මගේ ප්‍රශ්නෙ මේකයි

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    ➡️➡️🛑මගේ ප්‍රශ්නෙ මේකයි. ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තවන් දිහා බලන්නෙ උවමනාවෙන්ම....?

    මේ මගෙන් කෙනෙක් අහපු ප්‍රශ්නයක්...

    🛑ගැහැණු සහ පිරිමි අතර ගැහැණු පිරිමි වීම නිසා ඇති ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක තත්වය තේරුම් නොගැනීම. මම හිතන්නේ මේක අනිවාර්යයෙන් පාසල් අධ්‍යාපනය තුළින් ලබා දෙන්න ඕන දෙයක්, එහෙම නොවීම නිසා ගැහැණු පිරිමි අතර ඇති වෙනස්කම් හදුනා නොගැනීම නිසා විවාහ ජීවිත සම්පූර්ණ අවුල් ජාලාවක් බවට පත් වෙලා තියනවා.

    පිරිමියකුගේ දෘෂ්ඨි පරාසය එකම දෙයකට නාභිගත වෙනවා, සහ පිරිමියකු ඕනෑම දෙයක් දෙස එක එල්ලේ බලනවා, එය බොහෝ අවස්ථාවල හිතලා කරන දෙයක් නෙවෙයි, ඒ වගේම තමයි පිරිමියකු යම් දෙයක් දෙස හොදින් බලනවා, බලනවා විතරක් නෙවෙයි ඒ ⁣බලන දේ වෙතම පූර්ණ අවධානය ලබා දෙනවා.

    හිතන්න බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ ගමනක් යන විට හොදින් හැද පැලදගත් කාන්තාවක් ඔවුන්ගේ ඉදිරියට එනවා, මෙහෙම අවස්ථාවක ස්වාමිපුරුෂයාගේ ඇස් කෙලින්ම යන්නේ අර ඉදිරියට එන කාන්තාව වෙතට, ඇස් වගේම මනසේ අවධානයත් එක එල්ලෙම යන්නේ අර කාන්තාව දෙසට, එතකොට ඔහුට තමන්ගේ බිරිද ළග සිටිනවා, ඇය එය දකින්න පුලුවන් කියන කාරණය අමතක වෙනවා, මොකද පිරිමියාගේ අවධානය එක වෙලාවකදී එක දේකට පමණයි යොමු වෙන්නෙ.

    නමුත් බිරිද මෙවැනි අවස්ථාවල ⁣අර කාන්තාව දෙසත් බලලා, තමන්ගේ ස්වාමිපුරුෂයා දෙසත් බලනවා, ඒ විතරක් නෙවෙයි, තම ස්වාමිපුරුෂයාගේ මුහුණේ ඉරියම් පවා හොදින් නිරීක්ෂණය කරනවා, ඒ වගේම එම ගැහැණියගේ මුහුණේ ඉරියව් වෙනස් වීම් පවා නිරීක්ෂණය කරනවා.

    හරි එතනින් එහාට අර කාන්තාව හෝ ඇය මුණ ගැහීම ඇය දෙස බැලීම මේ සියල්ලම ස්වාමිපුරුෂයාට අමතක වෙලා යනවා, ඔහුට එම කාන්තාව තමන්ට හමු වෙච්ච තවත් එක් කාන්තාවක් පමණයි.

    නමුත් බිරිදට එය අදාළ නැහැ, ඇය ඔය දේවල් සිදු උන දේවල් හොදින් නිරීක්ෂණය කරා, දැන් ඇය ඒවා විශ්ලේෂණය කරනවා, අර්ථ නිරූපණ කරනවා, පෙර සිද්ධි හා සසදනවා, පෙර වැරදි තිබෙනම් එවැනි අවස්ථා තිබේනම් තත්වය වඩාත්ම දරුණු වෙනවා,

    (තව දෙයක් සාමාන්‍යයෙන් මනෝ විද්‍යාවට අනුව අපේ මතකයේ ඉහළින්ම තියෙන්නේ මතකයට එන්නේ, අපි මුහුණ ⁣දෙන්න අකමැති නමුත් මුහුණ දෙන්න සිදු උන දේවල්, සහ ඒ පිළිබඳව ද්වේශය, එය අල්ලා ගැනීම, එය සමඟ ගැටීම අන්න ඒක ලොකු හේතුවක් තමයි අපි තුළ දුක කණගාටුව ඇති වෙන. ද්වේශය නිසා දුක, තරහා, වෛරය, සැකය ඇති වෙනවා.)

    එ⁣හෙම කරලා ඇය තීරණය කරනවා, හරි මගේ මනුස්සයා හරිම වල් හැරී හැරී ගැහැණු දිහා කන්න වගේ බලනවා. ගැහැණු අයට බැල්ම දානවා. අපෝ මේ මනුස්සය එක්ක ගමනක් බිමනක් යන්නත් ලැජ්ජයි නේ.

