මගෙ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව……

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව……

    එදා දිවිය ලෝකෙ හෙනම බිසි දවසක්. මෙහෙ පව් කොරන් නැතුව මැරිච්ච පොරවල් ගිහිල්ල, එහෙ කට කැපෙන්න පිරිල. දෙවිවරු දිව්‍යන්ගනාවො , එහෙ පාර්ක් වල හිටන්, එකොමඩේෂන් හිඟ කොමටම. එයව් අස්සෙ දොර ගාව තව තුන් දෙනෙක් බලාන ඉන්නවා ඇතුලට යන්න. දොරටුපාල දෙය්ය ගෙනාව නීතියක් මේ මොහෙතෙ ඉඳල, ඇතුලට ගන්නෙ බිහිසුණුම මරණෙකට ලක් වෙච්ච කෂ්ටිය විතරය් කියල.

    පෝලිමේ ඉස්සරහම හිටපු පොරට චෑන්ස් එක ආව මෑන්ස් මැරිච්ච හැටි කියන්න. ” මං සෑහෙන කාලයක් තිස්සෙ සැකෙන් හිටියේ මගෙ ගෑනිට හොර මිනිහෙක් ඉන්නව කියල. මං අද වරුවක් නිමාඩු දාල, කලින් ගෙදර ආව ගෑනිගෙ හොරේ අල්ලන්න හිතාගෙන. මං දහවෙනි තට්ටුවෙ තියෙන අපේ එපාර්ට්මන්ට් එකට ඇතුල් වුන ගමන්ම මට තේරුනා මොකෙක් හරි හැංගිලා ඉන්නව කියල. හැම තැනම බැලුව, ඒත් හොයා ගන්න බැරි වුනා. අන්තිමට බැල්කනියට ආව. මේ ඉන්නෙ පොරක් එල්ලිලා, බැල්කනියේ යටම රේලින් එකේ. මට ඌරු ජුවල් නැග්ග, ගෙට ගිහින් මිටියක් අරන් ඇවිල්ල, අර යකාගෙ ඇඟිලි තැලුව රේලින් එක අතෑරිල වැටෙනකම්ම. කාලකන්නිය වැටුනෙ පඳුරු ගොඩක් උඩට, #&(@ පුතා මලේ නැහැ. ඒ පාර ගෙට ගිහින් ෆ්‍රිජ් එක ඇදගෙන ඇවිල්ල අත ඇරිය උගෙ ඇඟට. ඔන්න ඒ පාර තමා ඒ ප$% මැරුනෙ. ඔය සෙල්ලන් ඔක්කොම දාල ඉවර වෙන කොට මට හාර්ට් ඇටෑක් හැදිල, මං තුමාත් කප් එක ගැහුව” දොරටු පාල දෙය්ය හෙනට කම්පා වෙලා පොරව ගත්ත ඇතුලට. කතා කලා “ඊළඟ” කියල.


    ඊළඟ පොර ඇවිල්ල කිව්ව, “මං පදිංචි වෙලා ඉන්නෙ, උස බිල්ඩිමක එකොලොස් වෙන තට්ටුවෙ. මං හැමදාම බැල්කනියෙ එක්සසයිස් කොරනව. අද එක්සසයිස් කොරමින් ඉන්දැද්දි පය ලිස්සල බැල්කනියෙන් වැටුන. වැටෙනකොට වාසනාවට වගේ දහ වෙනි තට්ටුවෙ බැල්කනි රේලින් එකක් අහුවෙලා එල්ලුනා. එතකොට කව්ද පොරක් ආව බැල්කනියට, මං හිතුව මෑන්ස් මාව බේර ගනී කියල කොහෙද ඒ හු#$ මිටියක් ගෙනල්ල මාව බිමට වැටෙන කම් ඇඟිලි තැලුවනෙ. මට අහු වුනොත් ඔය වේ%$ පුතාව අමුවෙන් කනව. ලක් එකෙට මාව වැටුනෙ පඳුරු ගොඩක් උඩට, ලොකු ඩෑමේජ් එකක් වුනේ නැහැ, ඒ වුනාට අර හු@# තඩි ෆ්‍රිජ් එකක් ඇදගෙන ඇවිල්ල මගෙ ඇඟට අත ඇරිය, ඒකෙන් තමා මට මෙහෙ එන්න චෑන්ස් එක ලැබුනෙ” දොරටු පාල දෙය්ය හෙනට කම්පා වෙලා පොරවත් ගත්ත ඇතුලට. කතා කලා “ඊළඟ” කියල.


    තුන්වෙනි එකා ඇවිල්ල පටන් ගත්ත ඌට වෙච්චි දේ කියන්න “බලන්නකො දෙය් හාමුදුරුවනේ මට වෙච්චි දේ, මං හෙළුවෙන් ෆ්‍රිජ් එකක් ඇතුලෙ හැංගිලා ඉන්නකොට………………” එච්චරය් කියන්න හම්බු වුනේ, අධෝ පාර්ශවයට වැදුන පා පහරකින් පොර නැවතුනේ යමයගෙ රාජ සභාව ඉස්සරහ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: තෑන්ක්ස් මචං..

    :D:D:D
    11.gif