සංඝාධිකරණ පනත හමස් පෙට්ටියේ
භික්ෂුන් වහන්සේ අතර ඇතිවන අර්බුද හා ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා සංඝාධිකරණයක් පිහිටුවීමට යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ අවුරුදු 2කට ආසන්න කාලයක් තිස්සේ තටමමින් තිබෙන බව භික්ෂුන්වහන්සේ චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි.මු. ජයරත්න මහතාට ලිඛිතව සංඝාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියහ.
එයට පිළිතුරු ලෙස පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමටත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ක්‍රියාකරන බව අග්‍රාමාත්‍යවරයා පැවැසුවද මෙතෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත.
මේ පිළිබඳ භික්ෂුන් වහන්සේගෙන් විමසීමක් කළවිට උන්වහන්සේ මෙසේ අදහස් දැක්වූහ.
බෙංගමුවේ නාලක හිමි
මේ පනත ගෙනඒම රජය මහනායක හිමිවරුන් වහන්සේ සමඟ සාකච්ඡා කරලා කරන්න ඕන දෙයක්. මේ පනත මෙච්චර ප්‍රමාද කරන්න ඕකේ වගකීම රජයේද මහනායක හිමිවරුන්ගේද කියන්න දන්නේ නැහැ. මේක ප්‍රමාද වෙන්න වෙන්න බලපෑම වැඩිවෙන්නෙත් අපිටම තමයි. ඒ පනත ශාසනයේ ආරක්ෂාවට ඉතාම වටිනවා. අතීතයේ සිට රජවරුන් පවා සංඝාධිකරණ පිහිටෙව්වා. මගේ මතය නම් හැකි ඉක්මනින් මේක ක්‍රියාත්මක කරන්න පියවර ගන්න ඕනෑ කියලයි.
අස්ගිරි මහා විහාරයේ කාරක සභික මැදගම ධම්මානන්ද හිමි
මේ පනත්වල පමාවීමක් තියෙනවා. විවිධ මතිමතාන්තර නිසායි මෙය ගොඩාක් දුරට කල් ගියා වැඩියි කියලා පිළිගන්න වෙනවා. නීතිරීති හේතුවෙන් භික්ෂුන්වහන්සේගේ ජීවිත චරියාවට බලපෑම් එල්ල වෙයි. දේශපාලනිකව හෝ බලපෑම් එල්ල වෙයි කියන මතය හේතුවෙන් සමහර භික්ෂුන් වහන්සේම ඒක ප්‍රතික්ෂේප කළා. එහෙත් දැන් ඒ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න අවසන් අදියරේ තිබෙන බව අපිට දැන ගන්න ලැබුණා. අනෙක මේ පනත කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මිසක් සංඝාධිකරණ පනත නෙවෙයි.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි
සංඝාධිකරණ පනත ක්‍රියාත්මක කරන්න දැනටමත් පමා වැඩියි. ඒකෙ මකුළුදැලේ බැඳිලා. බෞද්ධයන්ට සලකනවා කියන්නේ තොරණ, වෙසක් කූඩු, වීථි සැරසැලි නෙවෙයි. බෞද්ධාගම ආරක්ෂා කරගන්න නීති අණ පනත් සකස් කරලා බෞද්ධයා රැකගන්න ඕනෑ. ඒ සඳහා වගකිව යුත්තෝ වගකීම නිසි ලෙස ඉටුකරන්න දැනගන්න ඕනෑ.
මේ සම්බන්ධව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.බී.කේ. දිසානායක මහතා දහස් දක්වමින් මෙසේ පැවැසීය.
මේ පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. දැන් අවසන් අදියරේ තියෙන්නේ. පෙරේදා (12දා) මහා නායක හිමිවරුන්ට පනත තැපැල් කළා. ඒවා හිමිවරුන් සංශෝධනය කර නැවත ලැබෙන්නට සැලැස්සුවාම අනුනායක හිමිවරුන්ගේත් අවසර ලැබුණාට පසුව පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා.
http://www.mawbima.lk/86-58202-news-detail.html

එක පැත්තක් විතරක් ගන්නේ නැතුව වැරැද්දට වැරදි කියපන් හරි දේට හරි කියපන්. 