කැප් රෝල් දාන තුව්ක්කු, තව පොඩි රොකට් එකක් තිබ්බේ කැප් රොල් එක කෑල්ලක් තියල බිම ගැහුවම සද්දේ ඇහෙන.
තව කැප් රොල් බිම තිය්ල ගලකින් ගැසීම.
ඉස්සර කෝපි කඩේ බලන්න ආච්චිලයි ගෙදර යනවා එහේ තමයි ටීවි එකක් තිබ්බේ..කලුසුදු ටීවි එකක්. තව ගොඩක් අයත් එනව් පට්ට ආතල්

තෝ මටත් වඩා නාකියෙක්ද කොහෙද..... !! 
තෝ මටත් වඩා නාකියෙක්ද කොහෙද..... !!
![]()

කොලපත් පැද්දා.
කුරියා ගහන්නේ නැති සරුංගලයක් සරුංගලයක් තනියම හදා ගන්න එක.
චූටිම කලේ නම් ලස්සන කොම් පිට්ටු හදන එක.
අවුව තියන දවසට හෙවනැල්ල තව එකෙක්ට කියලා ඇද ගන්න එක.
පරණ සිවිලිම් කැල්ලක් හොයාගෙන කොල්ලෝ එක්ක ඩප්ප පනින එක (බට්ටෝ පනිනවා කියලා කියන්නේ).
අරිකි මිරිකී
ටින් කඩන එක (පිට්ටු කඩන එකේ අපේ version එක. සමන් ටින් ගත්තේ)
තාරදී ගැසීම. (හැංගි මුත්තම් වගේ එකක්.)
සෙට් එකේ කෙල්ලෝ හිටියේ නැති උනාට ගිනිසීරියා ලී කපාගෙන සෙල්ලම් ගෙවල් හැදුවා.
පුඩලු ඇට හොය හොයා පුපුරවනවා.
පුඩලු පැල ගෙනල්ල වත්ත අයිනේ ගල් වලින් වට කරලා පලකරලා පොඩි මල් පාත්ති හදාගෙන මල් පිපෙනකම් බලනවා.
පන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා
. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්රින්සිපල් තහනං කලා. 
ශ්රීබෝයි බොම්බයි මුටයි කිව්වාමයි මතක් උනේ..
ඉස්සර බොම්බයි මුටයි කාරය හොල්ල හොල්ල යන සීණුව අතට ගන්න හෙන ආසයි.. (රත්තරං පාට පොඩි යකඩ සීණුව බොලව්) අනික අර කලු පාට රබර් බෝලෙ තියෙන අයිස්ක්රීම් හෝන් එක..
බොම්බයි මුටයි මාමට කියලා සීණුව නම් ඉල්ලල දුන්න අපේ මාම දවසක්.. හෙන හැපි ඉතින්..
අයිස්ක්රීම් හෝන් එකනම් ඔබල බලන්න හම්බ වෙලා නෑ..
මගේ ළමා කාලෙ ගොඩක් ලස්සන උනේ අම්මගෙ සහෝදරයෝ (මාමලා) දෙන්න නිසා.. සරුංගල් අරින්න, , වෙලේ දුවන්න..බයිසිකල් පදින්න හැමදේකටම පිටි පස්සෙන් හිටියේ ඒ දෙන්නා.. පිදුරු ගොඩේ නටන්න, මඩේ ලගින්න එක්කන් ගියේ ඒ දෙන්නා..අපේ තාත්ත මම පුංචි කාලෙදිම විදේශ ගත උන නිසා මාමල දෙන්න තමයි හැම දේකදිම පිටිපස්සෙන් හිටියේ..
වෙසක් එකට මොකක් හරි දෙයක් කරන්න පුදුම උවමනාවක් තිබුණේ..
එක මාම කෙනෙක් බුදුරැස් මාලාවේ මෝටරේ අරං දෙනකොට අනිත් මාම ලයිට් ටික ගෙනත් දෙනවා.. ඉතින් හැම වෙසක් එකටම මොකක් හරි ලස්සන නිර්මාණයක් හැදෙනව ගෙදරයි, ආච්චිලාගෙ ගෙදරයි අතරේ.. මාමල ඉන්නෙ ආච්චිලාගෙ ගෙදරනේ.. ඉතින් මට ඕනෙ හදන දෙයක් අපේ ගේ ලඟ හදන්න.. ඉතින් ගෙවල් දෙකටම සම වෙන්නයි හදන්නේ..ඒ පුරුද්ද තාම තියෙනවා..
වෙසක් එකට අපේ පටු මගේ හැම කෙනෙක්ම උනන්දු කරන්නේ මාමල දෙන්නා.. පහනක් පත්තු කරන්න කෙනෙක් නැති ගෙවල් වලට ගිහින් පහන් වැටි හදල එනවා.. හරියට ඒ ගෙදර මිනිස්සු පහන් පත්තු කළා වගේ..
ලයිට් වැලක් නැති ගෙදරක් තිබුණොත් ගිහිල්ලම කියනවා වැඩිපුර ලයිට් වැලක් තියෙනවා දාල දෙන්නද කියලා..
අපි අපේ ගෙවල් දාල ආවට පස්සේත් ගොඩ දෙනෙක් ඒ දේවල් මතක් කරල තිබුණා..
මගේ ළමා කාලේ මට වගේම මම හිටිය පැත්තෙ මිනිස්සුන්ටත් ලස්සන මතකයක් වෙලා කියල දැන ගත්තෙ අපි පදිංචිය වෙනස් කලාට පස්සෙයි....




අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා.පන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා
. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්රින්සිපල් තහනං කලා.
![]()
ඉස්කෝලේ නම් අල්ලන සෙල්ලම් එක්කෝ ක්රිකට් එක්කෝ කැච් අල්ලනවා.වල් මාමි.....!!
![]()
අපි යෝ යෝ ගහ ගහ ඉද්දි අක්කල සෙට් එකක් මැද්දෙන් දිව්වා.
පස්සෙ එයාල පන්තියට ගිහින් යෝ යෝ එක ගලවල ගෙනත් දුන්න.
ඒ අක්ක දැන් ගමේ තැපැල් ස්තානාදිපති.
තාම ගියහම මතක් කරල හිනහ වෙනවා. 

ඉස්කෝලේ නම් ඉතින් කොල්ලෝ විතරයි. ඔය ඔක්කොම ගමේ සෙට් එකත් එක්ක කරපු ඒවා තමා. බෙහෙතකට කෙල්ලෙක් හිටියේ නැහැනේ අප්පා.ඉස්කෝලේ නම් අල්ලන සෙල්ලම් එක්කෝ ක්රිකට් එක්කෝ කැච් අල්ලනවා.
අපේ මලයයි මායි පැල් හදනවා ගස් උඩ..
ලෑලි දාල, වහල ගහල...කාටවත් පේන්න නැති වෙන්න සේෆ් එකේ...
ඒ කරලා ඕක වයරින් කරලා ලයිට් අමුණනවා...
කොළ පාට එල් ඊ ඩී එක..
ඒත් බිමට හෝ දුර ඉඳන් බැලුවට ලයිට් එළි නොපෙනෙන්න කවර්ස් හදනවා....
ඒක උඩ කන්න බොන්න, හදිසි ආක්රමණ වලට ඕන දේවල් සියල්ල තියනවා...
ආයෙ නම් එන්නෙ නෑ එහෙම සිතිවිල්ලේ පාවෙවී ඉන්න පුළුවන් කාලයක්![]()
මෙහෙම තැනක් මොර මාමිටත් තිබුනා...



