භාවනා හෙල්ප්😍😇😇

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    හොඳයි, ඔබ ඔය කියන හරි හාමුදුරු නමකගෙන් බන අහලා ඇතිනේ....

    එහෙනම් මට කෙටියෙන් කියන්නකෝ "සම්මාදිට්ඨියට පත්වෙන හැටි" පේලි 10-15කින් විතර

    අපෝ ඔයවගේ අමාරු ප්‍රශ්න පෝරිසාදයා මහත්තයගෙන් අහන්න එපා, ලක්ෂ 15ට Italy යන විදිහ වගෙ, නැත්නම් දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න :rofl::rofl::rofl:


    ඔන්න ඕක නවත්තල දාල ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපල්ල බන්. එක එකා එක එක දේවල් තේරුම් ගන්නේ උන්ගේ බුද්ධි මට්ටම්වල හැටියටනේ. තේරෙන පමණට තේරුම් අරගෙන හිටියදෙන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113
    ඔන්න ඕක නවත්තල දාල ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපල්ල බන්. එක එකා එක එක දේවල් තේරුම් ගන්නේ උන්ගේ බුද්ධි මට්ටම්වල හැටියටනේ. තේරෙන පමණට තේරුම් අරගෙන හිටියදෙන්

    කෝ උබේ හික්මුන භාෂාව? එක එක වේසිගෙ පුතාලා. එක එක පකයො වගේ වචන දාලා කියපන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113
    ඔබතුමාලා ඔය හොර set එක කියන වහරක ස්වාමින් වහන්සේලා කියන්නේ මෙන්න මේ පහත INCORRECT මහත්තය කියල තියෙන ක්‍රමය. ඔබතුමා කියන්නේ ඔය කියන අනෙක් ස්වාමින් වහන්සේලා මීට වඩා එහා ගිය ක්‍රමයක් කියල දෙනව කියලද???
    බල්ලො වගේ දන ගහගෙන සමාව ගත්තු ගෝලබාලයොනෙ බන්. තව මොන කතාද
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    හැමෝම එහෙම නැහැ මහත්තය, කරුණු දක්වන එක ද්වේශය කියල කියන එක වැරදියි නමුත් පරුෂ වචනෙන් බැන ගැනීම නම් වැරදියි තමයි. මෙතන රහත් වෙච්ච කවුරුවත් නැහැනේ ඉතින් මිනිස්සු ද්වේශ සහගත වීම වලක්වන්න අමාරුයි

    Ow hamoma naa..but godak aya.... Yamkisi deyak sadaha sitin kiyala denna oni nam ekata widi tiyenawa oni taram boruwata kaa gaha ganne natuwa...wisheshayenma ape mulika aramuna gana kalpana karala (niwanata gaman kirima)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    තව ටිකක් විස්තර කරන්නම්කො මහත්තය.

    මෙතන වලි දාගන්න හැම කෙනාටම (මමත් ඇතුළුව) තමන් නිවැරදියි කියල හිතාගන ඉන්න ධර්මයක් තියනවනෙ මහත්තය.
    ඉතින් මෙහෙම හිතාගන ඉන්න ධර්මයට ඒ අය වටිනාකමක් දීල තියනව, මෙහෙම ලෝකයේ යම් දෙයකට වටිනව, සැපයි, සාරයි යන හැගීම ඇතිවීමට කියනව අවිද්‍යාව කියල. මේ අයට කැමැත්තක් (තණ්හාවක්) තියනව තමන් මේ දරාගන ඉන්න වටිනා ධර්මයට අනිත් අයත් කැමති විය යුතුයි කියල. දැන් ඔබතුමාට පෙනෙනව ඇති අවිද්‍යාව හේතුවෙන් තණ්හාව ඇතිවෙච්ච හැටිත් එමගින් "මේ වටිනා ධර්මයට අනිත් අයත් කැමති විය යුතුයි කියල" හිතන "මම" ඇතිවෙච්ච හැටිත්. මේ තමයි භවය හෙවත් භවට පත්වීම (පටිච්චසමුප්පාදයේ මුල සහ මැද).

