රෙද්දේ රෙවිලා ඉන්න ලංකාවට මේ වෙනකොටත් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඛණිජ තෙල් මිලට ගැනීම විශාල ගැටළුවක් වෙලා ඉවරයි. ලෝකෙම පෙට්‍රෝලියම් වලින් ඈත් වෙලා පුනර්ජනනීය බලශක්තිය දිහාට යොමුවෙන මේ කාලේ, ලංකාවටත් ඒ පැත්තට අඩිය තියන්න පුලුවන්ද කියලා සාදාරන විග්‍රහයක් කරමුද?
ඩබ්. ඩී. විමලසුරේන්ද්‍ර මහත්තයාට පින් සිද්ද වෙන්න ලංකාවේ ඇරඹුණු ජල විදුලි බලාගාර නිසා, මීට අවුරුදු 15කට විතර කලින් ලංකාවේ බහුතරය තිබුනේ පුනර්ජනනීය බලශක්තියට.
මෙගාවොට් 900ක ලක්විජය ගල් අඟුරු බලාගාරය, 200ක SKPL වගේ දුර නොදක කරපු මොට්ට project වලට පින්සිද්ද වෙන්න ලංකාව තවදුරටත් කාබන් දහනය කරන ප්‍රතිශතය වැඩි කරගන්න සමත් වුනා. 2017 වෙනකොට ලංකාවේ විදුලිය 52%කට වඩා නිෂ්පාදනය කලේ පෙට්‍රෝලියම් හෝ ගල් අඟුරු දහනය කරලා. ඒ කියන්නේ සම්පුර්ණයෙන්ම රටේ නැති ශක්ති ප්‍රභවයක් පාවිච්චි කරලා. දුර නොදක කරපු මේ වගේ වැඩ නිසා තමා ඩොලර් නැති වුනාම දවසෙන් බාගයක් විදුලිය නැතිව ඉන්න මුල් වුනේ. ඉස්සරහට කොහොමත් ලංකාවට ඩොලර් නැති වෙනවා. සුළං විදුලි බලය සහ සුර්ය විදුලි බලය තමා ඉදිරියේදී එකම පිහිටට තියෙන්නේ වහින්නේ නැති වුනොත්. ඒ වගේම ජල විදුලිය සහ සුලන් විදුලිය නිපදවන්න පුළුවන් ප්‍රමාණය බොහොම සීමා සහිතයි. ලංකාවේ ලොකු potential එකක් තියෙන්නේ ඉස්සරහට සෝලාර් එහෙම නැති නම් සූර්ය විදුලිය තමා.
තවත් ලංකාවට විකල්ප බලශක්තියක් හොයාගෙන යනකොට හම්බෙන දෙයක් තමයි ජියෝ-තර්මල් එනර්ජි එහෙම නැතිනම් දැන් මේ සාකච්චාවට ගන්න හදන භුතාපජ ශක්තිය. පොලවේ අභ්‍යන්තර තියන තාපය පොලව මතුපිටට ගෙනල්ලා, වාෂ්ප බලයෙන් ටර්බයින් එකක් කරකවලා තමයි මුලිකවම මේකෙදි ශක්තිය නිපදවන්නේ. මුළු මනුෂ්‍ය ශිෂ්ටාචාරයටම තව අවුරුදු මිලියන ගානක් යනකල් විදුලිය නිපදවා ගන්න පුළුවන් පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍රයක් තමා මේක.
පහල තියෙන්නේ ඩුවල් ෆ්ලෑෂ් කියන ක්‍රමයට හදපු ජියෝ-තර්මල් විදුලි බලාගාරයක දළ සටහනක්
1. පොළව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ජලය උකහා ගැනීම.
2. පීඩනය අඩු කර, වාෂ්ප බවට පත් කිරීම.
3. වාෂ්ප මගින් ටර්බයිනය කරකවා, ජෙනරේටරයෙන්න විදුලිය නිපදවීම.
4. ටර්බයිනය කරකැවීමට යොදාගත් ජලවාෂ්ප සිසිල් කිරීම.
5. සිසිල් කල ජලය නැවත පොළව අභ්‍යන්තරයට විදීම
මේකේ මේ අවසාන පියවරේදී හරියට balance කරලා ආපහු විද්දේ නැති නම්, කාලයක් යනකොට ඒකෙන් පාරිසරික බලපෑමක් වෙන්න පුළුවන් කියනවා සමහර බුවාලා. සිංගල් ෆ්ලෑෂ් ක්‍රමේට සහ ඩ්‍රයි සිංගල් ක්‍රමේට මේ වැඩේ කරනකොට එහෙම වෙන්න පුළුවන් කියලා සමහර බුවාලා අදහස් දක්වනවා. (භූමි කම්පා, යමහල්, සහ වතුර සිඳී යාම්) නමුත් හරියට සමතුලිතතාවය පවත්වාගෙන යනවා නම් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා තමා ඒ සමහර බුවාලා කියන්නෙත්. ඉතිං මේක කිසිම ශබ්ධයක්, විමෝචනයක්, නැති නිසා සුලන් විදුලි බලයටත් වඩා පරිසර හිතකාමියි කියලා තමා කියන්නේ. ඒ වගේම හිල හාරගත්තට පස්සේ, පට්ටම ඉකොනොමිකල් කියනවා. "ලෝකේ ඕනෑම තැනක"උපරිම කිලෝ මීටර් දහයක් හාරලා, ජියෝ-තර්මල් එනර්ජි ගන්න පුළුවන් උණුදිය ජලාශයක් නිරාවරණය කරගන්න පුළුවන් කියනවා.
නමුත් මේකට ලෝකේ වැඩිපුර යොමු වෙන්නේ නැත්තේ ඇයි?
පොලව කිලෝ මීටර් දෙකක්, තුන හතරක් හෝ ඊටත් වැඩි ගණනක් හාරන්න වෙන එක ඉතාම වියදම් අධික වැඩක් නිසා. වැඩිවෙන කිලෝ මීටරයක් ගානේ, වියදම අහස උසට නගිනවා. පට්ට තද පාෂාණයක් අහු වුනොත්, වියදම හිතාගන්න බැහැ පාෂාණය හාරාගෙන ගිහිල්ලා ඉවර වෙනකල්ම. උද අර තියන පස්වෙනි පියවර වගේ ආපහු වතුර පොලව ඇතුලටත් විදිනවා නම්, හිල් දෙකක් නිසා වියදම දෙගුණයක් වෙනවා.
නමුත්, ලෝකේ සමහර තැන් තියනවා වැඩිය පොලව හාරන්නේ නැතිව, හෝ සමහර වෙලාවට පොලව හාරන්නෙම නැතිව, ජියෝ-තර්මල් ශක්තිය පාවිච්චි කරලා විදුලිය නිපදවන්න පුළුවන් තැන්. ඒ තැන් බොහෝ විට ලෝකේ තියන ප්ලේට් එකිනෙක ගැටෙන තැන්. අයිස්ලන්තේ එහෙම මාර විදියට මේක පාවිච්චි කරනවා ඒ නිසා. එකේදී බලන්නේ පොලව මතුපිටටම උණු ජලය එන තැනක් බලලා, සෙටප් එක අටවන එක.
අන්න එතැනදී, ලංකාවෙත් උණුදිය උල්පත් තියන තැන් හතක් තියනවා නේද දෙයියනේ කියලා පත්තු වෙනවා.
මේ වගේ තැන වල භූගත උණුසුම් ජලාශය පොළව මතුපිටට බොහොම ආසන්නයේ හොයාගන්න පුළුවන්. උදාහරණයකට, රංගිරි උල්පත දිහා සෙල්සියස් 75කට අධික උෂ්ණත්වයක් තියනවා ලු පොලව මතුපිටට එන වතුර වලත්. ඒ කියන්නේ, හාරන්නෙම නැතිව වුනත් විදුලිය නිපදවන්න පුළුවන් "බයිනරි" ක්‍රමේට ජියෝ-තර්මල් එනර්ජි පවර් ප්ලාන්ට් එකක් ගැහුවා නම්.

සාමාන්යෙන් ඔය ෆ්ලෑෂ් ක්‍රමේට විදුලිය නිපදවනකොට උණුදිය ජලාශය සෙල්සියස් 150ක් වත් වෙන්න ඕන. කිලෝමීටරයට සාමාන්යෙන් සේල්සියස් 35ක් උණුසුම වැඩි වෙනවා කියනවා පහලට හාරනකොට. බයිනරි ක්රමේදී පොළවෙන් ගන්න උණු වතුර වාෂ්ප කරන්නේ නැතිව, සෙල්සියස් 70දී, 80දී වාෂ්ප වෙන ද්වීතික ද්‍රාවණයක් පාවිච්චි කරනවා.