භීෂණයෙ අනුස්මරණය

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    භීෂණයෙ අනුස්මරණය

    21192801_1575595422527300_3833063065022245129_n.jpg


    ගිණිගත් රැය
    (භීෂණයෙ අනුස්මරණය)

    88/89 මතක් කරල දෙන පොටො එකක්
    ඉස්සර අපි ගම්වල ඉන්න කොට පල්ලෙහා පරෙන් ඇහෙනව ලයිට් නිවාගනින් යකො ඉටිපන්දන් පහන් නිවාපං තොපිට සිංහල තෙරෙන්නැද්ද මැරුං කන්නද හදන්නෙ කියල. ඒ ජවිපෙ කැලෑ නීතිය මගින් ඇදිරි නීතිය දැම්මම. අම්ම එතකොට සාලෙ තිබ්බ පහන් නිවල මල්ලිත් කිහිල්ලෙ ගහන් යනව කාමරෙට ගිහින් දොර වහන් ඌට කිරි පොවනව

    මම ඉතිං කරුවලෙම ජනෙලෙ රෙද්ද එහෙට මෙහෙට කරල බැලුවම පේනව හුලු අතු දෙක තුනක් වන වන කට්ට්ටිය පල්ලෙහා පාර පැත්තෙන් එනව. ඒ කාලෙ මොබයිල් නෑ ටැලිෆොන් ලයින් තිබ්බෙත් සමහර ගෙවල් වලට විතරයි.

    ඒ දවස් වල පොටො එකයි පොටො එකට අදාල කට්ටියයි දෙක්ම ඒ කාලෙ දෙවල් මතක් කරන්නෙ වෙනස ඒ කාලෙ රැයයි දවාලයි දෙකම ගිණි ගන්නව දවල්ට පාරෙ බස් ගිනි ගනව තැපැල් කන්තෝරු ප්‍රා.ලේ කාර්‍යාල ට්‍රාන්ස්ෆොමර් ගිනි ගන්නව

    රෑට ටයර් උඩ මීනී. හුලු අතු පත්තු කරන රෑට කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න එලියට බහින ජේවිපී කාරයො

    එදා රැයයි දවාලයි දෙකම ගිනි තිව්ව පිරිසක් අද එක රැයක් ගිණි තියල. අමුඩ ගස්සල ගොවියි කඩේ යැව්ව දිනා ගත්ත දෙයක් නෑ. කාඩ් බෝඩ් පෙට්ටි වලට බස්සල පොඩි උන් පෙල පාලි යැව්ව, දැන් කැම්පස් කොල්ලො ලව්ව පන්දන් පත්තු කරවල. නංගියෙ මල්ලියෙ මුන්ට පන්දන් අල්ලන්න ගිය උඹලගෙ නැන්දල මාමාල ගියේ ටයර් උඩින් කියල මතක තියා ගනිල්ල.



    උපුටා ගැනීම​
    https://www.facebook.com/k.ddilip789?hc_ref=ARRj3qhtHzIaL3IkNpYoQOja2H-_qkB01G19M9v8k5D1UmRMCnd7exDa70ujtWVtOEk
     
    • Like
    Reactions: saja

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජේවිපී කියන්නෙ කටීන් බතල හිටවන ජාතියක්. ආණ්ඩු පෙරලනවා. කාවහරි ජනධිපති කරනවා. ඊට පස්සේ උන්ව විවේචනය කර කර ඉන්නවා. එක පාරක් ජේවීපී එකට ඇමතිකම් වගයක් ලැබුනා. ඒක කරන්න බැහැ කියලා ඉවත් වුනා. කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නැති, හැම වෙලේම විවේවනය කර කර ඉන්න අඩු කුලේ පර හැත්තක් ඒ පක්‍ෂේ ඉන්නෙ. විජේවීරගේ ලගින් තියන්න වටින්නෙත් නැ ,මුන්ව​
     
    • Like
    Reactions: saja

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    සයිටම් එකට අපිත් විරුද්ධයි. ඒත් මේවා නම් ගොන් ජෝක්ස් විතරයි.

    මේ ප්‍රශ්නෙ පාර්ලිමේන්තුවෙයි කැබිනට් එකෙයි විසඳගන්න ප්‍රශ්නයක් මිසක් මෙහෙම පිස්සු කෙලලා විසඳගන්න පුළුවන් දේවල් නෙවෙයි. මුන් මේ බොරදියේ මාළු බාන්න හදන්නෙ. ලයිට් තියාගෙන පන්දම් උස්සන් යන්න තැනට ලන්කාවේ සමාජවාදය වැටිලා තියෙන්නෙ. ජෙප්පොත් එකයි පෙරැට්ටොත් එකයි මුන් ඔක්කෝටම පිස්සු.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සයිටම් එකට අපිත් විරුද්ධයි. ඒත් මේවා නම් ගොන් ජෝක්ස් විතරයි.

    මේ ප්‍රශ්නෙ පාර්ලිමේන්තුවෙයි කැබිනට් එකෙයි විසඳගන්න ප්‍රශ්නයක් මිසක් මෙහෙම පිස්සු කෙලලා විසඳගන්න පුළුවන් දේවල් නෙවෙයි. මුන් මේ බොරදියේ මාළු බාන්න හදන්නෙ. ලයිට් තියාගෙන පන්දම් උස්සන් යන්න තැනට ලන්කාවේ සමාජවාදය වැටිලා තියෙන්නෙ. ජෙප්පොත් එකයි පෙරැට්ටොත් එකයි මුන් ඔක්කෝටම පිස්සු.

    :yes::yes::yes::yes: