ගයාන් කියන්නේ ලංකාවේ සංගීත කේෂත්‍රයේ ඉන්න හැබෑම දක්ෂයෙක්..... එකේ කතා දෙකක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්ණයක්. ගයාන් ඔය කෑල්ල ඔය සින්දුවට දැම්මේ බුද්ධාගමට පහර ගහන්නමයි හිතාගෙන නෙවෙයි වෙන්නත් පුලුවන්. හැබැයි එයා නොදැනුවත්මින් දැම්මා වෙන්නත් බැහැ. මොකද සින්දුවේ හැටියට මගුල Christian මගුලක්. ඒත් භවතු සබ්බ මංගලං යන කොටස කියනවා... කිසිම ගැලපීමක් නැහැ. එහෙනම් ඕක කලේ මේ වගේ කතිකාවක් රටේ ඇති කරලා තමන් කෙරෙහි රැඩිකල් ආකල්ප්යක් රටේ ඇති කරවන්නම තමයි........
ඒ කියන්නේ තනිකරම Commercial වැඩක්.... ඒක දැන් සාර්ථක වෙලා ඉවරයි..... සින්දුව තහනම් කලත් ගයාන් ගොඩ. මෙතන තියෙන්නේ බුදධාගම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි...... වෙන කෙනෙක්ට උනත් වෙනත් ආගමකට අපහාස වන ලෙස නිර්මාණයක් කරලා රටේ පොර වීමේ අවස්ථාවක් ලබා දීමකුයි කරලා තියෙන්නේ........ හෙට මට රටේ පොර වෙන්න ඕනේ නම් කරණීයමෙත්ත සූත්‍රයට හොද ඩ්‍රම් බීට් එකක් දාලා සින්දුවක් කරනවා.... එක රැයින් ප්‍රසිද්ධයි......... මොකද මෙතන දාන අයට අදාලව එකෙත් වරදක් නැහැ........නව නිර්මාණ......
කෙටියෙන් කියනවානම් මේක පැහැදිලිවම නරක පූර්වාදර්ශයක්..... සින්දුව තහනම් කිරීම ප්‍රශ්ණයට පිලියම නොවේ.... එතනින් එහාට ගිය නීතීමය පියවරක් අනිව ගත යුතුය.....
තවද පන්සල් වල මගුල් කිරීම හරිද කියලත් සමහරු අහලා තිබ්බා.... ඒවත් වැරදිය.... නමුත් එමගින් මෙය නිවැරදියි යැයි කීමට හැකියාවක් ද නැත.
මෙය නරක පූරවාදර්ශයක් වන්නේ කෙසේද.....
අද භවතු සබ්බ මංගලං ගාථාවය....
හෙට තුන් සූත්‍රයයි.... ඊට පසු ඕවා Night Club වලටද යයි.... ඊට පස්සේ Akon කලාක් මෙන් බුදු පිලිම අල්ලන් නටනත් ගනු ඇත.........පන්සලේම/පල්ලියේම හනිමූන් එක කරන වීඩියෝත් එනු ඇත. ෆාදර් ටෝච් එක ගසනු ඇත. කුරානයද හිට් වනු ඇත................
සිතන්න මෙතන ඇත්තේ එක ආගමකට අදාල ප්‍රශ්ණයක් නොවේ.... ආගමක්/දහමක් නැති උන් සහ ආගමක්/දහමක් ඇති උන් අතර ප්‍රශ්ණයකි.......