මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

Apr 24, 2010
351
107
0
Kandy
මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

මගේ කෙල්ල... තවත් මගේ නෙවෙයි........

rasthi.jpg


මට ඊයේ රැ ඉදන්ම නිදක් තිබ්බේ නැති තරම්... එලිය වැටෙනකම් මම මග බලන් හිටියා...
අද එයාගේ උපන් දිනේ... මම දවස් ගානක් මේ දවස වෙනුවෙන් බලන් හිටියා...
එයා එන්න උදේ 9 වත් වෙයි කියල මං දැනගෙන හිටියා.... ඒත් කෙල්ලගේ මුහුණ බලනකම් මට
ඉවසිල්ලක් තිබ්බේ නෑ... ඒ හින්ද ද කොහෙද මම 7 ටත් කලින් නුවර ආවේ..
මට ඉවසිල්ලක් තිබ්බෙම නැහැ... කෙල්ලගේ අද birth day එක..
කෙල්ල කොහොමත් ලස්සනයි..... අද තවත් ලස්සනට ඉදිවී..... පාන්දරම පිපුන සුදු නෙලුම් මලක් වගේ...
ඒ හිනාව.. හිනාවෙනකොට පුංචි වෙන ඇස් දෙක... නිව්වක් නැතුව මුහුණට වැටිලා දගකරන කේස් රෝද.....
ලා රෝස පෙති වගේ මුහුණ.... හනේ........ මගේ හිතම දැහැන් ගත උනාවගේ.............
මට කියන්න තේරෙන්නේ නැහැ.... හිතට එන හැමදේම ඉටුවෙනවානම්.... ජීවිතේ කොච්චරනම් ලස්සනද.....
හ්ම්... වෙලාවකට හිතෙනවා මම පෙරුම් පුරන්නේ කුමාරිකාවක් වගේ කෙනෙක්ට නේද කියල.....
ඇත්තටම එයාගේ තාත්තා ලොකු සල්ලි කාරයෙක්... සැපට හැදුන කෙල්ලෙක්...
ඒත් කිසිම කෙල්ලෙකුට නැති ලස්සන ගතිගුණ මම එයාගෙන් දැක්ක..
මම වගේ එකෙක් එක්ක මේ වගේ සුරංගනාවියක් හිනාවෙලා කතා කරන එකත් මම කල පෙර පිනක්...
එයාගේ පින්තුර පවා එයා මට දීල තියනවා.. මගේ phone එකේ..
wallpaper එක එයා... සමහර දවස් වලට මම ඒ දිහා ඔහේ බලන් ඉදල තියනවා...... වරු ගණන්...
බලන්න බලන්න ලෝබ හිතෙනවා.... අනේ... එයා මගේම වෙනවනම්..... ඒක හීනයක් .......
එයත් එක්ක එයාගේ සුදු අත අල්ලාගෙන නුවර වැව වටේට හිමින් හිමින් ඇවිදින්න තියනවනම්.........
අනේ.. එහෙම වෙනවනම්... එක දවසකට හරි..., මම ඒ දවස වෙනුවෙන් මගේ මුළු ජීවිතේම උනත්
කැපකරනවා...... හ්ම්... මම එතරම් පිං කරලා නැහැ... ඒ බව මම දන්නවා...
ඒත් මගේ හිත....... කියන දේ අහන්නේ නැහැ..
මම මේ කරන්නේ මොනවද කියලවත් මට තේරෙන්නේ නැහැ...
ඇයි මම මෙතරම් කෙල්ලෙක් හින්දා.............. මම දන්නේ නැහැ...
වෙලාව 9 ත් පහු උනා... එයා යාලුවොත් එක්ක එනවනම් එන්නේ KFC එකට...
එයාගේ යාලුවෝ එකතුවෙන්නේ එතනට...
උදේ ඉදන් තාම මොනවත් බඩට වැටුනේත් නැහැ....
එතරම් හදිස්සියක් තිබ්බේ....

එයාට මොනවා නම් තෑගී දෙන්නද..

මගේ කියල වටිනා දෙකට තියෙන්නේ මගේ ජිවිතේ තමයි..
ඕන නම් ඒක උනත් දෙන්න මම ලෑස්තියි....... ඒත් ඒක කියන්න ගියොත් මිනිස්සු හිතයි
මට පිස්සු කියල... මැට්ටා..! එහින්ද මම එයාවම මගේ ඇහින් දැකපු විදිහ චිත්‍රයක් කළා....
මන්දා... ඒක ඒහැටි වටින දෙයක් නෙවෙයි... ඒත් මට හිතුන එහෙම හොදයි කියල...
අන්තිමට හිතුවටත් වඩා ලස්සනට මම ඒක ඇන්දා... මගේ කෙල්ල කොහොමත්
ලස්සනෛ නේ...... ඒත් එක්කම එයාට දෙන්න ගත්තා මල් පොකුරක්..
ඒ වෙනකොට පර වෙයිද කියලත් හිතුන.. වතුර ටිකක් ඉහින්න තිබුනොත් හොදයි...
එතකොටම වගේ සුදු පාට කාර් දෙකකින් කට්ටියක් ඇවිත් බැස්ස...
හරි.. කට්ටිය ආවා.... මම එයාගේ සෙට් එකේ කෙල්ලෙක් අදුනගත්තා....
එයා ආවා... මට එතනට යන්න හිතුන.... ඒත්... නැහැ... කෝ
මගේ කෙල්ල..... පෙනෙන්න හිටියෙ නැහැ.... කොහෙද... ???
මගේ ඇස් වලට පිනි බාලද කියලත් හිතුනා...
නැහැ.... කාර් එකේ පිටිපස්සහ දොර අරුනා... මගේ පපුව ගැහෙන සද්දේ.. මටම ඇහෙනවා වගේ...
දොර අතරින් රුවක් මතුවුණා... දෙයියනේ......................... මගේ මැණික....
මගේ මුළු ඇඟම... හිරිවැටිලගියා............. හරියට හින්දි නිලියක් වගේ... මගේ කෙල්ල....
මම කොහොම නම් කියන්නද... මොනවානම් කියන්නද.....
වාලුකාවක් වගේ ලෝකයක් මැදට දිව්‍ය ලෝකයෙන් දිව්‍යාංගනාවක් වැඩියා වගේ....
මට මාවම අමතක වෙලා වගේ..... මට දුවල ගිහින් බදාගන්න හිතුන...
ඒත්....................... මගේ හින කොදෙව්ව අළු වෙලා යන්නම... මගේ පපුවට අකුණක් ගැහුවා......

කාර් එකේ අනිත් පැත්තෙන් බැස්සේ කොල්ලෙක්... ඌ ගිහින් මගේ කෙල්ලගේ

ඉන වටේ අත් දැම්මා...... එයත් හිනා වෙලා ඒ කොල්ලගේ අතින් අල්ලගත්තා......
මට මගේ පපුවම පත්තුවෙලා ගියා වගේ දැනුන... මට මේ මොකද වෙන්නේ...
යකඩ ගුලියක් උගුරේ හිර උනා වගේ දැනුන.. කෙළ පොදක් වත් ගිලගන්න බැහැ.....
කට්ටිය හිනාවෙනවා.... මොනවද මේ සිද්දවෙන්නේ....
"මචෝ උඹ තමයි අද බිල් සෙට්ල් කරන්නේ......... Coz she is going to be your wife.."
එතන හිටපු කොල්ලක් කිවා...
මෙච්චර වෙලාවක් හිරකරන් හිටපු කදුළු බින්දු ටික මට තවත් නතර කරගන්න මට බැරිවුණා....
එයා හිටියේ පුදුම තරම් සතුටකින්... කොල්ලට තුරුල් වෙලා....
මට මම ගැනම දුක හිතුන..... ම... මට ත්..තවත් ඒ දිහා බලන් ඉන්න බැරි උනා.....
මගේ කෙල්ල... වෙන එකෙක් ළග... මට ඒක ඉවසන්න බැරි උනා... ඇයි දෙයියනේ...........
මට ඒක පිළිගන්න තරම් ශක්තියක් තිබ්බේ නැහැ.... දුවගෙන ගිහින් උගේ හොම්බට අනින්න හිතුන........
ඒත් ....... ඇයි......? මොකද්ද උගේ වැරැද්ද...??
ඔව්.. වැරැද්ද මගේ.... මම කවුද...? නිකන් අහක යන එකෙක්...
එයාගේ තත්වයත් එක්ක බලද්දී මම අහසට පොලොව වගේ......
කොල්ලත් හරියට සුද්දෙක් වගේ... හ්ම්... මට තවත් එතන ඉන්න බැහැ....
ඒත්... මේ ගෙනාපු දේවල්... මොනවා කරන්නද විසි කරන්නද... මම කොහොමද එහෙම කරන්නේ...
මේ හැම දෙයක්ම මම එයාටම ගෙනාපුවා...
අලුත් උණු කදුළු බින්දුවක් මගේ ඇස් අතරින් ගලනවා මට දැනුන...
මහ පාර මැද තවත් මට ඉන්න බැහැ... ඒත් මගේ කෙල්ල......
එයාල දැනටමත් party ඒක පටන් අරන් ද කොහෙද....
අන්තිමේ මම KFC එකේ වැඩ කරන කොල්ලෙක්ට රුපියල් 100 දිල
මම ගෙනාපු මල් පොකුරයි, චිත්‍රයයි මගේ මණික අතට යවන්න කියල දුන්න.....
"ප්‍රශ්නයක් නැහැ.. සර්.. මෙතන private party එකක් නැහැ.... සර්ටම ගිහින් දෙන්න පුළුවන්....."
මට කට උත්තර නැති උනා.... මම කොහෙත්ම එතනට ගැලපෙන්නේ නැහැ...
පරණ ඩෙනිම... අත් නමපු කමිසේ... රබර් සෙරෙප්පු දෙක...
හරියට රස්තියාදුකාරයෙක් වගේ.............
එතන හිටියේ ඔක්කොම පොෂ් සෙට් එකක්... මම එතනට ගියොත් විකාරයක් වගේ තියෙයි.....
අනිත් අතට...... මගේ රෝස මල වෙන එකෙක් එක්ක ඉන්න ඒක මට කොහොමත්
බලන් ඉන්න බැහැ.... මට මම ගැනම දුක හිතුන...
"ක්...කමක් නැහැ.. ඔයාම දෙන්න මල්ලි..."
මම ගෙනාපු ටික දීල මම එන්නට හැරුන....
මට දැනුනේ ලොකු හිස් කමක්...
දුකක්... වේදනාවක්....
මගේ රත්තරන් මැණික... මගේ නෙවෙයි..
තිත්ත උනත්... මට ඒ ඇත්තම පිළිගන්න උනා.....
මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි..............


මම...
රස්තියාදුකාරයා
 
Apr 24, 2010
351
107
0
Kandy
"එයත් එක්ක එයාගේ සුදු අත අල්ලාගෙන නුවර වැව වටේට හිමින් හිමින් ඇවිදින්න තියනවනම්........."
 
Apr 24, 2010
351
107
0
Kandy
Ela kiri. Umbata liyanna honda hakiyawak thiyenawa. Blog eke bookark parak dagaththa man. :D
හ්ම්ම්.. ස්තුතියි.....
වෙලාවකට හිතෙනවා..
මම හරි ලස්සනට දුක්විදිනවා කියලා..... අඩුතරමේ...
 
Apr 24, 2010
351
107
0
Kandy
එහෙම කියන්න එපා මචං....
ඒ කෙල්ලගේ අතේ වැරද්දක් නැහැ...
අපි අහසට පොලව වගේ... කොල්ලා එයාට ආදරය කලාට ඒක කවදාවත් කිව්වේ නැහැ....
ඒත් කෙල්ල වෙන කෙනෙක්ට අයිති වෙනෙක කොල්ල කොහොම බලන් ඉන්නද?
නොහිතන දේ සිද්දවෙන එකට තමයි බං ජිවිතේ කියන්නේ....



ado me sira 1k nemeda nodakin hu.....
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි..............
    දුකයි බං.. මොනවා කරන්නද..
    අපි හිතන හැමදේම ලැබෙන එකට නෙමෙයි ජීවිතේ කියන්නේ..

     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මචන් රස්තියාදුකාරයා,
    මටත් කියන්න තියෙන්නේ උඹට කියන්න තියෙන දේ විතරයි. මම කැමැත්තෙන් හිටියා අපේ බැච් එකේ ලස්සනම කෙල්ලට. ඒකි තමයි මම ලංවෙච්ච කථා කරපු ලස්සනම කෙනා. මම නම් එච්චර කඩවසම් කෙනෙකුත් නෙවෙයි. ජීවිත කාලයම පිස්සු නටන්න ගතකරපු මට එයා හීනයක් විතරයි. අන්තිමට මට කවදාවත් එයාට ආදරේ කියාගන්න බැරිවුනා. කොහෙන්ද ආපු සල්ලි තියෙන ගල් මූසලයෙක් එයාව මගෙන් ඈත් කරගෙන ගියා. මොනා කරන්නද අදත් මම තනියෙන්. එක අතකට ඒක හොඳයි කියලා හිතෙනවා
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මචන් රස්තියාදුකාරයා,
    මටත් කියන්න තියෙන්නේ උඹට කියන්න තියෙන දේ විතරයි. මම කැමැත්තෙන් හිටියා අපේ බැච් එකේ ලස්සනම කෙල්ලට. ඒකි තමයි මම ලංවෙච්ච කථා කරපු ලස්සනම කෙනා. මම නම් එච්චර කඩවසම් කෙනෙකුත් නෙවෙයි. ජීවිත කාලයම පිස්සු නටන්න ගතකරපු මට එයා හීනයක් විතරයි. අන්තිමට මට කවදාවත් එයාට ආදරේ කියාගන්න බැරිවුනා. කොහෙන්ද ආපු සල්ලි තියෙන ගල් මූසලයෙක් එයාව මගෙන් ඈත් කරගෙන ගියා. මොනා කරන්නද අදත් මම තනියෙන්. එක අතකට ඒක හොඳයි කියලා හිතෙනවා

    මොනවා කරන්නද බං...
    ඒත් මේ කෙල්ල සල්ලිකාර ලොකු පවුලක එකම කෙල්ල...
    කොල්ල නම් සාමාන්‍ය පොඩි පවුලක එකෙක්... දෙන්න යාලුවෝ වගේ ඉදල තියෙන්නේ...
    කෙල්ලගේ වැරද්දක් නැහැ.... වෙන ඒවගේ ලස්සන සල්ලිකාර කෙල්ලෙක් නම්.. අපි වගේ උන් හැරිලාවත් බලයිද..... පවු අසරණයා.. අද කාලේ හැම කුලකයකම මහා පොදු සාධකය සල්ලි...
    එකට මුවා වෙලා අනතිමට හිත පෑරිලා... කොච්චර උනත් first love... අමතක කරන්න පුලුවන්ද..............
    :dull::dull::dull: