භික්ෂු විනය නීතී දැඩිවෙයි!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    සංඝාධිකරණ පනත හමස් පෙට්ටියේ
    භික්ෂුන් වහන්සේ අතර ඇතිවන අර්බුද හා ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීමට යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යංශයේ අවුරුදු 2කට ආසන්න කාලයක් තිස්සේ තටමමින් තිබෙන බව භික්ෂුන්වහන්සේ චෝදනා කරති.

    මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාට ලිඛිතව සංඝාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියහ.
    එයට පිළිතුරු ලෙස පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා පැවැසුවද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත.
    මේ පිළිබඳ භික්ෂුන් වහන්සේගෙන් විමසීමක් කළවිට උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ.

    බෙංගමුවේ නාලක හිමි

    මේ පනත ගෙනඒම රජය මහනායක හිමිවරුන් වහන්සේ සමඟ සාකච්ඡා කරලා කරන්න ඕන දෙයක්. මේ පනත මෙච්චර ප්‍රමාද කරන්න ඕකේ වගකීම රජයේද මහනායක හිමිවරුන්ගේද කියන්න දන්නේ නැහැ. මේක ප්‍රමාද වෙන්න වෙන්න බලපෑම වැඩිවෙන්නෙත් අපිටම තමයි. ඒ පනත ශාසනයේ ආරක්ෂාවට ඉතාම වටිනවා. අතීතයේ සිට රජවරුන් පවා සංඝාධිකරණ පිහිටෙව්වා. මගේ මතය නම් හැකි ඉක්මනින් මේක ක්‍රියාත්මක කරන්න පියවර ගන්න ඕනෑ කියලයි.

    අස්ගිරි මහා විහාරයේ කාරක සභික මැදගම ධම්මානන්ද හිමි

    මේ පනත්වල පමාවීමක් තියෙනවා. විවිධ මතිමතාන්තර නිසායි මෙය ගොඩාක් දුරට කල් ගියා වැඩියි කියලා පිළිගන්න වෙනවා. නීතිරීති හේතුවෙන් භික්ෂුන්වහන්සේගේ ජීවිත චරියාවට බලපෑම් එල්ල වෙයි. දේශපාලනිකව හෝ බලපෑම් එල්ල වෙයි කියන මතය හේතුවෙන් සමහර භික්ෂුන් වහන්සේම ඒක ප්‍රතික්ෂේප කළා. එහෙත් දැන් ඒ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න අවසන් අදියරේ තිබෙන බව අපිට දැන ගන්න ලැබුණා. අනෙක මේ පනත කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මිසක් සංඝාධිකරණ පනත නෙවෙයි.

    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි

    සංඝාධිකරණ පනත ක්‍රියාත්මක කරන්න දැනටමත් පමා වැඩියි. ඒකෙ මකුළුදැලේ බැඳිලා. බෞද්ධයන්ට සලකනවා කියන්නේ තොරණ, වෙසක් කූඩු, වීථි සැරසැලි නෙවෙයි. බෞද්ධාගම ආරක්ෂා කරගන්න නීති අණ පනත් සකස් කරලා බෞද්ධයා රැකගන්න ඕනෑ. ඒ සඳහා වගකිව යුත්තෝ වගකීම නිසි ලෙස ඉටුකරන්න දැනගන්න ඕනෑ.
    මේ සම්බන්ධව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.බී.කේ. දිසානායක මහතා දහස් දක්වමින් මෙසේ පැවැසීය.
    මේ පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. දැන් අවසන් අදියරේ තියෙන්නේ. පෙරේදා (12දා) මහා නායක හිමිවරුන්ට පනත තැපැල් කළා. ඒවා හිමිවරුන් සංශෝධනය කර නැවත ලැබෙන්නට සැලැස්සුවාම අනුනායක හිමිවරුන්ගේත් අවසර ලැබුණාට පසුව පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා.

    http://www.mawbima.lk/86-58202-news-detail.html
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    හැමෙදේම වපර ඇහින් බලන්න පුරුදු වෙච්ච උබලට නම් මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. හැමෝම මග හැර හැර හිටපු දෙයක් මේක. ධර්ම සංගායනාවකට විතරක් දෙවැනි වෙන එකක්. ඒකෙන් වෙන්නේ හොර සිවුරු කාරයින්වයි විනය කඩන හාමුදුරුවරුන්ට නීතිමය ක්‍රියාමර්ග ගන්න එක. ඒවට රජයෙන් ඇඟිලි ගහන්න බැහැ. පණ්ඩිත හාමුදුරුවරු ඒවට අවවාද අනුශාසනා කරයි.

    අනේ මන්දා බන් උබලා නම්, මහ රජා කරානම්, අල්ලාහ් හුවක්බර් කියලා අත උස්සයි. :lol::lol:

    http://www.divaina.com/2012/01/28/feature02.html

    සංඝාධිකරණය පිළිබඳ ශුභාරංචියක්‌!

    ලක්‌දිව භික්‍ෂු මහා සංඝයාගේ ඒකාග්‍රතාවය සහ ගෞරවය ආරක්‍ෂා වීමට උන්වහන්සේ වෙනුවෙන් අධිකරණ පද්ධතියක්‌ අනුමත කළයුතුය යන ඉල්ලීම ඇති වී දැනට හැට හැත්තෑ වසරක්‌ ඉක්‌මගොස්‌ ඇත. දෙදහස්‌ පන්සියයේ බුද්ධ ජයන්තිය වකවානුවේ ද සංඝාධිකරණයක්‌ පිහිටුවීම පිළිබඳව ගරුතර මහා සංඝයා තුළිනුත් බෞද්ධ සංවිධාන සහ බෞද්ධ ජනතාව අතරිනුත් දැඩි ඉල්ලීමක්‌ ඒ ඒ වකවානුවල පත්වෙන සෑම රජයක්‌ වෙතම ඉදිරිපත් කොට ඇත. එහෙත් විවිධ හේතූන් මත ඒ සෑම ඉල්ලීමක්‌ම ලත් තැනම ලොප්වී ගියේය.
    වරක්‌ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර, මඩිහේ ශ්‍රී පඤ්Æසීහ, හේන්පිටගෙදර Æණසීහ ආදී මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා ද මහාචාර්ය මලලසේකර, සිරි පෙරේරා ආදී බෞද්ධ ප්‍රභූවරුන් ද තායිලන්තය සහ බුරුමය ආදී රටවල වගකිවයුතු රාජ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට වැදගත් සැලැස්‌මක්‌ ඉදිරිපත් කළ නමුදු එය ද ආගිය අතක්‌ නැත. එහෙත් සෑම මැතිවරණයක්‌ ආරම්භ වෙත්ම සංඝයාගේ උන්නතිය පිළිබඳව සංඝාධිකරණයක්‌ ඇතිකිරීම ගැන වැදගත් ප්‍රකාශන ජනමාධ්‍ය තුළින් ජනතාවට පොරොන්දු වශයෙන් ඉදිරිපත් කළහ. එසේ වුවත් සංඝාධිකරණ පනත කිසිදාක ඉදිරිපත් නොකරන මහජනතාවගේ සිත් දිනා ගැනීමට යොදන උපායක්‌ යෑයි මහා සංඝයා වහන්සේ තුළ ද මුල් බැසගත් අදහසක්‌ විය.

    භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාළ නීති රීති පද්ධතියක්‌ ඇත. බුද්ධ කාලයේ පටන් අද දක්‌වා සංඝයාගේ පැවැත්මට එය මහෝපකාරී වී තිබේ. අපේ රට පරාධීන වූවායින් පසු පවත්වාගෙන ආ ශාසනික සිරිත් විරිත් බුqදුදහමට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා වැළලී ගියේය. පෘතුගීsසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවලදී අනාථ බවට පත් සඟ සසුන ඒ ඒ වකවානුවල පහළ වූ බුද්ධිමත් වීරෝදාර භික්‍ෂූන්වහන්සේලා ස්‌වල්පදෙනා වහන්සේ නිසාත් බුද්ධිමත් දානපති බෞද්ධ ප්‍රභූවරුන් නිසාත් රැකුණු බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. 1948 දී නිදහස ලැබීමෙන් පසුව ද කෙතරම් උද්ඝෝෂණ කළ ද එය බීරි අලින්ට වීණා ගායනා කිරීමක්‌ විය.

    දැන් 2600 සම්බුද්ධත්ව ජයන්ති වකවානුවයි. මේ වැදගත් අවස්‌ථාවේදී අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් සංඝාධිකරණය පිළිබඳව ශුභ ආරංචියක්‌ රටට ඉදිරිපත් කොට ඇත. ආරම්භයක්‌ වශයෙන් මුළු ප්‍රශ්නයම බදා නොගෙන "ථෝක ථෝකං ඛණේ ඛණේ" ටිකෙන් ටික, ක්‍රම ක්‍රමයෙන් සංඝාධිකරණය පිළිබඳ මුලපුරා ඇති බව පින් දීමෙන් යුතුව සඳහන් කළයුතුව ඇත. ආරම්භයක්‌ වශයෙන් ප්‍රථමයෙන්ම භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ අධිකරණ කටයුතු සඳහා ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල වෙනමම උසාවි ශාලාවක්‌ පිහිටුවීම එතුමාගේ යෝජනාවයි. මෙයාකාරයෙන් සංඝාධිකරණ කටයුතු සඳහා උසාවි බලතලවලින් අඩුවක්‌ නැති, නියම නීතිවේදීන්ගෙන් සැදුම්ලත් සංඝයා වෙනුවෙන් උසාවි ශාලාවක්‌ ඇති කිරීම ඉතාමත් උචිත සැලසුමක්‌ බව ප්‍රශංසාත්මකව කිවයුතුව තිබේ.

    භික්‍ෂූන්වහන්සේලා අතර මහානායක - අනුනායක - අධිකරණ නායක - ප්‍රාදේශීය නායක ආදී විවිධ තනතුරු ඇත. ඒ ඒ ප්‍රදේශයන්හි ඇතිවන මහා සංඝයාගේ සහ පන්සලත්, දායකවරුනුත් අතර ගුරු හිමිවරුන් සහ ගෝල හිමිවරුන් අතර ඇතිවන ප්‍රශ්න සහ ඉඩකඩම් දේපළ ආදී කරුණු නිරාකරණය කරනු ලබන්නේ එකී සංඝ අධිකරණයක්‌ මගිනි. එය විනය පිටකයේ සඳහන් නීති රීති අනුව ලබාදෙන නිගමනයෝය. එහෙත් සමහර විනිශ්චයන් පිළිනොගෙන කටයුතු කිරීම බොහෝ සෙයින් ගිහි පැවිදි දෙපක්‍ෂයෙන්ම සිදුවන්නකි. එවිට සංඝාධිකරණ තීන්දු අසරණ බවට පත්වේ. එකී නිගමන පිළිගැනීමට තම තමන්ගේ ශික්‍ෂ නකම අනුව මිස නීතියෙන් බැඳීමක්‌ ඒ අයට නැත. එනිසා සංඝාධිකරණ තීරණ අක්‍රිය බවට පත්වී තිබේ.

    අපේ බෞද්ධ ජනතාව ද පන්සල් වෙහෙර විහාරස්‌ථානවල පව හෝ ස්‌ථාන වෙනස්‌ කිරීමට හෝ උපසපන් බවින් ඉවත්වීම හෝ කරන වරද සපුරා නවතා තමන් නීතිගරුක බව සනාථ වන අයුරින් පිළිපැදීම හෝ කළයුතු යෑයි සංඝයා වහන්සේලාගේ අධිකරණයකින් පළමුවැනි වරටත්, දෙවැනි වරටත්, තුන්වැනි වරටත් තීන්දුවක්‌ දුන් නමුත් ඒ අනුව පිළිපදින්නේ ලඡ්ජා භය ඇති භික්‍ෂූන් වහන්සේලා අල්පයක්‌ පමණි.

    තායිලන්තය, බුරුමය ආදී රටවල සංඝාධිකරණ ඇත. අධිකරණ පිළිබඳ ගැඹුරු දැනුමක්‌ ඇති භික්‍ෂූන්වහන්සේලා පිරිසක්‌ සහ අධිකරණ කටයුතු පිළිබඳ විශ්‍රාමික නීතිවේදීන්, විනිශ්චයකරුවන් පත්කොට තිබේ. පහළ උසාවියට එන අධිකරණයට ගිහි නීතිවේදීන් දෙදෙනෙක්‌ හෝ දැන උගත් භික්‍ෂූන්වහන්සේ නමක්‌ හෝ දෙනමක්‌ පත්කරනු ලබති. මෙම උසාවියෙන් ලැබෙන තීන්දුව යම්කිසි පක්‍ෂයක්‌ පිළිනොගන්නේ නම් ඉහළ උසාවියට ඉදිරිපත් කළ හැකිය. එතැනදී ද කලින් නඩුවට සම්බන්ධ නොවූ ගිහි පැවිදි දෙතුන් දෙනකුගෙන් යුත් විනිශ්චය මණ්‌ඩලයක්‌ පත්කරනු ලබති. එම විනිශ්චය මණ්‌ඩලයෙන් දෙන තීන්දුව ද විත්ති පැමිණිලි දෙපක්‍ෂයෙන් එක්‌ පක්‍ෂයක්‌ බැරි වෙලාවත් පිළිනොගන්නේ නම් උපරිමාධිකරණයට ඉදිරිපත් කළ හැකිය. එයට ද කලින් නඩුවට සම්බන්ධ නොවූ වෙනත් ඉහළම පන්තියේ දැනුම් සම්භාරයක්‌ අත්දැකීම් සම්භාරයක්‌ ඇති පැවිදි නඩුකාර හිමිවරු දෙනමකුත් ගිහි නඩුකාරවරු තුන් පළකුත් පත්කරනු ලබති. එම උපරිමාධිකරණයෙන් ලැබෙන තීරණය අවසාන තීරණය බව පිළිගත යුතුය.

    මේ අනුව අකටයුත්තක්‌ සිදුවීමට ඉඩ නොලැබේ. මේ කවර අධිකරණයකින් හෝ දෙන තීරණ රජයේ ආරක්‍ෂක අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබති. සිවුරු හැරවීම, සිරගොට යෑවීම සහ ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයකට අසුවුණි නම් එම අධිකරණ තුනකින් ලැබෙන තීන්දුව දැනට අපේ රටේ උසාවි මගින් ලැබෙන තීන්දු ලෙස ක්‍රියාත්මක වන්නේය. අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන ඇමැතිවරයා වශයෙන් මේ සැලසුම ගිහි පැවිදි බෞද්ධ නායකයන් සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට දරන මහන්සිය ගැන නම් එතුමාට අනේකවාරයක්‌ ප්‍රශංසා කළ යුතුව ඇත. මේ උදාර කාර්යභාරය සාර්ථක කර ගැනීමට ජනාධිපතිවරයා දෙන උපදෙස්‌ ද නායකත්වය ද පැරණි අපේ රජදරුවන් අනුගමනය කිරීමක්‌ වන්නේ මය.

    කලින් සඳහන් කළ පරිදි සංඝාධිකරණයට ආරම්භයක්‌ වශයෙන් ජනතාවගෙන් පිරී ඉතිරී ගිය නඩු ශාලාවලට සංඝයා නොකැඳවා උන්වහන්සේලා සම්බන්ධ නඩු ඉහත සඳහන් කළ පරිදි වෙනම ශාලාවක රැස්‌කරවා උගත් විනිශ්චයකාරවරුන් ලවාම තීන්දු ලබාදීම අතිශය වැදගත්ය. එය සාර්ථක කරගත් විට සංඝාධිකරණයට අයත් විනිශ්චය කටයුතු ද ක්‍රමක්‍රමයෙන් පිළිවෙළින් කාටත් නොරිදෙන පරිදි ක්‍රියාත්මක කරවීමට හැකිවන්නේය. අද අපේ ප්‍රශ්න අවුල් බවට පත්වී ඇත්තේ වැඩි පණ්‌ඩිතකම් නිසා කරුණු හරිහැටි බුද්ධිමත් ලෙස සිතා බලා රටේත්, ජනතාවගේත් මහා සංඝයාවහන්සේගේත් සිතැඟි පිළිබඳව අබමල් රේණුවක්‌ තරම්වත් නොතකා මහන්තත්ත්වය පෙන්වීමට යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට යැමය. බුදුරජාණන්වහන්සේ ද දේශනා කොට ඇත්තේ නොරිදෙන තැනින් අල්ලා කෙමෙන් රිදෙන තැනට යන ලෙසයි. එසේ කටයුතු කරතොත් කැකෑරෙමින් පවතින අපේ ප්‍රශ්න ගණනාවක්‌ නිරාකරණය කරගත හැකිවන්නේය.

    අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුවිය යුතු කරුණක්‌ ඇත. බුද්ධිමත් දැන උගත් මුහුකුරාගිය බුද්ධියෙන් යුත් සංඝාධිකරණය පිළිබඳ දැඩි ඇල්මක්‌ ඇති ගිsහි පැවිදි තුන් හතරපලක්‌ මියාන්මා රටටත් (බුරුමයට) තායිලන්තයටත්, කාම්බෝජයට සහ ලාඕසයටත් යවා ඒ පාරම්පරික බෞද්ධ රට රාජ්‍යවල සංඝාධිකරණ කටයුතු කරන ආකාරය ගැන කරුණු සොයා බලා අපේ රටේ නිකායත්‍රයෙහි මහනාහිමිවරුන් සහ බෞද්ධ සංවිධානවල වගකිවයුත්තන්ගේ ද සැදුම්ලත් පහළොවක විස්‌සක පමණ මණ්‌ඩලයකට ඉදිරිපත් කොට ක්‍රමවත්ව සංඝාධිකරණය කොටසින් කොටස ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සැලසුමක්‌ දියත් කිරීමයි. මේ මණ්‌ඩලයට ජනපතිතුමන් අගමැතිතුමන් හෝ එතුමන්ලා විසින් පත්කරනු ලබන නියෝජිත දෙපළක්‌ ද විපක්‍ෂ නායකතුමන් හෝ විපක්‍ෂය විසින් පත්කරනු ලබන නියෝජිතයෙක්‌ හෝ දෙපළක්‌ ද පත්කර ගැනීම වැදගත්. එයට හේතුව මහා සංඝයාට තනිකරම කළ නොහැකි වැඩක්‌ බැවින් ජනතාවත්, රජයත්, විපක්‍ෂයත් මේ ප්‍රශ්නය එකසේ කරට ගැනීම අවශ්‍යයෙන්ම කළයුත්තක්‌ බැවිනි. සංඝාධිකරණය පිළිබඳ ප්‍රශ්නය රටටම බලපාන ඉතා වැදගත් ආගමික කරුණක්‌ වන බැවිනි.

    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්‌ඩිත
    කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණෝ

    රිදිලා.. :lol:
    ඇයි බන් කේන්ති ගන්නේ. මම දන්නේ නැති නිසානේ ඇහුවේ..:(
    හාමුදුරුවන්ගේ විනය නීති පිලිබඳ කතිකාවතක් ඇති වෙන එකට මගේ කිසි විරුද්දත්වයක් නැහැ. ඒත් ඒ නීති හදන්නේ පාර්ලිමේන්තුවේ නම් ඒක මම කීයටවත් අනුමත කරන්නෙත් නෑ. මොකද ගිහියන්ට ඒකට අයිතියක් නැති නිසා. ඒ නිසා තමයි මට තියෙන ප්‍රශ්න මම ඇහුවේ.

    ps - "අනේ මන්දා බන් උබලා නම්, මහ රජා කරානම්, අල්ලාහ් හුවක්බර් කියලා අත උස්සයි." නිකන් නොදන්නා මගුල් කියවන්න එපා බන්. මමත් යහපාලනේට කතිරේ ගහපු එකෙක් තමයි. :frown: එක පැත්තක් විතරක් ගන්නේ නැතුව වැරැද්දට වැරදි කියපන් හරි දේට හරි කියපන්. :cool:
     
    :lol::lol:
    නීති කවුරු කොහේ හැදුවත් සම්මත වෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්.
    ඔය නීති වලට ස්වාමීන්වහන්සේලාගේ මැදිහත් වීමක් තියෙන්නත් ඇති.
    යෝජනා වෙලා තියෙන නීතී වලට උබ විරුද්ධයිද? මහනායක ස්වාමීන් වහන්සේලා විරුද්දයිද?
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දන්නේ නැති නිසා අහන්නේ. පුළුවන් නම් මට මේවට උත්තර හොයල දෙන්න.

    හාමුදුරුවරුන්ටත් නීති හදන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්ද?
    හාමුදුරුවන්ට විරුද්දව නීති හදන්න පාර්ලිමේන්තුවකට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද?
    මේ රටේ වැඩියෙන්ම වැරදි කරන්නේ හාමුදුරුවෝද?
    හාමුදුරුවන්ට විරුද්දව නීති හදන්න කලින් වඳුරුදීන් විල්පත්තුව කපන එකට විරුද්දව මුකුත් කරන්න බැරිද?
    එහෙම කලොත් සහජීවනේ නැතිවෙයිද?
    හාමුදුරුවන්ට නීති හදනවනම් අනිත් ආගමික පුජකයන්ටත් නීති හදන්න ඕනේ නැද්ද?
    එහෙම නොකරන්නේ සහජීවනෙට හානි වෙන නිසාද?
    මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ හාමුදුරුවන්ට නීතියක් නැති ප්‍රශ්නයක්ද?

    හාමුදුරුවරුන්ටත් නීති හදන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්ද?
    නෑ..
    පාර්ලිමේන්තුව නීති හදන්න ඕන නෑ ඒවා ක්‍රියාත්මක උනොත් ඇති..
    නීති හදන්නම ඕනම නං ලංකාවේ එක කරන්න අවශ්‍ය උගත් බුද්ධිමත් මහානායක හාමුදුරුවරු ඉන්නවා..
    උන් වහන්සේලා එකතුවෙලා ඒ සදහා උපදෙස්/වැඩපිළිවෙලක් හරිගස්සලා දෙවි දෙවි..

    හාමුදුරුවන්ට විරුද්දව නීති හදන්න පාර්ලිමේන්තුවකට සදාචාරාත්මක අයිතියක් තියෙනවාද?
    උත්තරේ උඩ කියලා තියනවනේ

    මේ රටේ වැඩියෙන්ම වැරදි කරන්නේ හාමුදුරුවෝද?

    වැරැද්ද කවුරු කරත් එකයි..
    ඒක හාමුදුරුවෝද, වෙන කවුද කියලා අදාළ නෑ..
    අනික වැඩියෙන් කරත් අඩුවෙන් කරත් වැරැද්ද වැරද්දමයි..

    හාමුදුරුවන්ට විරුද්දව නීති හදන්න කලින් වඳුරුදීන් විල්පත්තුව කපන එකට විරුද්දව මුකුත් කරන්න බැරිද?
    එක මෙතෙන්ට අදාළ දෙයක් නෙවේනේ..
    හොදියි බෝල්ට් ඇණයි වගේ ප්‍රශ්න අහන්න එපා බං..
    අදාළ ප්‍රශ්න විතරක් අහන්න..
    මොකෙක් හරි නරියෙක් කැලේ කපනවනං එකට ඕන කරන ක්‍රියාමර්ග ගනීවි..
    තව ඕනම නං වෙනම නූලක් දාල ඕක අහන්න..

    එහෙම කලොත් සහජීවනේ නැතිවෙයිද?
    මොකක්ද බං සහජීවනේ..
    එක මෙතෙන්ට අදාල දෙයක්ද?
    අදාළ ඒවා විතරක් අහන්න..

    හාමුදුරුවන්ට නීති හදනවනම් අනිත් ආගමික පුජකයන්ටත් නීති හදන්න ඕනේ නැද්ද?
    මං සිංහල බෞද්ධයෙක්..
    මං රකින්නේ මගේ ජාතිය ආගම මිසක් වෙන එවුන්ගේ හු%තවල් නෙවේ..
    වෙන ආගම් වල මොන මගුල් කරත් කමක් නෑ බුද්ධාගම ඉතිරි වෙලා..
    අනික වෙන ආගම් වල මේ වගේ මගුල් නටන්නෙත් නෑ ඒවට ඒ ආගම්වල නීති-දඩුවම් තියනවා..
    බුද්ධාගමේ විතරයි ගොඩක් නිදහස තියෙන්නේ..
    සමහර හාමුදුරුවරුන්ගේ වැඩනිසා අවාසනාවකට දැන් ඒ නිදහස සීමා කරන්න වෙලා..

    එහෙම නොකරන්නේ සහජීවනෙට හානි වෙන නිසාද?
    කලින් උත්තර දීල තියනවා..

    මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ හාමුදුරුවන්ට නීතියක් නැති ප්‍රශ්නයක්ද?

    ගොං ප්‍රශ්න අහන්න එපා බං..
    රටේ ප්‍රශ්න කොච්චර තියනවද..
    මේකත් එයින් එකක් තමයි..
    උබ බෞද්ධයෙක් නෙවෙයි හින්ද මේවා උබටනං අදාළ නැතුව ඇති..
    හැබැයි මචං මේවා මට ඒ වගේම සිංහල බෞද්ධයන්ට අදාලයි..
     
    • Like
    Reactions: AGSUPUN

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙම පනත් කෙටුම්පතට අනුව ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ, ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

    අනාදිමත් කාලයක ඉදල මෙවැනි ශාස්ත්‍ර ප්‍රගුණ කරපු හාමුදුරුවරු මිනිස්සුන්ගේ සුබසිද්දිය වෙනුවෙන් කටයුතු කළා.. අදටත් එහෙම හාමුදුරුවරු ඉන්නවා ඕනේ තරම් ශාස්ත්‍ර ප්‍රගුණ කරපු.. මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන.. මේක මන් අනුමත කරන නෑ තහනම් කරනවට..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113

    නෑ..
    පාර්ලිමේන්තුව නීති හදන්න ඕන නෑ ඒවා ක්‍රියාත්මක උනොත් ඇති..
    නීති හදන්නම ඕනම නං ලංකාවේ එක කරන්න අවශ්‍ය උගත් බුද්ධිමත් මහානායක හාමුදුරුවරු ඉන්නවා..
    උන් වහන්සේලා එකතුවෙලා ඒ සදහා උපදෙස්/වැඩපිළිවෙලක් හරිගස්සලා දෙවි දෙවි..

    උත්තරේ උඩ කියලා තියනවනේ

    වැරැද්ද කවුරු කරත් එකයි..
    ඒක හාමුදුරුවෝද, වෙන කවුද කියලා අදාළ නෑ..
    අනික වැඩියෙන් කරත් අඩුවෙන් කරත් වැරැද්ද වැරද්දමයි..

    එක මෙතෙන්ට අදාළ දෙයක් නෙවේනේ..
    හොදියි බෝල්ට් ඇණයි වගේ ප්‍රශ්න අහන්න එපා බං..
    අදාළ ප්‍රශ්න විතරක් අහන්න..
    මොකෙක් හරි නරියෙක් කැලේ කපනවනං එකට ඕන කරන ක්‍රියාමර්ග ගනීවි..
    තව ඕනම නං වෙනම නූලක් දාල ඕක අහන්න..

    මොකක්ද බං සහජීවනේ..
    එක මෙතෙන්ට අදාල දෙයක්ද?
    අදාළ ඒවා විතරක් අහන්න..

    මං සිංහල බෞද්ධයෙක්..
    මං රකින්නේ මගේ ජාතිය ආගම මිසක් වෙන එවුන්ගේ හු%තවල් නෙවේ..
    වෙන ආගම් වල මොන මගුල් කරත් කමක් නෑ බුද්ධාගම ඉතිරි වෙලා..
    අනික වෙන ආගම් වල මේ වගේ මගුල් නටන්නෙත් නෑ ඒවට ඒ ආගම්වල නීති-දඩුවම් තියනවා..
    බුද්ධාගමේ විතරයි ගොඩක් නිදහස තියෙන්නේ..
    සමහර හාමුදුරුවරුන්ගේ වැඩනිසා අවාසනාවකට දැන් ඒ නිදහස සීමා කරන්න වෙලා..

    කලින් උත්තර දීල තියනවා..

    ගොං ප්‍රශ්න අහන්න එපා බං..
    රටේ ප්‍රශ්න කොච්චර තියනවද..
    මේකත් එයින් එකක් තමයි..
    උබ බෞද්ධයෙක් නෙවෙයි හින්ද මේවා උබටනං අදාළ නැතුව ඇති..
    හැබැයි මචං මේවා මට ඒ වගේම සිංහල බෞද්ධයන්ට අදාලයි..

    11.gif

    You must spread some Reputation around before giving it to Naradapathum again.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මෙම පනත් කෙටුම්පතට අනුව ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ, ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

    අනාදිමත් කාලයක ඉදල මෙවැනි ශාස්ත්‍ර ප්‍රගුණ කරපු හාමුදුරුවරු මිනිස්සුන්ගේ සුබසිද්දිය වෙනුවෙන් කටයුතු කළා.. අදටත් එහෙම හාමුදුරුවරු ඉන්නවා ඕනේ තරම් ශාස්ත්‍ර ප්‍රගුණ කරපු.. මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන.. මේක මන් අනුමත කරන නෑ තහනම් කරනවට..

    රැවුලයි කැඳයි දෙකක් බේරගන්න බෑ මචං..
    හොද අය ඉන්නෙක ඇත්ත..
    හැබැයි වැඩිපුරම ඉන්නේ මංකොල්ලකාරයෝ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි මචන්. ඉස්සර ඉදන් එන චාරිත්‍ර ගුරුකන් තිබුන. නමුත් ඒ කාලේ හිටපු හාමුදුරුවරු සමාජෙට සේවයක් කරේ උන් වහන්සේලාගේ දැනුමෙන් දැන් වගේ සල්ලි ප්‍රතිලාබ බලාගෙන නෙමෙයි. ඒත් දැන් ඉන්න බහුතරයක් හාමුදුරුවෝ ගුරුකන් කරන්නේ හුදු ලාබ ,ප්‍රයෝජන වලට විතරයි. අනික ගොඩක් හාමුදුරුවරු බොරු කරන්නේ.. ඇත්තටම ගුරුකමක් දන්නේ නැ , අන්න ඒ විදිහට දිගටම ගියොත් ලනක්වේ බුද්ධාගම විනාස වෙන එක අහන්න දෙයක් නෙමෙයි.
    මෙකනෙ අපි මිත්යාවක් කියන දේ සමහරෙක්ට ආගමක් වෙන්ඩ පුලුවන්, එක එක් කෙනාගෙ කැමැත්ත හාමුදුරුවරු සල්ලි හොයනව කියල අන්තෙකට යන්ඩ එපා කරන ඒව ඒ ඒ අය ගෙනියයි මේ නියාමනය නම් එච්චර හොද එකෙක් එනෙ, හාමුදුරුවන්ව අල්ලෙ නටවන්ඩ මේ හදන්නෙ,
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    :lol::lol:
    නීති කවුරු කොහේ හැදුවත් සම්මත වෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්.
    ඔය නීති වලට ස්වාමීන්වහන්සේලාගේ මැදිහත් වීමක් තියෙන්නත් ඇති.
    යෝජනා වෙලා තියෙන නීතී වලට උබ විරුද්ධයිද? මහනායක ස්වාමීන් වහන්සේලා විරුද්දයිද?
    බහුතර සංඝයා වහන්සේලාගේ අනුදැනුම මත එකඟතාවය මත මේ නීති හැදෙනවානම් මට කිසි ප්‍රශ්නයක් වත් මගේ කිසි විරුද්දත්වයක් වත් නැහැ බ්‍රෝ.:yes:

    නෑ..
    පාර්ලිමේන්තුව නීති හදන්න ඕන නෑ ඒවා ක්‍රියාත්මක උනොත් ඇති..
    නීති හදන්නම ඕනම නං ලංකාවේ එක කරන්න අවශ්‍ය උගත් බුද්ධිමත් මහානායක හාමුදුරුවරු ඉන්නවා..
    උන් වහන්සේලා එකතුවෙලා ඒ සදහා උපදෙස්/වැඩපිළිවෙලක් හරිගස්සලා දෙවි දෙවි..

    උත්තරේ උඩ කියලා තියනවනේ

    වැරැද්ද කවුරු කරත් එකයි..
    ඒක හාමුදුරුවෝද, වෙන කවුද කියලා අදාළ නෑ..
    අනික වැඩියෙන් කරත් අඩුවෙන් කරත් වැරැද්ද වැරද්දමයි..

