භින්නෝන්මාදය හෙවත් Schizophrenia
භින්නෝන්මාදය හෙවත් Schizophrenia
මෙම රෝගය කවුරුත් දන්නා පරිදි මානසික රෝගයකි.නමුත් මෙම රෝගය වැලදුනු පුද්ගලයාගේ අසමාන්‍ය හැසිරීම් රටාව නිසා බොහෝ දෙනා සිතන්නේ මෙය රෝගයක් නොවන බව හා යක්ෂ, භුත බලපෑමක් නිසා සිදුවූ දෙයක් ලෙසයි.. මෙහි අභාග්‍යසම්පන්න තත්ත්වය මෙයයි. ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ දැනුම මානසික රෝග සම්බන්දයෙන් ඇත්තෙ ඉතා අඩු මට්ටමකිනි.
මෙම ලිපියෙහි අරමුණ වන්නේ ලංකාවේ ජනතාවට මෙම රෝගී තත්ත්වයන් පිලිඹදව යම තරමක හෝ දැනුමක් ලබා දීමයි.. එමගින් විශාල මුදල් ප්‍රමානයක් එම රෝගියා සිටින පවුලට ඉතිරි කර ගත හැකිවන අතරම රෝගියාටද ඉක්මනින්ම ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන නිසා රෝගයද ඉක්මනින්ම නිසිප්රතිකාර ලැබී පාලනය වෙනු ඇත.
මෙම රෝගය අනෙක් මානසික රෝග හා සසදන විට තරමක් පාලනයට අපහසු රෝගයකි. නමුත් නිසි ප්‍රතිකාර මුල් අවදියේදීම ලබා දුනහොත් රොගියාට මුහුනපෑමට සිදුවන සමාජීය ගැටලු අවම කරගෙන සාමන්‍ය දිවියක් ගෙවීමට හැකි වනු ඇත.
භින්නෝන්මාදය ප්‍රධාන වශයෙන්ම වැලදෙන්නේ වයස අවු 14-35 කාල සීමාවේ පසුවන පුද්ගලයන්ටයි.. එහිදීත් පිරිමි අය වැඩිපුර රෝගයට ගොදුරු වේ. යම් අයෙකුට තම ජීවිත කාලය තුල schizophrenia රෝගය වැළදීමෙ හැකියාව 1000 දෙනෙකුට 10 දෙනෙකි.
රෝගයේ මුල් අවදියේ රෝග ලක්ෂන…
මෙම රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂනයක් වන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ විශ්වාසයන්ට පරිබාහිර වූ පිලිගත නොහැකි අන්ද විශ්වස වල එල්බගෙන සිටීමයි.(Delusions)
උදා-
-ඔහුගේ සිත වෙනත් ආයතනයක් මගින පාලනය කරන බව සිතීම.
-තමා පිටසක්වල ජීවීන් සමග සම්බන්ධ වන බව සිතීම.
-යම්කිසි සිදුවීමක්, යම්කිසි වස්තුවක්, හෝ දෙදෙනෙකු අතර ඇතිවන දෙබසක්, තමා ගැන විශේෂිත වු සම්බන්ධයක් ඇතිව සිදුවෙතැයි සිතීම.(delusion of reference)
-තමාට තම සිතුවිලි මගින් අන්යන් සමග කතා කල හැකි යැයි සිතීම.
-තමාව ඝාතනය කිරීම සදහා අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණ පවතින බව සිතීම හා එම සිතුවිලි වලට අනුකූලව ජීවත් වීමට යෑම
තවද, සමහර රෝගීන්ට දෘෂ්‍ය හා ශ්‍රවණ මායාවන්ද (Visual & Auditory Hallucinations) රෝග ලක්ෂණ ලෙස පැමිනේ.
උදා-
-යමෙකු තමාට කතාකරන බව ඇසීම. නමුත් සත්‍ය වශයෙන් එවැනි කතාකරන කෙනෙකු නැත.
-තවත් සමහරුන් තමන්ට දෙවියන් කතාකරන සේ පෙනේ.
-තවද මියගිය අය සමග හා ලෝකයේ බලවත් මින්සුන් සමග තමා සිටිනා සේද දකී. නමුත් Visual Hallucinations ඇති රෝගීන් සිටින්නේ අඩුවෙනි.
තවද,
-තනි නිහඩ ජීවිතයක් ගත කිරීම.(Social Withdrawal)
-උදාසීනකම (Apathy) ද, මෙම රෝගයේ ලක්ෂනයි.
මෙම රෝගය උත්සන්න වූ අවස්තාවලදී සමහර රෝගීන් සිහිමුලා තත්වයට (Stupor)පත් වේ. එහිදි සමහර විට ඔවුන් කතා නොකර සිටීම, නොකා නොබී සිටීම වැනි දේවල් කල හැක. තවත් සමහරු (Ex-Paranoid Schizophrenic) තමන්ටත් අන් අයටත් හානිදායක ලෙස හැසිරිය හැක. එවැනි අවස්තාවල කලයුතු සුදුසුම දෙය වන්නේ රෝගියාව හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යෑමයි.
මෙම රෝගයට හෙතුව වන්නෙ මොළයේ සිදුවන ස්නායු සම්ප්‍රේෂකවල (Neuro-transmitter) ඇතිවන අසමතුලිත භාවයකි. මෙය සාමන්‍ය සමතුලිත භාවයට පත්කරගතහොත් රෝගියාගෙ රෝගලක්ෂන පාලනය වී රෝගය පාලනය වේ. නූතන ඖෂධවලින් සිදුවන්නේ එයයි. කෙසේනමුත් මෙම රෝගයට ගන්නා වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලබාගත යුතුය.
නූතන මනෝ වෛද්‍ය විද්‍යාව ඉතා දියුනු නිසා මෙම රොගීන්ගේ ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මායාවන් වලට ප්‍රතිකර්මයක් ලෙස Cognitive Behavior Therapy (CBT) යොදා ගනී.එහිදී රෝගියාගේ මනස මෙම Hallucinations, Hallucinations ලෙස හදුනාගෙන ඒවා නොසලකා සිටීමට සිත පුරුදු කරනු ලබයි.
මෙම භින්නෝන්මාද රෝගීන් බොහෝවිට රෝහල්වලට පැමිනෙන්නේ වෙනත් විකල්පයක් නැති වූ විටය. ඒ වනවිටත් ඔවුන් මෙම රොගියා සදහා අතිවිශාල මුදලක් වැයකොට හමාරය. මෙය රෝගයක් නොව යක්ෂ හෝ ප්‍රේත බලපෑමක් සේ සලකා බොහෝ මිනිසුන් තම කාලය හා මුදල් නාස්තිකර ගනී.
------උපුටා ගැනීමකි-----

Last edited:
තමාව ඝාතනය කිරීම සදහා අන්තර්ජාතික මට්ටමේ කුමන්ත්‍රණ පවතින බව සිතීම හා එම සිතුවිලි වලට අනුකූලව ජීවත් වීමට යෑම