"මගේ කාලකණ්ණි සන්තෝසය.."

Mar 16, 2009
24
8
3
මට නම් අද පට්ටම Happy ය.."
එය කෙතරම් පට්ටදයත් උණමරගාතේ පාන්දර 2.30 ට නිදිවර්ජිතව මේ හෑල්ල කෙටීමට තරම් එය ප්‍රබල මට්ටමේ කාලකණ්ණි සන්තෝසයක්ය.
මගේ මේ කුරිරු සතුටට හේතු කිහිපයක්ම ඇත.
ප්‍රධානම හේතුව නම් මා පැවසූ අනාවැකියක් කිරි ගහට මෝල් ගහෙන් ඇන්නාක් මෙන් ඇස්පනාපිටම සිදුවීමය.
අනාවැකිය නම් මෙසේය,
මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අප වෘතීය සමිතිය වන ලංකා බැංකු සේවක සංගමය විසින් ශාඛා විසිත්ත කරමින් අපගේ සාමාජිකයින් දැනුවත් කිරීමේ රැස්වීම් ලංකාව පුරාම පවත්වන්නට කටයුතු කරන ලදී.
එහිදී මා විසිත්ත කළ ප්‍රාදේශික වල ශාඛාවලදී පුද්ගලීකරණය පිළිබඳව පැහැදිලි කිරීමේදී මා පැවසූ කාරණයක් විය.
ඒ විදුලි කප්පාදුව සහ තෙල් පෝලිම් වල ආරම්භක සමයයි.
මම අප සහෝදර සහෝදරියන්ට අපේ රටේ ජනතාවගේ චින්තන විලාශය පිළිබඳව අනාවැකියක් පලකලෙමි.
එනම්,
අප නුදුරු අනාගතයේදී ඉන්ධන ලබා ගැනීමට නොහැකිව ලතවන ලාංකිකයෙක් වෙත ගොස්,
"හරි වැඩේ නේද..?
ආණ්ඩුවෙන් Trinco තෙල් ටැංකි ටික පිටරටට විකුණන්න යනවලු නේද..?
ඒක හරි වැරදියි නේද?
කියා ඇසුවහොත් අදාල පුද්ගලයා--->
"අනේ මේ මනුස්සයෝ.."
මට ට්‍රින්කෝ නෙවෙයි කොළොන්නාව , ඔරුගොඩවත්‍ත විකුණලා හරි කමක් නෑ තෙල් ටික දෙනවා නම්..!
කියා ප්‍රතිචාර දක්වනු ඇති බවය.
එසේම,
විදුලි කප්පාදුව ඇරඹුණු පසු පාරේ ගමන් කරනා පුරවැසියෙකුගෙන්,
"මහත්තයා.."
හරි වැඩේ නේද?
යුගදනව් බලාගාරයේ ගෑස් සැපයුමේ ඒකාධිකාරය රෑ 12 ට ගිවිසුමකින් පිටරටට පවරලාලු නේද?
ඒක හරි වැරදියි නේද..?
කියා විමසුවහොත් අදාල පුද්ගලයා--->
මේ ඕයි.."
මට යුගදනව් නෙවෙයි කැළණිතිස්ස , ලක්ෂපාන විකුණලා හරි කමක් නෑ එක දිගට ලයිට් දෙනවා නම්."
කියා පවසනු ඇති බවය.."
ඥානක්කා මෙන් මා කී දෙයක්ද වැරදී නැත.."
😏
😊

පැය බාගයක් බුකියේ Wall එකේ උඩ පල්ල ගියෝතින් මගේ අනාවැකියේ මෙන් අදහස් දක්වන හෙළ යක්ඛ පුතුන් කප්පරක් සොයා ගත හැක.
එවන් Comments , Posts දකින වාරයක් වාරයක් පාසා මට මගේ ඒ අනාවැකිය සඵලවීමේ කුරිරු සතුටේ අමන්දානන්දය දැනෙන්නේය.
පාලකයා අප තරම් "ගොන්" නැත.
උන් කට්ටය.
කට්ට පමණක් නොව වෙට්ට පිත්තලය.
රටේ පුරවැසියා අඳුරේ තබන අතරම ඔවුන්ට වි.බ. පනත පිටරට මුදලාලි කෙනෙකුට අවශ්‍ය ආකාරයට ඔහුගේ සිත සැනසෙන පරිදි වෙනස් කර ගැනීමට අවශ්‍ය විය.
නමුත් ඔවුන්ගේ සිතැඟි ඉටුකර ගැනීමට ප්‍රබල බාධකය විය.
එනම් වි.බ.ම. වෘතීය සමිතිය.
වෘතීය සමිති පාලනය ලේසි නැත.
ආණ්ඩුව හරියටම නාඩිය ඇල්ලුවේය.
ඒ නාඩිය වෘතීය සමිති වල නොව හෙළ යක්ඛ පුතුන්ගේය.
රටෙන් තුන්කාලක්ම කා වතුර බී සිටින දේසපාලුවෝ විදුලි ඉංජිනේරුවන්ගේ පඩිය එළියට දා බුකියේ කැම්පේන් එකක් කළෝය.
විදුලි ඉංජිනේරු පඩිය දුටු හෙළ යක්ඛ පුතුන්ගේ ලේ කෝපවූවේය.
අප කෙසේ හෝ මේ විදුලි ඉංජිනේරුවන්ගෙන් රට මුදාගනිම්හයි පවසමින් ඔවුහු බුකියේ සටනට බටහ.
නමුත්,
ඒ විදුලි ඉංජිනේරුවෝ වසර 13 ක් පාසල් ගොස් උසස්පෙළට ගණිත විෂය ධාරාවෙන් මුහුණදී දිවා රාත්‍රී නැතිව පාඩම් කර නොවිදිනා දුක් විඳ ඉතාම විශිෂ්ට ලෙස උසස් පෙළ සමත්ව ඉන් පසු විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨයන්ට ප්‍රවේශය ලබා එම පීඨයන් තුළදීද වසර ගණනක් ඉතා කැපවීමෙන් උගෙන විභාගවලට මුහුණදෙමින් Electrical Engineering විෂයපථයෙන් සිය උපාධිය සම්පූර්ණ කළ ලංකාවේ සිටින ඉහළම මට්ටමේ බුද්ධිමතුන් බව යක්ඛ පුතුන්ට අමතක විය.
මගේ පාසල මැදි විදුහලක්ය.
05 වසර ශිෂ්‍යත්ව සමතුන් සහ සාමාන්‍ය පෙළ සමතුන් පමණක් අප පාසලට ඇතුලත් කරගන්නා බැවින් අපේ කාලයේ පාසලෙන් ගණිත අංශයේ පන්ති පිටින් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීම සුලබ කරුණක්ය.
නමුත් එසේ ඉංජිනියරින් ගිය උන්ගෙන් බාගයක්වත් අද ලංකාවේ නැත.
විශ්ව විද්‍යාලයෙන් නික්මී වසර කීපයක් ලංකාවේ සේවය කරමින් සිටි උන් අද එක්කෝ අප්‍රිකාවේය , නැත්නම් මැද පෙරදිගය , එහෙමත් නැත්නම් ඕස්ට්‍රේලියා/නවසීලන්තයේය.
ඊට හේතුව ලෝකයේ ඉංජිනේරුවෙකුට ගෙවන ගාණට සාපේක්ෂව ලංකාවේ ගෙවන වැටුප අඩුවීමය.
ලංකාවේ තවමත් ඉන්න උන්ට උන් ඉන්නවාට අප මල් තියා වැඳිය යුතුය.
💐

මණ්ඩලයේ අනෙකුත් සේවකයන්ද කන කට්ට පිළිබඳව ඇසිය යුත්තේ ඔවුන්ගෙන්මය.
නඩත්තු කරන්නට සහ නව රැහැන් අදින්නට ගොස් උන් කන කට්ට දන්නේ උන් විතරක්මය.
දේසපාලුවන් රටට පෙන්නන්නට හදන්නේ උන් පින් පඩි කාරයන් කියාය.."
විදුලි සේවකයන්ව බුකියේ දංගෙඩියට දැක්කීමට ප්‍රථම උන්ගේ ජීවිතයේ පින පව දැනගන්නට අඩුගානේ උන්ට කෝල් එකක් වත් දීම වටින්නේය.
අර හරියට සාමාන්‍ය පෙළවත් සමත් නැතිව තක්කඩිකම් වලින් ප්‍රකෝටිපතියන් බවට පත්ව සිටින දේශපාලුවන් දුන් විදුලි ඉංජිනේරු පඩියේ සහ සෙසු විදුලි සේවක අතිකාලයේ ලණුව සමහරක් හෙළ යක්ඛ පුත්තු කෑවෝය.
උන් එය කන අතර උන්ට පශ්චාත් භාගයෙන් හිනාවෙමින් දේශපාලුවෝ විදුලි බල පනත කෑවෝය.."
එතනත් මට කාලකණ්ණි සතුටක් ඇත.
එය මෙසේය,
විදුලි ඉංජිනේරු පඩියට කෙළින්නට සිතා සටනට බට හෙළ යක්ඛපුතුන්ටම දේශපාලුවන්ගේ ගේමෙන් නොම්මර එකෙන්ම කෙළවනු ඇත.
උන්ට අනාගතයේදී කෙළවන අයුරු සිහිවීමෙන් මට කුරිරු සතුටක් දැනෙන්නේය.
එදාට මටද කෙළවනු ඇත.
ඒත් කම් නැත. අරුන්ටද කෙළ වනු ඇත.
ඒ ටික මට ඇතිය.
මම එහෙමය.
අපි එහෙමය.
බිකෝස් වී ආ සෝ ශ්‍රීලංකන්ය.
😏
😊

පෙට්‍රෝලියම් කේස් එකද එසේමය..."
රටේ අද වන විට ඉන්ධන හිඟය උද්ගතව ඇත්තේ පෙට්‍රෝලියම් එක පාඩු ලබන නිසා නොව රටේ දේශපාලුවන් විසින් අප රටේ විදෙස් සංචිතත් සමඟ සූදු කෙළීම නිස බව හෙළ යක්ඛ පුතුන්ට අමතකය.
ඒ දේශපාලුවන් මාකට් කරන්නේම පෙට්‍රෝලියම් පාඩුවම නිසාය.
උන් අන්දන චීත්තය අපේ උන් ලස්සනට ඇඳගන්නේය.
පෙට්‍රෝලියම් සේවක OT සහ වියදම් ගැන දෙස් දෙවොල් තියන්නේය.
ඒත් පෙට්‍රෝලියම් එක මේ තත්වයට ගෙන ආ උන් ගැන අපේ උන්ට අමතකය.පෙට්‍රෝලියම් එකට තොග පිටින් ඡන්ද වැඩ කළ උන්ව පිරෙව්වේ ඔය දේශපාලුවෝය.
උන් "උස සහ මිටි" අනුව රස්සා දුන් අයුරු දැන් අපේ උන්ට අමතකය.
අඩුමිලට ඉන්ධන නොගෙන වැඩිමිලට ඉන්ධන මිලඳී ගන්නේ උන්ය.
"හෙජින්" වැනි බිලියන ගණන් උන් කළ මගඩි අපේ උන්ට අමතකය.
මෙතෙක් පෙට්‍රල් ලීටර් එකකින් ලද පාඩුව අහවර වී අවසන් මිල වැඩිකිරීමේ සිට ලාභයක් වන්නේය.
ඩීසල්ද එසේමය.."
එයින් පාරිභෝගිකයා වලපල්ලට ගියද පෙට්‍රෝලියම් එක ලාභ ලබනු ඇත.."
යාන්තම් ඇතිය.
දැන් රටට බරක් නැත.."
එහෙම සිතන්නේ අපිය.."
එයත් දේශපාලුවන්ගේ ගේමක්‍ ය.
"ගේම" නම් පාඩුයි පාඩුයි කියා ලාභ ලබන තැනට ගෙනැවිත් විකිණීමය.
අපේ රටේ දේශපාලුවන් සහ රට වැසියා අප සිංහල පෙළ පොතේ සිටි "හතරරියන් සහ දෙරියන්" මෙන්ය.
අපි හැමදාම උන්ගේ "ගේමේ" ගොදුරුය.
CEYPETCOව සතු ඉන්ධනහල් ටිකත් වික්ක පසු පෙට්‍රෝලියම් එකත් "වී අලෙවි මණ්ඩලය" මෙන් වනු ඇත.
අද සහල් මාෆියාව ගැන අපි කියන්නාක් මෙන් හෙට අප ඉන්ධන මාෆියාව ගැන කියනු ඇත.
දැනටත් එය හොර රහසේ ක්‍රියාත්මක වෙමින් ඇත.
හෙළ යක්ඛ පුතුන්ට ඉන් කමක් නැත.
අද රට විකුණා හෝ බයිසිකලයට පෙට්‍රල් ගසාගත යුතුය.
ඊටත් වඩා පෙට්‍රෝලියම් එකේ උන්ගේ OT සහ පඩි වලට කෙළවිය යුතුය.
ඒ කාලකණ්ණි සන්තෝසය උන්ට ඉහටත් උඩින් සෑහෙන්නේය.
මට නම් ඊටත් වඩා කුරිරු ලෙස සතුටුය.
ඒ පෙට්‍රෝලියන් උන්ගේ ගතමන්ට් එකට කෙළින්න්ට ගොස් අපේ යක්ඛ පුතුන් කෙළවා ගන්න නිසාය.
ඉන් මටද නොම්මර එකෙන්ම කෙළවනු ඇත.
ඒත් කම් ඇත.
හෙළ යක්ඛ පුතුන්ට කෙළ උනොත් මට ඇතිය.
මම එහෙමය.
අපි එහෙමය.
බිකෝස් වී ආ සෝ ශ්‍රීලංකන්ය.
😉
😏
😊

