මංගල ෂේනුකාව සුද්ද කරන්නේ මොකද ???

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මංගල ෂේනුකාව සුද්ද කරන්නේ මොකද ???

    10982411_823159397755379_3694999146677366309_n.jpg


    ෂෙනුකාගේ පත්වීම තාවකාලිකව අත්හිටුවයි !

    තායිලන්ත තනාපතිනිය වශයෙන් ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

    මිට අදාළ අවසන් තීරණය උසස් තනතුරුවලට පත්කිරීමේ පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශ මත ගන්නා බව පවසන නියෝජ්‍ය ඇමතිවරයා, මේ පත්වීම සම්බන්ධයෙන් පසුගිය කමිටු රැස්වීමේදී සාකච්ඡාවට නොගත් බවත් මීළඟ කමිටු රැස්වීමේදී එම කරුණ සාකච්ඡාවට භාජනය කරන බවත් කියා සිටියේය.

    කැබිනට් මණ්ඩලය විසින් යම් තනතුරකට පත් කළ හෝ එමඟින් තීරණය කළ යම් තනතුරකට නම් කළ පුද්ගලයෙක් අදාළ තනතුරට පත් කිරීමට සුදුසුද යන්න පිරික්සුමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවයි.

    ක්ෂෙනුෂ්කා සෙනවිරත්න මහත්මිය ඇයගේ ධූර කාලය තුළදී ජිනීවාහි නිත්‍ය නියෝජිතගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව සිදු කෙරෙන විමර්ශන නිම වීමට පෙර ඇය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන්, උසස් පත්වීම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් විරෝධය පල කර තිබිණි.

    2009 දී නිත්‍ය නියෝජිත වශයෙන් පත්වීමෙන් අනතුරුව ඇයගේ නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව එල්ටීටීඊ ක්‍රියාකාරින්ගේ පාලනය යටතේ පැවැති සමාගමකට දෙන ලද බවට චෝදනා රැසක් එල්ල වී තිබිණි.

    කෙසේවුවද පසුගියදා රුපවාහිනි සාකච්ජාවකට සහභාගිවූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ, ජිනීවාහි නිත්‍ය නියෝජිතගේ නිල නිවස ප්‍රතිසංස්කරණය සිදුකර ඇත්තේ ක්ෂෙනුෂ්කා සෙනවිරත්න මහත්මිය එම තනතුර බාර ගැනීමට පෙර බවයි.

    (mirror.lk)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් දැන් ශේනුකා හොද වෙලා විපක්ශෙ ඉද්දි මරාගෙන කන්ඩ හැදුවෙ , පව් ටොයියො රැල.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    Ane awlak ne, oya one kenek parh karanna, epa nam wena kenek path koranta. Aurudu 20 nethi una athal eka ganta. Ekarala hitan aye chandeka gihilla hansayawa polawe gahala uda paninna
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් දැන් ශේනුකා හොද වෙලා විපක්ශෙ ඉද්දි මරාගෙන කන්ඩ හැදුවෙ , පව් ටොයියො රැල.

    සමහර යුන්පි කාරයන්ට මේවා පෙන්නේ නැති එක මාර සින් ඒකතමයි. උබට බන් අවුලක් නැහැ එතින් ෂේනුක උබලගේ මිනිස්සු නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමහර යුන්පි කාරයන්ට මේවා පෙන්නේ නැති එක මාර සින් ඒකතමයි. උබට බන් අවුලක් නැහැ එතින් ෂේනුක උබලගේ මිනිස්සු නේ
    අපොයි පොයි ශේනුකා අපේ නෙමේ යහපාලන ටොයියන්ගෙ නැත්තන් තියාගෙන ඉන්නෙ නැනෙ,
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපොයි පොයි ශේනුකා අපේ නෙමේ යහපාලන ටොයියන්ගෙ නැත්තන් තියාගෙන ඉන්නෙ නැනෙ,

    ඇයි යකෝ අප්පච්චිගේ ලොකු පුතෙක් ඕකි නිසා නේද ක්‍රිස් නොනිස්ට ගැහුවේ. උබකගේ නෙන්යි කියන්නේ කොමද
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මංගල ෂේනුකාව කිව්වම මං හිතුවෙ ඔය මගල සීනුව, මංගල අල්තාරය වගේ මොකක් හරි දෙයක් ගැන කතාවක් කියලා.. බැලින්නං වෙන මඟුලක් :(
    කියෙව්වෙ නැත
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ♥-Aurora-♥;18119203 said:
    මංගල ෂේනුකාව කිව්වම මං හිතුවෙ ඔය මගල සීනුව, මංගල අල්තාරය වගේ මොකක් හරි දෙයක් ගැන කතාවක් කියලා.. බැලින්නං වෙන මඟුලක් :(
    කියෙව්වෙ නැත

    :lol: මංගලට කොහොමත් ලංකාවේ මංගල සීනූ හඩන්නේ නෑ දැන්මම.