භින්නෝන්මාදය හෙවත් Schizophrenia

Mar 10, 2008
253
38
0
41
Gampaha
භින්නෝන්මාදය හෙවත් Schizophrenia

භින්නෝන්මාදය හෙවත් Schizophrenia

මෙම රෝගය කවුරුත් දන්නා පරිදි මානසික රෝගයකි.නමුත් මෙම රෝගය වැලදුනු පුද්ගලයාගේ අසමාන්‍ය හැසිරීම් රටාව නිසා බොහෝ දෙනා සිතන්නේ මෙය රෝගයක් නොවන බව හා යක්ෂ, භුත බලපෑමක් නිසා සිදුවූ දෙයක් ලෙසයි.. මෙහි අභාග්‍යසම්පන්න තත්ත්වය මෙයයි. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ දැනුම මානසික රෝග සම්බන්දයෙන් ඇත්තෙ ඉතා අඩු මට්ටමකිනි.

මෙම ලිපියෙහි අරමුණ වන්නේ ලංකාවේ ජනතාවට මෙම රෝගී තත්ත්වයන් පිලිඹදව යම තරමක හෝ දැනුමක් ලබා දීමයි.. එමගින් විශාල මුදල් ප්‍රමානයක් එම රෝගියා සිටින පවුලට ඉතිරි කර ගත හැකිවන අතරම රෝගියාටද ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන නිසා රෝගයද ඉක්මනින්ම නිසිප්‍රතිකාර ලැබී පාලනය වෙනු ඇත.

මෙම රෝගය අනෙක් මානසික රෝග හා සසදන විට තරමක් පාලනයට අපහසු රෝගයකි. නමුත් නිසි ප්‍රතිකාර මුල් අවදියේදීම ලබා දුනහොත් රොගියාට මුහුනපෑමට සිදුවන සමාජීය ගැටලු අවම කරගෙන සාමන්‍ය දිවියක් ගෙවීමට හැකි වනු ඇත.

භින්නෝන්මාදය ප්‍රධාන වශයෙන්ම වැලදෙන්නේ වයස අවු 14-35 කාල සීමාවේ පසුවන පුද්ගලයන්ටයි.. එහිදීත් පිරිමි අය වැඩිපුර රෝගයට ගොදුරු වේ. යම් අයෙකුට තම ජීවිත කාලය තුල schizophrenia රෝගය වැළදීමෙ හැකියාව 1000 දෙනෙකුට 10 දෙනෙකි.

රෝගයේ මුල් අවදියේ රෝග ලක්ෂන…

මෙම රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂනයක් වන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ විශ්වාසයන්ට පරිබාහිර වූ පිලිගත නොහැකි අන්ද විශ්වස වල එල්බගෙන සිටීමයි.(Delusions)
උදා-

-ඔහුගේ සිත වෙනත් ආයතනයක් මගින පාලනය කරන බව සිතීම.
-තමා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධ වන බව සිතීම.
-යම්කිසි සිදුවීමක්, යම්කිසි වස්තුවක්, හෝ දෙදෙනෙකු අතර ඇතිවන දෙබසක්, තමා ගැන විශේෂිත වු සම්බන්ධයක් ඇතිව සිදුවෙතැයි සිතීම.(delusion of reference)
-තමාට තම සිතුවිලි මගින් අන්‍යන් සමග කතා කල හැකි යැයි සිතීම.
-තමාව ඝාතනය කිරීම සදහා අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණ පවතින බව සිතීම හා එම සිතුවිලි වලට අනුකූලව ජීවත් වීමට යෑම

තවද, සමහර රෝගීන්ට දෘෂ්‍ය හා ශ්‍රවණ මායාවන්ද (Visual & Auditory Hallucinations) රෝග ලක්ෂණ ලෙස පැමිනේ.
උදා-

-යමෙකු තමාට කතාකරන බව ඇසීම. නමුත් සත්‍ය වශයෙන් එවැනි කතාකරන කෙනෙකු නැත.
-තවත් සමහරුන් තමන්ට දෙවියන් කතාකරන සේ පෙනේ.
-තවද මියගිය අය සමග හා ලෝකයේ බලවත් මින්සුන් සමග තමා සිටිනා සේද දකී. නමුත් Visual Hallucinations ඇති රෝගීන් සිටින්නේ අඩුවෙනි.

තවද,

-තනි නිහඩ ජීවිතයක් ගත කිරීම.(Social Withdrawal)
-උදාසීනකම (Apathy) ද, මෙම රෝගයේ ලක්ෂනයි.

මෙම රෝගය උත්සන්න වූ අවස්තාවලදී සමහර රෝගීන් සිහිමුලා තත්වයට (Stupor)පත් වේ. එහිදි සමහර විට ඔවුන් කතා නොකර සිටීම, නොකා නොබී සිටීම වැනි දේවල් කල හැක. තවත් සමහරු (Ex-Paranoid Schizophrenic) තමන්ටත් අන් අයටත් හානිදායක ලෙස හැසිරිය හැක. එවැනි අවස්තාවල කලයුතු සුදුසුම දෙය වන්නේ රෝගියාව හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යෑමයි.

මෙම රෝගයට හෙතුව වන්නෙ මොළයේ සිදුවන ස්නායු සම්ප්‍රේෂකවල (Neuro-transmitter) ඇතිවන අසමතුලිත භාවයකි. මෙය සාමන්‍ය සමතුලිත භාවයට පත්කරගතහොත් රෝගියාගෙ රෝගලක්ෂන පාලනය වී රෝගය පාලනය වේ. නූතන ඖෂධවලින් සිදුවන්නේ එයයි. කෙසේනමුත් මෙම රෝගයට ගන්නා වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලබාගත යුතුය.

නූතන මනෝ වෛද්‍ය විද්‍යාව ඉතා දියුනු නිසා මෙම රොගීන්ගේ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මායාවන් වලට ප්‍රතිකර්මයක් ලෙස Cognitive Behavior Therapy (CBT) යොදා ගනී.එහිදී රෝගියාගේ මනස මෙම Hallucinations, Hallucinations ලෙස හදුනාගෙන ඒවා නොසලකා සිටීමට සිත පුරුදු කරනු ලබයි.

මෙම භින්නෝන්මාද රෝගීන් බොහෝවිට රෝහල්වලට පැමිනෙන්නේ වෙනත් විකල්පයක් නැති වූ විටය. ඒ වනවිටත් ඔවුන් මෙම රොගියා සදහා අතිවිශාල මුදලක් වැයකොට හමාරය. මෙය රෝගයක් නොව යක්ෂ හෝ ප්‍රේත බලපෑමක් සේ සලකා බොහෝ මිනිසුන් තම කාලය හා මුදල් නාස්තිකර ගනී.

------උපුටා ගැනීමකි-----
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :oo: තමාව ඝාතනය කිරීම සදහා අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණ පවතින බව සිතීම හා එම සිතුවිලි වලට අනුකූලව ජීවත් වීමට යෑම

    7-01.jpg
     
    • Like
    Reactions: Buddhikatharindu

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    :oo: තමාව ඝාතනය කිරීම සදහා අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණ පවතින බව සිතීම හා එම සිතුවිලි වලට අනුකූලව ජීවත් වීමට යෑම

    7-01.jpg

    කිව්ව ඒව එකක්වත් වැරදුනේ නෑ නේද?
    හැබැයි මේ රටේ බහුතරයක්ට මන්ද මානසිකත්වය තියෙනව වගේ :lol:
     
    • Like
    Reactions: Buddhikatharindu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    භින්නෝන්මාදය හෙවත් Schizophrenia

    -තවත් සමහරුන් තමන්ට දෙවියන් කතාකරන සේ පෙනේ.

    ඔය සමහර ආගම් පටන් අරන් තියෙන්නෙත් භින්නෝන්මාද කාරයෝ කියල හිතෙන්නෙ මට විතරද :lol:
     
    • Like
    Reactions: Buddhikatharindu

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇත්තටම භින්නෝන්මාදය කියල ලෙඩක් තියෙනවා. රෝග ලක්ෂණත් ඔවම තමා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් යක්ෂ හෝ වෙනත් බලපෑම් කියල ජාතියකුත් තියෙනවා. විද්‍යාවෙන් කරන්නේ ඔය හැමදේටම මොකක් හරි රෝග තත්වයක් නිර්මාණය කරලා බෙහෙත් කරන එක.

    වෙලා තියෙන්නේ අද මේවා හොයන විද්‍යාඥයෝ යක්කු දන්නේ නැහැ. යක්කු ගැන දන්න උන් විද්‍යාව දන්නෙ නැහැ.

    භින්නෝන්මාදය හෙවත් Schizophrenia

    මෙම රෝගය කවුරුත් දන්නා පරිදි මානසික රෝගයකි.නමුත් මෙම රෝගය වැලදුනු පුද්ගලයාගේ අසමාන්‍ය හැසිරීම් රටාව නිසා බොහෝ දෙනා සිතන්නේ මෙය රෝගයක් නොවන බව හා යක්ෂ, භුත බලපෑමක් නිසා සිදුවූ දෙයක් ලෙසයි.. මෙහි අභාග්‍යසම්පන්න තත්ත්වය මෙයයි. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ දැනුම මානසික රෝග සම්බන්දයෙන් ඇත්තෙ ඉතා අඩු මට්ටමකිනි.