අපේ රටේ බහුතරයක් ජනයා වසර පහකට පමණ වරක් සුපිරි කාලකණ්ණි සතුටක් ලබන්නේය.
ඒ මැතිවරණ දිනයේදීය.
අපේ හෙළ යක්ඛ පුතුන් බහුතරය සැමදා සිය ඡන්දය භාවිත කළේ සිය සිය කැමති එකා බලයට ගෙන ඒමට නොව ඉන්න එකා බලයෙන් එළවා ඌට රිදවීමේ ආතල් එක ගැනීමටය.
උන්ගෙන් පළිගැනීමේ ත්‍රිල් එක ගැනීමටය.
ඔන්න අපි තොපිට දුන්න වැඩේ කියමින් ඒ මාරම සුවැති කාලකණ්ණි සන්තෝසය විඳීමටය.
ඒත් එන එකා ඊළගට අරින්නේ ඩබල් එකේය.."
අපේ යක්ඛ පුත්තු ඌ පත්වූ දින සිට ඌට ඊළඟ ඡන්දයේදී ශොට් එක දෙන අයුරු සිහින දකිමින් ස්වයංවින්දනයේ යෙදෙන අතර ඒ අවුරුදු 5 ම නොකා නොබී දුක් විඳින්නෝය.
වී ආ සෝ ශ්‍රීලංකන් ය.
😏
😊

ප්‍රභාකරන් ඡන්දය නොඉල්ලුවේ මිනිහාගේ කරුමයටය.
මෑන් අද ජීවතුන් අතර සිට කැලෑ ගානේ හැංඟි හැංඟී නොඉද ඩයස්පෝරාවේ සපෝර්ට් එකත් සමඟ සුපිරි බුකි කැම්පේන් එකතුත් කරගෙන ඊළඟට එන මැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඔහු මේ රටේ ජනාධිපතිවන බව නම් හෙට පායන හිරු මෙන් විශ්වාසය.."
ඒ මුන්ගෙන් පළිගෙන ආතල් එකක් ගැනීමට අපේ හෙළ යක්ඛ පුතුන් ප්‍රභාකරන්‍ට උවද ඡ්න්දය දීමට පැකිලෙන්නේ නැති නිසාය.
😊

