මගේ දෑතට විලංගුලා රාජපක්ෂලා සෙලින්කෝව කො
ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම විසින් සිදුකරන ඇතැයි කියන රුපියල් බිලියන 26 ක් පමණ වන මූල්‍ය වංචාවට ප්‍රධාන සැකකරු වූ එවක සෙලින්කෝ සමුහයේ සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා සිය ව්‍යාපාර කඩාවැටීම හමුවේ මෙතෙක් හෙළි නොවූ කරුණු පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ. ඔහු පවසන ආකාරයට ඔහු සතුව තිබූ සුවිසල් වත්කම් තුලින් අගතියට පත්වූ 9128 ක් වූ පිරිසට පහසුවෙන් ඔවුන්ගේ තැන්පතු මුදල් ගෙවීමට හැකියාවක් තිබුනත් පසුගිය ආණ්ඩුවේ කල්ලියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවය. සෙලින්කෝ ධනයට කෑදර කමින් එම කල්ලිය විසින් තමාගේ අතපය බැඳ දමා ආයතනය සතු ධනය කොල්ලකෑ බවත් ඔහු විසින් මාධ්‍ය වෙත හෙළිකොට තිබුණි.
ලලිත් කොතලාවල මහතා දැක්වූ අදහස් බලන්න පහතින්.
කොම්පැනි 450ක් තිබුණා. සේවකයෝ 45000ක්. විදේශ කාර්යාල 15ක්. මම හොරෙක් නෙවෙයි... ඉතින් ගෝල්ඩන් කී එකට මම බැලුවම අපට ශක්තිය තිබුණා... සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බොහෝම ලෙහෙසියන් බිලියන 13ක් තිබුණා. තැන්පත්කරුවන්ගේ මුදල්. අපි අවුරුදු 3 හමාරකින් මේ බිලියන 13 ගෙවන්න අපි යෝජනා කරපු වැඩපිළිවෙළක් උසාවියට දුන්නා. අපි ගෙවන්න පටන් ගත්තා. උසාවියට ගෙනාව මිලියන 200ක චෙක්පතක්. තැන්පත්කරුවන්ගේ වරදකුත් නෙවෙයි. අපේ වරදකුත් නෙවෙයි... හිටපු ජනාධිපතිතුමාගේ කල්ලියක්... ඒගොල්ලන්ට පෙනුණා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ වත්කම්... අපට තිබුණා මිලියන බිලියන ගණන් වත්කම්... ඒවා අසාධාරණ විදියට... කෑදරකමට පවරා ගන්න තමයි මාව හිරේට දැම්මේ... මට කිව්වේ මාව ශාරීරික ආරක්ෂාව දානව කියලා හිරේට...
මම හිරේට යනකොට වත්කම් තිබුණා බිලියන ගණන්... ෆිනෑන්ස් කොම්පැණියේ... ඒක ගත්තා.. මගේ කොටස් පවරා ගත්තා... සතයක්වත් ගෙව්වේ නැහැ... ඒක මංකොල්ලකෑමක්... ෆිනැන්ස් කොම්පැණිය... සෙලාන් බැංකුව පවරා ගත්තා මොහාන් පීරිස්... ඇටර්නි ජනරාල් විදිහට මාව හිරේට දාලා එතුමා මගේ සභාපතිකම ගත්තා... පඩියත් ගත්තා... මගේ සුප්‍රීම්කෝට් එකේ නඩු තීන්දු දුන්නේ එතුම තමයි... හයස්ට් රීජන්සි කියන හෝටලය මම හිරේ ඉන්න කොට බැසිල් රාජපක්ෂ... ඒක පවර ගත්තා... ඒක වටිනවා බිලියන 10ක් විතර. ඒ බිලියන 10න් මං හිතන්නේ එෆ්.එන්.ජී. තැන්පත්කරුවොයි ගෝල්ඩන් කී තැන්පත්කරුවොයි සල්ලි ඉල්ලන හැමෝටම ගෙවන්න පුළුවන්... මේක සම්පූර්ණ කොල්ලකෑමක්...
- http://offair.nethfm.com/article/11968

Desha premi bauddayo.