කිසි කෙනෙක් දන්නෙ නෑ. අපෙ වත්තෙ තේ වවන්න ඉස්සරින් තනිකර මානං කැලේ. 
මම හොර පාරකින් තමා ඔතෙන්ට යන්නේ. කිසි කෙනෙක් දන්නෙ නෑ. මලයවත් දන්නේ නෑ.
දැන් ඉන්න පොඩි උන්ට මොනවද තියෙන්නෙ? අපි පහ වසරෙදි කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කලා.පන්තියෙ ලස්ස්න ගෑල්ලමයෙක් උන්න සේපාලිකා කියල (තාම යාලුවෙක් ) කොල්ලො ඔක්කොම ඒකිව බදා ගන්න දුවනවා
. පස්සෙ කෙල්ලොත් එක්ක අරිකි මිරිකි කිරීම ප්රින්සිපල් තහනං කලා.
![]()

අපේ ඉස්කෝලේ කොල්ලෝ විතරනේ..
කවුද මේක බලලා තියෙන්නේ???
මගේ පොඩි කාලේ හීනේ..
මගේ බංකරේ උනේ නිදියගත්තු කාමරේ.
පවර් සෝර්ස් එක තඩි ටෝර්ච් බැස්ටි කෑලි 10ක්.
කාමරෙන් එලියට කම්බි වලින් හදාපු ඒරියල් ඇන්ටෙනාවල් දාලා තිබුනා. ඉස්සර තිබුනේ පොකැට් රේඩියො කියලා ජාතියක්. ඒවා එකකට ඇන්ටෙනාව අමුනලා කාමරේට අහුවෙන්නේ නැති රේඩියෝ චැනල් අල්ලාගත්තා. එතකොට ටොර්ච් බල්බ් අටවලා රෑට එලිය අරත්තා. කාමරේ දොර ඇරෙනකොට බල්බ් එක පත්තු වෙනවා. සතුරෙක් ඇඳ ගාවට එනවා කියන සිග්නල් එක ඒක...
මූලික අඩිතාලම ඉය ටීවී ශෝ එක..
සුල් සීසන් එක තියෙන එකක් මට දීපල්ලා මේක..



mata godak kal heuwa 101 number eka bat ekak ganna. ubala kiuwata viswasa karana ekak na mata 101 number eka dunne Upul Tharanga. api dennna class mate la. eka langa putu deka. gahaganneth oka ekka thama wadipura.ada godak adambarai upula inna thana gana.
wade kiyanne kohoma hari bat ekak gaththa. waththe bola gahala podi ayyai yaluwoi ekka api bat karala field nokara diuwa. podi ayyata mala panala kaduwa kiyahanko bat eka. ayyo eda adapu tharam.
![]()


අඩෝ මම ගත්ත bat එකත් සෑහෙන කල් පාවිච්චි කළා..පස්සේ ඒක මිට ලඟින් කඩල ගියා...![]()

කවුද මේක බලලා තියෙන්නේ???
මගේ පොඩි කාලේ හීනේ..
මගේ බංකරේ උනේ නිදියගත්තු කාමරේ.
පවර් සෝර්ස් එක තඩි ටෝර්ච් බැස්ටි කෑලි 10ක්.
කාමරෙන් එලියට කම්බි වලින් හදාපු ඒරියල් ඇන්ටෙනාවල් දාලා තිබුනා. ඉස්සර තිබුනේ පොකැට් රේඩියො කියලා ජාතියක්. ඒවා එකකට ඇන්ටෙනාව අමුනලා කාමරේට අහුවෙන්නේ නැති රේඩියෝ චැනල් අල්ලාගත්තා. එතකොට ටොර්ච් බල්බ් අටවලා රෑට එලිය අරත්තා. කාමරේ දොර ඇරෙනකොට බල්බ් එක පත්තු වෙනවා. සතුරෙක් ඇඳ ගාවට එනවා කියන සිග්නල් එක ඒක...
මූලික අඩිතාලම ඉය ටීවී ශෝ එක..
සුල් සීසන් එක තියෙන එකක් මට දීපල්ලා මේක..

