මගේ වෙසක් පෝය...........

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මගේ වෙසක් පෝය...........

    මහා ලොකු ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්නවා කියල ලිඳක් අස්සේ ඉන්න ගෙම්බෝ ටිකක් වගේ වැඩ තොගයක් බදාගෙන බාහිර මොකුත් දන්නේ නැතුව මේ ගෙවෙන ජීවිතේ තේරුම මොකක්ද කියල මම හැමදාම හිතනවා. ගෙදර ගිය දවසක් මතක නෑ. ඒ තරමට වැඩ. හැබැයි ඉගෙනගත්ත දෙයකුත් නෑ. ගෙදර යන්න උවමනා උනත් යන්න සල්ලිත් නෑ.
    අද වෙසක් පෝය. හැබැයි නිවාඩු කියල කිසිම තේරුමක් නෑ. නිවාඩු දවස් වල කරන්න වැඩ තොගයක් දීලා. අතේ සතේ නැතිවෙලා දැනට දවස් ගානක් වෙනවා. අද උදේ බලද්දී පසුම්බියේ කීයක්වත් නෑ. ඉතුරු වෙලා තිබුනේ හැඳුනුම්පතයි, කෙල්ලගේ ෆොටෝ එකකුයි විතරයි. සල්ලි තියෙනකොට විතරක් සැලකිලි ලැබෙන සමාජ ක්‍රමයක් අස්සේ දුප්පත් මට කොහෙද හැඳුනුමක් ? එහෙව් එකේ හැදුනුම්පත පොල් ගාන්නද ? උදේ ඉඳන් බඩට අඩුම ගානේ හාල් ඇටයක්වත් වැටිලා නෑ. ෆොටෝ කන්නද ? හඃ........
    බෝඩිම පුරා හොයලා හොයලා, යාන්තම් රුපියල් දහයක් එකතු කරගත්තා. රුපියලේ කාසි 4යි, අලුත් පුංචි රුපියලේ කාසි 2යි, රුපියල් දෙකේ කාසි දෙකයි. රුපියල් දහයකින් අද කාලේ මොනවද කන්න පුළුවන් ? එහෙම හිතුනත්, බඩගින්න උහුලගන්න බැරිම තැන මම කඩේට ගියා. කඩ ඔක්කොම වහලා, අද වෙසක් නේ. දන්සල් කියලා තියෙනවා සිසිල් බීම. බඩගින්නේ ඉන්න මට මොන සිසිල් බීමද ?
    එකම එක පොඩි හෝටල් කෑල්ලක් ඇරලා තිබුනා. මම ඇතුලට ගියා. කෑම සුවඳට බඩගින්න තව වැඩි උනත් කරන්න දෙයක් නෑ. රුපියල් දහයට ඒවා කන්න බෑ නේ. එතනම මෙසේ උඩ වඩේ තොගයක් තිබුනා.
    “මේ වඩේ එකක් කීයද ?” මම මුදලාලිගෙන් ඇහුවා.
    “දහයයි” මුදලාලි කිව්වම මට පුදුම සන්තෝසයක් දැනුනේ.
    කනවනම් කන්න පුළුවන් වඩේ දහයක් උනත්. ඒත්............
    “එහෙනම් එකක් දෙන්න” කියපු මම බඩගින්නට වෙව්ලන අත්දෙකෙන් කාසි ටික අරගෙන කැෂියර් මෙසේ උඩින් තිබ්බා.
    මට වඩේ එකක් හම්බුනා. බඩගින්නටම ඒක දුන්න ගමන්ම මම කටේ දාගත්තා. එක දැකපු මුදලාලි මට කතා කළා.
    “මල්ලි, තව වඩේ එකක් ගන්න”
    මගේ ලඟම ඉන්න සමහරුන්ට නොදැනුනු මගේ බඩගින්න ඒ නන්නාදුනන මනුස්සයාට දැනිලා තිබුනා. ඒ අවසරයෙන් මම තව වඩේ එකක් ගත්තා. ඉතින් මේ වෙසක් පෝය දවසේ මගේ බඩ පිරුණේ ඒ වඩේ දෙකෙන්.
    ආදරණීය සහෝදරයා, උඹට සුබ වෙසක් මංගල්ලයක් වේවා කියලා මට සුබ පතන්න බෑ උඹ ඉස්ලාම් නිසා. හැබැයි උඹට පිං දෙන්න මට බැරි කමක් නෑ. ඉපදෙන ඉපදෙන වාරයක් ගානේ උඹ මේ වගේ කුහක සමාජෙක නොඉපදේවා කියල මම ප්‍රාර්ථනා කරන්නම්.
    හැමෝටම සුබ වෙසක් “මංගල්ලයක්” වේවා............!!!

    උපුටාගැනීම බුකියෙන්...
     
    Last edited:

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ආදරණීය සහෝදරයා, උඹට සුබ වෙසක් මංගල්ලයක් වේවා කියලා මට සුබ පතන්න බෑ උඹ ඉස්ලාම් නිසා. හැබැයි උඹට පිං දෙන්න මට බැරි කමක් නෑ. ඉපදෙන ඉපදෙන වාරයක් ගානේ උඹ මේ වගේ කුහක සමාජෙක නොඉපදේවා කියල මම ප්‍රාර්ථනා කරන්නම්.
    හැමෝටම සුබ වෙසක් “මංගල්ලයක්” වේවා............!!!