    මෙම ලිපියෙහි අරමුණ වන්නේ ලංකාවේ ජනතාවට මෙම රෝගී තත්ත්වයන් පිලිඹදව යම තරමක හෝ දැනුමක් ලබා දීමයි.. එමගින් විශාල මුදල් ප්‍රමානයක් එම රෝගියා සිටින පවුලට ඉතිරි කර ගත හැකිවන අතරම රෝගියාටද ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන නිසා රෝගයද ඉක්මනින්ම නිසිප්‍රතිකාර ලැබී පාලනය වෙනු ඇත.

    මෙම රෝගය අනෙක් මානසික රෝග හා සසදන විට තරමක් පාලනයට අපහසු රෝගයකි. නමුත් නිසි ප්‍රතිකාර මුල් අවදියේදීම ලබා දුනහොත් රොගියාට මුහුනපෑමට සිදුවන සමාජීය ගැටලු අවම කරගෙන සාමන්‍ය දිවියක් ගෙවීමට හැකි වනු ඇත.

    භින්නෝන්මාදය ප්‍රධාන වශයෙන්ම වැලදෙන්නේ වයස අවු 14-35 කාල සීමාවේ පසුවන පුද්ගලයන්ටයි.. එහිදීත් පිරිමි අය වැඩිපුර රෝගයට ගොදුරු වේ. යම් අයෙකුට තම ජීවිත කාලය තුල schizophrenia රෝගය වැළදීමෙ හැකියාව 1000 දෙනෙකුට 10 දෙනෙකි.

    රෝගයේ මුල් අවදියේ රෝග ලක්ෂන…

    මෙම රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂනයක් වන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ විශ්වාසයන්ට පරිබාහිර වූ පිලිගත නොහැකි අන්ද විශ්වස වල එල්බගෙන සිටීමයි.(Delusions)
    උදා-

    -ඔහුගේ සිත වෙනත් ආයතනයක් මගින පාලනය කරන බව සිතීම.
    -තමා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධ වන බව සිතීම.
    -යම්කිසි සිදුවීමක්, යම්කිසි වස්තුවක්, හෝ දෙදෙනෙකු අතර ඇතිවන දෙබසක්, තමා ගැන විශේෂිත වු සම්බන්ධයක් ඇතිව සිදුවෙතැයි සිතීම.(delusion of reference)
    -තමාට තම සිතුවිලි මගින් අන්‍යන් සමග කතා කල හැකි යැයි සිතීම.
    -තමාව ඝාතනය කිරීම සදහා අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණ පවතින බව සිතීම හා එම සිතුවිලි වලට අනුකූලව ජීවත් වීමට යෑම

    තවද, සමහර රෝගීන්ට දෘෂ්‍ය හා ශ්‍රවණ මායාවන්ද (Visual & Auditory Hallucinations) රෝග ලක්ෂණ ලෙස පැමිනේ.
    උදා-

    -යමෙකු තමාට කතාකරන බව ඇසීම. නමුත් සත්‍ය වශයෙන් එවැනි කතාකරන කෙනෙකු නැත.
    -තවත් සමහරුන් තමන්ට දෙවියන් කතාකරන සේ පෙනේ.
    -තවද මියගිය අය සමග හා ලෝකයේ බලවත් මින්සුන් සමග තමා සිටිනා සේද දකී. නමුත් Visual Hallucinations ඇති රෝගීන් සිටින්නේ අඩුවෙනි.

    තවද,

    -තනි නිහඩ ජීවිතයක් ගත කිරීම.(Social Withdrawal)
    -උදාසීනකම (Apathy) ද, මෙම රෝගයේ ලක්ෂනයි.

    මෙම රෝගය උත්සන්න වූ අවස්තාවලදී සමහර රෝගීන් සිහිමුලා තත්වයට (Stupor)පත් වේ. එහිදි සමහර විට ඔවුන් කතා නොකර සිටීම, නොකා නොබී සිටීම වැනි දේවල් කල හැක. තවත් සමහරු (Ex-Paranoid Schizophrenic) තමන්ටත් අන් අයටත් හානිදායක ලෙස හැසිරිය හැක. එවැනි අවස්තාවල කලයුතු සුදුසුම දෙය වන්නේ රෝගියාව හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යෑමයි.

    මෙම රෝගයට හෙතුව වන්නෙ මොළයේ සිදුවන ස්නායු සම්ප්‍රේෂකවල (Neuro-transmitter) ඇතිවන අසමතුලිත භාවයකි. මෙය සාමන්‍ය සමතුලිත භාවයට පත්කරගතහොත් රෝගියාගෙ රෝගලක්ෂන පාලනය වී රෝගය පාලනය වේ. නූතන ඖෂධවලින් සිදුවන්නේ එයයි. කෙසේනමුත් මෙම රෝගයට ගන්නා වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලබාගත යුතුය.

    නූතන මනෝ වෛද්‍ය විද්‍යාව ඉතා දියුනු නිසා මෙම රොගීන්ගේ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මායාවන් වලට ප්‍රතිකර්මයක් ලෙස Cognitive Behavior Therapy (CBT) යොදා ගනී.එහිදී රෝගියාගේ මනස මෙම Hallucinations, Hallucinations ලෙස හදුනාගෙන ඒවා නොසලකා සිටීමට සිත පුරුදු කරනු ලබයි.

    මෙම භින්නෝන්මාද රෝගීන් බොහෝවිට රෝහල්වලට පැමිනෙන්නේ වෙනත් විකල්පයක් නැති වූ විටය. ඒ වනවිටත් ඔවුන් මෙම රොගියා සදහා අතිවිශාල මුදලක් වැයකොට හමාරය. මෙය රෝගයක් නොව යක්ෂ හෝ ප්‍රේත බලපෑමක් සේ සලකා බොහෝ මිනිසුන් තම කාලය හා මුදල් නාස්තිකර ගනී.

    ------උපුටා ගැනීමකි-----
     
    • Like
    Reactions: Buddhikatharindu
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඇත්තටම භින්නෝන්මාදය කියල ලෙඩක් තියෙනවා. රෝග ලක්ෂණත් ඔවම තමා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් යක්ෂ හෝ වෙනත් බලපෑම් කියල ජාතියකුත් තියෙනවා. විද්‍යාවෙන් කරන්නේ ඔය හැමදේටම මොකක් හරි රෝග තත්වයක් නිර්මාණය කරලා බෙහෙත් කරන එක:no::no:.

    වෙලා තියෙන්නේ අද මේවා හොයන විද්‍යාඥයෝ යක්කු දන්නේ නැහැ. යක්කු ගැන දන්න උන් විද්‍යාව දන්නෙ නැහැ.

    ඒත් මචං ඔය බලි තොවිල් කරල ඔය මිනිස්සුන්ගෙ ලෙඩේ සුව වෙන්නෙ නෑනෙ. ඒ අයත් අන්තිමට එන්නෙ ඉස්පිරිතාලෙටම තමයි. ඒත් එතකොට ලෙඩා වෙන්න තියන සමාජීය හනිය වෙල ඉවරයි.:baffled:
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අර බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන හාමුදුරුවන්ටත් මේක වෙන්නැති තියන ලෙඩේ

    beautiful mind එකේ කියනෙත් මේ ලෙඩේ ගැන
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒත් මචං ඔය බලි තොවිල් කරල ඔය මිනිස්සුන්ගෙ ලෙඩේ සුව වෙන්නෙ නෑනෙ. ඒ අයත් අන්තිමට එන්නෙ ඉස්පිරිතාලෙටම තමයි. ඒත් එතකොට ලෙඩා වෙන්න තියන සමාජීය හනිය වෙල ඉවරයි.:baffled:

    සමහරුන්ට මානසික ලෙඩ තියනවා සමහරුන්ට අමනුෂ්‍ය බලපෑම් තියනවා, මානසික ඒවාට බොන බෙහෙත් උපදේශනය හරි යනවා නමුත් අමනුස්ස බලපෑම් වලට බොන බෙහෙත් උපදේශනය හරි යන් නැ, ඇමරිකාවෙත් අමනුස්ස කර දර අයින් කරන්න වෙනම සංවිදානය වෙච්ච සංගම් තියෙනවා, අමනුස්ස බලපෑම් වලට ඉස්පිරිතාලේට හරි ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම මොකද කියන්නේ කිසිම ලෙඩක් නැනේ නමුත් අමනුස්ස බලපෑම තියෙනවා, ප්‍රශ්නේ කට්ටඩියෝ කියල ඉන්නේ තක්කඩියෝ, ආටානාටිය කියලා කියලා රතන සුත්‍රේ කියල ගොඩින් බේරගන්න පුළුවන් ඒවා තොවිල් නටල සල්ලිත් වියදම් කරන් ප්‍රශ්නෙත් වැඩි කරන් ඉස්පිරිතාලේත් ගිහිල්ලා කිසිම ලෙඩක් නැ කියල අහගෙන පිස්සුත් හදන තමයි කෙල වෙන්නේ
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    අර බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන හාමුදුරුවන්ටත් මේක වෙන්නැති තියන ලෙඩේ

    beautiful mind එකේ කියනෙත් මේ ලෙඩේ ගැන:yes:

    A Great film. based on a true story.
    කෞද බං ඒ හාමුදුරුවො?:eek:

    Beautiful Mind :D :D

    :yes::yes:
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    සමහරුන්ට මානසික ලෙඩ තියනවා සමහරුන්ට අමනුෂ්‍ය බලපෑම් තියනවා, මානසික ඒවාට බොන බෙහෙත් උපදේශනය හරි යනවා නමුත් අමනුස්ස බලපෑම් වලට බොන බෙහෙත් උපදේශනය හරි යන් නැ, ඇමරිකාවෙත් අමනුස්ස කර දර අයින් කරන්න වෙනම සංවිදානය වෙච්ච සංගම් තියෙනවා, අමනුස්ස බලපෑම් වලට ඉස්පිරිතාලේට හරි ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවහම මොකද කියන්නේ කිසිම ලෙඩක් නැනේ නමුත් අමනුස්ස බලපෑම තියෙනවා, ප්‍රශ්නේ කට්ටඩියෝ කියල ඉන්නේ තක්කඩියෝ, ආටානාටිය කියලා කියලා රතන සුත්‍රේ කියල ගොඩින් බේරගන්න පුළුවන් ඒවා තොවිල් නටල සල්ලිත් වියදම් කරන් ප්‍රශ්නෙත් වැඩි කරන් ඉස්පිරිතාලේත් ගිහිල්ලා කිසිම ලෙඩක් නැ කියල අහගෙන පිස්සුත් හදන තමයි කෙල වෙන්නේ

    ඇමරිකාවෙ ඕව තිබ්බට තියෙන්නෙ සුලු වශයෙන්, ඒත් ඒ රටවල මිනිස්සු අපේ රටේ වගේ බලි තොයිල් නටන්න යන්නෙ නෑ බං.:lol:
    අනික එහෙම ලෙඩෙක් අරගෙන ඉස්පිරිතාලෙකට ගියහම ලෙඩක් නෑ කියනවනම් ඒ ඉස්පිරිතාලෙ ගැන අයෙත් පාරක් හිතල බලන්න වෙයි,,
    :eek::eek:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙක ලෙඩක් වෙන්න පුළුවන් එත් මන් අහලා තියෙනවා මෙ ලෙඩෙ තියෙන උන් ගොඩාක් බුද්ධිමත් දාර්ශනික මට්ටමට පවා එන්න ඉඩකඩ තියෙනවා කියලා.
    අර බියුටිෆුල් මයින්ඩ් කියන ෆිල්ම් එකෙත් පෙන්වන්නෙ ඒ වගෙ කෙනෙක්ගෙ සත්‍යකතාවක්

    ශ්‍රි නිවාස් රාමානුජන්ව මතක් උනා ආර්ටිකල් එකෙ මෙන්න මෙ කොටස දැක්කාහම

    "-තවත් සමහරුන් තමන්ට දෙවියන් කතාකරන සේ පෙනේ."

    ශ්‍රිනිවාස් රාමානුජන් කියන්නෙ ගණිතඥයෙක් ,බ්‍රිතාන්‍ය රාජකීය සංගමෙ අධි සාමාජිකත්වය ගත්ත දෙවෙනි ඉන්දියානුව,
    මිනිහා ප්‍රසිද්ධ වෙන්නෙ ගණිතයෙ ශ්‍රෙණි වලට,
    මිනිහා ගැන ෆිල්ම් එකකුත් හැදුනා "ද මෑන් වූ ක්නිව් ඉන්ෆිනිටි" කියලා

    පොර එච්චර ශාස්ත්‍රීය අධ්යාපනය පැත්තෙන් වැඩ්ඩෙක් නෙමෙ,
    ඉස්කොලෙ ගිහින් නැහැ හරියකට,
    ගණිතය තනියම ඉගෙන ගෙන තියෙන්නෙ ඒකත් තමන් කැමති විෂය කොටස් විතරයි.
    ඉතිං පොරගෙන් ඇහැව්වාහම් සමීකරණ කොහොමද ලියන්නෙ කියලා පොර කියන දෙ තමා
    නාමගිරි කියන දෙවඟන එයාට හීනෙන් ඇවිත් කියනවා කියලා.