා ලෝකේ දියුණු වෙන්නෙත් නෑ, ඉස්සරහට දියුණු වෙන්නෙත් නෑ! ඇහැට නොපෙනෙන, පවතින විද්‍යාවෙන් හඳුනා නොගත් දේවල් "නැහැ" යන මතයේ ඉන්න මිනිහෙක් මුග්ධයෙක් ඇරෙන්න වෙනකෙක් නෙවේ. බුද්ධිමත් මිනිස්සු හැසිරෙන්නේ එහෙම නෙවේ.

    3. බුදු රජාණන් වහන්සේව විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ,
    බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ,
    බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ,
    තිසරණය තියන මනුස්සයෙක් විතරයි.

    ඔය කරුණු 3න ඕනෑම 1ක් අවිශ්වාස කරන, පිලි නොගන්නා, ශ්‍රද්ධාවක් නැති මනුස්සයෙකුට තිසරණය නෑ! තිසරණය නෑ කියන්නේ බෞද්ධයෙක් නෙවේ කියන එක. උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තිබ්බ කියලා මනුස්සයෙක් බෞද්ධ වෙන්නේ නෑ තිසරණය නැත්තම්!

    ඉතින් බෞද්ධ නොවන අය එක්ක, බුදු දහමේ කරුණු අල්ලාගෙන වාද කරන්නේ ඇයි? මොකද්ද හේතුව?

    4. බුද්ධ දේශනා අනුවම ගත්තම, ධර්මය තියෙන්නේ ගෞරවයෙන් යුතුව පරිහරණය කල යුත්තක් මිස වාදය පිණිස නෙවේ! ධර්ම කරුණු වලින් වාද විවාද කරගෙන ජිවත් වෙන්නා, ඒකෙන්ම පිරිහිලා විනාස වෙනවා. බුදු දහම වැරදි තැනින් අල්ලපු කෙනා එයින්ම විනාශ වෙනවා. හරියට සර්පයෙක්ගේ වලිගයෙන් ඇල්ලුවා වගේ! සර්පයෙක් අල්ලන්න ඕන නං ඌව අල්ලන්න ඕන ඔලුවෙන්! නිවැරදි තැනින්! බුදු දහමත් එහෙමයි..

    ඒ නිසා ඔයා බෞද්ධයෙක් නං, ධර්මය කියවන්න / අවබෝද කරන්න කාලය ගත කරන්න. ඔය වාද කරන වෙලාවේ මොනවා හරි දර්ම කරුණක් කියවන්න... තමන්ගේ ජිවිතේට යමක් ගන්න බලන්න..

    ඔය ලෝකේ ඉන්න මිනිස්සු හදන්න බෑ බොරු වැඩක්...

    මේ කාලේ හැටියට යමෙකුට තිසරණය තියනවා කියන්නේ ම ලොකුම ලොකු වාසනාවක්!
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    මේක කිව්වම කියනවා බන් ඒක් සම්භාවිතාවය කියලා.තව එකෙක්ට කියන්න පුළුවන් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලත්.ඒ නිසා අදත් පරාදයි :-\

    This is the reason for that :confused:
    සමජාත වර්ණදේහ යුගලනය වේ. ඒවා අතර අවතරණය සිදුවේ. (මෙය අනිවාර්ය නොවේ) සමජාත වර්ණදේහ අතර අවතරණය වූ.....

    ඔව්. ගණිතයට අනුව 'සම්භාවිතාවය'. ඒත් යම් නිශ්චිත පුද්ගලයෙකුටම ඒ සම්භාවිතාවය බලපාන්නෙ අැයි? (කොහොමද නෙමේ, අැයි?)
    අපි අතරින් කෙනෙකුට උණ හැදෙනවා සම්භාවිතාවයට අනුව. අැත්තටම කාට හැදෙයිද?
    උණ හැදෙන්නෙ සම්භාවිතාවය අනුව නෙමේ. ගණිතයේ තියෙන සම්භාවිතාවය හැම දේටම අදාළ කරගන්න බෑ.

    සමහර අයගෙ අවතරණය වීම සිද්ධ වෙනවා. සමහර අයගෙ ඒහෙම වෙන්නෙ නෑ. මේකට හේතුවක් තියෙනවා. ඒ හේතුවට තව හේතුවක් තියෙනවා. ඒ හේතුවටත් හේතුවක් තියෙනවා. ඔහොම බලපුවාම අන්තිමටම හේතුවක් කියාගන්න බැරි තැනක් තියෙනවා. ඒ තැනදි හේතුව තමයි නියාම ධර්ම පහ (උතු, බීජ, ධම්ම, කම්ම, චිත්ත). ඒ අය කියන්නෙ 'සම්භාවිතාවය' කියලා.
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඔව්. ගණිතයට අනුව 'සම්භාවිතාවය'. ඒත් යම් නිශ්චිත පුද්ගලයෙකුටම ඒ සම්භාවිතාවය බලපාන්නෙ අැයි? (කොහොමද නෙමේ, අැයි?)
    අපි අතරින් කෙනෙකුට උණ හැදෙනවා සම්භාවිතාවයට අනුව. අැත්තටම කාට හැදෙයිද?
    උණ හැදෙන්නෙ සම්භාවිතාවය අනුව නෙමේ. ගණිතයේ තියෙන සම්භාවිතාවය හැම දේටම අදාළ කරගන්න බෑ.