    එක මෙතෙන්ට අදාළ දෙයක් නෙවේනේ..
    හොදියි බෝල්ට් ඇණයි වගේ ප්‍රශ්න අහන්න එපා බං..
    අදාළ ප්‍රශ්න විතරක් අහන්න..
    මොකෙක් හරි නරියෙක් කැලේ කපනවනං එකට ඕන කරන ක්‍රියාමර්ග ගනීවි..
    තව ඕනම නං වෙනම නූලක් දාල ඕක අහන්න..

    මොකක්ද බං සහජීවනේ..
    එක මෙතෙන්ට අදාල දෙයක්ද?
    අදාළ ඒවා විතරක් අහන්න..

    මං සිංහල බෞද්ධයෙක්..
    මං රකින්නේ මගේ ජාතිය ආගම මිසක් වෙන එවුන්ගේ හු%තවල් නෙවේ..
    වෙන ආගම් වල මොන මගුල් කරත් කමක් නෑ බුද්ධාගම ඉතිරි වෙලා..
    අනික වෙන ආගම් වල මේ වගේ මගුල් නටන්නෙත් නෑ ඒවට ඒ ආගම්වල නීති-දඩුවම් තියනවා..
    බුද්ධාගමේ විතරයි ගොඩක් නිදහස තියෙන්නේ..
    සමහර හාමුදුරුවරුන්ගේ වැඩනිසා අවාසනාවකට දැන් ඒ නිදහස සීමා කරන්න වෙලා..

    කලින් උත්තර දීල තියනවා..

    ගොං ප්‍රශ්න අහන්න එපා බං..
    රටේ ප්‍රශ්න කොච්චර තියනවද..
    මේකත් එයින් එකක් තමයි..
    උබ බෞද්ධයෙක් නෙවෙයි හින්ද මේවා උබටනං අදාළ නැතුව ඇති..
    හැබැයි මචං මේවා මට ඒ වගේම සිංහල බෞද්ධයන්ට අදාලයි..

    පිළිතුරු දුන්නට ස්තුතියි. එත් උබේ උත්තර වල අවුල් තියෙනවා. උබට මන් අහපු ප්‍රශ්න අදාළ නැති ගොන් ප්‍රශ්න වගේ පෙන්නේ උබ එක පැත්තක් විතරක් අරන් කතා කරන නිසා කියලයි මට තේරෙන්නේ නම්.
    තව දෙයක් මම බෞද්ධයෙක්ද නැද්ද කියල ඔය තරම් පටු විදියට තීරණේ කරපු එකෙන් මට උබේ බෞද්ධ කම ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා බ්‍රෝ. මොකද මම නොදන්නා දේවල් ගැන අහල post එකක් දැම්ම පමණයි. :rolleyes:
    anyway 8+
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සංඝාධිකරණ පනත හමස් පෙට්ටියේ
    භික්ෂුන් වහන්සේ අතර ඇතිවන අර්බුද හා ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීමට යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්යංශයේ අවුරුදු 2කට ආසන්න කාලයක් තිස්සේ තටමමින් තිබෙන බව භික්ෂුන්වහන්සේ චෝදනා කරති.

    මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාට ලිඛිතව සංඝාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියහ.
    එයට පිළිතුරු ලෙස පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා පැවැසුවද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත.
    ලොල් කවුද උබට කියුවෙ මේ ගෙන්නෙ සංඝාධිකරණය පිහිටුවීමේ පනත් කෙටුම්පතයි කියල ????මේ නිවුස් එක මහින්දගෙ කාල දිමු අගමැති වෙලා ඉන්න කාලෙ එකක් මොකො බන් මේ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රැවුලයි කැඳයි දෙකක් බේරගන්න බෑ මචං..
    හොද අය ඉන්නෙක ඇත්ත..
    හැබැයි වැඩිපුරම ඉන්නේ මංකොල්ලකාරයෝ..
    මකොල්ල කාරයන්ට පවතින නිතිය ඇති ඇයි අමුතුවෙන් නිති ගේන්නෙ, මන්තර ගුරුකම් කරපු චිවරධාරියො කියක් ඇරස් කරාද කීයක් දැන් ඉන්නෙ හිරගෙදරද. නිති හොදටම ඇති අමුතුවෙන් ගේන්නෙ හාමුදුරුවන්ව පාලනේ කරන්ඩ, මේවනම් අපාගත වෙන වැඩ,
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    බහුතර සංඝයා වහන්සේලාගේ අනුදැනුම මත එකඟතාවය මත මේ නීති හැදෙනවානම් මට කිසි ප්‍රශ්නයක් වත් මගේ කිසි විරුද්දත්වයක් වත් නැහැ බ්‍රෝ.:yes:

    පිළිතුරු දුන්නට ස්තුතියි. එත් උබේ උත්තර වල අවුල් තියෙනවා. උබට මන් අහපු ප්‍රශ්න අදාළ නැති ගොන් ප්‍රශ්න වගේ පෙන්නේ උබ එක පැත්තක් විතරක් අරන් කතා කරන නිසා කියලයි මට තේරෙන්නේ නම්.
    තව දෙයක් මම බෞද්ධයෙක්ද නැද්ද කියල ඔය තරම් පටු විදියට තීරණේ කරපු එකෙන් මට උබේ බෞද්ධ කම ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා බ්‍රෝ. මොකද මම නොදන්නා දේවල් ගැන අහල post එකක් දැම්ම පමණයි. :rolleyes:
    anyway 8+

    රේප් නං බලාපොරොතතු උනේ නෑ මචං..
    උබ කිව්වෙක හරි බං මං එක පැත්තක් විතරයි ගන්නේ කොහොමත්..
    ඒ සිංහල බෞද්ධගේ පැත්ත..
    මගේ බෞද්ධකම ගැන කවුරු කොහොම හිතුවත් කමක් නෑ..
    මගේ ක්‍රමය මේ.. මේ ක්‍රමය මට දාහෙන් සම්පතයි..
    රේප් දුන්නට ස්තුති..
    ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113

    බහුතර සංඝයා වහන්සේලාගේ අනුදැනුම මත එකඟතාවය මත මේ නීති හැදෙනවානම් මට කිසි ප්‍රශ්නයක් වත් මගේ කිසි විරුද්දත්වයක් වත් නැහැ බ්‍රෝ.:yes:

    මහානායක ස්වාමීන් වහන්සේලාගේ ආශීර්වාදය තියෙනවා නම් එච්චරයි බන්.
    මේවා ක්‍රියත්මක වෙන්න ගත්තොත් බහුතරයකගේ පැවැත්ම නැතිවෙලා බුදු දහමේ පැවැත්ම ඇති වෙනවා. ඒ නිසා මේකට හැමෝම කැමති වෙන්නේ නැහැ.
    තෝර ගන්න තියෙන්නේ අපිට ඕනේ මොකේ පැවත්මද කියන එකයි.

    මම උබෙන් ප්‍රශ්නයක් ඇහුවා.
    උබ කලින් විරුද්දත්වයක් ප්‍රකාශකරේ මොකක් හරි වැරදි නීතියක් නිසාද?
    උබම කිව්වේ මට වැරදි නම් වැරදියි කියන්න කියලා ඒ මොකක් නිසාද කිව්වෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    ලොල් කවුද උබට කියුවෙ මේ ගෙන්නෙ සංඝාධිකරණය පිහිටුවීමේ පනත් කෙටුම්පතයි කියල ????මේ නිවුස් එක මහින්දගෙ කාල දිමු අගමැති වෙලා ඉන්න කාලෙ එකක් මොකො බන් මේ,

    ඊට මෙහා එකක්. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගන්න තව ගොඩක් දේවල් කරන්න තියෙනවා
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මකොල්ල කාරයන්ට පවතින නිතිය ඇති ඇයි අමුතුවෙන් නිති ගේන්නෙ, මන්තර ගුරුකම් කරපු චිවරධාරියො කියක් ඇරස් කරාද කීයක් දැන් ඉන්නෙ හිරගෙදරද. නිති හොදටම ඇති අමුතුවෙන් ගේන්නෙ හාමුදුරුවන්ව පාලනේ කරන්ඩ, මේවනම් අපාගත වෙන වැඩ,

    නීති හදන්නේ වැරද්දක් තියන නිසා..
    වැරද්දක් නැත්නං නීති අවශ්‍ය නෑ..
    හාමුදුරුවෝ බුද්ධධර්මයට අනුව හැදෙන්නේ නැත්නං නීතියෙන් හරි, හරි මාර්ගයට ගන්න වෙනවා..
    නියපොත්තෙන් කඩන්න තියන දේ පොරොවෙන් කඩන්න තියන එක අනුවනකමක්..
    හාමුදුරුනමක් වැරද්දක් කරපු පලියට රිමාන්ඩ් කරන්නේ නෑ..
    වැරැද්ද මොකක්ද කියලා හොයල බලලා වරදේ ස්භාවය අනුවයි දඩුවම් දෙන්නේ..
    හාමුදුරුවන්ට විතරක් නෙවේ..
    කොයිකාටත් නීතිය එකයි මචං..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රැවුලයි කැඳයි දෙකක් බේරගන්න බෑ මචං..
    හොද අය ඉන්නෙක ඇත්ත..
    හැබැයි වැඩිපුරම ඉන්නේ මංකොල්ලකාරයෝ..

    මන් මගේ අත්දැකීමෙන් කියන්නේ මචන්.. ඒ වගේ වටිනා හාමුදුරුවෝ ඉන්නවා අදටත්.. අඩු ගානේ සල්ලිවත් ගන්නේ නෑ.. මිනිස්සුන්ගේ දුකට පිහිට වෙලා ඒ මිනිස්සු සැපතට ලක්වෙලා ලබන සතුටේ පින විතරයි අරගන්නේ.. අද හොරු මොකේද නැත්තේ බන්.. කරන්න ඕනේ හොයල බලල වංචා කරන අයට විතරක් දඩුවම් දෙන එක.. නැත්නම් හරියට ෆුල්ෆේස් නිතිය වගේ ගොන් නීතියක්ම වෙයි
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ඔය නීතිය වටරැක විජිත වැන්නන්ට් ක්‍රියාත්මක වීම වරදක් නැත ...... නමුත් මේ හදන්නේ සිංහල ජාතිය බෞද්ධ ආගම රැකගැනීමට හඩ නගන ආණ්ඩුව විවේචනය කරන භික්ෂූන් දඩයම් කිරීමට බවක් පෙනේ ......

    :yes::yes: 100 % හරි කොල්ලෝ . අපිට තියන ආදරේකට නෙමේ මේ .. :yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    යම් කිසි පාලනයක් අවශ්‍යමයි. ඉබා ගාතේ යාමෙන් පිරිහෙන්නේ නිර්මල බුදුදහමයි. අද සමහර චීවරධාරීන් කට්ටඩියනට වඩා හොදට එම ව්‍යාපාරය කරයි. තව තව ව්‍යාපාර සරුවට කරයි. මේවා දකින මිනිසුන්ට සාසනය ගැන කණගාටුවක් ඇති වේ. හොද හාමුදුරු නමක් සොයා ගැනීම අතිශය දුෂ්කර වී තිබේ. බුදු දහම අනුව තම සීමාව තුල කටයුතු කිරීමට ඉඩ සැලසීම හොද දෙයක්.