ඉස්සර පොඩි කාලේ උබලා කියපු ගොඩක් ඒවා මමත් කළා. ඊට අමතරව මේවා ටිකක් අමුතු දේවල්.
[මම බණ්ඩාරවෙල ගමේ ගියහම]
[කොළබ ගෙදර]
ප.ලි: දැන් හිටගෙන රෙන්නේ නෑ හොදේ? මම දන්නේ නෑ ඇයි ඉස්සර එහෙම කලේ කියලා..


[මම බණ්ඩාරවෙල ගමේ ගියහම]
- පොඩි කාලේ ආච්චි අම්මා ගාව ඉදගෙන ලිප්බෝක්කේ හකුරු/හොදි හදනවා බලනවා.

- තේ ගස් වලට මුවා වෙලා හිටගෙන රෙනවා. [වටපිට බල බල කවුරුත් එනවද කියලා]


- ආච්චි අම්මගේ රබර් රොටී කෑම.
- සීයාගේ ඔලුවට ගහලා [ටොක් ටොක් සද්දේ එන නිසා] පැපොල් ඉදිලා කියලා කියනවා.
- කුබුරේ පීලි හදනවා.
- නියරේ දුවනවා.
- පීල්ලෙන් නානවා.
- වී කරල් වල වී ඇට කනවා.
- පැලට වෙලා ඉන්න ආසයි.
- තේ දළු කිරනවා බලන්න ආසයි.
- අර 404 හරි 444 වගේ රතින්යා දාන්න ආසයි. [මේවා මාරම සද්දයි. වදුරෝ එලවන්න වගේ දාන්නේ. තුන් හුලස් පරාදයි, මේවා මම අදටත් කොලබ ගේනවා ගියහම]
[කොළබ ගෙදර]
- අර පුංචි වීරයෝ බලලා ගෙදර පුරාවටම උගුල් අටවලා තිබ්බා හොරු අවොත් කියලා.


- පොඩි කාලේ ඉදන්ම සර්කිට් හදන්න දස්සයා ඒ නිසා ඉලෙක්ට්‍රොනික් පොත් බලලා එක එක ගැජට් හදලා හන්දියේ සර්කිට් කඩේ ඒවා විකිණුවා. [බුදුරැස්මාලා, නයිට් රයිඩර් සර්කිට්]

- ගමේ කොල්ලෝ ටිකත් එක්ක එකතු වෙලා එල්ලේ ගැහුවා, ටින් කැඩුවා, හැංගි මුත්තම් කළා. උන්ට අපේ නම් කියලා අදුර ගන්න බැරි වෙන්න ෂර්ට් මාරු කරන් හන්ගුනේ.

- තව අපි බයිසිකල් පදිනවා ඇඩ්වෙන්චර් වගේ. ගමේ වෙලේ පිලේ, පරණ බොරළු පාරවල් වල ගියර් බයිසිකලේ යන්න තියෙන පිස්සුව කියලා වැඩක් නෑ.

- මගේ බයිසිකලෙත් ඔය එක එක L.E.D Bulb අටවලා තිබ්බේ. තව අර සිග්නල් ලයිට් එක්ක බ්රේක් ලයිට් සෙට් එකක් තිබ්බා. ඒකත් මට ගොඩක් වටිනා ගැජට් එකක් උනා.
- උඩ ගෙදර කොල්ලත් අල්ලන් පොඩි පොඩි දිය ඇලි හැදුවා වතුර ගලන් යන්න.
- රබුටන් ගහට නැගලා ගමේම ඕප දූප බලනවා. [බට් මැලේසියන් ගහක් තියෙන්නේ. ගහ ගොඩක් උස යන්නේ නෑ. ඒ නිසා ලේසි]
- තාත්තා ගහන්න ආවහම රබුටන් ගහට නැගලා පැය ගණන් හැංගිලා බලන් ඉන්නවා එයා යනකන්.

- පරිගණක සගරාවත්, විජය, මිහිර පත්තරෙත් එකතු කළා.
- රේ කියලා CD එකක් ආවා මැගසින් ටයිප්, ඒවත් එකතු කළා.
- තව ඉතින් ඔය Crashzone, Round the twist, අර Art මොකක් ද එක ඔක්කොම බැලුවා.
ප.ලි: දැන් හිටගෙන රෙන්නේ නෑ හොදේ? මම දන්නේ නෑ ඇයි ඉස්සර එහෙම කලේ කියලා..



Last edited:


එක දවසට එක ටොපියයි.


