භාණ්ඩ රැසක බදු ඉහළට - ආණ්ඩුව දැඩි තීරණයක

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
භාණ්ඩ රැසක බදු ඉහළට - ආණ්ඩුව දැඩි තීරණයක

ජංගම දුරකතන, මෝටර් රථ, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට යොදා ගන්නා යකඩ කම්බි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ රැසක බදු ලබන මාසයේදී ඉහළ දැමීමට ආණ්ඩුව සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ජංගම දුරකථන ඉහළ පාරිභෝගික භාණ්ඩයක් ලෙසද නම් කර තිබේ. කෙසේ නමුත් ජංගම පාරිභෝගිකයන්ගෙන් 80%ක් පමණම ඇඟුළුම් ක්ෂේත්‍රෙය් රැකියාවල නිරත වන්නන්, ආරක්ෂක අංශවල රාජකාරියේ නිරත වන්නන්, රජයේ රැකියාවල නිරත වන ඉහළ වැටුප් නොලබන්නන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් සහ ස්ථීර ආදායම් මාර්ග නොලබන්නන්ය.

2013 මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ භාණ්ඩවල බදු වැඩිකිරීමේ තීරණය ගෙන ඇති අතර, මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ, මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සහභාගි වී ඇත.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රටේ රාජ්‍ය ආදායම 2012 වසරට වඩා පසුගිය වසරේදී සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවීම මෙහිදී සියල්ලන්ගේ අවධානයට ලක්ව තිබේ.

2012 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.9%ක් වූ අතර, එය පසුගිය වසරේ (2013) 13.1%ක් දක්වා පහළ වැටී ඇත.

Source: http://www.infosrilankanews.com/2014/04/blog-post_3745.html
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
2j639g7.jpg
 

Similar threads