මං පොඩි කාලේ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉස්සර පොඩි කාලේ උබලා කියපු ගොඩක් ඒවා මමත් කළා. ඊට අමතරව මේවා ටිකක් අමුතු දේවල්.

    [මම බණ්ඩාරවෙල ගමේ ගියහම]
    1. පොඩි කාලේ ආච්චි අම්මා ගාව ඉදගෙන ලිප්බෝක්කේ හකුරු/හොදි හදනවා බලනවා. :love:
    2. තේ ගස් වලට මුවා වෙලා හිටගෙන රෙනවා. [වටපිට බල බල කවුරුත් එනවද කියලා] :sorry::lol:
    3. ආච්චි අම්මගේ රබර් රොටී කෑම.
    4. සීයාගේ ඔලුවට ගහලා [ටොක් ටොක් සද්දේ එන නිසා] පැපොල් ඉදිලා කියලා කියනවා.
    5. කුබුරේ පීලි හදනවා.
    6. නියරේ දුවනවා.
    7. පීල්ලෙන් නානවා.
    8. වී කරල් වල වී ඇට කනවා.
    9. පැලට වෙලා ඉන්න ආසයි.
    10. තේ දළු කිරනවා බලන්න ආසයි.
    11. අර 404 හරි 444 වගේ රතින්‍යා දාන්න ආසයි. [මේවා මාරම සද්දයි. වදුරෝ එලවන්න වගේ දාන්නේ. තුන් හුලස් පරාදයි, මේවා මම අදටත් කොලබ ගේනවා ගියහම]

    [කොළබ ගෙදර]
    1. අර පුංචි වීරයෝ බලලා ගෙදර පුරාවටම උගුල් අටවලා තිබ්බා හොරු අවොත් කියලා. :lol::rofl:
    2. පොඩි කාලේ ඉදන්ම සර්කිට් හදන්න දස්සයා ඒ නිසා ඉලෙක්ට්‍රොනික් පොත් බලලා එක එක ගැජට් හදලා හන්දියේ සර්කිට් කඩේ ඒවා විකිණුවා. [බුදුරැස්මාලා, නයිට් රයිඩර් සර්කිට්] :rofl:
    3. ගමේ කොල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා එල්ලේ ගැහුවා, ටින් කැඩුවා, හැංගි මුත්තම් කළා. උන්ට අපේ නම් කියලා අදුර ගන්න බැරි වෙන්න ෂර්ට් මාරු කරන් හන්ගුනේ. :lol:
    4. තව අපි බයිසිකල් පදිනවා ඇඩ්වෙන්චර් වගේ. ගමේ වෙලේ පිලේ, පරණ බොරළු පාරවල් වල ගියර් බයිසිකලේ යන්න තියෙන පිස්සුව කියලා වැඩක් නෑ. :love:
    5. මගේ බයිසිකලෙත් ඔය එක එක L.E.D Bulb අටවලා තිබ්බේ. තව අර සිග්නල් ලයිට් එක්ක බ්රේක් ලයිට් සෙට් එකක් තිබ්බා. ඒකත් මට ගොඩක් වටිනා ගැජට් එකක් උනා.
    6. උඩ ගෙදර කොල්ලත් අල්ලන් පොඩි පොඩි දිය ඇලි හැදුවා වතුර ගලන් යන්න.
    7. රබුටන් ගහට නැගලා ගමේම ඕප දූප බලනවා. [බට් මැලේසියන් ගහක් තියෙන්නේ. ගහ ගොඩක් උස යන්නේ නෑ. ඒ නිසා ලේසි]
    8. තාත්තා ගහන්න ආවහම රබුටන් ගහට නැගලා පැය ගණන් හැංගිලා බලන් ඉන්නවා එයා යනකන්. :lol:
    9. පරිගණක සගරාවත්, විජය, මිහිර පත්තරෙත් එකතු කළා.
    10. රේ කියලා CD එකක් ආවා මැගසින් ටයිප්, ඒවත් එකතු කළා.
    11. තව ඉතින් ඔය Crashzone, Round the twist, අර Art මොකක් ද එක ඔක්කොම බැලුවා.

    ප.ලි: දැන් හිටගෙන රෙන්නේ නෑ හොදේ? මම දන්නේ නෑ ඇයි ඉස්සර එහෙම කලේ කියලා.. :sorry::sorry::lol:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සුපිරි ත්‍රෙඩ් එක..
    මෝර මාමි එලකිරිය මෙසේ රොක් කල වගයි....

    9989b2a9.gif~c200

    :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ මොකක්ද ඒ...:eek:

    ඉස්සර තිබ්බ තරගයක්. ඩෙල්ට ටොපි කොල 30ක් ගිනිච්චම ඩෙල්ට ඩොලර් එකක් ගන්න පුලුවන්. ඒත තහඩුවකින් කපපු කාසියක් වගේ එකක්. එක පැත්තක උපාලි සමාගමෙ ලාංචනේ ගහල තියේ. අනිත් පැත්තෙ එකේ ඉලක්කම. ඒව දීල තෑගි ගන්න පුලුවන්. ඩොලර් එකකට පැනසලක්, ඩොලර් දාහකට මවුන්ටන් බයික් එකක් වගේ.
    අපි ඒ කාලෙ දුප්පත්.:( එක දවසට එක ටොපියයි. :(මම එකතු කරල ඩොලර් එකක් අරන් ආසාවට තියන් උන්න. තාම ඇති සමහරවිට. ගමේ ගිය වෙලාවක හම්බ උනොත් පොටෝ එකක් දාන්නම්.:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම පොසොන් එකට මිහින්තලයක් අනිවා හදනවා. මඩ නාගෙන ගල් උස්සගෙන ඇවිල්ලා වත්තේ කොනකින් වලක් කපලා පස් ගෙනවිත්.
    ගේමට හදන්නේ. අනිත් ගෙවල් වල එවුන් එක්ක. තාත්තට කියලා කොහොම හරි අඹ අතු ටිකක් කප්පවා ගන්නවා. අතින් ඇඳල මිහිඳු හාමුදුරුවෝ සහ පිරිවර.
    පස්සේ පස්සේ විජය මිහිර පත්තර වල පොසොන් කිට්ටු වෙනකොට ඔය ආකෘති ප්‍රින්ට් ඒවා තිබුනා. ඒවා කාර්ඩ් බොර්ඩ් වල අලවලා කපලා මිහින්තලේට තිබ්බා.
    මුල් කාලේ ඉටිපන්දම් කොට පොල්කටු වල ගහලා එලිය කරා. මිහින්තලේ ලඟට වෙලා ඉන්නවා නිවෙන නිවෙන පාරට ඉටිපන්දම් පත්තු කරන්න. පස්සේ තාත්තා ලයිටෙකක් ඇදලා දෙනවා වයර් කෑල්ලක් අමුනලා.
    තව ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට පොඩි බට කෑල්ලක් දාලා මිහින්තලේට දිය ඇල්ලකුත් දානවා. පොන්ඩ් එකකුත් හදලා...
    පට්ටයි ඒ කාලේ..
    දැන් කාලේ පොඩි උන් කොහෙද මිහින්තල හදන්නේ. මම නම් අවුරුදු ගානකින් දැකලා නෑ ගෙදරක පොඩි එකෙක් මිහින්තලයක් හදලා තියෙනවා..

    මම ඉස්සර වෙසක් තොරණ හදනවා. ජාතක කතාවක් විස්තර ඇදල පාට කරල කාඩ්බෝඩ් වල අලවල.වටේට පොඩි කාඩ්බෝඩ් පටියක් කපල හිල් විදල වෙසක් කඩදාසි අලවල පිටි පස්සෙන් ලාම්පුවක් තියනව. අපිට ලයිට් නෑ ඒ කාලෙ.:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඉස්සර වෙසක් තොරණ හදනවා. ජාතක කතාවක් විස්තර ඇදල පාට කරල කාඩ්බෝඩ් වල අලවල.වටේට පොඩි කාඩ්බෝඩ් පටියක් කපල හිල් විදල වෙසක් කඩදාසි අලවල පිටි පස්සෙන් ලාම්පුවක් තියනව. අපිට ලයිට් නෑ ඒ කාලෙ.:)

    තොරණ් සීන් එක හැමෝම කියලා තිබුන නිසා මම කීවේ නෑ. මාත් තොරණ හදනවා. ගෙදර බුදුරැස් මාලාවක් තිබුනා. තාත්තා ඒක දාලා දෙනවා වයර් ඇදලා.
    ගොඩක් වෙලාවට සත් සතිය තමා. තොරණේ හඳුන් කූරුත් ගහනවා.:)
    කොපි පොත් වල කොල ඉරලා පෑනෙන් ලියනවා මහා තොරණ කියලා. පාර දිගට ඒවා අලෝනවා.
    මිනිස්සු එනවා බලන්න. බලලා මට හිනා වෙලා යනවා..:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තොරණ් සීන් එක හැමෝම කියලා තිබුන නිසා මම කීවේ නෑ. මාත් තොරණ හදනවා. ගෙදර බුදුරැස් මාලාවක් තිබුනා. තාත්තා ඒක දාලා දෙනවා වයර් ඇදලා.
    ගොඩක් වෙලාවට සත් සතිය තමා. තොරණේ හඳුන් කූරුත් ගහනවා.:)
    කොපි පොත් වල කොල ඉරලා පෑනෙන් ලියනවා මහා තොරණ කියලා. පාර දිගට ඒවා අලෝනවා.
    මිනිස්සු එනවා බලන්න. බලලා මට හිනා වෙලා යනවා..:)

    :):lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    70 දශකයේ මුල් භාගයේ සිට....

    අප්පච්චී වැඩ ඇරී ගෙදර ඒම
    අත්තම්මා බත් වේලා අග්ගලා සෑදීම..
    පොල් කඩන කෙනෛක් පැමිණීම..
    අම්මා බත් ටික අනා ගුලි සාදා දීම...
    නෑයෙක් බත් බැදගෙන ගෙදරට පැමිණීම..
    බොම්බයි මොටයි කාරයා පාරේ යෑම..
    ටවුමට යනවිට විස්කිරිඤ්ඤා අරගෙන දීම..
    ගේ ලග කුඹුරේ අත්තම් වැඩ කිරීම...
    ගේ ළග කුඹුරට මුත්තෙට්ටුව ගෙන ඒම..
    සත දෙකක් හෝ සත පහක් පාරේ වැටී තිබී අහුලා ගැනීම..
    ගෙදර ගහක වැල ගෙඩියක් ඉදීම...
    කුමන හෝ සගක කෑමට හැකි ගෙඩියක් හැදීම..
    අප්පච්චී ටවුමට හෝ කොළඹ ගොස් යළි පැමිණීම..
    ඇළකින් ඇල්ලූ ගප්පියෙක්ගෙ යාන්තමට හෝ පාට ටිකක් තිබීම..
    මල්වඩමක් කොඩියක් වැනි යමක් ඔසවාගෙන පෙරහැරක යෑමට ලැබීම..
    ඇන්ටිපා පණුබෙහෙත් දෙන දවස...
    බලුපැටියෙක් ගෙදරට ගෙන ඒම..
    රේඩියෝ එකේ මුවන්පැළැස්ස, හන්දියෙ ගෙදර, මොණරතැන්න ඇසීම..
    "මල්කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට..." තේමා ගීතයෙන් ළමා වැඩසටහන ඇරඹීම..
    රේඩියෝවේ හෝ ටෝච් එකේ පරණ බැටරි ගලවා දීම..
    බස් ගාස්තු සත 20 ට අමතරව සත 10ක් වැඩිපුර ලැබීම..
    මිහිර පත්තරේ ගෙන ඒම...
    ලියා යැවූ පුංචි කවි චිත්‍ර පත්තරේ පලවීම...
    ටවුමට එක්කරගෙන යෑම..පැණි දැමු යෝගට් හෝ අයිස්පලම් එකක් අරන්දීම....

    ඒ කාලේ තිබුණ දෙයකුත් නෑ, ලැබුණ දෙයකුත් නෑ ,කිව්වොත් ඉවරයකුත් නෑ..
    .. නමුත් ලැබූ සතුට වින්දනය අසීමිතයි!!!
    වයස 48ක් වෙලා අදටත් ඒ අතීතය මිහිරියි!!
    :):)

    බත් ගුලි කාපු කාලයක් මතක නෑ. ඒ කාලේ මගේ ආසම කෑමක්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද මේක බලලා තියෙන්නේ???

    0297705.jpg

    0F4Ev.jpg

    අඩෝ මගෙත් පට්ට හීනයක් තිබුනා මේ වගේ තැනක් හදාගන්න... කවදාවත් එහෙම එකක් කරගන්න හම්බවුනේ නෑ... :lol:

    ඕකේ ඉන්න කන්නඩු දාලා ඉන්න කෙල්ල තමයි ඒ කාලේ මගේ හිතින් :love: එක... :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ මගෙත් පට්ට හීනයක් තිබුනා මේ වගේ තැනක් හදාගන්න... කවදාවත් එහෙම එකක් කරගන්න හම්බවුනේ නෑ... :lol:

    ඕකේ ඉන්න කන්නඩු දාලා ඉන්න කෙල්ල තමයි ඒ කාලේ මගේ හිතින් :love: එක... :)
    හිතින් විතරද,හිත අතට ගත්තේ නැතෙයි:lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම පොසොන් එකට මිහින්තලයක් අනිවා හදනවා. මඩ නාගෙන ගල් උස්සගෙන ඇවිල්ලා වත්තේ කොනකින් වලක් කපලා පස් ගෙනවිත්.
    ගේමට හදන්නේ. අනිත් ගෙවල් වල එවුන් එක්ක. තාත්තට කියලා කොහොම හරි අඹ අතු ටිකක් කප්පවා ගන්නවා. අතින් ඇඳල මිහිඳු හාමුදුරුවෝ සහ පිරිවර.
    පස්සේ පස්සේ විජය මිහිර පත්තර වල පොසොන් කිට්ටු වෙනකොට ඔය ආකෘති ප්‍රින්ට් ඒවා තිබුනා. ඒවා කාර්ඩ් බොර්ඩ් වල අලවලා කපලා මිහින්තලේට තිබ්බා.
    මුල් කාලේ ඉටිපන්දම් කොට පොල්කටු වල ගහලා එලිය කරා. මිහින්තලේ ලඟට වෙලා ඉන්නවා නිවෙන නිවෙන පාරට ඉටිපන්දම් පත්තු කරන්න. පස්සේ තාත්තා ලයිටෙකක් ඇදලා දෙනවා වයර් කෑල්ලක් අමුනලා.
    තව ටිකක් ඇඩ්වාන්ස් වෙනකොට පොඩි බට කෑල්ලක් දාලා මිහින්තලේට දිය ඇල්ලකුත් දානවා. පොන්ඩ් එකකුත් හදලා...
    පට්ටයි ඒ කාලේ..
    දැන් කාලේ පොඩි උන් කොහෙද මිහින්තල හදන්නේ. මම නම් අවුරුදු ගානකින් දැකලා නෑ ගෙදරක පොඩි එකෙක් මිහින්තලයක් හදලා තියෙනවා..

    අඩේ.. මේකනම් ගෙඩිය පිටින් මගේ සීන් කෝන් එකමයි...
    එක සැරයක් ලොකු මිහින් තලයක් හැදුව ගෙදර හදන්න ගෙනාව කලු ගල් ගොඩක් උඩ..:lol: ලොරියෙන් බෑව කලු ගල් උඩට ලොකු කලු ඉටි රෙද්දක් දැම්මා.. අයි නෑ පට්ට ගල් තලාවක් ඒක.. වටේටම ගස් වැවිල තිබුණ නිසා කැලේ වගේ..

    ඉස්සරහ ගෙදර අයිය කෙනෙක් හිටිය ලස්සනට චිත්‍ර අඳින්න පුලුවන්.. ඒත් ඒ යකාට මුකුත් කරන්න කිසිම උනන්දුවක් නෑ.. වද දීල වද දීල තාත්තයි මායි එකතු වෙලා ඒ අයියටම කියල පින්තූර අන්දව ගත්තා..:P
    ඒ කාලේ විජය පත්තරේ තිබුණ පින්තූර බලාගෙනයි ඒ අයිය චිත්‍ර ටික ඇඳල දුන්නේ...
    මුලු ගමම වගේ ආව අපේ මිහින්තලේ බලන්න..:cool:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තවත් එක පිස්සුවක් තිබුණා වතුර විදින තුවක්කු වලටයි කාටිස් ද මොකද්ද මගුලක් දාල පටස් පටස් ගාල ගින්දර විසික් වෙන තුවක්කු වලින් වෙඩි තියන්නයි..:P

    මොකද්දෝ අන්ඩරයක් වෙලා අත පිච්චුනාට පස්සෙ කාටිස් තුවක්කු නම් එපා උනා ඒ කාලෙම..:dull:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තවත් එක පිස්සුවක් තිබුණා වතුර විදින තුවක්කු වලටයි කාටිස් ද මොකද්ද මගුලක් දාල පටස් පටස් ගාල ගින්දර විසික් වෙන තුවක්කු වලින් වෙඩි තියන්නයි..:P

    මොකද්දෝ අන්ඩරයක් වෙලා අත පිච්චුනාට පස්සෙ කාටිස් තුවක්කු නම් එපා උනා ඒ කාලෙම..:dull:

    මා ගාවත් තිබ්බ පටි පටි කාට්‍රිජ් දාන තුවක්කුවක්. ඒකට වැඩිය ආතල් එකක් ගත්තෙ කිරිල්ල බට තුවක්කුවෙන්.
    උණ වෙඩි නම් එපා වෙන්නම තියල තියනව. අපේ ලොකු තාත්ත්ගෙ පුතා (ඌ ඒ කාලෙත් අවුරුදු 30ක් වගේ ) බට පේලියට තියල ඔක්කොම පිලිවෙලට පත්තු කරනව.