මං ගත්තේ නෑ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
gossiplanka_2018-12-19-820.jpg

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකත්වය තමන් ලබා ගත්තේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් වෙත ඒ මහතා සදහන් කරන්නේ ඒ සදහා අයදුම් පත‍්‍රය පමණක් යොමු කර ඇති බවය.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු ලෙස සිටින බවද රාජපක්‍ෂ මහතා එහිදී සදහන් කර ඇත.

එමෙන්ම තමන් ශ‍්‍රීලනිප උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නේ යයිද ඒ මහතා වැඩි දුරටත් පවසා ….


:D:D:D:D
 
Last edited:
  • Like
Reactions: skymicro

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
බොරුවෙන් උපන් එකා, බොරුවෙන්ම ඉදලා බොරුවෙන්ම මැරිලා යයි.. මහේන්ද්‍රලා ඔක්කොම ඔහොම තමා.. ලොකු ටෝක් විතරයි..
 

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මිනිස්සු දේශපාලනයට එන්නේ රටට සේවය කරන්න. ඒ සේවය කරලා මං ඒක කළා මේක කළා කියලා තමන් කරපු වැරදි වහ ගන්න උත්සාහ කරනවා. අපේ රටේ මිනිස්සුත් අරයා ඒක කළා මේක කළා, ඒ නිසා හොරකං කළාට කමක් නැහැ කියන තත්ත්වෙට ඇවිල්ලා ඉන්නේ. මේ රට ගොඩදාන්න බැහැ මේ මජර දේශපාලනය නිසා. යහපත් මිනිස්සු දේශපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම ජාතිය ආගම උගසට තියලා දේශපාලනඥයන්ගෙන් රටට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. අපිත් සිංහල, බෞද්ධකම කියලා ලොකුවට ඔලුවේ තියාගෙන අයහපත් මිනිස්සුන්ට ඡන්දය දෙනවා පිල් බෙදිලා. නමුත් ඒ පිල් බෙදින්ලෙන් විනාශ වෙන්නේ ජාතියයි ආගමමයි. ආසන්නම උදාහරණයක් විදියට දෙමළ සන්ධානය රනිල් වික්‍රමසිංහ එක්ක ඉන්න නිසා කොටි ආපහු නැගිටිනවා. දෙමළ සන්ධානයේ මන්ත්‍රී කෙනෙකුත් මහින්ද ගාව ඉන්නවා. එතකොට මිනිහා කොටියන්ට සපෝට් නැද්ද. නැත්තං දෙමළ සන්ධානය මහින්දට සහාය දීලා අගමැතිකම දිගටම තියාගන්න උදව් කළා නම් එතකොට දෙමළ සන්ධානය කොටින්ට සපෝට් නැද්ද. මේවා මහා උභතෝකෝටික ගැටලු කවදාවත් විසදෙන්නේ නැති. අපි රාවණා රජ්ජුවරුවෝ හරි දියසේන කුමාරයා හරි ඇවිල්ලා රට මේ විපත්තිවලින් බේරගනියි කියලා තාවකාලිකව එදාට එදාට හිත සතුටු කරගෙන ඉමු...........
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ බැoකුව කඩල බිලියන 30ක් හොරාකාපු එකා අගමැතිකරගෙන චූන් වෙනව ගූ කුක්කො ලොල් :lol::lol: