මගේ පරණ නිර්මාණ

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මගේ පරණ නිර්මාණ

මිතුරු මිතුරියනි,
මා පසුගිය කාලයේ කර තිබූ ඇතැම් කවි හා ගීත නිර්මාණ අවතැන් වී තිබී මට ඉඳ හිට හමු වේ. එවන් කවි ඉඩ ලද විටෙක මෙහි පල කරන්නට සිතුවෙමි. ඔබ සතුවද එවැනි නිර්මාණ ඇත්නම් මෙහි පල කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.

ඔබට තෙරුවන් සරණයි

මම,

චතුර
 
  • Like
Reactions: Kasmadumala

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කළුවරට කළු ගැහුණු
පොඩි එවුන්ගේ මුහුණු
පුන්චි සඳ එළියකින්
එළිය කළ හැකි නම් .........

පැල්පතේ වහලයේ
හිල් නොවුනු ටකරමක්
අයින් කරලා
එළිය විඳිනෙම් .............

මගේ කරගැට වලට
මගේ දහඩිය වලට
මිහිරි රහමෙර
හිලව් නොකළෙම් ........


පුන්චි පැටවුනේ හෙට
මම නුඹේ ලෝකයට
ඇති තරම් හඳ එළිය
ගෙනෙන්නම් ..........!
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සතර අත සිතුවිලි දුවයි
අතරමo වී නෙතු හඬයි
කතර මැද මා අසරණයි
නතර වන්නට සිත කියයි

මිළ මුදල් තිබුණත් නැතත්
යාන වාහන නොතිබුනත්
ආදරය හැම තැනම තියෙනවා
හොයා ගන්නට බැරි වුණත්
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
lassanai yaluwa
aththatama harima lassanai
digatama liyanna
rasa widinna api maga balan innawa

Apuru Nirmaana tikak

ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියි මාව දිරිමත් කළාට. පුළුවන් නම් ඔයාලගේ නිර්මාණත් මේ හුය ට දාන්න. එතකොට තමයි වැඩිය ආසා හිතෙන්නේ.
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
[FONT=&quot]වියැලුණු දෙනෙත කඳුලැලි,[/FONT]
[FONT=&quot]හසරැලි පුරවා[/FONT]
[FONT=&quot]මල් මල් සිහින ලෝකෙන්[/FONT]
[FONT=&quot]මා නෙතු හරවා[/FONT]
[FONT=&quot]සෙනෙහස හදවතේ [/FONT]
[FONT=&quot]එක් පැත්තක පුරවා[/FONT]
[FONT=&quot]නැගිටිමි ඉතින්[/FONT]
[FONT=&quot]අළු ටික සොහොනෙහි රඳවා[/FONT]
[FONT=&quot]2001 -05 -01[/FONT]
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
[FONT=&quot]මැදියමෙහි නිදිබරවු නෙතු යුවල වැසුනු විට[/FONT]
[FONT=&quot]ඒ තුලින් පෙනෙන්නේ නුඹ නොවෙයි නුඹෙ රුවයි[/FONT]
[FONT=&quot]බස් රියෙහි අසුන් කොන වාඩි ගෙන හිඳින විට[/FONT]
[FONT=&quot]දෙසවනට ගලන්නේ නුඹ නොවෙයි නුඹෙ හඬයි[/FONT]
[FONT=&quot]පෑන පොත අතට ගෙන ලියන්නට සිතන විට[/FONT]
[FONT=&quot]මේ සිතුම් එවන්නේ මම නොවෙයි මගෙ සිතයි[/FONT]
[FONT=&quot]යනෙන සැම මාවතක ගෙවෙන හැම මොහොතකම[/FONT]
[FONT=&quot]නුඹේ රුව සොයන්නේ මම නොවෙයි මගෙ නෙතයි[/FONT]
[FONT=&quot]නිසසලව තිබුණු සිත කළඹවා කිතිකවා[/FONT]
[FONT=&quot]සරසවා ඔපකලේ නුඹ නොවෙයි නුඹෙ නෙතයි[/FONT]
[FONT=&quot]දඟකාර, හැඩකාර මනහාර සොඳුරියේ[/FONT]
[FONT=&quot]මහද අද පතනුයේ නුඹවමයි, නුඹවමයි.[/FONT]
[FONT=&quot]1998-03-07[/FONT]​
 
Last edited:

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අරුණැල්ලක් වී පායා ඒ යැයි

සිතා සිටිය මුත් මගේ හදට ඔබ

නල රැල්ලක් වී තුටින් පියාඹා

සැඟවී ගොස් අද මගේ ලොවින් ඔබ

කඳුලැල්ලක් වී දෙනෙත් තෙමා මා

බිඳී නොගොස් හදවතින් මගේ ඔබ

සිතිවිල්ලක් වී අනේ නැඟෙයි අද

සදා රකින්නට හදේ වියෝ දුක​
 

saman2008

Member
Jan 4, 2010
227
1
0
[FONT=&quot]වියැලුණු දෙනෙත කඳුලැලි,[/FONT]
[FONT=&quot]හසරැලි පුරවා[/FONT]
[FONT=&quot]මල් මල් සිහින ලෝකෙන්[/FONT]
[FONT=&quot]මා නෙතු හරවා[/FONT]
[FONT=&quot]සෙනෙහස හදවතේ [/FONT]
[FONT=&quot]එක් පැත්තක පුරවා[/FONT]
[FONT=&quot]නැගිටිමි ඉතින්[/FONT]
[FONT=&quot]අළු ටික සොහොනෙහි රඳවා[/FONT]
[FONT=&quot]2001 -05 -01[/FONT]


harima lassanai
mekata thamai mama godak kamathi
digatama liyanna
suba pathum
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කළුවරට කළු ගැහුණු
    පොඩි එවුන්ගේ මුහුණු
    පුන්චි සඳ එළියකින්
    එළිය කළ හැකි නම් .........

    පැල්පතේ වහලයේ
    හිල් නොවුනු ටකරමක්
    අයින් කරලා
    එළිය විඳිනෙම් .............

    මගේ කරගැට වලට
    මගේ දහඩිය වලට
    මිහිරි රහමෙර
    හිලව් නොකළෙම් ........


    පුන්චි පැටවුනේ හෙට
    මම නුඹේ ලෝකයට
    ඇති තරම් හඳ එළිය
    ගෙනෙන්නම් ..........!

    nice dear
     

    saman2008

    Member
    Jan 4, 2010
    227
    1
    0
    ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියි මාව දිරිමත් කළාට. පුළුවන් නම් ඔයාලගේ නිර්මාණත් මේ හුය ට දාන්න. එතකොට තමයි වැඩිය ආසා හිතෙන්නේ.


    bohoma sthuthi aradanawata.sthutin pili gaththa.haki ikmanin oya ekka ekathu wenna inne.pada 4k gata gaha gannawa kiyana eka mara amaruine.try karaddi thamai oyage kawi wala agaya thawath wadi wenne.oya dakshayek
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    bohoma sthuthi aradanawata.sthutin pili gaththa.haki ikmanin oya ekka ekathu wenna inne.pada 4k gata gaha gannawa kiyana eka mara amaruine.try karaddi thamai oyage kawi wala agaya thawath wadi wenne.oya dakshayek

    ඉක්මනටම ඔයාටත් පද හතරක් ගලපගන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි මං දක්ෂයි කියලා කිව්වට. ඔයාගේ පද හතර එනකං මං තව නිර්මාණ කීපයක් දාන්නංකෝ.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    [FONT=&quot]තුරුළු කර මිනිස්කම[/FONT]
    [FONT=&quot] උපත ලද මුත් දියත [/FONT]
    [FONT=&quot]දයාබර ලෙසින් මා
    [/FONT]

    [FONT=&quot]කිසිවෙකුත් දුටුවෙ නැත[/FONT]
    [FONT=&quot]කරන්නට හැකි සියළු
    [/FONT]

    [FONT=&quot]උදව් කළ මුත් සැමට[/FONT]
    [FONT=&quot]මාත් එක් මිනිසෙකැයි
    [/FONT]

    [FONT=&quot]කිසිවෙකුත් සිතුවෙ නැත[/FONT]
    [FONT=&quot]අනුන් ගැන සිතූ මුත්
    [/FONT]

    [FONT=&quot]මා ගැනට වඩා මා[/FONT]
    [FONT=&quot]මගේ යැයි කියන්නට
    [/FONT]

    [FONT=&quot]කිසිවෙකුත් නොමැත මට[/FONT]
    [FONT=&quot]දයාබර නැගණියනි
    [/FONT]

    [FONT=&quot]නුඹට පමණක් කෙළෙස[/FONT]
    [FONT=&quot]දයාබර සොයුරෙක්ව
    [/FONT]

    [FONT=&quot]පෙනුනෙ මා කියනු මැන.[/FONT]