භික්ෂූන්වහන්සේලා
භික්ෂූන්වහන්සේලා
English Translation > http://bit.ly/SlGsWx
බුද්ධ ශාසනය ඉදිරියට රැගෙන යාමට තම චීවරය උපයෝගී කරගන්නා භික්ෂූන්වහන්සේලාට අවමන් කිරීමට අපට අයිතියක් නැත. උන්වහන්සේලා පිළිබඳව නොරිස්සුමෙන් කථාකිරීම පවකි. බුදුරජාණන්වහන්සේට අනුව, දුශ්ශීල භික්ෂූන්ට විරුද්ධව කථා කිරීම පාපයක් වුවත්, ඔවුන් වර්ජනය කිරීමට අපට අයිතිය ඇත. නමුත් ඊට පෙර, තමා සීලයෙන් හා ප්රඥාවෙන් උන්වහන්සේලාට වඩා ඉහලින් සිටින්නේදැයි තමාගෙන්ම ප්රශ්නකොට ඊට පිළිතුරක් ලබාගත යුතුය. වර්ජනය කිරීම යනු උන්වහන්සේලා දුටු විට අසුනෙන් නොනැගිටීමත්, නොවැඳිමත්ය. නමුත් අප දානය දෙන්නේ බුද්ධ ශ්රාවක ආර්ය මහා සංඝරත්නයටය; පුද්ගලයෙකුට නොවේ. එබැවින් දුශ්ශීල භික්ෂුවකට වුවද දන්දී අපට මහත්ඵල මහානිසංස ලැබීමට පුළුවන. අප අසන බණ අප මහා ගෞතම මුනිඳුන් දෙසූ සද්ධර්මයයි. අපට වැදගත් වන්නේ එම සද්ධර්මයයි; එය අපට දේශනා කරන්නේ කවුරුන්ද යන වග නොවේ. දේශකයාගේ සීලවන්ත බව පිලිබඳව නොව, බුදුබණ අපට දෙසීම පිළිබඳව අප උන්වහන්සේට ගෞරව සත්කාර කල යුතුය. මන්ද යත්, බුදුබණ අසා එමග ගමන් කර තම සංසාර ගමන කෙලවර කරගන්නා බොහෝ පිරිස තවමත් ලොව ඇති බැවිනි.
Worldwide Buddhist Information and
Education Network ► www.TheBuddhism.net
_/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_ _/\_