මං පොඩි කාලේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කැප් රෝල් දාන තුව්ක්කු, තව පොඩි රොකට් එකක් තිබ්බේ කැප් රොල් එක කෑල්ලක් තියල බිම ගැහුවම සද්දේ ඇහෙන.

    තව කැප් රොල් බිම තිය්ල ගලකින් ගැසීම.

    ඉස්සර කෝපි කඩේ බලන්න ආච්චිලයි ගෙදර යනවා එහේ තමයි ටීවි එකක් තිබ්බේ..කලුසුදු ටීවි එකක්. තව ගොඩක් අයත් එනව් පට්ට ආතල්

    :shocked::shocked: තෝ මටත් වඩා නාකියෙක්ද කොහෙද..... !! :P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: තෝ මටත් වඩා නාකියෙක්ද කොහෙද..... !! :P

    අපේ ගෙදර තිබ්බෙ කලු සුදු අගල් දාහතරේ ඩේට් රෝන් ටීවී එකක්. කාර් බැට්‍රියෙන් බලන්නෙ. ගෙදර ලයිට් තිබ්බෙ නෑ. සති දෙකකට සැරයක් බැට්‍රිය චාජ් කරන් එන්න ඕනි. අලුපාට වයර් වලින් ගැටගහල පොල්ලක් හරහට දාල තමයි උස්සන් යන්නෙ චාර්ජ් කරන්න මල්ලියි මායි.:)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කොලපත් පැද්දා.
    කුරියා ගහන්නේ නැති සරුංගලයක් සරුංගලයක් තනියම හදා ගන්න එක.
    චූටිම කලේ නම් ලස්සන කොම් පිට්ටු හදන එක.
    අවුව තියන දවසට හෙවනැල්ල තව එකෙක්ට කියලා ඇද ගන්න එක.
    පරණ සිවිලිම් කැල්ලක් හොයාගෙන කොල්ලෝ එක්ක ඩප්ප පනින එක (බට්ටෝ පනිනවා කියලා කියන්නේ).
    අරිකි මිරිකී:eek:
    ටින් කඩන එක (පිට්ටු කඩන එකේ අපේ version එක. සමන් ටින් ගත්තේ :D)
    තාරදී ගැසීම. (හැංගි මුත්තම් වගේ එකක්.)
    සෙට් එකේ කෙල්ලෝ හිටියේ නැති උනාට ගිනිසීරියා ලී කපාගෙන සෙල්ලම් ගෙවල් හැදුවා.
    පුඩලු ඇට හොය හොයා පුපුරවනවා.
    පුඩලු පැල ගෙනල්ල වත්ත අයිනේ ගල් වලින් වට කරලා පලකරලා පොඩි මල් පාත්ති හදාගෙන මල් පිපෙනකම් බලනවා.

    අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා. :Pපන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා:):lol:. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්‍රින්සිපල් තහනං කලා. :eek:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ශ්‍රීබෝයි බොම්බයි මුටයි කිව්වාමයි මතක් උනේ..

    ඉස්සර බොම්බයි මුටයි කාරය හොල්ල හොල්ල යන සීණුව අතට ගන්න හෙන ආසයි.. (රත්තරං පාට පොඩි යකඩ සීණුව බොලව්) අනික අර කලු පාට රබර් බෝලෙ තියෙන අයිස්ක්‍රීම් හෝන් එක..
    බොම්බයි මුටයි මාමට කියලා සීණුව නම් ඉල්ලල දුන්න අපේ මාම දවසක්.. හෙන හැපි ඉතින්..:P
    අයිස්ක්‍රීම් හෝන් එකනම් ඔබල බලන්න හම්බ වෙලා නෑ..:rofl:

    මගේ ළමා කාලෙ ගොඩක් ලස්සන උනේ අම්මගෙ සහෝදරයෝ (මාමලා) දෙන්න නිසා.. සරුංගල් අරින්න,
    , වෙලේ දුවන්න..බයිසිකල් පදින්න හැමදේකටම පිටි පස්සෙන් හිටියේ ඒ දෙන්නා.. පිදුරු ගොඩේ නටන්න, මඩේ ලගින්න එක්කන් ගියේ ඒ දෙන්නා.. :yes: අපේ තාත්ත මම පුංචි කාලෙදිම විදේශ ගත උන නිසා මාමල දෙන්න තමයි හැම දේකදිම පිටිපස්සෙන් හිටියේ..

    වෙසක් එකට මොකක් හරි දෙයක් කරන්න පුදුම උවමනාවක් තිබුණේ..
    එක මාම කෙනෙක් බුදුරැස් මාලාවේ මෝටරේ අරං දෙනකොට අනිත් මාම ලයිට් ටික ගෙනත් දෙනවා.. ඉතින් හැම වෙසක් එකටම මොකක් හරි ලස්සන නිර්මාණයක් හැදෙනව
    ගෙදරයි, ආච්චිලාගෙ ගෙදරයි අතරේ.. මාමල ඉන්නෙ ආච්චිලාගෙ ගෙදරනේ.. ඉතින් මට ඕනෙ හදන දෙයක් අපේ ගේ ලඟ හදන්න.. ඉතින් ගෙවල් දෙකටම සම වෙන්නයි හදන්නේ..:rofl: ඒ පුරුද්ද තාම තියෙනවා..:yes:

    වෙසක් එකට අපේ පටු මගේ හැම කෙනෙක්ම උනන්දු කරන්නේ මාමල දෙන්නා.. පහනක් පත්තු කරන්න කෙනෙක් නැති ගෙවල් වලට ගිහින් පහන් වැටි හදල එනවා.. හරියට ඒ ගෙදර මිනිස්සු පහන් පත්තු කළා වගේ..:cool:
    ලයිට් වැලක් නැති ගෙදරක් තිබුණොත් ගිහිල්ලම කියනවා වැඩිපුර ලයිට් වැලක් තියෙනවා දාල දෙන්නද කියලා..

    අපි අපේ ගෙවල් දාල ආවට පස්සේත් ගොඩ දෙනෙක් ඒ දේවල් මතක් කරල තිබුණා..:sorry:
    මගේ ළමා කාලේ මට වගේම මම හිටිය පැත්තෙ මිනිස්සුන්ටත් ලස්සන මතකයක් වෙලා කියල දැන ගත්තෙ අපි පදිංචිය වෙනස් කලාට පස්සෙයි....:(

    :(:(:(:(
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා. :Pපන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා:):lol:. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්‍රින්සිපල් තහනං කලා. :eek:

    ඉස්කෝලේ නම් ඉතින් කොල්ලෝ විතරයි. ඔය ඔක්කොම ගමේ සෙට් එකත් එක්ක කරපු ඒවා තමා. බෙහෙතකට කෙල්ලෙක් හිටියේ නැහැනේ අප්පා.:lol: ඉස්කෝලේ නම් අල්ලන සෙල්ලම් එක්කෝ ක්‍රිකට් එක්කෝ කැච් අල්ලනවා.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: වල් මාමි.....!! :angry:

    යට සායෙ රේන්දෙ නූල පැටලුනා බොලව්. :eek:අපි යෝ යෝ ගහ ගහ ඉද්දි අක්කල සෙට් එකක් මැද්දෙන් දිව්වා.:no: පස්සෙ එයාල පන්තියට ගිහින් යෝ යෝ එක ගලවල ගෙනත් දුන්න. :Pඒ අක්ක දැන් ගමේ තැපැල් ස්තානාදිපති. :)තාම ගියහම මතක් කරල හිනහ වෙනවා. :):P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉස්කෝලේ නම් ඉතින් කොල්ලෝ විතරයි. ඔය ඔක්කොම ගමේ සෙට් එකත් එක්ක කරපු ඒවා තමා. බෙහෙතකට කෙල්ලෙක් හිටියේ නැහැනේ අප්පා.:lol: ඉස්කෝලේ නම් අල්ලන සෙල්ලම් එක්කෝ ක්‍රිකට් එක්කෝ කැච් අල්ලනවා.

    කෙල්ලො ගෙට වෙන කාලෙ හෙන ආතල්. එක පාරටම ඔලුව ගහන් ඉන්නවා. ටීචර්ල අපිව එලියට දානවා. ඊට පස්සෙ අම්මල ඇවිත් රෙද්දකින් වහන් අරන් යනවා. සති දෙකකින් විතර අපිට කැවුම් කොකිස් හමබ වෙනව. 7 -8 වසරට වෙනකම්ම කෙල්ලො කොල්ලො කියල වෙනසක් තිබ්බෙ නෑ. එක කෙල්ලෙක් හිටිය ඒකි මට ඇසෙම්බ්ලි එකට ටයි එක ගලවල දීල පන්තියට වෙලා ඉන්නවා. දැනුත් දැක්කම කට පුරා හිනා වෙලා කතා කරනවා. කොච්චර ලස්සන කාලයක්ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :):)

    අපේ මලයයි මායි පැල් හදනවා ගස් උඩ..
    ලෑලි දාල, වහල ගහල...කාටවත් පේන්න නැති වෙන්න සේෆ් එකේ...

    ඒ කරලා ඕක වයරින් කරලා ලයිට් අමුණනවා...
    කොළ පාට එල් ඊ ඩී එක..
    ඒත් බිමට හෝ දුර ඉඳන් බැලුවට ලයිට් එළි නොපෙනෙන්න කවර්ස් හදනවා....

    ඒක උඩ කන්න බොන්න, හදිසි ආක්‍රමණ වලට ඕන දේවල් සියල්ල තියනවා...:rofl:

    ආයෙ නම් එන්නෙ නෑ එහෙම සිතිවිල්ලේ පාවෙවී ඉන්න පුළුවන් කාලයක්:sorry:

    මෙහෙම තැනක් මොර මාමිටත් තිබුනා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද මේක බලලා තියෙන්නේ???

    0297705.jpg


    0F4Ev.jpg







    මගේ පොඩි කාලේ හීනේ..
    මගේ බංකරේ උනේ නිදියගත්තු කාමරේ.
    පවර් සෝර්ස් එක තඩි ටෝර්ච් බැස්ටි කෑලි 10ක්.
    කාමරෙන් එලියට කම්බි වලින් හදාපු ඒරියල් ඇන්ටෙනාවල් දාලා තිබුනා. ඉස්සර තිබුනේ පොකැට් රේඩියො කියලා ජාතියක්. ඒවා එකකට ඇන්ටෙනාව අමුනලා කාමරේට අහුවෙන්නේ නැති රේඩියෝ චැනල් අල්ලාගත්තා. එතකොට ටොර්ච් බල්බ් අටවලා රෑට එලිය අරත්තා. කාමරේ දොර ඇරෙනකොට බල්බ් එක පත්තු වෙනවා. සතුරෙක් ඇඳ ගාවට එනවා කියන සිග්නල් එක ඒක...
    මූලික අඩිතාලම ඉය ටීවී ශෝ එක..
    සුල් සීසන් එක තියෙන එකක් මට දීපල්ලා මේක..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :rolleyes:
    මෙහෙම තැනක් මොර මාමිටත් තිබුනා...

    ඔව්.. පරණ ටයර් හිටවල හරහට ලෑලි දාලා. උඩින් කැඩිච්ච කුඩ අටවල, විස්කෝතු ටින් තියල. :love::love::love:
    අම්මත් එක්ක තරහ උනාම ඕකට වෙලා ඉන්නවා. :lol:කිසි කෙනෙක් දන්නෙ නෑ. අපෙ වත්තෙ තේ වවන්න ඉස්සරින් තනිකර මානං කැලේ. :yes::yes:මම හොර පාරකින් තමා ඔතෙන්ට යන්නේ. කිසි කෙනෙක් දන්නෙ නෑ. මලයවත් දන්නේ නෑ.
    ඒ කාලෙ කොච්චර සුන්දරද? :(දැන් ඉන්න පොඩි උන්ට මොනවද තියෙන්නෙ?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා. :Pපන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා:):lol:. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්‍රින්සිපල් තහනං කලා. :eek:

    :shocked::shocked: අපේ ඉස්කෝලේ කොල්ලෝ විතරනේ..:(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කවුද මේක බලලා තියෙන්නේ???

    මගේ පොඩි කාලේ හීනේ..
    මගේ බංකරේ උනේ නිදියගත්තු කාමරේ.
    පවර් සෝර්ස් එක තඩි ටෝර්ච් බැස්ටි කෑලි 10ක්.
    කාමරෙන් එලියට කම්බි වලින් හදාපු ඒරියල් ඇන්ටෙනාවල් දාලා තිබුනා. ඉස්සර තිබුනේ පොකැට් රේඩියො කියලා ජාතියක්. ඒවා එකකට ඇන්ටෙනාව අමුනලා කාමරේට අහුවෙන්නේ නැති රේඩියෝ චැනල් අල්ලාගත්තා. එතකොට ටොර්ච් බල්බ් අටවලා රෑට එලිය අරත්තා. කාමරේ දොර ඇරෙනකොට බල්බ් එක පත්තු වෙනවා. සතුරෙක් ඇඳ ගාවට එනවා කියන සිග්නල් එක ඒක...
    මූලික අඩිතාලම ඉය ටීවී ශෝ එක..
    සුල් සීසන් එක තියෙන එකක් මට දීපල්ලා මේක..

    :love::love::love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    mata godak kal heuwa 101 number eka bat ekak ganna. ubala kiuwata viswasa karana ekak na mata 101 number eka dunne Upul Tharanga. api dennna class mate la. eka langa putu deka. gahaganneth oka ekka thama wadipura. :growl: ada godak adambarai upula inna thana gana.:):) wade kiyanne kohoma hari bat ekak gaththa. waththe bola gahala podi ayyai yaluwoi ekka api bat karala field nokara diuwa. podi ayyata mala panala kaduwa kiyahanko bat eka. ayyo eda adapu tharam. :lol::lol::lol:

    අඩෝ මම ගත්ත bat එකත් සෑහෙන කල් පාවිච්චි කළා..පස්සේ ඒක මිට ලඟින් කඩල ගියා...:(:(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම පොසොන් එකට මිහින්තලයක් අනිවා හදනවා. මඩ නාගෙන ගල් උස්සගෙන ඇවිල්ලා වත්තේ කොනකින් වලක් කපලා පස් ගෙනවිත්.
    ගේමට හදන්නේ. අනිත් ගෙවල් වල එවුන් එක්ක. තාත්තට කියලා කොහොම හරි අඹ අතු ටිකක් කප්පවා ගන්නවා. අතින් ඇඳල මිහිඳු හාමුදුරුවෝ සහ පිරිවර.
    පස්සේ පස්සේ විජය මිහිර පත්තර වල පොසොන් කිට්ටු වෙනකොට ඔය ආකෘති ප්‍රින්ට් ඒවා තිබුනා. ඒවා කාර්ඩ් බොර්ඩ් වල අලවලා කපලා මිහින්තලේට තිබ්බා.
    මුල් කාලේ ඉටිපන්දම් කොට පොල්කටු වල ගහලා එලිය කරා. මිහින්තලේ ලඟට වෙලා ඉන්නවා නිවෙන නිවෙන පාරට ඉටිපන්දම් පත්තු කරන්න. පස්සේ තාත්තා ලයිටෙකක් ඇදලා දෙනවා වයර් කෑල්ලක් අමුනලා.
    තව ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට පොඩි බට කෑල්ලක් දාලා මිහින්තලේට දිය ඇල්ලකුත් දානවා. පොන්ඩ් එකකුත් හදලා...
    පට්ටයි ඒ කාලේ..
    දැන් කාලේ පොඩි උන් කොහෙද මිහින්තල හදන්නේ. මම නම් අවුරුදු ගානකින් දැකලා නෑ ගෙදරක පොඩි එකෙක් මිහින්තලයක් හදලා තියෙනවා..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවුද මේක බලලා තියෙන්නේ???








    මගේ පොඩි කාලේ හීනේ..
    මගේ බංකරේ උනේ නිදියගත්තු කාමරේ.
    පවර් සෝර්ස් එක තඩි ටෝර්ච් බැස්ටි කෑලි 10ක්.
    කාමරෙන් එලියට කම්බි වලින් හදාපු ඒරියල් ඇන්ටෙනාවල් දාලා තිබුනා. ඉස්සර තිබුනේ පොකැට් රේඩියො කියලා ජාතියක්. ඒවා එකකට ඇන්ටෙනාව අමුනලා කාමරේට අහුවෙන්නේ නැති රේඩියෝ චැනල් අල්ලාගත්තා. එතකොට ටොර්ච් බල්බ් අටවලා රෑට එලිය අරත්තා. කාමරේ දොර ඇරෙනකොට බල්බ් එක පත්තු වෙනවා. සතුරෙක් ඇඳ ගාවට එනවා කියන සිග්නල් එක ඒක...
    මූලික අඩිතාලම ඉය ටීවී ශෝ එක..
    සුල් සීසන් එක තියෙන එකක් මට දීපල්ලා මේක..





    :):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුපිරි ත්‍රෙඩ් එක..
    මෝර මාමි එලකිරිය මෙසේ රොක් කල වගයි....

    9989b2a9.gif~c200