    දැන් තමයි ලොකුම ප්‍රශ්නෙ, forum එක කියවනකොට පේනවා මම කැමති ධර්මයට අනිත් අය කැමති නැහැනේ කියල, දැන් ඉතින් වලි තමයි...;) (පටිච්චසමුප්පාදයේ අග - සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ).

    දැන් බලන්න මහත්තය මෙතන අපි වලි දාගෙන පිළියම් හොයන්නේ "මම කැමති ධර්මයට අනිත් අය කැමති නැහැනේ" කියන දුකට නමුත් ඇත්තටම පිළියම් හොයන්න ඕනි "මම කැමති ධර්මයට අනිත් අය කැමති වෙන්න ඕනි" කියන දුකට නේද? ඒ කියන්නේ ධර්මය කෙරෙහි තියෙන අවිද්‍යා තෘෂ්ණා නැති කිරීම නේද?

    මේ මම නිවැරදියි කියල හිතාගන ඉන්න ධර්මයෙන් කල analysis එක :)


    Obatumata welawa tiyei nam... meke (not for argument..just for educational purpose)

    1. Awidyawa kiyanne obatuma kiyana dee kiyala tripitaken penwanna...
    2. winnana _> namarupa pahadili karanna..
    3. oya liyapu deta wedhana atulat karala pahadili karanna..
    4. jathi kiyanne kumakda... othana jathi sambanda wenne kohomada?

    Thanks,
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    නිර්වාණයේ ලක්ෂණ තුන

    අසංකත ධාතුව - හේතුවක් නැත ඵලයක් නැත. නිර්වාණයේ ලක්ෂණ තුන - ශුන්‍යත,අනිමිත්ත,අප්පනිහිත්ත.


     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    අසුභ භාවණාව | මරණ සති භාවණාව

    අසුභ භාවණාව | මරණ සති භාවණාව



    සිතේහි ආ‍යුෂ චිත්තක් ක්ෂණ ඒකයි.

    මොහතින් මොහත සිත විසිරේයි.

    සිත විසිරිම අඩු කරීමට අසුභ භාවණාව - මරණ සති භාවණාව උපකාරි වෙයි.



    නාම රුප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාස සිදි සිදි බිදි බිදි ඇති වෙමින් නැතිවෙමින් යන නිසා අනිත්‍යයි.



    ක්ෂණයක් ක්ෂණයක් පාස සිදි සිදි බිදි බිදි පෙලෙමින් යන නිසා දුකයි. කැමති නිසා නොපවතින නිසා අනාත්මයි. පිලිකුල් බැවින් අසුභයි.



     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    අනිත්‍ය වැඩිමේ ආනිශංස

    අනිත්‍ය වැඩිමේ ආනිශංස



    සත්‍ය කථාවක් ඇසුරින් එක මොහොතකට අනිත්‍ය මෙනේහි කිරිමේ ආනිශංස විස්තර කිරිම.



    බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පිළිගන්වන දානය මහත් ඵල මහානිසංසයි. ඊට වඩා මහත් ඵල මහානිසංසයි ඇසුරු සැනක් ගහන කාලයක් අනිත්‍ය වැඩිම.


     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මරණාසන්න ස්වභාවය | මරණය ඉදිරියේ අප්‍රමාණ&#3520

    මරණාසන්න ස්වහාවය පිලිබදව?

    මරණය ඉදිරියේ අප්‍රමාණව ධර්මය වඩන අකාරය?

    මරණාසන්න පුද්ගලයේක් මරණ මංචකයේදි ධර්මය මෙනේහි කරන විදිය?


     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Obatumata welawa tiyei nam... meke (not for argument..just for educational purpose)

    1. Awidyawa kiyanne obatuma kiyana dee kiyala tripitaken penwanna...
    2. winnana _> namarupa pahadili karanna..
    3. oya liyapu deta wedhana atulat karala pahadili karanna..
    4. jathi kiyanne kumakda... othana jathi sambanda wenne kohomada?

    Thanks,




    1.3.3.4. පඨම අස්‌සාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » අවිජ්‌ජා වර්ගය

    එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?



    ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.


    1.3.3.6. පඨම සමුදය සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » අවිජ්‌ජා වර්ගය

    එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජාගතත් වේ දැ”යි?


    ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනියි, වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අසුභ භාවණාව | මරණ සති භාවණාව

    සිතේහි ආ‍යුෂ චිත්තක් ක්ෂණ ඒකයි.

    මොහතින් මොහත සිත විසිරේයි.

    සිත විසිරිම අඩු කරීමට අසුභ භාවණාව - මරණ සති භාවණාව උපකාරි වෙයි.


    නාම රුප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාස සිදි සිදි බිදි බිදි ඇති වෙමින් නැතිවෙමින් යන නිසා අනිත්‍යයි.


    ක්ෂණයක් ක්ෂණයක් පාස සිදි සිදි බිදි බිදි පෙලෙමින් යන නිසා දුකයි. කැමති නිසා නොපවතින නිසා අනාත්මයි. පිලිකුල් බැවින් අසුභයි.

    බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙකුට කවදාවත් නිවන් මඟ හමුවෙන්නේ නෑ.
    බුදු කෙනෙක් මුණ ගැහුනත් ඒ කියන බණ තේරුම් යන්නේ නෑ...
    ත්‍රිපිටකයේ වුනත් ලෝකෝත්තර අර්ථ තේරුම් යන්නේ නෑ. ලෞකික අර්ථ පමණයි වැටහෙන්නේ
    ලෞකික ධ්‍යානම විතරයි වැඩෙන්නේ

    මොකද ඒ කනාගේ අරමුණ වෙන එකක් නිසා

    ඒ නිසා කල්ප ගානක් වඩන්නේ ලෞකික භාවනාමයි,
    වැඩෙන්නෙත් ලෞකික භාවනාමයි
    නිවන් මාර්ගය අහලකින් වත් යන්නේ නෑ

    ඒ නිසා නා උයනේ ස්වාමින්වහන්සේ දේශනා කරපු මාර්ගයකින් කවදාවත් නිවන් යන්න පුළුවන් කමක් තියෙන්න බෑ....

    ඔය අසුබ බාවනාත් එහෙම තමයි

    නමුත් උන්වහන්සේ හරිම සිල්වත්
    ඒ තරම් සීලයක් රැකපු කෙනෙක් අහලා වත් නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පෝරිසාදයා;25003853 said:
    http://damruwana.org/

    සැබෑ රහතුන් වෙන්න පුලුවන් අය..
    1.පූජ්‍ය රේරුකානෙ චන්දවිමල හිමි
    2.පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
    3.පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි

    මේ හාමුදුරුවන්ගෙ දේශනා භාවනා පොත් බලන්න.
    ----------------
    රහත් යයි පෙන්නලා මිනිස්සු මුලා කරන හොරු
    1.වහරක සම්ප්‍රදායෙ නිර්මාතෘ වහරක අභයරතනාලංකාර
    2. වහරක ගෝලයෝ
    වලස්මුල්ලේ අභය,හදපාන්ගොඩ නිවාතාප
    3. බුදුන් ලංකාවෙ උපන්නැයි කියන මීවනපලානෙ පිස්සා
    4. මං රහත් පොරටෝක් දෙන පිටිදූවෙ සිරිධම්ම නොහොත් සමන්ත බඩ්ඩ
    5. ඇතුලු එකි මෙකි නොකි ඊනියා මගපල ලාභි පොරටෝක් සංසදයේ පොරවල්

    ස්තූතියි, වැඩිය බුද්ධාගම නොදන්න කෙනෙක් ඔය බණ අහන්න ඕන පිලිවෙල මොකද්ද?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ස්තූතියි, වැඩිය බුද්ධාගම නොදන්න කෙනෙක් ඔය බණ අහන්න ඕන පිලිවෙල මොකද්ද?


    ඉස්සෙල්ල සැබෑ රහතුන් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේලා දේශනා කරන දේවල් අහල ඊට පස්සේ වෙලාවක් තිබුනොත් රහත් බව පෙන්වල මිනිස්සු මුලා කරන සෙට් එකේ (1 සහ 2) දේශනා ටිකකුත් අහල බලපන් මචන්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Obatumata welawa tiyei nam... meke (not for argument..just for educational purpose)

    4. jathi kiyanne kumakda... othana jathi sambanda wenne kohomada?

    Thanks,

    ජාතිපි දුක්ඛා වල ජාති කියන්නේ ඉපදීම නෙවෙයි
    ------------------------------------------------
    ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චොපාදනස්කන්ධයෝ දුක්හ.

    පාලි:

    (ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං; සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.)

    ජාතිපි දුක්ඛා එකේ ජාති කියන්නේ මොකක්ද කියලා පාලියෙන් තියෙන්නේ මෙහෙමයි

    ‘‘කතමා චාවුසො, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො - ‘ජාති’’

    ජාති - ඉපැත්මෙක්
    සඤ්ජාති - මොනොවට ඉපැත්මෙක්
    ඔක්කන්ති - අවක්‍රාන්ති
    අභිනිබ්බත්ති - ඉපැත්මෙක්
    ඛන්ධානං පාතුභාවො - ස්කන්ධයන්ගේ පහළවීමක්
    ආයතනානං පටිලාභො - ආයතන පහළවීමක්

    ජාතිපි දුක්ඛා එකේ ජාති කියන්නේ මොකක්ද කියලා ඔය ටික සිංහලෙන්ම කියලා තියෙන්නේ මෙහෙමයි.

    ඇවැත්නි, ජාති කවර යැ: ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකායයෙහි යම් (අපරිපූර්ණායතන වශයෙන්) ඉපැත්මෙක් (පරිපුර්ණායතන වශයෙන්) මොනොවට ඉපැත්මෙක් (අණ්ඩජ ජලාබුජ වශයෙන්) අවක්‍රාන්තියෙක් (සංසෙදජ උපපාදුක වශයෙන්) ඉපැත්මෙක් ස්කන්ධයන්ගේ පහළවීමේක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
    (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, සච්චවිභංග සූත්‍රය)

    ජාති දුක කිව්වම මව් කුස පිළිසිඳගන්න එකයි දුක කියලා සමහරු හිතනවා
    කාට වත් එහෙම දුකක් දැනුනද?

    ඉපදුනාම මැරෙන නිසා ජාති දුක එනවා කියලා සමහරු කියනවා.... ඒක ජාති දුක නෙවෙයි මරණ දුකයි

    ඉපදුනාම වයසට යන නිසා ජාති දුක එනවා කියලා සමහරු කියනවා.... ඒක ජාති දුක නෙවෙයි ජරා දුකයි

    ඉපදුනාම ලෙඩ වෙන එක නිසා ජාති දුක එනවා කියලා සමහරු කියනවා.... ඒක ජාති දුක නෙවෙයි ව්‍යාධි දුකයි

    එහෙනම් ජාති දුක කියන්නේ මොකක්ද? ඒ ගැන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි

    ජාතිධම්මානං, ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත, මයං න ජාතිධම්මා අස්සාම; න ච, වත, නො ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි - ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’.
    (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, සච්චවිභංග සූත්‍රය)

    "අහො වත, මයං න ජාතිධම්මා අස්සාම" කියන්නේ "අනේ අපිට ඒ ජාතිය නොවුනානම් කොච්චර හොඳද?" කියන එකයි

    "න ච, වත, නො ජාති ආගච්ඡෙය්‍යා’ති" කියන්නේ "අනේ ඒ ජාතිධර්මය අප වෙත ආවේ නැත්නම් කොච්චර හොඳද?" කියන එකයි

    "න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං" කියන්නේ "ඒක ඉච්ජාවෙන් ලබන්න බෑ" කියන එකයි

    එහෙනම් ජාති දුක එන්නේ කොහොමද?