    සමහර අයගෙ අවතරණය වීම සිද්ධ වෙනවා. සමහර අයගෙ ඒහෙම වෙන්නෙ නෑ. මේකට හේතුවක් තියෙනවා. ඒ හේතුවට තව හේතුවක් තියෙනවා. ඒ හේතුවටත් හේතුවක් තියෙනවා. ඔහොම බලපුවාම අන්තිමටම හේතුවක් කියාගන්න බැරි තැනක් තියෙනවා. ඒ තැනදි හේතුව තමයි නියාම ධර්ම පහ (උතු, බීජ, ධම්ම, කම්ම, චිත්ත). ඒ අය කියන්නෙ 'සම්භාවිතාවය' කියලා.

    :yes: :yes: :yes:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    1. පොඩි ළමයි කලින් භවය ගැන කියන සිද්දි ඕන තරම් ලෝකේ තියනවා. ඒ ළමයි කොහෙත්ම දැනගෙන ඉන්න විදිහක් නැති, වෙන පවුල් වල රහස්, කවුරුත් නොදන්නා, මැරිච්ච කෙනෙක්ට අයිති දේවල් හංගලා තිබ්බ තැන් වගේ ගොඩක් දේවල් කියන සිද්දි ඕන තරම් තියනවා.

    2. ඇහැට නොපෙනෙන, පවතින විද්‍යාවෙන් හඳුනා නොගත් දේවල් "නැහැ" යන මතයේ හිටියා නං, මේ දක්වා ලෝකේ දියුණු වෙන්නෙත් නෑ, ඉස්සරහට දියුණු වෙන්නෙත් නෑ! ඇහැට නොපෙනෙන, පවතින විද්‍යාවෙන් හඳුනා නොගත් දේවල් "නැහැ" යන මතයේ ඉන්න මිනිහෙක් මුග්ධයෙක් ඇරෙන්න වෙනකෙක් නෙවේ. බුද්ධිමත් මිනිස්සු හැසිරෙන්නේ එහෙම නෙවේ.

    3. බුදු රජාණන් වහන්සේව විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ,
    බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ,
    බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය විශ්වාස කරන්නේ, නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන්නේ,
    තිසරණය තියන මනුස්සයෙක් විතරයි.

    ඔය කරුණු 3න ඕනෑම 1ක් අවිශ්වාස කරන, පිලි නොගන්නා, ශ්‍රද්ධාවක් නැති මනුස්සයෙකුට තිසරණය නෑ! තිසරණය නෑ කියන්නේ බෞද්ධයෙක් නෙවේ කියන එක. උප්පැන්නේ බෞද්ධ කියලා ලියලා තිබ්බ කියලා මනුස්සයෙක් බෞද්ධ වෙන්නේ නෑ තිසරණය නැත්තම්!

    ඉතින් බෞද්ධ නොවන අය එක්ක, බුදු දහමේ කරුණු අල්ලාගෙන වාද කරන්නේ ඇයි? මොකද්ද හේතුව?

    4. බුද්ධ දේශනා අනුවම ගත්තම, ධර්මය තියෙන්නේ ගෞරවයෙන් යුතුව පරිහරණය කල යුත්තක් මිස වාදය පිණිස නෙවේ! ධර්ම කරුණු වලින් වාද විවාද කරගෙන ජිවත් වෙන්නා, ඒකෙන්ම පිරිහිලා විනාස වෙනවා. බුදු දහම වැරදි තැනින් අල්ලපු කෙනා එයින්ම විනාශ වෙනවා. හරියට සර්පයෙක්ගේ වලිගයෙන් ඇල්ලුවා වගේ! සර්පයෙක් අල්ලන්න ඕන නං ඌව අල්ලන්න ඕන ඔලුවෙන්! නිවැරදි තැනින්! බුදු දහමත් එහෙමයි..

    ඒ නිසා ඔයා බෞද්ධයෙක් නං, ධර්මය කියවන්න / අවබෝද කරන්න කාලය ගත කරන්න. ඔය වාද කරන වෙලාවේ මොනවා හරි දර්ම කරුණක් කියවන්න... තමන්ගේ ජිවිතේට යමක් ගන්න බලන්න..

    ඔය ලෝකේ ඉන්න මිනිස්සු හදන්න බෑ බොරු වැඩක්...

    මේ කාලේ හැටියට යමෙකුට තිසරණය තියනවා කියන්නේ ම ලොකුම ලොකු වාසනාවක්!

    ඔව් මචන්
    ඒකෙන් මේකෙන් දැන් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා.පොර එක්ක වාද කරන්න ඕනේ නිසාම කියවලා.
    http://pitaka.lk
    මේක නම් හොදම සයිට් එකක්. තව අර මිලින්ද ප්‍රශ්නයත් කියෙව්වා.ඒකෙත් මාර ලස්සනට තියෙනවා ගොඩාක් තර්ක ගැන.
    http://pitaka.lk/books/

    ඔයාලත් කියවන්න.බෙදා හදාගන්න.
    තෙරුවන් සරණයි..!