භාවනා කරන්න වෙලාවක්

hpalpola

Well-known member
  • බහුතරයක් දෙනා කැමැති ලොකු වැඩ කරන්න. භාවනාව වුනත් එහෙමයි. සත්‍යාවබෝධය සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. ඉතින් ලොකු වැඩ කරන්න කැමැති අයට එදිනෙදා ජීවිතේ දී භාවනා කරන්න බැහැ. එක්කො වෙලාව නැහැ, එක්කො තැනක් නැහැ. සාමාන්‍ය පුද්ගලයකුට භාවනා කරන්න ගත්තම මේ වගේ ප්‍රශ්න එන්නෙ නැහැ. එයාට ජීවිතේම භාවනාවක්. ඒ කොහොම ද? සාමාන්‍ය පුද්ගලයා දන්නවා තමුන් කරන කියන දේවල් සිහියෙන් කරන්න. දන්නවා තමුන්ගේ හිතට දැනෙන වේදනාවල් දකින්න. දන්නවා හිතේ ඇති වෙන හිතුවිලි දකින්න. දන්නවා විවිධ මානසික තත්ත්වයන් (නීවරණ වගේ). මේ නිසා සාමාන්‍ය කෙනෙක්ට භාවනා කරන්න විශේෂ වෙලාවක් අවශ්‍ය නැහැ. ඇහැ ඇරුණු වෙලාවේ ඉඳන් ඇහැ පියවෙන වෙලාව දක්වාම එයා භාවනාවේ ඉන්නවා. ඒකට යෙදෙන තැන මොකක් ද මොන වෙලාවද මේ කිසි දෙයක් ඒ කෙනාට වැඩක් නැහැ. ඉතින් භාවනා කරන්න අවශ්‍ය නම් මුලින් ම කරන්න ඕනා ලොකු වැඩ අයින් කරලා දාලා සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන එකයි.