100ක් දෙනාට කලින් යන්න අවස්ථාව හදල දීල 1000ක් දෙනා එක lane එකක හිර කරහ ම ඒක සාර්ථක වැඩපිළිවෙලක් වෙන්නෙ නෑ. පාරෙ තියන වාහන වලින් බාගෙකට වැඩියෙන් තියන්නෙ 3wheel සහ බයික්. ඒ ටිකයි බස් වලින් අදින සිය ගාන එක ලේන් එකකට දාල ඒ ලේන් එක අද සම්පූර්ණයෙන්ම හිර වෙලා තිබ්බ. ධකුණු පැත්තෙ ලේන් 2 සම්පූර්ණයෙන්ම හිස්. පාරක priority එක දෙන්න ඕනෙ පොදු ප්රවාන සේවයෙන් යන මිනිස්සුන්ට. ඊට පස්සෙ staff service වල යන මිනිස්සුන්ට. ඊට පස්සෙ මෝටර් සයිකල් වලට.(වැඩි ප්රමාණයක් තියන නිසා සහ එක පුද්ගලයෙක් පාරෙ ගන්න ඉඩ අඩුම වීම නිසා). පාරක වැදගත් කම අඩුවෙන්ම දෙන්න ඕනෙ 5 දෙනෙක් යන්න පුළුවන් වාහන වල එක්කෙනෙක් විතරක් යන අයට. හැබැයි කරල තියන්නෙ අනික් පැට්ත. කාර් වල තනියෙන් වැඩට යන සුළුතරය කලින් වැඩට ගිහිල්ල ගුණ ගායනා කරනව වැඩපිළිවෙල සාර්ථකයි කියල තව 70% ක් විතර පාරෙ හිර වෙලා ඉද්දි
අන්න එක තමා බන්

