මංගල ෂේනුකාව සුද්ද කරන්නේ මොකද ???
ෂෙනුකාගේ පත්වීම තාවකාලිකව අත්හිටුවයි !
තායිලන්ත තනාපතිනිය වශයෙන් ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
මිට අදාළ අවසන් තීරණය උසස් තනතුරුවලට පත්කිරීමේ පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශ මත ගන්නා බව පවසන නියෝජ්‍ය ඇමතිවරයා, මේ පත්වීම සම්බන්ධයෙන් පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡාවට නොගත් බවත් මීළඟ කමිටු රැස්වීමේදී එම කරුණ සාකච්ඡාවට භාජනය කරන බවත් කියා සිටියේය.
කැබිනට් මණ්ඩලය විසින් යම් තනතුරකට පත් කළ හෝ එමඟින් තීරණය කළ යම් තනතුරකට නම් කළ පුද්ගලයෙක් අදාළ තනතුරට පත් කිරීමට සුදුසුද යන්න පිරික්සුමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවයි.
ක්ෂෙනුෂ්කා සෙනවිරත්න මහත්මිය ඇයගේ ධූර කාලය තුළදී ජිනීවාහි නිත්‍ය නියෝජිතගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව සිදු කෙරෙන විමර්ශන නිම වීමට පෙර ඇය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන්, උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් විරෝධය පල කර තිබිණි.
2009 දී නිත්‍ය නියෝජිත වශයෙන් පත්වීමෙන් අනතුරුව ඇයගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව එල්ටීටීඊ ක්‍රියාකාරින්ගේ පාලනය යටතේ පැවැති සමාගමකට දෙන ලද බවට චෝදනා රැසක් එල්ල වී තිබිණි.
කෙසේවුවද පසුගියදා රුපවාහිනි සාකච්ජාවකට සහභාගිවූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ, ජිනීවාහි නිත්‍ය නියෝජිතගේ නිල නිවස ප්‍රතිසංස්කරණය සිදුකර ඇත්තේ ක්ෂෙනුෂ්කා සෙනවිරත්න මහත්මිය එම තනතුර බාර ගැනීමට පෙර බවයි.
(mirror.lk)

මංගලට කොහොමත් ලංකාවේ මංගල සීනූ හඩන්නේ නෑ දැන්මම.