අපි හොඳම යාළුවො විදිහට ඉන්න කාලෙ අපි දෙන්නගෙ යාළුකම අපි දෙන්නට ලොකු හයියක් උනා,, එයාගෙ ඕනම දේකට මං ඉන්නව වගේම, මගේ ඕනම දේකට එයා ඉන්නව කියන හැඟීම හිතට තිබ්බා, ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි, කවුද එකට වැරදි කියල මට තේරෙන්නෙ නෑ, එයාට මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනාද, මට එයාගෙ යාළුකම තේරුම් ගන්න බැරි උනාද, කීයල මට හිතා ගන්න බෑ. අපි ආයෙත් හිටපු විදිහට හොඳම යාළුවො විදිහට ඉන්නවා කියල එකඟ උනත් ඒක බොරුවක්, අපිට ආයි කවදාවත් හිතට එකඟව ඒ විදිහට ඉන්න බෑ, එයා තාමත් මාව දැක්කාම ලැජ්ජාවෙන් බිම බලා ගන්නවා,
හ්ම්ම්ම්.... එක පැත්තකින් මට එහෙම ආදරයක් ඇති උන එක අපරාදෙ කියලා මට දැන් අනන්තවත් හිතෙනවා... ඒත් මන් ඒක බලෙන් ඇති කරගත්ත හැගීමක් නෙමෙයි...
හ්ම්ම්ම්.... එක පැත්තකින් මට එහෙම ආදරයක් ඇති උන එක අපරාදෙ කියලා මට දැන් අනන්තවත් හිතෙනවා... ඒත් මන් ඒක බලෙන් ඇති කරගත්ත හැගීමක් නෙමෙයි...