භූගත බංකරයක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    කිලිනොච්චිය,පලෙයි,අරසන්කේනි ප්‍රදේශයේ තිබි එල්ටීටීඊ සංවිධානයට අයත් භූගත බංකරයක් ඊයේ(23) සොයාගෙන ඇති බව පලෙයි ආරක්ෂක අංශ පවසනවා.

    ඉඩමක අයිතිකරුවෙකු විසින් අතහැර දමා තිබු සිය ඉඩම නැවත පවිත්‍ර කරන අවස්ථාවක අදාළ භූගත බංකරය දැක ඇති අතර, අනතුරුව ඉඩම් හිමිකරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව සඳහන්.

    සොයාගත් භූගත බංකරය අඩි 35 ක් පමණ ගැඹුරින් යුතු වන අතර, ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවද පලෙයි ආරක්ෂක අංශ පැවසුවා.

    එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවස්ථාවේ ගුවනින් හෙලන බෝම්බවලින් ආරක්ෂාවීම උදෙසා භූගත බංකර රැසක් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ ඉදිකරනු ලැබුවා.

    සොයාගත් බංකරය ද එවැනි ආකාරයේ බංකරයක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව සඳහන්.

    මම වගේ නම් කාටවත් නොකිය ඇතුලේ හදනවා සුපිරි බංකරයක්. :yes::yes: