මංගල්ලෙ ළඟ එන අයට

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මංගල්ලෙ ළඟ එන අයට

    මංගල්ලයක් කියන්නේ ඉතින් ලේසි පහසු කටයිත්තක් නෙවෙයි නේ. මමත් ඉතින් දැනට මාස කිහිපයකට කලින් විවාහ පත් උනා. ඉතින් ජීවිතේටම එක සැරයක් උදාවෙන මේ අවස්ථාව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් අයට තියන ගැටලුව. ඉතින් මටත් පුළු පුළුවන් විදියට ඉදිරියට විවාහ පත් වෙන්න බලාපොරොත්තු වෙන සහෝදර සහෝදරියන්ට පොඩි උදව්වක් විදියට මගේ විවාහයට ගිය ගණන් හිලවු පල කරන්න. ගොඩක් දෙනෙක්ට පැහැදිලි අදහසක් නැහැ මොනවද යන වියදම් කියල. අන්න ඒ නිසා අපි දෙන්නට වියදම් උන හැම සතේම අපි ගුගල් දෙයියගේ ඩොකියුමන්ට් එකක තැන්පත් කරා. ෆෝන් රජගෙන් සට සට ගාල දාගන්න පුළුවන් නිසා තමයි ඒක බාවිතා කරේ. නමුත් ඉතින් මම මේක බාගත කරලා එක්සෙල් එකක් විදියට තමයි දෙන්නේ. මේ තියන්නේ මට ගිය වියදම්.

    මෙතනින් බලන්න

    ඒ වගේම අපි දෙන්න ගොඩක් දවස් ඉඳල මංගල්ලෙ සැලසුම් කරන දේවල් අපි තව ගූගල් ඩොකියුමන්ට් එකකට දාගත්ත. අන්න එකත් එතනම තියනවා.
    අනිත් අයටත් බලන්න බම්ප් එකක් එහෙම දාගෙනම යන්න එහෙනම්.:):):)
    සුබ දවසක්!
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    අඩේ මේකේ ඉස්සෙල්ලම පොස්ට් එක දාපු ජපන් කොඩිය ගැන නිතරම හිතන අන්කල් තමයි මට එලකිරියට ආපු පලවෙනි දවසෙම හම්බ වුන කෙනා. එය බැදලත් දැන් අවුරුදු 10 කට වැඩි මං හිතන්නේ. වැඩිය දැන් එලකිරියට එන්නෙත් නෑ. ආවත් මේ වගේ ත්‍රෙඩ් වල විතරයි. ඇන්ටි මේවා දන්නවද දන්නේ නෑ. rep+
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අඩේ මේකේ ඉස්සෙල්ලම පොස්ට් එක දාපු අන්කල් තමයි මට එලකිරියට ආපු පලවෙනි දවසෙම හම්බ වුන කෙනා. එය බැදලත් දැන් අවුරුදු 10 කට වැඩි මං හිතන්නේ. වැඩිය දැන් එලකිරියට එන්නෙත් නෑ. ආවත් මේ වගේ ත්‍රෙඩ් වල විතරයි. ඇන්ටි මේවා දන්නවද දන්නේ නෑ. rep+

    කවුද බං. ලක්නාත් මාම ද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බදින්න ඉන්න උන්ට කියන්නේ ලෝකෙට පෙන්න ණයවෙලා වෙඩින් අරන් පස්සේ මංගල්ලේ අවමන්ගල්ල්යක් කරගන්න එපා .

    පුළුවන් හැටියට චාම්ව වෙඩින් එක අරන් ඉතුරුවෙන සල්ලි අනාගත ජීවිතේ වැඩවලට යොදවන්න .
    සල්ලි වල පිනුම් ගහන උදවියට අදාළ නැත .:)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මම නම් බැන්දේ හදපානේ .:P මොන වෙඩින්ද? ඒ දවස් වල අපේ ගෙවල් දෙපැත්තෙන්ම පට්ට කේස්. ඒ නිසයි හදපානේ යන්න හිතුවේ. හැබැයි බැන්දට පස්සේ හැම දෙයක්ම ශේප් කරගෙන අපි අපේ ගමන හිමීට ආවා. බැදලා අව්රුදු පහකින් වගේ මම මගේම තැනක් හද ගත්තා. ඒ හදාගෙන මුලින්ම පදින්චි උන දවසේ සුපිරි ෆන් එකක් ගත්තා. අම්මලා තාත්තලත් ඔක්කොම ශේප්.
    පුළුවන් තරම් වෙඩින් චාම්ව ඇරගෙන සල්ලි ඉතුරු කරගන්න බලපල්ලා. ඒ සල්ලි බැන්දට පස්සේ අනිවා මාර විදියට උවමනා වෙනවා ජීවිතේ ගොඩ යන්න. අත් දැකීමෙන් කියන්නේ
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ගොඩක් ස්තූතියි. මේ රටේ වෙඩින් මාෆියාවක් බන් තියෙන්නෙ. බලපන් ෆොටෝ දෙක තුනක් ගහලා දෙන්න අයකරලා තියෙන ගාන ? පුළුවන් තරම් වෙඩින් වලින් ගරං කන එවුන් මග ඇරලා චාමෙට මගුල ගනිල්ලා. දැන් ට්‍රෙන්ඩ් එක කොහොමත් තියෙන්නෙ වෙඩින් එක වෙනුවට අසරණ පවුලකට ගෙයක් හදලා දෙන්න , ට්‍රැවල් කරන්න වගේ දෙයකට. ඉස්සරහට මේවා හොද අතට හැරෙයි
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද කාලෙ වෙඩින් කියන්නෙ ලෝකෙට පේන්න කරන අමුතු නාඩගම් ජාතියක්. ණය වෙලා ලක්ෂ ගාණක් කුඩු කරල වෙඩින් අරන් ඊට පස්සෙ හිඟා නොකා හිඟා කනවා. :dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සල්ලි තියන අය විතරක් වියදම් කරන්න නැති අය ඒ වියදම් වෙන මුදල තම මතුදියුණුවට යොදවන්න පුතී
     
    මම නම් බැන්දේ හදපානේ .:P මොන වෙඩින්ද? ඒ දවස් වල අපේ ගෙවල් දෙපැත්තෙන්ම පට්ට කේස්. ඒ නිසයි හදපානේ යන්න හිතුවේ. හැබැයි බැන්දට පස්සේ හැම දෙයක්ම ශේප් කරගෙන අපි අපේ ගමන හිමීට ආවා. බැදලා අව්රුදු පහකින් වගේ මම මගේම තැනක් හද ගත්තා. ඒ හදාගෙන මුලින්ම පදින්චි උන දවසේ සුපිරි ෆන් එකක් ගත්තා. අම්මලා තාත්තලත් ඔක්කොම ශේප්.
    පුළුවන් තරම් වෙඩින් චාම්ව ඇරගෙන සල්ලි ඉතුරු කරගන්න බලපල්ලා. ඒ සල්ලි බැන්දට පස්සේ අනිවා මාර විදියට උවමනා වෙනවා ජීවිතේ ගොඩ යන්න. අත් දැකීමෙන් කියන්නේ

    වයිප් යාලුවොන්ගේ සුපිරි වෙඩින් වලට ගියාම නාහෙන් අඩන්නේ නැද්ද බන්