Obatumata welawa tiyei nam... meke (not for argument..just for educational purpose)
1. Awidyawa kiyanne obatuma kiyana dee kiyala tripitaken penwanna...
2. winnana _> namarupa pahadili karanna..
3. oya liyapu deta wedhana atulat karala pahadili karanna..
4. jathi kiyanne kumakda... othana jathi sambanda wenne kohomada?
Thanks,
1.3.3.4. පඨම අස්සාද සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » අවිජ්ජා වර්ගය
එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
1.3.3.6. පඨම සමුදය සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » අවිජ්ජා වර්ගය
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා යි කියනු ලැබෙයි, ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජාගතත් වේ දැ”යි?
ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනියි, වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙ පමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.