අද ප්‍රභාකරන් නැත.
ඒත් කපුටු කාක් කාක් ඇත.."
කපුටු කාක් ද හෙළ යක්ඛ පුතුන්ගේ කෙරුවාව හොඳින් දන්නේය.
තුන් හතර පාරක් හෙළ යක්ඛ පුතුන් අන්දවා පුරුදු කපුටු කාක් කාක් ට තවත් වරක් උන්ව ඇන්දවීම මහ කජ්ජක් නොවන්නේය.
ඒ මන්ද යත් ඇමති මණ්ඩලයේ සංයුතිය දෙස බැලූ විට කපුටු කාක් කාක් විසින් හෙළ යක්ඛ පුතුන්ට දැනටමත් අන්දවා ඇති ඇන්දිල්ල පෙන්නේය.
මම මේ ඇඟිලි ගනින්නේ ඒ දිනය එළඹෙනතෙක්ය.
ඒ ඊළඟ මැතිවරණයේදී හෙළ යක්ඛ පුතුන් අඳින ඇඳිල්ල බැලීමටය.
එසේ ඇඳ කෙළවාගන්න අයුරු බැලීමටය.
එදාට මටද කෙළවනු ඇත.."
ඉන් මට කම් නැත.
උන්ට කෙළ උනෝතින් මට හොඳටම ඇතිය.
හොඳටෝ..ඕ..ම ඇතිය.
😊

උන් කෙළවා ගන්නා අයුරු බලා මට ඒ අති සුන්දර කාලකණ්ණි සන්තෝසය විඳීමට ඇත්නම් මට ඒ ඇතිය.
ඒ මගේ හැටිය.."
ඒ අපේ හැටිය..."
බිකෝස් වී ආ සෝ ශ්‍රීලංකන්ය.
😉
😏
😊


උපුටාගනීමකි
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බාගයක් අමාරුවෙන් කියෙව්ව... පිං පඩි පීපල්ස් බයිල වගේ අදහසක් ආව....
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ මොකෙක්ද බං?
    තුම්මුල්ලෙ විමලෙත් මේ වගේ තමා!
    අවධානෙ වෙන අතකට හරවන්න
    ඌ කියන්නෙ හැමදේම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලනෙ!
    ඒත් අපි දන්නව
    ඔය පිටරටවල් හෝ දේශප්‍රේමියෝ
    දෙගොල්ලම සාන්තුවරු නෙමෙයි කියල.

    ඒ වගේ මූත්
    අවධානෙ වෙන අතකට හරවන්න
    පත හෑල්ලක් ලියනවා
    conspiracy theory එකක් එක්ක,
    විමලෙ වගේම ලස්සන වචන දාලා.
    ඒත් දන්නෝ දනිති,
    මූ මෙතන පහරදෙන දේශපාලකයොයි,
    ආරක්ෂා කරන්න හදන නිලධාරී පැලැන්තියයි
    දෙගොල්ලොම සාන්තුවරු නෙමෙයි කියල.

    රචනා ලියන හැටි දැනගෙන
    ඕලෙවල් විතරක් පාස් කරගත්තහම
    මේ වගේ ගොබ්බ අදහස් එනව.
    උදාහරණයක් හැටියට
    මූ කියන හැටි බලපියව්කො,
    ඉන්ජොන්ට මල් තියල වඳින්න කියල.
    අනේ, මේ උඹල වගේ පුක දීගෙන
    රණවිරුවොන්ටයි, සුවවිරුවොන්ටයි, රටවිරුවොන්ටයි,
    අර විරුවොන්ටයි, මේ විරුවොන්ටයි වඳින්න
    අපිට පිස්සු නෑ, යකෝ!
    තොපිට ඕනි නම්
    අප්පට හැමනිලා පිටරට පලයව්!
    මොකද, අපි කිව්වද බොල, තොපිට මේ රටේ නැවතිලා
    රට-දැය-සමයට සේවය කරන්න කියල?
    තූ නොදකින්, ගන්කබර වේස හැත්ත!
    හැමදේටම වැරදි අනුන්! තමන් මාර සුද්දවන්තයෝ!!
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    එතකොට දැන් මෙච්චර කාලයක් රාජ්‍ය ව්‍යවසාය හොඳයි කිය කිය දඟලපු එක ගැන මොකද කියන්නේ? ලෝකෙ ඕනම දියුණු රටක බලශක්තිය පුද්ගලීකරණය කරලා තියෙන්නේ. රජය විසින් කරන්නේ නියාමනය විතරයි. රාජ්‍ය ව්‍යවසායන් ඊ විදියටම දේශපාලකයෝ පවත්වගෙන ගියේ ඒවට හිතුනු හිතුනු වෙලවාවට ඇඟිලි ගහන්න පුළුවන් නිසා. එහෙම නැතුව රටට තියන ආදරේට නෙවෙයි. ගාල්ලේ චන්දිම වීරක්කොඩි බලශක්ති අමාත්‍යන්ශේ ඉද්දී ජොබ් දීපු තෙල් ගහන ඉන්ජිනේරුවොන්ගේ හැටිත් අපි හොඳට දන්නවා.

    දැන් මෙතන වෙලා තියෙන්නේ වෙනම දෙයක්. හොරා කාලා හොරා කාලා මේ ක්‍රමය ගෙනියන්න බැරි තැනටම පත් වෙලා තියනවා. ඒකත් එක්ක ඔය 225 ඉන්න ගොබ්බයොන්ටත් හොරා කන චාන්ස් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. මේ වෙලාවෙ පුළුවන් තරමින් කියක් හරි හොයාගන්න සහ ජනපීඩනයෙන් බේරෙන්නත් එක්ක පුද්ගලීකරණය කරද්දි වෙනවා. නමුත් පුද්ගලීකරණය තුල ඇති වරදක් නෑ. වරද තියෙනව නම් තියෙන්නේ ඒක කරන ක්‍රමේ විතරයි.

    අනික තමයි, මේ වෙලාවෙදි අපි බලන් හිටියොත් ඇඩ්නොක් එකෙන් ලන්කාවෙ ශෙඩ් ගනීවි කියලා මම නම් හිතන්නේ නෑ ඒක වෙයි කියලා. මේ වගේ හිඟන රටක රුපියල් වලින් බිස්නස් කරන එක උන්ට පාඩුයි. ඉන්ග්‍රීසිවත් බැරි ගොඩේ ඇමතිලට කොමිස් දෙන්න බලන් ඒ වගෙ reputed company එකක් ලන්කාවට එන්නේ නෑ. උන්ට උන්ගෙ බිස්නස් expand කරනවා නම් ලන්කාවට වඩා හොඳ රටවල් තියෙනවා. අනික උන්ට ගෝලීය දේශපාලනේ තුල ඒ තරම් සාපේක්ෂ වැදගත්කමක් නැති රටක බලශක්තිය අල්ලගත්තා කියල වැඩක් වෙන්නෙත් නෑ. වැඩක් වෙනවා එකම එක රට තමයි ඉන්දියාව. කොහොම ගියත් මේ යන විදියට අපිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඉන්දියාවට මුක්කුවක් ගහන්න වෙනවා. ඒක අපිට හොඳ උනත් නැතත් ඉතුරු වෙලා තියෙන බොහොම පොඩි ඔප්ශන්ස් ටිකෙන් ගන්න තියෙන ඉක්මන්ම ඔප්ශන් එක ඒක. අයි එම් එෆ් ගියත් ඉන්දියන් සපෝට් එක නැතුව ලන්කාවට ඕකුන් සල්ලි දෙන්නේ නෑ. ඉන්දියාව ඒ තරමට බලවතෙක් සහ අපි ඒ තරමට දුබලයෝ.

    ආහ් තව එකක්, 2025 ඡන්දෙට එන එකාට අපිව බේරගන්නත් හතුරෙක් ඉන්නත් එපැයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ මාෆියා හැදිලා තියෙන්නේ මෙහෙ වෙළඳ තරඟය සාධාරණ එකක් නොවෙන නිසා නේ? ලංකාවේ තියෙන්නේ තරඟකාරීත්වය නෙවෙයි. නියම තරඟකාරීත්වයක් තියෙනවා නම් ඔය මාෆියා සංගම් දඩ කන්නේ මිළියන සිය දහස් ගණනින්. ඇමෙරිකන් ඒකාධිකාර යුරෝපයේදී දඩ කන හැටි අහල තියෙනවාද? මේ ලඟකදී ජපානයේ අකාගී අයිස්ක්‍රීම් සමාගම එහි සේවකයන් නිලධාරීන් සහ අයිතිකරුවන් එකතුවෙලා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුව, හේතුව අවුරුදු 25කට පස්සේ අයිස්ක්‍රීම් මිල යෙන් 10කින්ද කොහෙද වැඩි කරලා. ඉතින් එහෙම ව්‍යාපාර සන්කෘතියක් තියෙනවා නම් පෞද්ගලික ව්‍යාපාර ගැන භය වෙන්න ඕනද? ඉතින් මේකත් හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා වගේ තමා. වැරැද්ද තේරුම් අරගෙන නැහැ.