බෲස් ලී ගේ මරණයේ අභිරහස

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    බෲස් ලී ගේ මරණයේ අභිරහස

    ලෝක ප්‍රසිද්ධ සිනමා ශිල්පියෙකු, ආත්මාරක්ෂක සටන්කරුවෙකු, සිනමා අධ්‍යයක්ෂකවරයෙකු, හා දාර්ශනිකයකු ද ලෙස සැළකෙන බෲස් ලී, 1940 නොවැම්බර් 27 වෙනි දා උපත ලබා 1973 ජූලි 20 වෙනි දා මියගියා.
    ඔහු මියගියේ, ඉන් මාස දෙකකට පමණ, එනම් මැයි 10 වන දා සිදු වූ ඇදවැටීමකින් මොළයට සිදු වූ හානිය සම්බන්ධ සිදුවීමකිනුයි. මෙම ඇදවැටීම නිසා අපස්මාර තත්ත්වයන් සහ හිස කැක්කුම් පැමිණීම නිසා රෝහලට ගෙනයෑමෙන් පසු, මොළයට සුළු හානි පැමිණ ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. බෲස් ලී මියගියේ ඉන් මාස දෙකකට පසු නැවතත් හිස කැක්කුම පැමිණ, එයට ලබාගත් බෙහෙත ආසාත්මික වීමෙන් බවයි පැවසුණේ. කෙසේ නමුත් ඔහුගේ මරණය හා සම්බන්ධ මතවාදයන් රාශියක් පවතිනවා.
    චීනයේ ට්‍රයඩ් සංවිධානය සිදු කළ ඝාතනයක් බව

    fBlcuJRyF5LJZoqJ_image-01.jpg

    deviantart.netබෲස් ලී ගේ මරණය චීනය, හොංකොං, තායිවානය, හා චීන ජාතිකයන් වැඩි වශයෙන් ජීවත් වන රටවල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන ට්‍රයඩ් නම් අපරාධ සංවිධානයේ ක්‍රියාවක් බවට ප්‍රබල මතයක් පවතිනවා. එම මතයට අනුව ඔහුගේ මරණය ලොවට ප්‍රසිද්ධ කිරීමට මාස ගණනකට පෙර සිදුව තිබෙනවා. චීන ට්‍රයඩ් සංවිධානය විසින් ඔහුව ඝාතනය කිරීමට හේතුව ලෙස සැලකෙන්නේ, එම සංවිධානය විසින් ඉල්ලූ පරිදි ඔවුන්ට කප්පම් ගෙවීම ඔහු විසින් සිදු නොකිරීම යි.
    චීන ආත්මාරක්ෂක සටන්කරුවන්ගේ ගොදුරක් ද?

    BHNB6WFaPFMQqtHD_image-02.jpg

    scmp.comචීන සංස්කෘතියේ හා සමාජයේ විශේෂ තැනක් ගන්නා සටන් කලාවන් ලෙස වින්ග් චුන් සටන් කලාව හා කුන්ග් ෆු සටන් කලාව සැලකෙනවා. එසේම ඒවාටම ආවේණික වූ චීන රහස් හා උපක්‍රමයන් ද පවතිනවා. 70 දශකය වන විට ඒවා චීනය හා ඒ ආශ්‍රිත පිරිස් වලට මිස, විදේශිකයින්ට හෝ පිටස්තරයින්ට ඉගැන්වූයේ නෑ. චීන වින්ග් චුන් සටන්කරුවන් හා කුන්ග් ෆූ සටන්කරුවන් විසින්, බෲස් ලී මේ සටන් ක්‍රමයන් වල රහස් බටහිරට ඉගැන්වීම් කළ බවට පැවති සැකය නිසා මොහුව ඝාතනය කළා යැයි විශ්වාස කෙරෙනවා.
    ඉතාලි මාෆියා ඝාතනයක් ද?

    kv1xy7r1ENnHiu7T_image-03.jpg

    gp.od.uaමෙය හොංකොං වල වඩාත් ප්‍රසිද්ධම මතය යි. එයට හේතුව වන්නේ ඉතාලි මාෆියා කණ්ඩායම සැලසුම් කර ඔහුට අණ කළ අන්දමට, තමන්ගේ අනාගත නිර්මාණයන් සිදු කිරීම බෲස් ලී විසින් ප්‍රතික්ෂේප කිරීමයි. මේ අනුව ඔහු විසින් ඉතාලි මාෆියාවේ සැලසුම් අනුව නිෂ්පාදනය, අධ්‍යයක්ෂනය, ලිවීම, හා රඟපෑම ප්‍රතික්ෂේප කර තිබුණා. මේ නිසා ඇති වූ වෛරය මත මාෆියාව විසින් ලීව ඝාතනය කරන්නට ඇතැයි ප්‍රසිද්ධ මතයක් පවතිනවා.
    ගණිකාවකාගේ ඝාතනයක් ද?

    l0LlzcJm7giGznry_image-04.jpg

    rosselcdn.netමෙම මතයට අනුව, ලී විසින් ලබා ගන්නා ලද කාමෝද්දීපන ඔසුවක බලපෑම නිසා ඔහු විසින් ගණිකාවකට ක්‍රෑරත්වයෙන් යුතුව ලිංගික හිංසාවන් සිදු කර තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් බේරී පලායාමේ අරමුණෙන් ඇය විසින් ලීව ඝාතනය කළ බවට සැක කෙරෙනවා. නමුත් මෙම සැකය පිළිබඳව බොහෝ වාද විවාදයන් සිදු කෙරෙනවා. එය හේතුව වන්නේ ලීගේ වේගය, කඩිසර බව, හා කුන්ග් ෆු හා වින්ග් චුන් සටන් කලාව පිළිබඳව තිබූ හසල නිපුණත්වය නිසා එය එසේ සිදු වූ බවට විශ්වාස කළ නොහැකි වීම යි.
    ළඟම යාළුවා හවුල් ද?

    8UcmIvKyx80PpkT7_image-05.jpg

    pinimg.comලීගේ සිනමා මිතුරියක් ලෙස සැලකෙන බෙටි ටින්ග් මෙම මරණයට සම්බන්ධ යැයි තවත් මතයක් පවතිනවා. ඇය ලීගේ ළඟම මිතුරියක් ද වුණා. ඇයව මේ වෙනුවෙන් භාවිතා කරන්න ඇත්තේ චීනයේ රහස් සංවිධානයක් බවට සැක කෙරෙනවා. නමුත් කුමන හේතුවක් නිසා ඔවුන් එය එසේ කළා ද යන්නට නම් කිසිවෙකු නිශ්චිත හේතුවක් දැක්වීමට අසමත්ව තිබෙනවා.
    වෛද්‍ය මතය

    ඉහත සැකයන් මිනිසුන් අතර පැතිරීම නිසා ලීගේ මරණය වටා මතවාදයන් රාශියක් නිර්මාණය වුණා. නමුත් ඔහුගේ මරණ පරීක්ෂණයෙන් හා වෛද්‍ය පරීක්ෂණ වලින් හෙලි වී තිබුණේ ඔහු හිස කැක්කුම සඳහා ලබාගත් බෙහෙතක්, ඔහු ඉන් පෙර ලබාගත් ගංජා සමඟ මිශ්‍ර වී, ඒ මඟින් යම් ප්‍රතික්‍රියාවක් සිදු වී අසාත්මිකතාවක් ඇති වූ නිසා මේ මරණය සිදු වූ බව යි.
    5WzNeNyq65LshhXp_image-06.JPG

    පියා හා පුතු එක අසල භූමිදානය කෙරුණා - (wikimedia.org)ඔහුගේ බිරිඳ වූ ලින්ඩා ලී ද බෲස් ලී විසින් හැෂ් මත්ද්‍රව්‍ය නිතරම භාවිතා කරන බවට පවසා තිබුණා. මෙම මත්ද්‍රව්‍යය දිගින් දිගටම භාවිත කිරීම නිසා ලී මියයන විට ඔහුගේ ශරීර බර ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබුණා. ඔහුට මෙම මත්ද්‍රව්‍යය භාවිතා නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් පවා ලබා දී තිබිය දී ඔහු එය නොසලකා හැරි බව කියවෙනවා.
    කෙසේ නමුත් මෙම මරණය ඔහු ලබාගත් බෙහෙතක් මත්ද්‍රව්‍ය සමඟ මිශ්‍රව ඇති වූ අසාත්මිකතාවක් නිසා සිදු වූවක් බව අවසානයේ නිගමනය කෙරුනා.
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    මරණය ඔහු ලබාගත් බෙහෙතක් මත්ද්‍රව්‍ය සමඟ මිශ්‍රව ඇති වූ අසාත්මිකතාවක් නිසා සිදු වූවක් බව අවසානයේ නිගමනය කෙරුනා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ape tatta brucelee ge sahenna loku fan kenek, film okkama wage man podi kale idalama balala tynwa and muge puta inna the CROW kiyanaeka balapan..









    adenawa yako uge acting ehema,,, bat man the dark night rises eke joker muge acting walin copy kara kiyalat kiyanawa