මිනිස්සු දේශපාලනයට එන්නේ රටට සේවය කරන්න. ඒ සේවය කරලා මං ඒක කළා මේක කළා කියලා තමන් කරපු වැරදි වහ ගන්න උත්සාහ කරනවා. අපේ රටේ මිනිස්සුත් අරයා ඒක කළා මේක කළා, ඒ නිසා හොරකං කළාට කමක් නැහැ කියන තත්ත්වෙට ඇවිල්ලා ඉන්නේ. මේ රට ගොඩදාන්න බැහැ මේ මජර දේශපාලනය නිසා. යහපත් මිනිස්සු දේශපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම ජාතිය ආගම උගසට තියලා දේශපාලනඥයන්ගෙන් රටට කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. අපිත් සිංහල, බෞද්ධකම කියලා ලොකුවට ඔලුවේ තියාගෙන අයහපත් මිනිස්සුන්ට ඡන්දය දෙනවා පිල් බෙදිලා. නමුත් ඒ පිල් බෙදින්ලෙන් විනාශ වෙන්නේ ජාතියයි ආගමමයි. ආසන්නම උදාහරණයක් විදියට දෙමළ සන්ධානය රනිල් වික්රමසිංහ එක්ක ඉන්න නිසා කොටි ආපහු නැගිටිනවා. දෙමළ සන්ධානයේ මන්ත්රී කෙනෙකුත් මහින්ද ගාව ඉන්නවා. එතකොට මිනිහා කොටියන්ට සපෝට් නැද්ද. නැත්තං දෙමළ සන්ධානය මහින්දට සහාය දීලා අගමැතිකම දිගටම තියාගන්න උදව් කළා නම් එතකොට දෙමළ සන්ධානය කොටින්ට සපෝට් නැද්ද. මේවා මහා උභතෝකෝටික ගැටලු කවදාවත් විසදෙන්නේ නැති. අපි රාවණා රජ්ජුවරුවෝ හරි දියසේන කුමාරයා හරි ඇවිල්ලා රට මේ විපත්තිවලින් බේරගනියි කියලා තාවකාලිකව එදාට එදාට හිත සතුටු කරගෙන ඉමු...........