from fb
මේ ලිපියෙන් කතා කරන්නේ අපි එදිනෙදා පරිසරයේ දකින සත්වයෙක් ගැන. ඒ සතා තමා කොට්ටෝරුවා. කවදා හෝ ඔබලාට සිතිලා හෝ දැකලා තියෙනවද ඇයි මේ කොට්ටෝරුවා ගස් වලට කොටන කෙටිල්ලට සිහි නැතිවෙන්නේ නැත්තේ කියලා. අද කතා කරන්න, කොට්ටෝරුවා කොහොමද කම්පන අවශෝෂණය (shock absorb) කරගෙන ගස් වලට කොටන්නේ කියලා...
මුලින්ම අපි අමතර කරුණු ටිකක් දැන ගමු. සාමාන්‍යයෙන් මිනිහෙක්ට මොළයට හොඳට දැනෙන්නෙ කම්පනයක් වෙන්නේ කෝමද කියලා. උදාහරණයක් විදිහට වාහනයක් තවත් වාහනයක් එක්ක මූනට මූන හයියෙන් වැදුනහම වාහනය එක වර නතර වුනත් මොළය කෙලින්ම ගිහින් හිස් කබලේ වැදිලා තමා නතර වෙන්නේ
මෙන්න මේ නිසා මොළයට, නියුරෝන සෛල වලට හානි වෙනවා ඒක තමා කම්පනයක් කියලා කියන්නේ. මේ කම්පනය අපි G-force එහෙමත් නැත්නම් gravitational force එකෙන් අපිට විස්තර කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් අපි රෝලකෝස්ට් එකක යනකොට අර බඩ පපුව දාගෙන වමනේ යන්ඩ වගේ එන්නේ
අන්න ඒක තමා අපිට ටිකක් දැනෙන්න G-force එක ලැබෙන අවස්තාවක්. දල වශයෙන් 5g වගේ. නමුත් ෆයිට් ජෙට් පයිලට්ස්ලා 9g එකටත් පුරුදු කරනවා. ඒවගේම racing car accident එකකදි 200g තරම් ලොකු අගයක් ලැබුණත් රියදුරු බේරෙනවා (ඒවට විශේශ ක්‍රම භාවිතා කරන නිසා). නමුත් කොට්ටෝරුවන් ගහට කොටන එක පාරක් තප්පරයකටත් අඩු කාලෙකදි ක්ශණිකව නතර වෙනවා. නමුත් මේ කුරුලු විශේශයට කොච්චර කම්පන අවශෝෂණය හැකියාවක් තියෙනවද කියනව නම් 4000g තරම් ඉහල අගයක් ලැබෙන්න ඕනි කොට්ටෝරුවෙක් කම්පනයකට ලක් වෙන්නේ
..
( g= කියන්නේ ග්‍රෑම් නෙවෙයි හොඳේ )
හරි අපි දැන් කොට්ටෝරුවාගේ හිස් කබල සෑදිලා තියෙන්නේ කොහොමද බලමු. මේ කුරුල්ලගේ හිස් කබල අනෙක් කුරුලන්ට සාපේක්ෂව ඉතාමත් ශක්තිමත්ව සහා ඝනකම්ව තමා පිහිටලා තියෙන්නේ. ඒවගේම හිස් කබලට ඇතුලතින් කාටිලේජයක් පිහිටනවා, මේ කාටිලේජයත් උපකාරය වෙනවා කම්පන අවශෝෂණයට. ඒ වගේම ශරීරයට සාපේක්ෂව මොළය ඉතාමත් කුඩාව තමා පිහිටන්නේ.
මේ කුරුල්ලගේ හොට බාහිරව සහ අභ්‍යන්තරව ස්ථර ලෙස හිස්කබලට සම්බන්ධ වෙලා තමා තියෙන්නේ, නමුත් බාහිර ස්ථරය මොළයත් සමග හුදකලා විදිහට තමා පිහිටන්නේ. ඒවගේම හොටේ පහල කොටස, හොටේ ඉහළට කොටසට වඩා තරමක් දිගින් වැඩියි. මේ නිසා කොට්ටෝරුවා ගහට කොටනකොට ඒ කම්පනය පහලින් ඇති හොටේ කොටස දිගේ ගමන් කිරීම සිදු වෙනවා.
මේකේ රසවත්ම දේ තමා පහලින් ඇති හොට කොටස දිගේ ගමන් කරන කම්පනය මොළයට සහ හිස් කබලට ගමන් කිරීමට නොදී, කොට්ටෝරුවගේ hyoid bone සහ දිව හරහා ගමන් කිරීමට ලක් කරලා කම්පනය අවම කිරීමයි. විශේෂ දේ වන්නේ මේ hyoid bone එක නාස් කුහරය ගාවින් පටන් අරගෙන හිස්කබක වටා ඉහලින් ගමන් කර කුරුලු හොට සමග සම්බන්ධ වීම සිදුවෙනවා. මේ නිසා hyoid bone එක නිකන් වාහනයක සීට් බෙල්ට් එකක් විදිහට ක්‍රියා කරලා මොලේට සිදුවෙනව කම්පනය අවශෝෂණය කරනවා. ඒ වගේම කොට්ටෝරු දිව හොට මෙන් තුන් ගුණයක් දිගයි. ඒකෙන් තමා කඳ තුල ඉන්න පොඩි පොඩි කෘමියො ආහාරයට ගන්නේ.
ඒ විතරක් නෙවෙයි. කොට්ටෝරුවගේ ඇස් වලටත් විශේෂ ආරක්ෂාවක් දීලා තමා තියෙන්නේ, ඒ කියන්නේ ගහට කොටන අවස්ථාව එනකොට ඇහැ තදින් ශරීරයට තියලා අල්ලගෙන, වැසීම සිදුවෙනවා. මොකද කොටන කෙටිල්ලට ඇස් බෝල දෙක ගැලවෙන්නේ නැතිවෙන්න...
ඉතින් මේ නිසා කොට්ටෝරුවගේ ඇස්, මොළේ, දිව, හොට, හිස් කබල යන මේ සියල්ලම කෙටීමේ ක්‍රියාවලියට තමා අනුවර්තනය වෙලා තියෙන්නේ හරියට නිකන් හෙල්මට් එකක් වගෙත්
.
ඔන්න ඕකයි කොට්ටෝරුවා සිහි නැති නොවී ගස් වලට කොටන එකේ ක්‍රියාවලිය.
ආ.. තව දෙයක් මම අහල තියෙන විදිහට වාහන වල shock absorber හදන්න මුලික උනෙත් මේ කොට්ටෝරුවගේ හිස්කබලේ ක්‍රියාකාරිත්වය කියලත් කියනවා. ඒක ගැන 100% sure නෑ හැබැයි