    අනේ අපිට ඒ ජාතිය නොවුනානම් කොච්චර හොඳද? කියලා හිතුවට ඒක ඒ විදිහට වුනේ නැතුවම එන දුක තමයි ජාති දුක කියන්නේ
    අනේ ඒ ජාතිධර්මය අප වෙත ආවේ නැත්නම් කොච්චර හොඳද? කියලා හිතුවට ඒක ඒ විදිහට වුනේ නැතුවම එන දුක තමයි ජාති දුක කියන්නේ

    ඔන්න ඕකයි ජාතිය පිළිබඳ දුක හෙවත් "ජාතිදුක" කියන්නේ

    ඔය කිව්ව එක සිංහලෙන් තියෙන්නේ මෙහෙමයි

    “ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළවේ. ‘අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි’ කියායි. මේ වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක්වේ.
    (මජ්ඣිම නිකාය, උපරි පණ්ණාසය, විභංග වර්ගය, සච්චවිභංග සූත්‍රය)

    මේ විදිහට ජාති දුකට වගේම ජරාදුක, ව්‍යාධි දුක, මරණ දුක සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුක,...වගේ හැම එකකටම සච්චවිභංග සූත්‍රයේ විස්තර කරලා තියනවා. ඔය සේරම වෙන්නේ "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" නිසයි. යමක් කැමති විදිහට ලැබෙන්නේ නැති නිසයි

    https://pitaka.lk/main?n=201311
    https://www.thripitakaya.org/tipitakaya/Index/90?s=240

    අරියපරියෙසන සූත්‍රයට අනුව පංචකාම උපධියට හේතු වන සියල්ල ජාති ධර්මයි

    "මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය."
    (මජ්‌ඣිම නිකාය, මූල පන්නාසකය, ඕපම්ම වර්ගය, අරියපරියෙසන සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/39?s=125

    ඔය තියෙන්නේ එදා උදාහරන, අද කාලේ උදාහරණ වලින් නම් මොබයිල් ෆෝන්, වයිෆයි...

    "ගැහැවිය, එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ."
    (පියජාතික සූත්‍රය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/62?s=186

    ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ඇතිවෙන්නේ ප්‍රියදේවල් වලින්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඉස්සෙල්ල සැබෑ රහතුන් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේලා දේශනා කරන දේවල් අහල ඊට පස්සේ වෙලාවක් තිබුනොත් රහත් බව පෙන්වල මිනිස්සු මුලා කරන සෙට් එකේ (1 සහ 2) දේශනා ටිකකුත් අහල බලපන් මචන්

    නැහැ මචං, මට දැනගන්න ඕනෙ http://damruwana.org/ සයිට් එකේ බණ අහන්න ඕනෙ පිලිවෙල බුද්ධාගම වැඩිය දන්නෙ නැති කෙනෙක් :)
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ස්තූතියි, වැඩිය බුද්ධාගම නොදන්න කෙනෙක් ඔය බණ අහන්න ඕන පිලිවෙල මොකද්ද?

    ඔන්න ඕක තමයි ගොඩාක් අයට තියන ගැටළුව
    බන අහන්න ගියාට ඒ බනට කියන බරපතල වචන නිසා තේරෙන්නේ නෑ
    ඕක මටත් තිබුන ගැටළුවක්
    ඒ නිසා ඒ වචන වල තේරුම ඉස්සරලා දාගන්න

    * පංචස්කන්ධය
    * ආයතන
    * රූප,.... ඔය වගේ

    (සූත්‍ර පිටකයේ රූප කියන්නේ අභිධර්මයේ රූප 28 නෙවෙයි
    ඒකේ ප්‍රසාද රූප, ගෝචර රූප කියන ටිකයි )
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙකුට කවදාවත් නිවන් මඟ හමුවෙන්නේ නෑ.
    බුදු කෙනෙක් මුණ ගැහුනත් ඒ කියන බණ තේරුම් යන්නේ නෑ...
    ත්‍රිපිටකයේ වුනත් ලෝකෝත්තර අර්ථ තේරුම් යන්නේ නෑ. ලෞකික අර්ථ පමණයි වැටහෙන්නේ
    ලෞකික ධ්‍යානම විතරයි වැඩෙන්නේ

    මොකද ඒ කනාගේ අරමුණ වෙන එකක් නිසා

    ඒ නිසා කල්ප ගානක් වඩන්නේ ලෞකික භාවනාමයි,
    වැඩෙන්නෙත් ලෞකික භාවනාමයි
    නිවන් මාර්ගය අහලකින් වත් යන්නේ නෑ

    ඒ නිසා නා උයනේ ස්වාමින්වහන්සේ දේශනා කරපු මාර්ගයකින් කවදාවත් නිවන් යන්න පුළුවන් කමක් තියෙන්න බෑ....

    ඔය අසුබ බාවනාත් එහෙම තමයි

    නමුත් උන්වහන්සේ හරිම සිල්වත්
    ඒ තරම් සීලයක් රැකපු කෙනෙක් අහලා වත් නෑ

    නා උයනේ හාමුදුරුවෝ එහෙම කියලා තියනවාද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113
    බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙකුට කවදාවත් නිවන් මඟ හමුවෙන්නේ නෑ.
    බුදු කෙනෙක් මුණ ගැහුනත් ඒ කියන බණ තේරුම් යන්නේ නෑ...
    ත්‍රිපිටකයේ වුනත් ලෝකෝත්තර අර්ථ තේරුම් යන්නේ නෑ. ලෞකික අර්ථ පමණයි වැටහෙන්නේ
    ලෞකික ධ්‍යානම විතරයි වැඩෙන්නේ

    මොකද ඒ කනාගේ අරමුණ වෙන එකක් නිසා

    ඒ නිසා කල්ප ගානක් වඩන්නේ ලෞකික භාවනාමයි,
    වැඩෙන්නෙත් ලෞකික භාවනාමයි
    නිවන් මාර්ගය අහලකින් වත් යන්නේ නෑ
    ඒ නිසා නා උයනේ ස්වාමින්වහන්සේ දේශනා කරපු මාර්ගයකින් කවදාවත් නිවන් යන්න පුළුවන් කමක් තියෙන්න බෑ....

    ඔය අසුබ බාවනාත් එහෙම තමයි

    නමුත් උන්වහන්සේ හරිම සිල්වත්
    ඒ තරම් සීලයක් රැකපු කෙනෙක් අහලා වත් නෑ


    ධර්මය විකෘති කරන අය බොහොම සූක්ෂමවයි ඒක කරන්නෙ. බුදුන්ගෙ ධර්මයත් එක්ක ඒ අයගෙ විකෘති අදහස් කලවමේ දාලා එවනවා. ඒ දේවල් කියවන අය කියන්නෙ 90%ක්ම එකඟ වෙන්න පුළුවන් දේවල් නිසා අර විකෘති කරපු 10% අවිවාදයෙන්ම පිලිගන්න තැනට පත්වෙනවා.

    මෙතනත් ඒ වගේ එකක් තියෙන්නෙ. අපේ ගෞතම බුදුන් අසංඛ්‍ය කල්ප ගානකට කලින් තමන්ගෙ අම්මාගෙන් ආශිර්වාද ලබා ගත්තු දවසෙ ඉඳන්ම තමයි තමනුත් නිවන් දැකලා අනිත් අයටත් නිවන ලබාදෙන්න ඒ මාර්ගයට පිවිසෙන්නෙ. ඔහොම ඔහොම මනෝ ප්‍රණිධාන, වාග් ප්‍රණිධාන, මහා ප්‍රණිධාන වඩමින්, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වඩමින්, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම වඩමින් ගමන් කරන්නෙ දෙවියෙක් බඹ කෙනෙක් වී අවසන් වෙන මාර්ගයක නෙවේ. සම්මා සම්බුදු වීමෙන් නිවන් ලබන මාර්ගයකමයි. බෝධිසතවයෙකුට නියත විවරණ ලැබෙන්නේ ඒ මොහොතේම නිවන් දැකීමට පාරමී බලයක් තිබුනොත් විතරයි. ඒ මොහොතේම නිවන් ලබන්න තරම් පාරමී බලයක් තියෙන බෝදිසත්වයෙක් නිවන අහලකින් වත් යන්නෙ නෑ කියලා කවුරු හරි කියනව නම් ඒ ගැන තව හොඳට හිතන්න. බෝධිසතවයෙක් නියත විවරණ ලබන්නෙ ඒ මොහොතෙම තමන්ට ලබන්න පුළුවන් නිවනත් අතහැරල ලෝක සත්වයාට ඇති කරුනාවෙනුයි.