    නමුත් ඇත්තටම සිදු වන්නේ පිරිමියා එහෙම වල් කමට බැලීම හෝ වනචර කමට බැලීමක් නොවන්න පුලුවන්, එය පිරිමි අයගේ හැටි වෙන්න පුලුවන්. (එහෙම බලන අවස්ථාද නැතුවා නොවේ)

    මෙවැනි අවස්ථාවල ගැහැණු අයට තියන මතකයත් හරිම ප්‍රභලයි, වසර ගණන් දේවල් මතකයට අරන් සසදන්න පුලුවන්, අමතක වෙලා තියන දේවල් පවා මතකයට ගන්න පුලුවන්.

    හැබැයි පිරිමි අයට ඔය බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙලා යනවා. මොකද ගැහැණු දිහා පිරිමි බලන තරමට ඒවා මතක තියා ගන්න ගියොත් පිරිමින්ගෙ මතකයේ සහ මොළය තුළ වෙන මතක තියා ගන්න ⁣දේවල් නැති වෙනවා.

    (පිරිමි කැමැති ඇහැ පිනවන්න)

    ඉතින් අපි කියන්නේ පිරිමි අයගේ විදිය ස්වාභාවය තේරුම් ගන්න. සොබා දහම විසින් විවිධ කාර්යන් සදහා සහ ඉතිහාසගතව ඔවුන්ට ඉටු කරන්න පැවැරුණු කාර්යන් සමඟ විවිධ ⁣වෙනස්කම් වලට අනුවර්තන වලට ඔවුන් ලක් වෙල⁣ තියනවා, අන්න ඒ තත්වය විවාහ ජීවිතය තුළදී ලොකු ප්‍රශ්න බවට පත් වෙන්න හේතුවක්.

    ඒ වගේම පිරිමි තේරුම් ගන්න ඕන ගැහැණු අයගේ ස්වාමිපුරුෂයා විදියක් තියනවා, එයත් තේරුම් ගැනීම ස්වාමිපුරුෂයන් හට ඉතාම වැදගත්.
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    ප්‍රශ්නෙ දිග වැඩී කියවන්න කම්මැලී.

    කෙටියෙන් කියපන් පකෝ..
    පිරිමි තමන්ගේ ගෑනී ළඟ ඉද්දී අනිත් ගෑනූ දිහා කන්ඩ වගේ බලනවා. ඒක දකින ගෑනිට යක්ෂාවේශ වෙනවා. එහෙම වෙන එක තමා ලෝක ස්වභාවේ කියලා කියන්නේ
     
    • Haha
    Reactions: caltonhp

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    පිරිමි තමන්ගේ ගෑනී ළඟ ඉද්දී අනිත් ගෑනූ දිහා කන්ඩ වගේ බලනවා. ඒක දකින ගෑනිට යක්ෂාවේශ වෙනවා. එහෙම වෙන එක තමා ලෝක ස්වභාවේ කියලා කියන්නේ
    ඕක කියන්නද මූ මේ පත හෑල්ලක් ලියල තියෙන්නෙ. පිස්සෙක්නෙ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,825
    113
    tracing Geo-location.. ... ...
    කවුද බං කියන්නේ පිරිමින්ට එක වෙලේට එක දෙයක් විතරයි focus වෙන්නේ කියලා? එහෙම වෙන්නේ ගෑණුන්ට..
    පිරිමින්ට එහෙම උනොත් accident ම කොච්චර වෙයිද?
    වටේ ඉන්න ගෑණු දිහාත් බල බල ඇතුලේ ඉන්න එකා එක්ක කතාවකුත් දාගෙන වාහනේ හප්පගන්නේත් නැතුව drive කරන්නේ ගෑනු ද පිරිමිද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් ගෑණු දිහා බැලිල්ල අවුලක් නෑ. සමහරවිට පෙන්නනවත් එක්ක.
    ඒත් බලන්න විතරනෙ පුලුවන්. :(
     
    • Like
    Reactions: caltonhp

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    හෑල්ල දිග වැඩී බොසා

    200.gif
     
    • Like
    Reactions: caltonhp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,564
    124,795
    113
    දෙහිවල
    ➡️➡️🛑මගේ ප්‍රශ්නෙ මේකයි. ඇයි කසාද බැදල දරුවෝ ඉන්න පිරිමි, ලස්සන හොද බිරිඳක් ඉන්න පිරිමි, වෙනත් කාන්තවන් දිහා බලන්නෙ උවමනාවෙන්ම....?
    වනචරකම 😍
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    දිගවැඩී කියෙව්වෙ නෑ
    පවුල් ජීවිතය ප්‍රබෝධමත් කරගන්න ත්රේසම් එකක් දාමු
     
    • Like
    Reactions: caltonhp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිරිමි තමන්ගේ ගෑනී ළඟ ඉද්දී අනිත් ගෑනූ දිහා කන්ඩ වගේ බලනවා. ඒක දකින ගෑනිට යක්ෂාවේශ වෙනවා. එහෙම වෙන එක තමා ලෝක ස්වභාවේ කියලා කියන්නේ
    thread eka edit karala me tika witharak dapanko.
     
    • Like
    Reactions: caltonhp