මචං මම A/L 3න් පාරක් කළා 3න් පාරම maths ෆේල්.
(පාඩම් කළා ඒත් බැරි උනා ගොඩ දාගන්න)
ඊට පස්සේ පොඩි ප්ලේස් එකක ජාව කොස් එකක් කලා (මෙලෝ වැඩක් උනේ නම් නෑ, සල්ලි අපරාදේ )
ඉතින් software development job එකක් හොයාගන්න try කළා හරි ගියේ නෑ .
ඉතින් IT ජොබ් එකකට හම්බුනේ innodata එකේ ඔයවගේ ජොබ් එකක්
එකෙන් මාස 6ක් විතර ඉදල java scjp (දැන් නම් ඕක වෙනස්) කලා . ජොබ් එකෙන් ඉතුරු කරගත්තු මුදලින් තමා scjp එකේ class and exam ෆී.
මමත් factory එකක normal ජොබ් එකකට ගියා,
ඒ කෙන් හම්බ කරල ගෙදර වියදනුත් පුළුවන් උපරිමේ ගොඩ දැම්ම ඒ එක්කම BCS (Brithish Computer Society ) ඒකේ exams කළා ,
repeat ඒවත් කොහොමහරි 2,3න් පාර කරලා ගොඩ දැම්මා ,
ඉතින් මට ඕන උන PGD ලෙවෙල් එක කරන ගමන් software development job එකක් හොයාගන්න,
එකත් යාලුවෙක් මාර්ගයෙන් මම trainee software developer ජොබක් සෙට් කර ගත්තා. (යාලුවට පිං සිද්ද වෙන්න)
(මම එතන කිව්ව රැ ඉන්න එක සෙනසුරාදා ඉරිදා වැඩ කරන එක කිසි අව්ලක් නෑ කියල මට ඕන උනේ ජොබ් එකට පැන ගන්න )
මම factory එකේ අවරුදු 4.5ක් වගේ වැඩකලා
අයින් වෙනකොට ඒ කේ මම 25000-35000ත් අතර පඩියක් ගත්තා ඕට්/night එක්ක.
මම trainee software developer ගියේ 12500/= ට (2013 අග ). (මේ තීරණය ගන්න ගොඩාක් අමාරු උනා මොකද ගෙදර වියදම මම බලපු නිසා, මොකද මේ කාලේ අය්ය රට (Student visa විත් part time jobs), හරිම අමාරුවෙන් තමා එයත් රෝල ගහ ගත්තේ )
ඉතින් මම එතන 1.5 years වැඩ කරලා offers වලට මාරු උනා දැන් ඉන්න තැනට වෙනකන්
(එක තැනක උපරිම හිටියේ 2years )
දැන් මම ලක්ෂ 2.5 කට වඩා වැඩි වැටුපක් ගන්නවා, මාත් එක්ක ඒ factory එකේ එකට හිටපු යාළුවො උපරිම 60000/= වගේ තමා දැනුත් ගන්නේ, හැබයි උන් තමා මගේ ජිවිතේ හම්බුන හොදම යාලුවෝ (දැනටත් මම උන් එක්ක තමා නිතරම ඉන්නේ),
උන්ට මාව හෙන ලොකු චරිතයක්, උන් ඒක මට කියනව (මට නම් එහෙම හිතෙන්නෙම නෑ)
මට IT කරන්න බල කලේ මගේ අය්යා , ඔය කොස් හොයාගෙන ඇවිත් ඕව කරන්න කිව්වේ එයා, (හැබයි එයා IT field එකේ නෙමේ)
එයාට නිතරම ඕන උනේ අපි හොදින් ඉන්නවා දකින්න,
මට හෙට ජොබ් එක නැති උනත් මම එච්චර IT වැඩ්ඩෙක් නොවුනත් ආපු ගමන් මග ගැන හරිම සතුටුයි
උබට මේකෙන් සෙතක් වෙයි කියල හිතපු නිසා fake එකකින් මේක ලිව්වේ.
(මම මේ මගේ කතාව first time තමා share කොලේ )
උබට ජය.