    ඉතින් මේ අයට රැවටෙන්න එපා. මේ අයට පරමාර්ථ එකක් නෙවේ කීපයක්ම තියෙනවා. මේ කරන විකෘතියෙ ප්‍රතිඵල ගැන මේ අය ගොඩක්ම බලාපොරොත්තු තියන් ඉන්නෙ මේ වර්තමානය ගැන නෙවේ. ඒ අනාගතය ගැනයි. වෙලාව තියෙන හැටියට කීපයක් මම මෙතන කොටන්නම්.


    1. බුදු දහම හොයාගෙන යන අයව මුලදිම කන්ෆියුස් කරවලා, දෙකෙන් කොයි එකද දන්නෙ නෑ හරි එක වගේ සිතිවිලි ඇති කරවලා එපා කරවලා මාර්ගයෙන් එලියට දාන එක.
    2. නිවරදි මාර්ගයෙ යන එක කොටසක් කෙලින්ම විකෘති කරපු ධර්ම දේශනා වලින් නිවරදි මාර්ගයෙන් ඈත් කිරීම.
    3. නිවරදි මාර්ගයෙ යන අනිත් කොටසෙ ඔළුවලට තමන් අහන්නෙ නිවැරදි ධර්මයද නැද්ද කියන විචිකිච්ඡාව ඇති කරවලා නිවැරදි ධර්මය ඇහුවත් ජීවිත කාලෙම හිතේ සැකෙන් ඉන්න සැලැස්වීම.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ධර්මය විකෘති කරන අය බොහොම සූක්ෂමවයි ඒක කරන්නෙ. බුදුන්ගෙ ධර්මයත් එක්ක ඒ අයගෙ විකෘති අදහස් කලවමේ දාලා එවනවා. ඒ දේවල් කියවන අය කියන්නෙ 90%ක්ම එකඟ වෙන්න පුළුවන් දේවල් නිසා අර විකෘති කරපු 10% අවිවාදයෙන්ම පිලිගන්න තැනට පත්වෙනවා.

    .

    මටත් ඔකම හිතුනා අයේ ලියන්න ගියේ නෑ. උබ ඒක දාල.
    යම්කිසි දුරකට ධර්මය දන්නවා, විස්තර කරනවා.
    හැබැයි ඒ අස්සේ පොඩි වැඩකුත් යනවා.
    දර්මය කියන අතරේ එයා දැක්ක වගේ කරුණුටිකකුත් අස්සෙන් කියාගන යනවා.
    කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සෙත් ඔහොම කරනවා මට හිතෙන විදියට.ලෝක විනාශය ගැනත් කිව්වනේද ගොඩක් කාලෙකට කලින්.

    ලන්කාවේ අසපුවට යන අය පන්සල් එක්ක සෙට් වෙන්නෑ.පිටිදුවේ හාමුදුරුවොන්ගේ බණ අහන ගොඩක් අය අනිත් හාමුදුරුවන්ට වැඩිය ලැදිනෑ.වහරක හාමුදුරුවන්ගේ බණ අහන අයත් වෙනම මතවාදීව සාමන්‍ය පිලිවෙතට පහර ගගහ ඉන්නෙ.එයලත් අනිත් අය එක්ක මූ වෙන්නෑ.
    ඒක නිකම්මද උනේ, කවුද එහෙම හැදුවේ.
    සමහර ජනවර්ගත් ඉන්නේ,කොවෙත් වෙන වර්ගයක් එන්න මු වෙන්නෑ.ඒක ඇතුවෙන් හදල තියෙන්නේ සූක්ශමව.ඒක තමයි බ්‍රේන් වශ් කියන්නේ
    .
     
    Last edited: