4 කොටස
සතියක්ම ගෙවිල ගිහිල්ල ඉරිදාවක් උදා උනා, කවදාවත් නෑති ප්රොබෝදයකි මම දහම්පාසල් යන්න ලෑස්ති උනා. සම්මුක පරීක්ශනය ගෑන මතක් වෙනකොට තවත් අමුතුම සතුටක් මගේ හිතට ඈති උනා. ඉතින් වෙනද වගේම මම උදෙන්ම පන්සලට ගියා. ඒත් අර ලස්සන ඈස් දෙක මම හෙව්ව තෑනක් නෑති තරම්. ඒත් මට ඒ ඈස් දෙක එදා වේලාසනින්ම දෑකගන්න බෑරි උනා. උදේ රුස්වීමත් පටන් අරගෙන ඒත් තාම නෑ. මට මහ පුදුමාකාර දුකක් හිතට දෑනෙන්න ගත්ත.
සතියක් පුරාවට පෙරුම් පුරල පුරල ඒ සුරංගනාවිව දකින්න බෑරි උන එකට මගේ හිත පුදුම කලකිරීමකින් හිටියෙ. ඒ වෙනකොටත් අසින්සලා ගෑන හිතන හෑම වාරයක් පාසාම මහ අමුතුම හෑගීමක් මගෙ හිතට ආව, මම හිතන්නේ ඒක තමයි ආදරේ කියන්නෙ.
උදේ රුස්වීමෙන් පස්සෙ සම්මුක පරීක්ශන තියෙනව කියල අපිට දෑනුම් දුන්න.
ලොකුම පන්තිවල අය අන්තිමට පරීක්ශනයට ගන්න නිසා අපිට පන්තියෙ ඉගෑන්නුව කොහොමින් හරි කාලයත් ඉක්මනින්ම ගෙවිල ගිහිල්ල අපේ වාරෙත් ආව.
අපිත් යන්න ලෑස්තිවෙනකොටම කව්දෝමන්ද ලස්සනම ලස්සන කෙල්ලෙක් ටිකක් විතර කලබලෙන් වගෙ පඩිපෙල නගින්න ගත්තා.
ඒත් අපි බෑලුව කව්ද යකෝ මෙ පරක්කු වෙලා එන්නෙ කියල. ලගට එනකොටයි මම හරියට දෑක්කෙ ඒ වෙන කවුරුත් නෙමෙයි. මගේම සුරංගනාවිය අසින්සලා.
“එයා ආපු ගමන් මගෙන් ඈහුව අයියා interview එක ඉවරද කියල. මමත් නෑ කියල කිව්වම එයා thank අයියා කියල මගෙත් එක්ක හිනාවෙලා කාර්යාලෙ ඈතුලට ගියා. ඒ ගියපු ගමන්ම එයා ආයෙත් ඈවිල්ල මගේ පිටිසස්සෙන් පෙලියට හිටගත්තා, මගේ පිටිපස්සෙන් ඉන්න නිසා මම ඈහුව ඈයි ආයෙත් ආවෙ කියල? , “හාමුදුරුවො මට බෑනල කිව්ව ආයෙත් ගිහිල්ල පේලියට එන්න කියල ඉතින්මම ආව කියල” මටත් ඒ වෑඩේටනම් හිනා ගියා. මම ඈහුව ඉතින් ඈයි ඔයා පරක්කු උනේ කියල.
එතකොට එයා කියනව “ඊයෙ රෑ ෆිල්ම් එකක් බෑලුව ඒකනිසා මට අද ඈහෑරෙන්න පරක්කු උනා කියල” ඒකටත් මම අහිංසක හිනාවක් දාල ඉස්සරහ බලාගෙන හිටිය. ඒත් මගෙ හිත කිව්වෙම එයා එක්ක තව කතා කරන්න කියල.
කාලය ගෙවිල ගිහිල්ල දහම්පාසල ඉවරවෙන්නත් ආව.
ඒ ගෙවුන කාලය තුලත් මම එයා දිහා හොරෙන් බෑලුවෙ නෑතුවමත් නෙවෙයි.
එදා සමිතිය තිබුන, ඒක නිසා ධර්මශාලාවෙ තමයි අපි හිටියෙ සමිති තිබුනට අපි ඔකෙ මුකුත් කරන්නෙ නෑති නිසා කොල්ලෝ සෙට් එකම අන්තිම පේලියට වෙලා පොඩි පහේ කයියක් දාගෙන හිටිය. ඒත් සමිතියෙ ලේකම් තුමියගෙ කතාවෙ මට පොඩි හුරු බවක් තේරුනා. ඒක නිසා මම පොඩ්ඩක් අවදානෙ බෑලුව කව්ද මේ ලේකම්තුමිය කියල. එතකොටයි මම දෑක්කේ එයා තමයි සමිතියෙ ලේකම් තුමිය(අසින්සලා). සබාපතිට හිටපු හාදය දිහා දෑක්කම මට පොඩි ඊශියාවක් ආව ඌ අතනට වෙලා චූන් එකේ අසින්සලා එක්ක ඉන්නව. මම අන්තිම පේලියට වෙලා හිතින් දුක් විදිනව.
ඔක්කොම විශේශාන්ග ඉවර උනාට පස්සෙ රවීන්ද්‍ර සර් දෑනුම් දීමක් කරා. ඒක තමයි හෑමෝම බලාගෙන හිටපු දේ. ඒ තමයි සම්මුක පරීක්ශනයේ ප්‍රතිපල
තේරුන අයගෙ නම් එක එක කියෙව්ව. අපිත් දෑන් කියයි කියයි කියල බලාගෙන හිටිය අන්තිම නම් 2ක කියන කොට මගේ ඔක්කොම හීන ටික බොදවෙලා තිබුන් ඒත් වාසනාවකට මගේ නමයි , අසින්සලාගෙ නමයි අන්තිමට කිව්වා.
මෙන්න මේක තමයි අර මම කියපු පඩිපෙල