මංගල්යාන්_පෘථිවි_කක්ෂයෙන්_මිදේ
මංගල්යාන්' පෘථිවි කක්ෂයෙන් මිදේ
අඟහරු ලොව බලා යන පළමු ඉන්දීය චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයෙන් පිටවී, අපේ අසල්වැසියා වෙත ගමන් අරඹා තිබේ.
ඩොලර් හත් කෝටි විසි ලක්ෂයක් වැය කොට තිබෙන මංගල්යාන් ලෙසින් හැඳින්වෙන ගමනේ අරමුණ අඟහරු ග්‍රහයාගේ කක්ෂය කරා ළඟා වීමේ තාක්ෂණික හැකියාව ඉන්දියාව සතු බව හුවා දැක්වීමයි.
ග්‍රහ වස්තුව මතුපිට ඛනිජ සංයුතිය අධ්‍යයනය කිරීමත්, අඟහරු වායු ගෝලයේ මීතේන් වායුව සොයා බැලීමත් යානය විසින් කැරෙනු ඇති.
ගගන තාක්ෂනය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව චීනය සමග තරග වදිමින් සිටී.
දෙවසරකට ඉහතදී චීනය විසින් අඟහරු බලා ගුවන් ගත කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයෙන් මිදීමට සමත් වුනේ නැහැ. එය අභ්‍යවකාශයේ දී ගිනි බත් විය.
BBC Sinhala Sandeshaya

Last edited: