මගේ මාමට පෙනහළු පිළිකාවක් තිබුනා.
එයාගෙ කන්සල්ටන්ට් ඩොක්ටම කිවුවා සිංහල වෙද මහත්තයෙක් ගැන.
එයාගෙන් බෙහෙත් ගත්තා. තෙලක් ගාන්න දුන්නා මුළු ඇඟේම ගාන්න කියලා. සමහර කෑම ජාති කන්න එපා කිවුවා. තෙල හෙන ගණන්, බෝතලයක් 20,000 ද කොහෙද කිවුවා මට මතක නෑ.
අපේ මාමා සිංහල වෙදකම විශ්වාස කරන කෙනෙක් නෙමේ. ඒ හින්දා පපුවෙ විතරක් පොඩ්ඩක් ගාගන හිටියා. කන්න එපා කියපු දේවල් ටිකක් කෑවා.
සිංහල බෙහෙත් කරන්න කලිනුයි පස්සෙයි CT ස්කෑන් කරලා බලලා ඩොක්ට කිවුවා සිංහල බෙහෙත් කරන්න ගත්තට පස්සෙ පැතිරීම නැවතිලා තියනවා කියලා (අඩු වෙලා නෙමේ). එහෙම උනේ මාමාට කියපු විදිහට නොකරපු නිසාද දන්නෙ නෑ. ඕනනම් වෙද මහත්තයා කවුද කියලා හොයලා බලලා කියන්නම්. මමත් සිංහල බෙහෙත් විශ්වාස කරන කෙනෙක් නෙමේ.
මුලින් මාමට ගුණයක් පෙනුනට එක පාරටම පැතිරිලා තිබුනා (එයා දිගටම සිංහල බෙහෙත් දිගටම කරාද නැද්ද දන්නෙ නෑ). දැන් එයාට හොඳටම අමාරුයි. ඔයාලගේ අම්මටත් කොන්ද කැක්කුමක් ඇවිත් තියනවද? එහෙම නැත්නම් උකුල් ඇටේ පැත්තෙන් ඉවසන්න බැරි කැක්කුමක් එනවළුද? කන්න බොන්න පුලුවන්ද? මෝෆීන් වලට වේදනාව අඩු වෙනවද?
කන්සල්ටන්ට් ඩොක්ට අපි අඳුරන කෙනෙක්. එයා වෙද මහත්තයා ගැන කිවුවෙ එයාගෙ ලඟට බෙහෙත් ගන්න ආපු ගෑනු කෙනෙක්ගෙ ඩිම්බ කෝෂ වලද නාල වලද කොහෙද තිබුන පිළිකාවක් ඒ වෙද මහත්තයා හොඳ කරලා තිබුනලු